කොහු බත් තේ
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අනර්ඝ තත්ත්වයේ පිරිසිදු තේ ලෙස අසුරණවල සටහන් කර අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ අසූදහසක තොගයක් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අනර්ඝ තත්ත්වයේ තේ ලෙස එසේ අසුරණවල සඳහන් කර තිබුණත් මෙම කසළ තේ තොගය කොහු බත් ලෙස ප්‍රකාශ කරමින් මෙරටින් යෑවීමට සූදානම් කර ඇත.
උසස් තත්ත්වයේ තේ ලෙස ප්‍රකාශ කරමින් අපනයනයට අනුමැතියක් නොලැබෙන නිසා මෙම කසළ තේ තොගය කොහු බත් ලෙස ප්‍රකාශ කරමින් මෙරටින් පිටකිරීමට සැලසුම් කරන්නට ඇතැයි සැකකරන බව රේගුව සඳහන් කරයි.
අඩි 40 ප්‍රමාණයේ කන්ටේනර් හතරක මෙම කසළ තේ තොගය අසුරා තිබූ අතර තේ අඩංගු සෑම අසුරණයකම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අංක 1 උසස් තත්ත්වයේ තේ යනුවෙන් මුද්‍රණය කර තිබිණි.
මෙම කසළ තේ තොගය අරාබියට යෑවීමට සූදානම් කර තිබූ අතර මෙම කන්ටේනර් පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් ඒවා විවෘත කර පරීක්ෂා කිරීමේදී සියලුම ඇසුරුම්වල තිබී ඇත්තේ තේ නිෂ්පාදනය කර ඉවත දමන ද්‍රව්‍ය තොගයකි.
මෙම කසළ තේ තොගය අපනයනය කළේ නම් ශ්‍රීලංකාවේ තේ සඳහා විදේශවල පවතින කීර්ති නාමයට විශාල කැළලක් වී තේ නිෂ්පාදනයෙන් ලැබෙන විදේශ ආදායමට බලවත් පහරක් එල්ලවනු ඇතැයි රේගුව කියයි.
තේ අපනයනයේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුමැතිය අත්‍යාවශ්‍ය බවත් තේ කිලෝවක් සඳහා රුපියල් 4 ක බදු ප්‍රමාණයක් ගෙවිය යුතු බවත් රේගුව සඳහන් කරයි.
මෙම ව්‍යාපාරිකයා තේ මණ්ඩල ආඥ පනත උල්ලංඝණය කර ඇති බැවින් රේගු පරීක්ෂණ නිමවීමෙන් පසු ඔහුට විරුද්ධව තේ මණ්ඩල ආඥ පනත යටතේ කටයුතු කරන බව රේගුව සඳහන් කළේය.

Last edited: