කොස්ලන්ද(Pics)
කොස්ලන්ද නාය යාම (Latest Update)
350 ක් පණ පිටින් වැළලේ
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් අද (29) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියේය.
මේ ගමේ අඩු ගණනේ 350ක් පමණ වාසය කළහ.රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ දිවි බේරා ගන්නට ඇතැයි සහන සේවකයෝ කියති.
ගමේ පදිංචි දිවි බේරාගත් තවත් කිහිප දෙනකු පැවසුයේ ‘ගමේ සමහර ගෙවල් අඩි සීයයක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.සමහර තැන්වල ගෙවල් අඩි 50 කින් පමණ යට වෙලා
සිද්ධිය සැල වී හපුතලේ සිට එහි ගිය ටී ප්‍රදීපන් පවසනුයේ මීරියබැද්දේ ලයින් කාමර අඩි තිහක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.‘
ලයින් හතක සීයක් එකසිය විස්සක් පමණ හිටියා. හය දෙනෙක් පමණ බේරිලා ඉන්න බව ආරංචියි.දවස් දෙකකට කලින් මහත්තුරු කට්ටියක් ඇවිත් මේ ගමින් ඉවත් වන්නැයි කියා තිබෙනවා.ඉතින් ඒ මිනිස්සු කොහේ යන්නද.ඒ මහත්තුරුන්ට කරන්න තිබුණේ කොහාට හරි තැනකට අරන් යන්නයි.මා එදා දුටු ගම දැන් මහා මඩ වළක් .ඒ මඩ වළ උඩින් වතුර පාරකුත් යනවා‘.
.1997 කොස්ලන්දේ නාකැටිය නාය ගියා.එයින් හත් දෙනකු මිය ගියා.මේ නාය යෑමෙන් 300 ක් විතර මැරෙන්න ඇති.ඒ අය කවදාවත් ගොඩ ගන්න බැරිවේවි.මේ ගම පිහිටියේ එදා නාය ගිය නායකැටියට උඩින්.‘
කන්ද නාය යද්දී අඹු සැමි යුවළක් දුවන්නට වූහ.බිරිය පසු පසින් දිව්වාය.ඇගේ නම රාජු ලක්ෂ්මීය .සැමියා ආපසු හැරී බැලුවේය.බිරිය දකින්නට නැත.ඇය සොයා ආපසු යන්නට පෙර පස් කන්ද එනු දුටු ඔහු හැකි තරම් වේගයෙන් දිව්වේය.
දැන් ඔහු යාබද ගමේ ගනේෂා දෙමළ මහා විදුහලේ අනාත කඳවුරේය. බිරිය ගැන කිසිදු තොරතුරක් නැත.එම කඳවුරේ 300ක් පමණ රැකවරණ ලබති.
කොස්ලන්ද නාය යාම (Photos)
මීරියබැද්දේ අක්කර 20ක් නායගිහින්, මළසිරුර 14ක් හමුවෙයි
හල්දුම්මුල්ල, මීරියබැද්ද වත්ත ප්‍රදේශය මේ වන විට නාය යමින් පවතින බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය පවසයි.
අක්කර 200ක පමණ කෙටසක් මෙසේ නාය ගොස් ඇති බව පැවසේ.
අදාළ ප්‍රදේශයේ පිහිටි වතු නිවාස පේලි 80ක් පමණ පස් කඳු වලින් යටවී ඇති බවත්, මේවන විට මළ සිරුරු 12ක් හමු වී ඇති බවත් වාර්තා වේ.
එසේම එම ප්‍රදේශයේ සිටින ප්‍රදේශවාසීන්ගේ සහය සඳහා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යාක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයේ සිටි පිරිස පිළිබඳව මෙතෙක් නිසි තොරතුරක් ලැබී නොමැති බවද වාර්තා වේ.
යුද හමුදාව, පොලීසිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ,ආපදා කළමණාකරණ නිලධාරීන් හා සහන සේවකයෝ එහි පැමිණෙමින් සිටින බවද වාර්තා වේ.
මළ සිරුරු සෙවීම ඉතා අසීරු වී ඇති බවද පැවසේ.
නාය යන ප්‍රදේශ බැලීමට නොයන ලෙසත් එය ඉතා අනතුරු දායක ලෙසත් පොලීසිය නිවේදනය කර සිටී.
කොස්ලන්ද නාය යාමෙන් පුද්ගලයින් 152 දෙනෙක් අතුරුදන්
හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාම්වලින් පුද්ගලයින් 152 දෙනෙක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තහවුරු කළේ ය.
මීට අමතරව, නිවාස 120ක් ද නාය යාමට හසුවී තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, කොස්ලන්ද ප්‍රදේශයේ නාය යාමේ අවදානම සහිත ස්ථාන රැසක් හඳුනාගෙන ඇති බව ය.
“මීරියබැද්දේ නාය යාමෙන් ළමුන් ඇතුළු විශාල පිරිසක් යට වුණා” – ප්‍රදේශ වාසීන්හල්දුම්මුල්ල, මීරියබැද්ද ප්‍රදේශයේ මෙතෙක් සිදුවූ නාය යාම්වලින් විශාල පිරිසක් පස් කඳුවලට යටවූ බව ප්‍රදේශ වාසීහු පවසති.
එම ප්‍රදේශයේ වෙසෙන කිහිප දෙනෙකු අපට දැක්වූ අදහස් කිහිපයක උපුටන පහත දැක්වේ.
“කඩ, කෝවිල්, වතු නිවාස ඇතුළු ගොඩනැගිලි ඔක්කොම ගඟට ගහගෙන ගියා”
තවත් ප්‍රදේශ වාසියෙකු මෙසේ පැවසීය.
“තාමත් නාය යමින් තිබෙනවා. පුංචි ළමයි, පාසල් දරුවන් ගොඩක් යටවුණා. කාවවත් බේර ගන්න බැරි වුණා”
අප සමග තවත් ප්‍රදේශ වාසියෙකු සිය අත්දැකීම විස්තර කළේ මෙසේ ය.
“උදේ 7.30ට විතර මේක වුණේ. ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඔක්කොම ගහගෙන ගිහින් තිබුණා”
ලොකු වියසනයක් වගේ... පවු අහින්සක ජීවිත... ජීවිත අහිමිවීම් අඩු වෙන්න කියලා අපි ඔක්කොම ප්‍රාර්තනා කරමු

Last edited: