කොල පාටට මෙහෙම කිව්වේ කොහොමද? කියලා අහපු යාලුවන්ට මේ. අමුතු දෙයක් නෑ මම හදන්නේ මෙහෙමයි
අවශ්‍ය දේවල්:
- බෝංචි
- බී ළූණු
- අමු මිරිස්
- සුදු ළූණු
- කරපිංචා
- කහ කුඩු ටිකක්
- බැදපු උලු හාල් චුට්ටක්
- කුරුඳු පොත්තක්
- ලුණු කුඩු
- වතුර
- උකු මිටි කිරි
- ලුණු
හදන විදිහ:
- බෝංචි ටික අඟල් දෙකක් විතර කෑලි වලට කපාගෙන මැදින් පලා ගන්න . ළූණු අමු මිරිස් සුදුළුනු කරපිංචා දමන්න
- ඒකටම හීනියට ලියා ගත්ත බී ළූණු අමුමිරිස් සුදුලූනු කරපිංචා දමන්න.
- පහේ වලට දාන්නෙ කහ කුඩු ටිකක් බැදපු උලුහාල් චුට්ටක් කුරුඳු පොත්තක් හා ලුණු කුඩු ටිකක් විතරමයි.
- මේ ටික මැටි ඇතිලියකට දාලා කලවම් කරලා වතුර බොහොම පොඩ්ඩක් (බෝංචි ග්‍රෑම් 250 g ක් නම් වතුර මේස හැඳි දෙකක් විතර) දාල පියනෙන් වහලා මද ගින්නේ තැම්බෙන්නට යන්න.
- බෝංචි ටික හොඳ කොල කොළ පාටටම තියෙද්දි යන්තම් තැම්බෙන කොට මිටි කිරි චුට්ටක් දාලා හැඳි ගාලා ඇරලා තියන්න. ගින්දර යාන්තම් තියන්න .මේ වෙලේම ලුණු රස ලුණු රස බලලා තව ඕනි නං දාන්න.
- කිරි උතුරත් දී බෝංචි තැම්බිලා ඇතුලට රසත් උරාගෙන හොඳට එනවා කිරි හිඳෙන කොට ලිපෙන් බාගන්න .
මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න
original Article Click Here