කොලෙස්‌ටරෝල් වැඩිනම් වට්‌ටක්‌කා ඇට කන්න

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    කොලෙස්‌ටරෝල් වැඩිනම් වට්‌ටක්‌කා ඇට කන්න

    දිනකට වට්‌ටක්‌කා ඇට තේ හැන්දක ප්‍රමාණයක්‌ අමුවෙන් හෝ වියළා ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති කොලෙස්‌ටරෝල් සියයට හැත්තෑවකින් පමණ අඩුකර ගත හැකි බව වෛද්‍ය පර්යේෂණායතනය විසින් කළ පරීක්‌ෂණවලදී තහවුරු වී ඇත.

    රුධිරයේ ඇති කොලෙස්‌ටරෝල් ප්‍රමාණය සමබරව පවත්වාගෙන යා හැකි මෙන්ම හෘද රෝග අවම කර ගැනීමේ හොඳම ඖෂධය වට්‌ටක්‌කා ඇට බව ද ඊට අමතරව කැකිරි සහ කරවිල ඇටවලද මෙම ඖෂධීය ගුණය තිබෙන බව සොයාගෙන ඇතැයි ඖෂධ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.

    වට්‌ටක්‌කා ඇට තේ හැන්දක පමණ ප්‍රමාණයක්‌ දිනකට සෑහෙන බවද බොහෝ විට ගෘහණියන් සිදු කරන්නේ වට්‌ටක්‌කා, කැකිරි සහ කරවිල වැනි ඇට වර්ග ඉවතට විසි කිරීම බවද කී ඉහත ප්‍රකාශකයා මෙවැනි පහසු ඖෂධ වර්ග මෙසේ ඉවත් කිරීම සිදු නොකර ප්‍රයෝජනයට ගැනීමට ජනතාව පෙළඹිය යුතු බව ද පැවැසීය​
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි නේ බ්‍රෝ
    ගොඩක් වටිනා පොස්ට් එකක්
    රෙප්+