කොහු_බත්_තේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොහු බත් තේ

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අනර්ඝ තත්ත්වයේ පිරිසිදු තේ ලෙස අසුරණවල සටහන් කර අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ අසූදහසක තොගයක්‌ රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

    අනර්ඝ තත්ත්වයේ තේ ලෙස එසේ අසුරණවල සඳහන් කර තිබුණත් මෙම කසළ තේ තොගය කොහු බත් ලෙස ප්‍රකාශ කරමින් මෙරටින් යෑවීමට සූදානම් කර ඇත.

    උසස්‌ තත්ත්වයේ තේ ලෙස ප්‍රකාශ කරමින් අපනයනයට අනුමැතියක්‌ නොලැබෙන නිසා මෙම කසළ තේ තොගය කොහු බත් ලෙස ප්‍රකාශ කරමින් මෙරටින් පිටකිරීමට සැලසුම් කරන්නට ඇතැයි සැකකරන බව රේගුව සඳහන් කරයි.

    අඩි 40 ප්‍රමාණයේ කන්ටේනර් හතරක මෙම කසළ තේ තොගය අසුරා තිබූ අතර තේ අඩංගු සෑම අසුරණයකම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අංක 1 උසස්‌ තත්ත්වයේ තේ යනුවෙන් මුද්‍රණය කර තිබිණි.

    මෙම කසළ තේ තොගය අරාබියට යෑවීමට සූදානම් කර තිබූ අතර මෙම කන්ටේනර් පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් ඒවා විවෘත කර පරීක්‍ෂා කිරීමේදී සියලුම ඇසුරුම්වල තිබී ඇත්තේ තේ නිෂ්පාදනය කර ඉවත දමන ද්‍රව්‍ය තොගයකි.

    මෙම කසළ තේ තොගය අපනයනය කළේ නම් ශ්‍රීලංකාවේ තේ සඳහා විදේශවල පවතින කීර්ති නාමයට විශාල කැළලක්‌ වී තේ නිෂ්පාදනයෙන් ලැබෙන විදේශ ආදායමට බලවත් පහරක්‌ එල්ලවනු ඇතැයි රේගුව කියයි.

    තේ අපනයනයේදී ශ්‍රී ලංකා තේ මණ්‌ඩලයේ අනුමැතිය අත්‍යාවශ්‍ය බවත් තේ කිලෝවක්‌ සඳහා රුපියල් 4 ක බදු ප්‍රමාණයක්‌ ගෙවිය යුතු බවත් රේගුව සඳහන් කරයි.

    මෙම ව්‍යාපාරිකයා තේ මණ්‌ඩල ආඥ පනත උල්ලංඝණය කර ඇති බැවින් රේගු පරීක්‍ෂණ නිමවීමෙන් පසු ඔහුට විරුද්ධව තේ මණ්‌ඩල ආඥ පනත යටතේ කටයුතු කරන බව රේගුව සඳහන් කළේය.

    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔකුන් මචර කල් පවත්වාගෙන ආපු නම කනව. අවුරුදු 10-12කට එලියට එන්න බැරි වෙන්න හිරෙ දාන්න තියෙන්නෙ. ගොඩක් ඔය වැඩ කරන්නෙ අකුරන, කඩුගන්නාව වගෙ පැත්තවල් වල උන්.:growl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔකුන් මචර කල් පවත්වාගෙන ආපු නම කනව. අවුරුදු 10-12කට එලියට එන්න බැරි වෙන්න හිරෙ දාන්න තියෙන්නෙ. ගොඩක් ඔය වැඩ කරන්නෙ අකුරන, කඩුගන්නාව වගෙ පැත්තවල් වල උන්.:growl:

    kiyala wadak naha ban.ape unta hora wada karannanam hodata mole thiyenawa.politikko wage thama.:D:growl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔකුන් මචර කල් පවත්වාගෙන ආපු නම කනව. අවුරුදු 10-12කට එලියට එන්න බැරි වෙන්න හිරෙ දාන්න තියෙන්නෙ. ගොඩක් ඔය වැඩ කරන්නෙ අකුරන, කඩුගන්නාව වගෙ පැත්තවල් වල උන්.:growl:

    කුට්ටිය හරියට දීපු නැති නිසාද දන්නේ නෑ ඇල්ලුවෙ?:rolleyes:
     
    Sep 27, 2014
    152
    33
    0
    ඔකුන් මචර කල් පවත්වාගෙන ආපු නම කනව. අවුරුදු 10-12කට එලියට එන්න බැරි වෙන්න හිරෙ දාන්න තියෙන්නෙ. ගොඩක් ඔය වැඩ කරන්නෙ අකුරන, කඩුගන්නාව වගෙ පැත්තවල් වල උන්.:growl:

    උබට මෝල් ද මන්ද. යකෝ එහෙම උන් කඩුගන්නාවේ නැහැ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඊයා..කොහු තේ.තුක් විතරක්.ඕවා අපනයනය කරනවානම් ලංකාවේ උන්ට දෙන ඒවා ඔයිට වඩා ජරාව වෙන්න ඇති.
     
    Similar threads