කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    මේ කාලේ ගෙදරම ඉන්න කිව්වට ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
    මම නම් wedding වලට හැර අනිත් හැම තැනම යනවා. ඒ යන ගමන් කොවිඩ් හදාගන්නේ නැතුව බේරගන්න මම කරන දේවල් ටිකක් බෙදාගන්න හිතුවා

    මේ තියෙන්නේ මගේ වාහනේ පිටිපස්සේ Tray එක

    View attachment 139071

    1) අලුත් surgical Mask
    2) අලුත් surgical Mask (Child)
    3) Used KN 95 Mask
    4) Used Surgical Mask
    5) Sanitary Gloves
    6) Face Shield Used
    7) අලුත් KN95 Mask

    මේ වැඩේ නිසා හරිම පහසුයි. Box එකක දාපු නිසා face shield තැලෙන්නේ, හීරෙන්නෙත් නෑ...

    Surgical mask ගනිද්දී Melt Blown Fabric තියන Allen කියලා Emboss කරලා තියන මාස්ක් තමයි ගන්නේ.
    සමහරු මේ මාස්ක් එක හොඳ නෑ කියනවා, ඒත් සමහරු මේක අනිත් ඒවට වඩා හොඳයි කියනවා. ඇත්ත මොකක්ද දන්නේ නෑ. දන්න කෙනෙක් මටත් කියන්න

    (Surgical mask 385/- ටත් තියනවා. ඒ කඩ වලම මේ Allen එක 650/- ක් වෙනවා. පාරවල් වල නම් 500/- යි)

    ටවුන් එකට ගියාට පස්සේ Wife යි මමයි දෙන්නම වාහනෙන් එලියට යන්නේ Surgical mask එක Cross එකට දාලා ඊට උඩින් KN95 එක දාලා ඊටත් උඩින් Face Shield එක දාලයි. සුපර්මාර්කට් වලට යද්දී විතරක් අත් වලට Sanitary Gloves දානවා

    බැංකුවකට, ඔෆිස් එකකට ගියත් කිසිම පුටුවක වාඩි වෙන්නේ නෑ. ආපහු ඇවිත් වාහනේ සීට් එකේ වාඩි වෙන්න වෙන නිසා.

    මේ දවස් වල AC තියන සුපර්මාර්කට් වලට යන එක අනතුරුදායක වුනත් ඕනේ දවල් ගන්න මම නම් ඒවට යනවා. කිසිම හේතුවක් නිසා AC ඇතුලේ මාස්ක් එක ගලවන්නේ නෑ . කාර්ඩ් එකෙන් ගෙවන්නේ.

    වාහනේට ආවම අපි දෙන්නම මාස්ක් 2යි, Face Shield එකයි ගලවලා මල්ලකට දාලා අත් සැනිටයිස් කරනවා, සපත්තු වල යටත් සැනිටයිස් කරනවා, ෆෝන් එකත් සැනිටයිස් කරනවා.
    වාහනේ දොරවල් වල අල්ලපු Handle පවා සැනිටයිස් කරනවා.

    ආයේ වෙන තැනක තැනකට වාහනෙන් ගිහින් වෙන කඩෙකට යද්දී වෙන මාස්ක් 2යි, Face Shield එකයි අලුතෙන් දාගන්නවා.

    එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා.

    ගෙදර අවට පස්සේ බේසමකට ඩෙටොල් වතුර දාලා ගෙනාව බඩු සේරම ඒකේ ඔබලා අරන් හොඳ වතුර බේසම් 2ක පිහදාලා වේලෙන්න තියනවා. (අව්වේ තියන්න හැම වෙලේම මිදුලට අව්ව නෑ ගෙදර වටේටම සාදික්කා ගස් නිසා)
    වතුරේ ඔබන්න බැරිම දෙයක් නම් තමා සැනිටයිස් කරන්නේ

    කාර්ඩ්බෝඩ් බොක්ස් වල තියන දේවල් කවර අයින් කරලා ගන්නවා
    බඩු හෝදපු වතුරෙන් වාහනේ ඉස්සරහා කාර්පර්ට් දෙක හෝදලා වතුර බහින්න තියනවා

    මාස්ක්, Shield සේරම ඩෙටොල් වතුරේ දාලා පැයක් විතර තියලා ලාවට පොඩි කරලා අරන් වේලලා ගන්නවා
    මාස්ක් එකක් 2-3 පාරක් විතර දාල තමයි අයින් කරන්නේ. මොකද රෙදි මාස්ක් වුනත් හෝදලා දාන එකේ අවුලක් නෑනේ. එහෙනම් ඒවත් හෝදද්දී ඩැමේජ් වෙන්න එපැයි.

    දාගන ගිය සපත්තු ගෙට ගේන්නේ නෑ . ගෙට ඇතුල් වෙන්නේ නාලා ඉවර වෙලයි. ඊට පස්සේ Purse එක සැනිටයිස් කරනවා. Purse එකේ අන්තිමට ඉතුරු වෙලා තියන කොල සේරමත් සැනිටයිස් කරනවා. ඊයේ පෙරේදා UV Light එකක් ගෙනාවා මේ වැඩේට, ඒත් එක ගැන ලොකු විස්වාසයක් නෑ

    පිට කෙනෙක් වාහනේට නග්ගගන්නෙම නෑ, එහෙම කරන්නම වුනොත් අපි මාස්ක් දාලා, වාහනේ ග්ලාස් ඇරලා AC ඕෆ් කරලා යන්නේ. අන්තිමට ඒ කෙනා වාඩි වුණු සීට් එකම සැනිටයිස් කරනවා.

    ගෙදර ගේට්ටුව Lock කරලා තියෙන්නේ. බෙල් කලාම ගේට්ටුව අරින්නේ මාස්ක් දාගන ගිහින්.
    මාස්ක් නැතුව අහල පහළ කෙනෙක් ආවත් ගේට්ටුවෙන් ඇතුලට ගන්නේ නෑ මාස්ක් දාගන එන්න කියලා මූණටම කියනවා.

    ලයිට් බිල, වතුර බිල, ලියුම්, Courier වලින් එන දේවල් පවා සැනිටයිස් කරලා ගන්නේ

    C විටමින් 500mg Flavors 4කින් ගෙනත් කෑම මේසේ උඩ tray එකක දාලා ගෙදර අයට දවසට 1 හෝ 2 ගානේ කන්නම ඕනේ කියලා අනිවාර්ය කරලා තියෙන්නේ

    හවසට "සුවධරණි" බොනවා, සමහර දවස් වලට සුදුළුුණු තම්බලත් කනවා.

    එලියෙන් Nescafe වගේ බොනවා නම් වාහනේට ගෙනත්, වාහනේ තියන කෝප්ප වලට දාලයි බොන්නේ.

    Take FIVE surgical masks per person. Take five paper bags and mark them with consecutive numbers 1 -5. These masks should be rotated daily, for eg using mask 1 on Monday, 2 on Tuesday and so on, returning to mask #1 on day 6. This can be done for one month (4 rotations) and then discard masks and bags.
    Above all the most important thing is to store these in a breathable container, such as a paper bag, in a dry location.

    Many people keep the mask on the car dashboard thinking that the Sun will do the disinfection. Sadly UV-A and UV-B rays won’t do much. Only UV-C can disinfect.

    Also Vitamin C does not play a part with Covid. If anything could help you it's Vitamin D 1000 - 200O IU per day. Also Vitamin B. Nothing else. Don't rely on Fakebook posts.

    But as you say it's take every measure to protect yourself. But do it in the proper way.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    oya godak dewal karanawata wada effective mask dekak dapan. ekak sergical + KN95 . hamadama hawasata steem karapan. hot water nithara pepan.
     
    • Like
    Reactions: CONCORDE777

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    uba wadata yanne natnm, gedara wena eliyata yana ayat natnm shep itin.
    ochara onet na online gennaganin uparima awashya ewa.

    wade close.


    Mehemath wenna barida?.. eliyata giyama konda walata virus eka awith ita passe nanne nathuwa nida gaththoth kotten virus eka agata yanna barida?
    u naala ne geta enne.
    ------ Post added on Aug 14, 2021 at 6:19 PM
     
    • Like
    Reactions: CONCORDE777

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ෆෝන් එකත් සැනිටයිස් කරනවා.

    Phone eka Sanitize karaddi podak parissamen karanna. Samahara ewaye Touch weda nethuwa yanwa kalayak yaddi. mata experience una deyak.
    Tempered එකක් ගහලනේ තියෙන්නේ. එතකොට අවුල් යන්න බෑනේ...
     
    • Like
    Reactions: CONCORDE777

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා.

    මට නම් ඔච්චර කරන්න බෑ බං. හැබැයි උඹට පුළුවන් නිසා කරන එකේ වරදක් නෑ.

    මම සහ වයිෆ් නම් කරන්නේ ගෙදරින් පිටට යනකොට හැම වෙලේම සර්ජිකල් මාස්ක් එකක් දාගන යනවා. කාර් එකෙත් දාගන යන්නේ. මොකද ගමේ එකෙක්, යාලුවෙක් පයින් යනවා දැක්කොත් නොදැක්කා වගේ යන්න බෑනේ.

    එලියට බැහැලා ඇවිදින තැන්වලදි surgical mask එකට උඩින් K95 එකක් දානවා. සුපර්මාකට්, මෙඩිකල් සෙන්ටර් වගේ අවදානම වැඩිතැන්වලට යනව නම් ශීල්ඩ් එකත් දානවා. මුළු ගමනටම එක surgical mask එකයි. එක K95 එකයි එක ශීල්ඩ් එකයි.

    සැනිටයිසර් එක කාලයක් පාවිච්චි කරනවා. එලියට ගිහින් කාර් එකට ආවම අත්දෙක සැනිටයිස් කරනවා. සුපර්මාකට් වලදි එහෙම ෆෝන් එක අල්ල අල්ල ඉන්නෙ නෑ. ඒ නිසා ඒක සැනිටයිස් කරන්න වෙන වාර ගාන අඩුයි. සල්ලි ඇල්ලුවම අත් සැනිටයිස් කරනවා.

    ගේන බඩු, එළවලු කොහොමත් හෝදනවා, කාඩ්බෝඩ් පෙට්ටි අයින් කරනවා. පුළුවන් ඒවා දවස් කීපයක් පැත්තක තියලා පාවිච්චියට ගන්නවා.

    කොත්තමල්ලි, සුව ධරනී, විටමින් සී වගේ මොකුත් පාවිච්චියක් නැ. විටමින් සී ටිකක් නම් ගන්න එක හොදයි කියලා හිතෙනවා.

    එක ඉන්ජක්සන් එකක් ගැහුවා.

    මගෙන්, වයිෆ්ගෙන් නම් ගෙදරට කොරෝනා එන්නේ නැති වෙයි කියලා හිතනවා. නමුත් නැන්දම්මා, මස්සිනා ඇතුළු සමහර නෑදෑයෝ ගෙදර ආවම මාස්ක් ගලවනවා. ඒ මිනිස්සුන්ට ගෙදරදි මාස්ක් දාන්න කියලා කියන්න බෑ. අම්මට, තාත්තට ඉංජක්සන් දෙකම ගැහුවා. හැබැයි එයාලා දෙන්නා අපි තරම් පරිස්සම් නෑ. ඒ නිසා කොරෝනා ගෙදරට එන අවධානමක් තියනවා. ඕවා තමයි ගැටලු.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබලා ජිවත්වෙන සුරංගනා ලෝකේ මේවගේ මිනිස්සුන්ට තව දුරයි මචං ☹️☹️☹️☹️
    IMG_20210814_135343.jpg
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Thanks machan! Mayke un paaniya dhammata godak un karanne ohima thamai.

    ey athin umba share karapu eka godak watinawa!

    Wish you the best! Stay safe machan!

    උබලා ජිවත්වෙන සුරංගනා ලෝකේ මේවගේ මිනිස්සුන්ට තව දුරයි මචං ☹️☹️☹️☹️View attachment 139093
    ඉතින් මොකක්ද උබ ඌට කරන්න කියන්නේ? ඔය පෙන්නන මිනිස්සුන්ට නෑ කියලා ඌත් නොදමා කොවිඩ් හදාගෙන මැරෙන්න කියලද?

    තරහ වෙන්න එපා බන්.. මට නම් ඔය මිනිස්සුන්ට පව් කියලා හිතෙනව අඩුයි දැන්! මෝඩ ජනතාව ගිහින් ප්‍රෙට්‍රල් ශෙඩ් එකක පෙට්‍රල් ගහපු පාන්කඩයෙක්ව “කන්න නැතත් ඉන්න රටක් ඕනා” කියලා රෙද්ද උස්සන් ගිහින් කතිරෙ ගහලා පත්කරගත්තේ! ඔකුන් 2099 චන්දයක් තිබ්බය්හ් රාජපුක්කයෙක්ම නායකයෙක් කරගෙන ඔහේ මැරිලා යාවී! මේ රටට හෙනේ ඔය මීහරක් ජනතාවම තමයි!

    ------ Post added on Aug 14, 2021 at 6:32 PM
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,071
    616
    113
    මචං උබෙ celerio එක 2000 කීයේ ද? ඕකෙත් පස්සට ගිහින් ඉස්සරහට එන කේස් ඒක තියෙනවද? ෂිට් comfartable අඩුයි නේ ද?

    , Any way, Good guide. Thanks for sharing.
    eka aqua ekak yako G grade
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Mask galawa galawa daana 1t loku risk 1k bn... Onama deyk oniwata wada onima na bn.. :no:Just my thought..
    වැලමිට ලඟ ඉඳන් අත් සැනිටයිස් කරලා තමයි මාස්ක් ගලවන්නේ.
    වටේ පිටේ ගිහින් ආවම මාස්ක් එකේ පිට පැත්තේ වෛරස් තිබුනොත් ඒ වෛරස් තියාගන AC දාගන වාහනේ ඇතුලේ යන එකේ අවදානම තියනව කියලා මට හිතුන නිසයි ගලවලා වෙනම බෑග් එකකට දාන්නේ


    එහෙනම් දැන්වත් ගනින් ගිහින් බෙහෙතක් ඒකටත්!
    බුද්ධෝත්පාද කාලයක මනුස්සයෙක් විදිහට ඉපදිලා සදහම් හමුවීම කියන්නේ කාරණා 3ක් එතන තියනවා.

    ඒ කාරනා 3 ම හමුවෙන එක අතිශය දුර්ලභ කාරණයක්. ඒ නිසා ඒ මනුස්ස පටිලාභය පරිස්සම් කරගන්න.

    මේ සූත්‍ර ටිකත් කියවගන්න

    (අඞ්‌ගුත්‌තර නිකාය, අට්ඨක නිපාතය, ගහපති වර්ගය, අක්‌ඛණ සූත්‍රය)

    https://www.thripitakaya.org/tipitakaya/Index/538?s=10809
    https://pitaka.lk/main?n=33129

    (අඞ්‌ගුත්‌තර නිකාය, ඡක්ක නිපාතය, ආනිසංස වර්ගය, පාතුභාව සූත්‍රය)
    https://pitaka.lk/main?n=31191
    https://www.thripitakaya.org/tipitakaya/Index/521?s=10971

    (අඞ්‌ගුත්‌තර නිකාය, පඤ්චක නිපාතය, තිකණ්‌ඩකී වර්ගය සාරන්‌දද සූත්‍රය)

    https://pitaka.lk/main?n=30243
    http://www.thripitakaya.org/tipitakaya/Index/495?s=11237

    ------ Post added on Aug 14, 2021 at 6:56 PM
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    තමන්ගෙ පරිස්සම තමන් බලාගන්න ඕනෙ. පස්සෙ දුක් වෙලා වැඩක් නෑ. ඔහොම පරිස්සම් වෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

    හැබැයි මම නං ඔච්චරම දේවල් කරන්නෙ නම් නෑ. කොයි වෙලෙත් Surgical Mask එකක් දාගෙන තමයි යන්නෙ. ටිකක් Crowded තැනකට යනවනම් උඩින් KN95 එකක් දානවා. Supermarket හරි කඩේකට හරි යනවනම් සෙනග වැඩියි වගේ දැනුනොත් Face Sheild එක දානවා. Car එකෙයි වැඩ කරන මේසෙයි Hand Sanitizer තියන් ඉන්නවා. හැම වෙලේම සාක්කුවෙ Liquid Spray කරන්න පුලුවන් Sanitizer එකක් තියන් එලියට බහින්නෙ.

    වැඩ ඇරිලා ගෙදර ගියාම සපත්තු එලියෙන් ගලවලා යටට ගහනවා Lysol වතුර එක්ක මික්ස් කරපු Spray එකක්. ආපු ගමන් නාල හරි ඇඟ හෝදන එක හරි කරනවා. ඔච්චරම තමයි.

    මං වැඩ කරන්නෙ Essential Service විදිහට යන Healthcare Sector අයිති කම්පැනියක. Curfew, Lockdown අදාල නෑ. හැමදාම සතියෙ දවස් වල වැඩ. මේ වෙනකන් ඉතින් අවුලක් උනේ නෑ දෙයියන්ගෙ පිහිටෙන්.

    පොඩ්ඩක් එක Concern එකක් තියෙනවා මං ඔෆිස් එකේ මගේ රූම් එකෙ ඉන්නෙ Mask එක ගලවන්. පිටින් කවුරුත් එන්නෙ නෑ. මං එලියට යනවා මිසක්. ගිය සුමානෙ ඉදන් Room එකෙත් mask දාගෙනම ඉන්න ගත්තා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා.

    මට නම් ඔච්චර කරන්න බෑ බං. හැබැයි උඹට පුළුවන් නිසා කරන එකේ වරදක් නෑ.

    මම සහ වයිෆ් නම් කරන්නේ ගෙදරින් පිටට යනකොට හැම වෙලේම සර්ජිකල් මාස්ක් එකක් දාගන යනවා. කාර් එකෙත් දාගන යන්නේ. මොකද ගමේ එකෙක්, යාලුවෙක් පයින් යනවා දැක්කොත් නොදැක්කා වගේ යන්න බෑනේ.

    එලියට බැහැලා ඇවිදින තැන්වලදි surgical mask එකට උඩින් K95 එකක් දානවා. සුපර්මාකට්, මෙඩිකල් සෙන්ටර් වගේ අවදානම වැඩිතැන්වලට යනව නම් ශීල්ඩ් එකත් දානවා. මුළු ගමනටම එක surgical mask එකයි. එක K95 එකයි එක ශීල්ඩ් එකයි.

    සැනිටයිසර් එක කාලයක් පාවිච්චි කරනවා. එලියට ගිහින් කාර් එකට ආවම අත්දෙක සැනිටයිස් කරනවා. සුපර්මාකට් වලදි එහෙම ෆෝන් එක අල්ල අල්ල ඉන්නෙ නෑ. ඒ නිසා ඒක සැනිටයිස් කරන්න වෙන වාර ගාන අඩුයි. සල්ලි ඇල්ලුවම අත් සැනිටයිස් කරනවා.

    ගේන බඩු, එළවලු කොහොමත් හෝදනවා, කාඩ්බෝඩ් පෙට්ටි අයින් කරනවා. පුළුවන් ඒවා දවස් කීපයක් පැත්තක තියලා පාවිච්චියට ගන්නවා.

    කොත්තමල්ලි, සුව ධරනී, විටමින් සී වගේ මොකුත් පාවිච්චියක් නැ. විටමින් සී ටිකක් නම් ගන්න එක හොදයි කියලා හිතෙනවා.

    එක ඉන්ජක්සන් එකක් ගැහුවා.

    මගෙන්, වයිෆ්ගෙන් නම් ගෙදරට කොරෝනා එන්නේ නැති වෙයි කියලා හිතනවා. නමුත් නැන්දම්මා, මස්සිනා ඇතුළු සමහර නෑදෑයෝ ගෙදර ආවම මාස්ක් ගලවනවා. ඒ මිනිස්සුන්ට ගෙදරදි මාස්ක් දාන්න කියලා කියන්න බෑ. අම්මට, තාත්තට ඉංජක්සන් දෙකම ගැහුවා. හැබැයි එයාලා දෙන්නා අපි තරම් පරිස්සම් නෑ. ඒ නිසා කොරෝනා ගෙදරට එන අවධානමක් තියනවා. ඕවා තමයි ගැටලු.
    කරන්න දෙයක් නෑ.මේදවස්වල මගදී හම්බවෙන අඳුනන අය කාර් එකේ දාගෙන යන්න එපා මචන්.නෑදැයෝ වුනත් ගෙදරට ගෙන්න ගන්න එක සුදුසු නෑ.මොලයක් තියෙන කෙනෙක් මේ වෙලාවේ තරහ වෙන්නේ නෑ. :no::no: