මේ කාලේ ගෙදරම ඉන්න කිව්වට ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මම නම් wedding වලට හැර අනිත් හැම තැනම යනවා. ඒ යන ගමන් කොවිඩ් හදාගන්නේ නැතුව බේරගන්න මම කරන දේවල් ටිකක් බෙදාගන්න හිතුවා
මේ තියෙන්නේ මගේ වාහනේ පිටිපස්සේ Tray එක
View attachment 139071
1) අලුත් surgical Mask
2) අලුත් surgical Mask (Child)
3) Used KN 95 Mask
4) Used Surgical Mask
5) Sanitary Gloves
6) Face Shield Used
7) අලුත් KN95 Mask
මේ වැඩේ නිසා හරිම පහසුයි. Box එකක දාපු නිසා face shield තැලෙන්නේ, හීරෙන්නෙත් නෑ...
Surgical mask ගනිද්දී Melt Blown Fabric තියන Allen කියලා Emboss කරලා තියන මාස්ක් තමයි ගන්නේ.
සමහරු මේ මාස්ක් එක හොඳ නෑ කියනවා, ඒත් සමහරු මේක අනිත් ඒවට වඩා හොඳයි කියනවා. ඇත්ත මොකක්ද දන්නේ නෑ. දන්න කෙනෙක් මටත් කියන්න
(Surgical mask 385/- ටත් තියනවා. ඒ කඩ වලම මේ Allen එක 650/- ක් වෙනවා. පාරවල් වල නම් 500/- යි)
ටවුන් එකට ගියාට පස්සේ Wife යි මමයි දෙන්නම වාහනෙන් එලියට යන්නේ Surgical mask එක Cross එකට දාලා ඊට උඩින් KN95 එක දාලා ඊටත් උඩින් Face Shield එක දාලයි. සුපර්මාර්කට් වලට යද්දී විතරක් අත් වලට Sanitary Gloves දානවා
බැංකුවකට, ඔෆිස් එකකට ගියත් කිසිම පුටුවක වාඩි වෙන්නේ නෑ. ආපහු ඇවිත් වාහනේ සීට් එකේ වාඩි වෙන්න වෙන නිසා.
මේ දවස් වල AC තියන සුපර්මාර්කට් වලට යන එක අනතුරුදායක වුනත් ඕනේ දවල් ගන්න මම නම් ඒවට යනවා. කිසිම හේතුවක් නිසා AC ඇතුලේ මාස්ක් එක ගලවන්නේ නෑ . කාර්ඩ් එකෙන් ගෙවන්නේ.
වාහනේට ආවම අපි දෙන්නම මාස්ක් 2යි, Face Shield එකයි ගලවලා මල්ලකට දාලා අත් සැනිටයිස් කරනවා, සපත්තු වල යටත් සැනිටයිස් කරනවා, ෆෝන් එකත් සැනිටයිස් කරනවා.
වාහනේ දොරවල් වල අල්ලපු Handle පවා සැනිටයිස් කරනවා.
ආයේ වෙන තැනක තැනකට වාහනෙන් ගිහින් වෙන කඩෙකට යද්දී වෙන මාස්ක් 2යි, Face Shield එකයි අලුතෙන් දාගන්නවා.
එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා.
ගෙදර අවට පස්සේ බේසමකට ඩෙටොල් වතුර දාලා ගෙනාව බඩු සේරම ඒකේ ඔබලා අරන් හොඳ වතුර බේසම් 2ක පිහදාලා වේලෙන්න තියනවා. (අව්වේ තියන්න හැම වෙලේම මිදුලට අව්ව නෑ ගෙදර වටේටම සාදික්කා ගස් නිසා)
වතුරේ ඔබන්න බැරිම දෙයක් නම් තමා සැනිටයිස් කරන්නේ
කාර්ඩ්බෝඩ් බොක්ස් වල තියන දේවල් කවර අයින් කරලා ගන්නවා
බඩු හෝදපු වතුරෙන් වාහනේ ඉස්සරහා කාර්පර්ට් දෙක හෝදලා වතුර බහින්න තියනවා
මාස්ක්, Shield සේරම ඩෙටොල් වතුරේ දාලා පැයක් විතර තියලා ලාවට පොඩි කරලා අරන් වේලලා ගන්නවා
මාස්ක් එකක් 2-3 පාරක් විතර දාල තමයි අයින් කරන්නේ. මොකද රෙදි මාස්ක් වුනත් හෝදලා දාන එකේ අවුලක් නෑනේ. එහෙනම් ඒවත් හෝදද්දී ඩැමේජ් වෙන්න එපැයි.
දාගන ගිය සපත්තු ගෙට ගේන්නේ නෑ . ගෙට ඇතුල් වෙන්නේ නාලා ඉවර වෙලයි. ඊට පස්සේ Purse එක සැනිටයිස් කරනවා. Purse එකේ අන්තිමට ඉතුරු වෙලා තියන කොල සේරමත් සැනිටයිස් කරනවා. ඊයේ පෙරේදා UV Light එකක් ගෙනාවා මේ වැඩේට, ඒත් එක ගැන ලොකු විස්වාසයක් නෑ
පිට කෙනෙක් වාහනේට නග්ගගන්නෙම නෑ, එහෙම කරන්නම වුනොත් අපි මාස්ක් දාලා, වාහනේ ග්ලාස් ඇරලා AC ඕෆ් කරලා යන්නේ. අන්තිමට ඒ කෙනා වාඩි වුණු සීට් එකම සැනිටයිස් කරනවා.
ගෙදර ගේට්ටුව Lock කරලා තියෙන්නේ. බෙල් කලාම ගේට්ටුව අරින්නේ මාස්ක් දාගන ගිහින්.
මාස්ක් නැතුව අහල පහළ කෙනෙක් ආවත් ගේට්ටුවෙන් ඇතුලට ගන්නේ නෑ මාස්ක් දාගන එන්න කියලා මූණටම කියනවා.
ලයිට් බිල, වතුර බිල, ලියුම්, Courier වලින් එන දේවල් පවා සැනිටයිස් කරලා ගන්නේ
C විටමින් 500mg Flavors 4කින් ගෙනත් කෑම මේසේ උඩ tray එකක දාලා ගෙදර අයට දවසට 1 හෝ 2 ගානේ කන්නම ඕනේ කියලා අනිවාර්ය කරලා තියෙන්නේ
හවසට "සුවධරණි" බොනවා, සමහර දවස් වලට සුදුළුුණු තම්බලත් කනවා.
එලියෙන් Nescafe වගේ බොනවා නම් වාහනේට ගෙනත්, වාහනේ තියන කෝප්ප වලට දාලයි බොන්නේ.
එහෙනම් දැන්වත් ගනින් ගිහින් බෙහෙතක් ඒකටත්!නෑ...
u naala ne geta enne.Mehemath wenna barida?.. eliyata giyama konda walata virus eka awith ita passe nanne nathuwa nida gaththoth kotten virus eka agata yanna barida?
Just my thought..එකෙක් දෙන්නෙක් නෙමයි, සැහෙන දෙනෙක් මැරුණාdann ekekk marenknn oma gamenn thama godakk aya inne![]()
Tempered එකක් ගහලනේ තියෙන්නේ. එතකොට අවුල් යන්න බෑනේ...ෆෝන් එකත් සැනිටයිස් කරනවා.
Phone eka Sanitize karaddi podak parissamen karanna. Samahara ewaye Touch weda nethuwa yanwa kalayak yaddi. mata experience una deyak.
Not enough viral load to make you sick....Mehemath wenna barida?.. eliyata giyama konda walata virus eka awith ita passe nanne nathuwa nida gaththoth kotten virus eka agata yanna barida?

ඉතින් මොකක්ද උබ ඌට කරන්න කියන්නේ? ඔය පෙන්නන මිනිස්සුන්ට නෑ කියලා ඌත් නොදමා කොවිඩ් හදාගෙන මැරෙන්න කියලද?
eka aqua ekak yako G gradeමචං උබෙ celerio එක 2000 කීයේ ද? ඕකෙත් පස්සට ගිහින් ඉස්සරහට එන කේස් ඒක තියෙනවද? ෂිට් comfartable අඩුයි නේ ද?
, Any way, Good guide. Thanks for sharing.
වැලමිට ලඟ ඉඳන් අත් සැනිටයිස් කරලා තමයි මාස්ක් ගලවන්නේ.Mask galawa galawa daana 1t loku risk 1k bn... Onama deyk oniwata wada onima na bn..Just my thought..
බුද්ධෝත්පාද කාලයක මනුස්සයෙක් විදිහට ඉපදිලා සදහම් හමුවීම කියන්නේ කාරණා 3ක් එතන තියනවා.එහෙනම් දැන්වත් ගනින් ගිහින් බෙහෙතක් ඒකටත්!

කරන්න දෙයක් නෑ.මේදවස්වල මගදී හම්බවෙන අඳුනන අය කාර් එකේ දාගෙන යන්න එපා මචන්.නෑදැයෝ වුනත් ගෙදරට ගෙන්න ගන්න එක සුදුසු නෑ.මොලයක් තියෙන කෙනෙක් මේ වෙලාවේ තරහ වෙන්නේ නෑ.එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා.
මට නම් ඔච්චර කරන්න බෑ බං. හැබැයි උඹට පුළුවන් නිසා කරන එකේ වරදක් නෑ.
මම සහ වයිෆ් නම් කරන්නේ ගෙදරින් පිටට යනකොට හැම වෙලේම සර්ජිකල් මාස්ක් එකක් දාගන යනවා. කාර් එකෙත් දාගන යන්නේ. මොකද ගමේ එකෙක්, යාලුවෙක් පයින් යනවා දැක්කොත් නොදැක්කා වගේ යන්න බෑනේ.
එලියට බැහැලා ඇවිදින තැන්වලදි surgical mask එකට උඩින් K95 එකක් දානවා. සුපර්මාකට්, මෙඩිකල් සෙන්ටර් වගේ අවදානම වැඩිතැන්වලට යනව නම් ශීල්ඩ් එකත් දානවා. මුළු ගමනටම එක surgical mask එකයි. එක K95 එකයි එක ශීල්ඩ් එකයි.
සැනිටයිසර් එක කාලයක් පාවිච්චි කරනවා. එලියට ගිහින් කාර් එකට ආවම අත්දෙක සැනිටයිස් කරනවා. සුපර්මාකට් වලදි එහෙම ෆෝන් එක අල්ල අල්ල ඉන්නෙ නෑ. ඒ නිසා ඒක සැනිටයිස් කරන්න වෙන වාර ගාන අඩුයි. සල්ලි ඇල්ලුවම අත් සැනිටයිස් කරනවා.
ගේන බඩු, එළවලු කොහොමත් හෝදනවා, කාඩ්බෝඩ් පෙට්ටි අයින් කරනවා. පුළුවන් ඒවා දවස් කීපයක් පැත්තක තියලා පාවිච්චියට ගන්නවා.
කොත්තමල්ලි, සුව ධරනී, විටමින් සී වගේ මොකුත් පාවිච්චියක් නැ. විටමින් සී ටිකක් නම් ගන්න එක හොදයි කියලා හිතෙනවා.
එක ඉන්ජක්සන් එකක් ගැහුවා.
මගෙන්, වයිෆ්ගෙන් නම් ගෙදරට කොරෝනා එන්නේ නැති වෙයි කියලා හිතනවා. නමුත් නැන්දම්මා, මස්සිනා ඇතුළු සමහර නෑදෑයෝ ගෙදර ආවම මාස්ක් ගලවනවා. ඒ මිනිස්සුන්ට ගෙදරදි මාස්ක් දාන්න කියලා කියන්න බෑ. අම්මට, තාත්තට ඉංජක්සන් දෙකම ගැහුවා. හැබැයි එයාලා දෙන්නා අපි තරම් පරිස්සම් නෑ. ඒ නිසා කොරෝනා ගෙදරට එන අවධානමක් තියනවා. ඕවා තමයි ගැටලු.

