කොස්ලන්ද නාය යාම

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    කොස්ලන්ද(Pics)

    කොස්ලන්ද නාය යාම (Latest Update)

    350 ක් පණ පිටින් වැළලේ


    ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් අද (29) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියේය.

    මේ ගමේ අඩු ගණනේ 350ක් පමණ වාසය කළහ.රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ දිවි බේරා ගන්නට ඇතැයි සහන සේවකයෝ කියති.

    ගමේ පදිංචි දිවි බේරාගත් තවත් කිහිප දෙනකු පැවසුයේ ‘ගමේ සමහර ගෙවල් අඩි සීයයක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.සමහර තැන්වල ගෙවල් අඩි 50 කින් පමණ යට වෙලා

    සිද්ධිය සැල වී හපුතලේ සිට එහි ගිය ටී ප්‍රදීපන් පවසනුයේ මීරියබැද්දේ ලයින් කාමර අඩි තිහක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.‘

    ලයින් හතක සීයක් එකසිය විස්සක් පමණ හිටියා. හය දෙනෙක් පමණ බේරිලා ඉන්න බව ආරංචියි.දවස් දෙකකට කලින් මහත්තුරු කට්ටියක් ඇවිත් මේ ගමින් ඉවත් වන්නැයි කියා තිබෙනවා.ඉතින් ඒ මිනිස්සු කොහේ යන්නද.ඒ මහත්තුරුන්ට කරන්න තිබුණේ කොහාට හරි තැනකට අරන් යන්නයි.මා එදා දුටු ගම දැන් මහා මඩ වළක් .ඒ මඩ වළ උඩින් වතුර පාරකුත් යනවා‘.

    .1997 කොස්ලන්දේ නාකැටිය නාය ගියා.එයින් හත් දෙනකු මිය ගියා.මේ නාය යෑමෙන් 300 ක් විතර මැරෙන්න ඇති.ඒ අය කවදාවත් ගොඩ ගන්න බැරිවේවි.මේ ගම පිහිටියේ එදා නාය ගිය නායකැටියට උඩින්.‘

    කන්ද නාය යද්දී අඹු සැමි යුවළක් දුවන්නට වූහ.බිරිය පසු පසින් දිව්වාය.ඇගේ නම රාජු ලක්ෂ්මීය .සැමියා ආපසු හැරී බැලුවේය.බිරිය දකින්නට නැත.ඇය සොයා ආපසු යන්නට පෙර පස් කන්ද එනු දුටු ඔහු හැකි තරම් වේගයෙන් දිව්වේය.

    දැන් ඔහු යාබද ගමේ ගනේෂා දෙමළ මහා විදුහලේ අනාත කඳවුරේය. බිරිය ගැන කිසිදු තොරතුරක් නැත.එම කඳවුරේ 300ක් පමණ රැකවරණ ලබති.



    කොස්ලන්ද නාය යාම (Photos) :sorry:

    100_4555.jpg


    100_4565.jpg


    vvvx.jpg


    මීරියබැද්දේ අක්කර 20ක් නායගිහින්, මළසිරුර 14ක් හමුවෙයි

    හල්දුම්මුල්ල, මීරියබැද්ද වත්ත ප්‍රදේශය මේ වන විට නාය යමින් පවතින බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අක්කර 200ක පමණ කෙටසක් මෙසේ නාය ගොස් ඇති බව පැවසේ.

    අදාළ ප්‍රදේශයේ පිහිටි වතු නිවාස පේලි 80ක් පමණ පස් කඳු වලින් යටවී ඇති බවත්, මේවන විට මළ සිරුරු 12ක් හමු වී ඇති බවත් වාර්තා වේ.

    එසේම එම ප්‍රදේශයේ සිටින ප්‍රදේශවාසීන්ගේ සහය සඳහා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යාක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයේ සිටි පිරිස පිළිබඳව මෙතෙක් නිසි තොරතුරක් ලැබී නොමැති බවද වාර්තා වේ.

    යුද හමුදාව, පොලීසිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ,ආපදා කළමණාකරණ නිලධාරීන් හා සහන සේවකයෝ එහි පැමිණෙමින් සිටින බවද වාර්තා වේ.

    මළ සිරුරු සෙවීම ඉතා අසීරු වී ඇති බවද පැවසේ.

    නාය යන ප්‍රදේශ බැලීමට නොයන ලෙසත් එය ඉතා අනතුරු දායක ලෙසත් පොලීසිය නිවේදනය කර සිටී.


    කොස්ලන්ද නාය යාමෙන් පුද්ගලයින් 152 දෙනෙක් අතුරුදන්

    හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාම්වලින් පුද්ගලයින් 152 දෙනෙක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තහවුරු කළේ ය.
    මීට අමතරව, නිවාස 120ක් ද නාය යාමට හසුවී තිබේ.
    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, කොස්ලන්ද ප්‍රදේශයේ නාය යාමේ අවදානම සහිත ස්ථාන රැසක් හඳුනාගෙන ඇති බව ය.


    “මීරියබැද්දේ නාය යාමෙන් ළමුන් ඇතුළු විශාල පිරිසක් යට වුණා” – ප්‍රදේශ වාසීන්හල්දුම්මුල්ල, මීරියබැද්ද ප්‍රදේශයේ මෙතෙක් සිදුවූ නාය යාම්වලින් විශාල පිරිසක් පස් කඳුවලට යටවූ බව ප්‍රදේශ වාසීහු පවසති.
    එම ප්‍රදේශයේ වෙසෙන කිහිප දෙනෙකු අපට දැක්වූ අදහස් කිහිපයක උපුටන පහත දැක්වේ.
    “කඩ, කෝවිල්, වතු නිවාස ඇතුළු ගොඩනැගිලි ඔක්කොම ගඟට ගහගෙන ගියා”
    තවත් ප්‍රදේශ වාසියෙකු මෙසේ පැවසීය.
    “තාමත් නාය යමින් තිබෙනවා. පුංචි ළමයි, පාසල් දරුවන් ගොඩක් යටවුණා. කාවවත් බේර ගන්න බැරි වුණා”
    අප සමග තවත් ප්‍රදේශ වාසියෙකු සිය අත්දැකීම විස්තර කළේ මෙසේ ය.
    “උදේ 7.30ට විතර මේක වුණේ. ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඔක්කොම ගහගෙන ගිහින් තිබුණා”



    ලොකු වියසනයක් වගේ... පවු අහින්සක ජීවිත... ජීවිත අහිමිවීම් අඩු වෙන්න කියලා අපි ඔක්කොම ප්‍රාර්තනා කරමු
     
    Last edited:

    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    ඔතන නාය යනක0 මිනිස්සු මොකක්ද කලේ ?
    එක පාරට බූමිකම්පා වගේ නාය යන්න විදිහක් නෑනෙ.
    අනිවා පෙරනිමිති පහල වෙන්න එපායැ.
    මෙව්ව ගැන මිනිස්සු දැනුවත් කරන්නවත් ආයතනයක් නැද්ද ?
    දැන් මලගෙවල් වලට ගිහි0 දැනුවත් කරයි නාය යන්න කලින් මෙහෙමයි ඉවත් වෙන්න කියල.
    අනේ හුකේ​
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    අක්කර දෙසීයක් නාය ගිහින්.. එකපාරම යන්න ඇති බන්.. මම දන්නවා මේ පලාත ගැන.. ගිහිනුත් තියෙනවා.. මේ පැත්තේ ඉන්නේ වතුවල වැඩ කරන අහින්සක දෙමල මිනිස්සු. පවු.. ඒ මිනිස්සුන්ට මේක ගැන අවභොදයක් නැතුව ඇති.. මොනවා උනත් පවු අහින්සක ජීවිත
     
    ඒ මිනිස්සු කියලා මොනවා කරන්නද අප්පා, එදා වේල හොයාගන්නෙත් වතු වෑඩ කරලා, එහෙවු එකේ ගහෙන් ගෙඩි එනවා වගේ ඔන්න නාය යන්න එන්නෙ කිව්වොත් කොහෙට කියලා යන්නද
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මීරියබැද්දේ කොටසක් සිතියමෙන් මැකේ :(

    කොස්ලන්ද මීරියබැද්ද වත්තේ ලයින් කාමර යට කැරගෙන පස් කන්ද කඩා වැටී ඇත්තේ අද (29) උදේ හතට පමණ බව අනතුරින් දිවි ගලවාත් මහේන්ද්‍රන් බණ්ඩාරවෙල රෝහලේදී කීවේය.

    ‘එක්වරම මහා ශබ්දයක් ඇති වුණා ඒ ශබ්දය හරි අමුතුයි.මම දිව්වා.කොයි පැත්තට දිව්වාදැයි මතක නෑ.දුවනකොට වැටුණා.පස් ටිකකින් මාත් යට වුණා‘ යැයි මහේන්ද්‍රන් සිය අත් දැකීම විස්තර කරමින් කීවේය.

    රාධා ( 34) නම් වතු සේවිකාව ද දිවි බේරා ගත් නමුත් ඇගේ දරුවන් හතර දෙනාත් මවත් පියාත් නැති බවත් ඇගේ විශ්වාසයයි.

    ‘මගේ ඉඟටිය දක්වා පස් වලින් යට වී තිබුණා.දරුවන් හිටියේ වෙන පැත්තක ඔවුන් ගැන කිසිදු තොරතුක් නෑ.‘

    ඔවුන් රෝහලට රැගෙන ආ ලොරි රියදුරා පැවසුයේ පාරේ තැන තැන ද පැලී විවිර වී තිබු බවයි.

    ‘ඉතා අමාරුවෙන් ලොරිය පැදෙව්වා .තුවාලකරුවන් රෝහලට ගෙනාවා.ලයින් කාමර128 ක් තිබු තැන දැන් කිසිම දෙයක් දකින්නට නෑ.කෝවිලත් පේන්න නෑ.මේ ලයින් කාමරවල තුන්සීයක් හාරසීයක් විතර ඉන්න ඇති.‘
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔතන නාය යනක0 මිනිස්සු මොකක්ද කලේ ?
    එක පාරට බූමිකම්පා වගේ නාය යන්න විදිහක් නෑනෙ.
    අනිවා පෙරනිමිති පහල වෙන්න එපායැ.
    මෙව්ව ගැන මිනිස්සු දැනුවත් කරන්නවත් ආයතනයක් නැද්ද ?
    දැන් මලගෙවල් වලට ගිහි0 දැනුවත් කරයි නාය යන්න කලින් මෙහෙමයි ඉවත් වෙන්න කියල.
    අනේ හුකේ​

    2012 ඉදන් දැනුවත් කලා,. 60 - 70 විතර අවදානම් තැන් නම් කරල තියෙන්නෙ, මහනුවර, මාතලෙ, බදුල්ල, රත්නපුරෙ, තව ගොඩක් ප්‍රදෙශ වල එ වගෙ තැන්. මිනිසු අඉන් වේයි උන්ට වෙන ඉන්න තැන් දෙනව නම්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මීරියබැද්ද ගැන අනතුරු ඇගෙව්වත් ජනතාව ඉවත් වී නෑ

    කොස්ලන්ද ප‍්‍රදේශයේ නායයාම පිළිබද ජනතාවට පූර්ව දැනුම් දීමක් 2005 සහ 2012 වසරවලදී කර තිබූ නමුත් ජනතාව ඉන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

    එම ප‍්‍රදේශයෙන් හැකි ඉක්මණට ඉවත්වන්නැයි දැනුම් දී තිබූ බව ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    කෙස්වෙතත් අද උදෑසන සිට සිදු වෙන නාය යාම හේතුවෙන් මේ වන විට අතුරුදහන් වී ඇති ගණන 400ක් පමණ වනු ඇති බව පැවසේ.

    14ක් පමණ මියගොස් ඇත.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මේ මිනිස්සු එදා වේල හොයා ගන්නෙත් පුදුම දුක් මහන්සියකින්.. ඉවත් වෙන්න කියලා දැනුම් දීලා මහ එවුන් අත පිහිදා ගන්නවා.. මෙ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් ආරක්ශා තැනකින් හදලා දුන්නනම් පාලක පර හැත්තට හෙන ගහනවද?? නිරපරාදේ සල්ලි නාස්ති කරන රටක මේ වගේ අවදානම් තැනක ඉන්න මෙ වගේ අහින්සක මිනිස්සුන්ට ඉන්න තැනක් හදලා දුන්නා නම් ඒ පිනම ඇති ලොකු කාලයක් රටක් පාලනය කරන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්වභාව ධර්මයාට හින්සා නොකරන්න.. මන්දයත් පසු කලෙක ඔබට ස්වභාවධර්මයා විසින් ඒකාන්තයෙන්ම විපාක ගෙනදෙනු ඇති..:dull:
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    පව් අහින්සකයෝ.එදා වේල හම්බ කරන්නෙත් හරි අමාරුවෙන්.