කොස් කපන්න පර්මිට් ඕන, ට්රාන්ස්පෝර්ට් වලටත් කපපු පර්මිට් එක ඕන.
හොරෙන් කපලා හොරෙන්ම විකුනනවා නම් ඉතින් අව්ලක් නෑ..
ගෙදරකට හෝ පාරකට අවධානම් නම් ග්රාමසේවක දනුවත් කරලා මේ දැන් උනත් කපලා බිම දාන්න පුළුවන්,
හැබැයි ඉරන්න බෑ.. ඉරන්න නම් පර්මිට් හදන්න ඕන.
අවධානම් කියලා කපලා බිම දාපු ගහකට ඉරන්න පර්මිට් එකක් හදාගන්න සාපේක්ෂව ලේසි, මොකද ගහ කපලා ඉවරයිනේ.
ලී විකුණන ක්රම දෙකක් තියෙනවා, හතරැස් අඩි සහ දික් අඩි.
4x3 දික් අඩියක් දැන් 500-550 වගේ යනවා.
ගහ පිටින් විකුනන්න ඕන නම් ඔය පැත්තේ ලී මෝලකට කියන්න, එයාලා අදාළ දේවල් ඔක්කොම කරගෙන ගහත් කපාගෙන යාවි, ලියකිවිලි වලට උදව් කරන්න විතරයි ඔයාට තියෙන්නේ.