කොහෙවත් ගියෙ නැද්ද - පිදුරුතලාගල සහ වෙනත් කතා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    thaniyama rata wate gihin gedara awama haamine

    hski.JPG
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කාර් එකෙ කෝට එක තියනව, ඒ නැතත් IOC එවුන් ෆුල් ගහල දෙනව බන්
    300ක් වගෙ දෙන්ඩ ඕන



    මම බැදල බන්




    thats right
    යකෝ බැඳලත් උඹ Solo ද.... :o
    මචන් උබට ඔහොම තනියම රට වටේ රවුම් ගහන්න හාමිනේ අවසර දෙනවද? එකට අපිට යන යන තැන පස්සෙන් එන්නනේ හදන්නේ
    අනේද කියන්නේ... යකෝ අපි බෝතලයක් ගහන්න යන්නෙත් යාලුවෙක් ව බිල්ලට දීලා... ඒකත් 9 වෙනකොට කෝල් එක එනවා කොහෙද බොල ඉන්නේ කියලා අහලා.... මූ රට වටේ රවුම් ගහනවා... උඹ අදහන්න වටින පොරක් බන්.... 😁🙏
    බයි ද වේ... පට්ට පොටෝ කෑලි ටික... :love2::love2:
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,242
    2,429
    113
    Srilanka
    සෝක් ගමන..
    අඩෝ අපි කිරියෙ කීපදෙනෙක් එකතුවෙලා යංකො බං බයික් රයිඩ් එකක්. මටත් මේ යන්න එකෙක් නැතිව ඉන්නෙ..
    Adoo kiyapn math enawa

    ඇත්තටම ඒක මේ වගේ
    angry monsters inc. GIF by Disney Pixar
    අත්දැකීම් තියෙනව වගේ 🤭
    ------ Post added on Jan 7, 2023 at 3:20 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,371
    32,092
    113
    හැමතැනම සේපාල සහ ජෙප්පො. වෙනද වගේම චන්දෙ ලන්වෙද්දි කිරිය වෙනස් වෙනව

    එනි වෙ, උබල කොහෙවත් ගියෙ නැද්ද, මම නන් දෙසැම්බර් ලාස්ට් වීක් ගෙදර හිටියෙම නෑ
    බල්ල ලිහුව වගෙ තමා.

    මේක එක ගමනක් නෙවෙ, ගමන් 3ක් වගෙ එකතුවක්. අරමුනක් ඇති සහ අරමුනක් නැති x 2.

    පිදුරුතලාගල




    ලන්කාවෙ උසම තැන කියල කියන්වනෙ. මේක තියෙන්නෙ high-security zone එහෙක. ඒකට හොද හේතුවක් වෙන්නෙ මෙතන තියනව
    සිරිලක central radar complex . අර වටේට කරකැවෙන ජාතියෙ ඒවත් එක්ක තව කනු ගොඩාරියක්.

    මෙතනට උබලට අපිට යන්න පුලුවන්, හැබැයි ඊට කලින් මෙතන මේ නම්බර් වලට කතා කරල, උබලගෙ විස්තර, වාහන අන්ක යවන්න ඕන
    ඊට පස්සෙ උන් එවනව මේල් එකක් අවසර දුන්න කියල. ඒක එන්ට්‍රන්ස් එකට දුන්නම උඩට යන්න දෙනව.

    https://www.defence.lk/Services/visit_to_high_security_zones

    උඩටම යන්න පුලුවන්, පාර ෆුල් කාපට්. එන්ට්‍රන්ස් එකෙදි උපදෙස් දෙනව

    1. කිසිම හෙතුවක් මත අතරමග නවතින්න එපා. ( එක හේතුවක්, පිදුරුතලාගල කියන්නෙ රක්ශිතයක් , දිවියො ඉන්නව. ඉන්නව කියල බොඩ් ගහල තියනව , තව හෙතු ඇති)
    2. උඩට ගියාම radar complex පොටො ගහන්න එපා කියල.

    උඩට යන්න කිමි 7.5ක් වගෙ යන්න ඕන. ෆුල් කාපට් උනාට, එක ලග වන්ගු තියෙන්න, හරියට හොර්ටන් ප්ල්න්ස් වගෙ. මැණුවල් වාහනයක් නන් බලාගෙන යන්න ඕන
    2nd එකෙ අදින්නෙ නැති කදු තියනව වන්ගුත් එක්ක.

    අතරමග බොහොම ලස්සනය් ඉතින්, මෙලො දෙයක් නෑ, පාරත් එක්ක දෙපැත්තෙ කැලෙ.
    උඩට ගියාම පාක් එකක් තියනව වෙනම විසිටර්ලට. එතනදි බොහොම කරුනාවෙන් කියනව වටෙ පොටො ගත්තට කමක් නෙ, ඒත් කිසිම වෙලාවක
    radar complex එකෙ පොටො ගන්න එපා කියල. මෙක කරුනාවෙන් කියන්නෙ, අහන්නෙ නැතුව කැමර උස්සගෙන දගලන අයට වෙනම් විදියට කියනව හැමොටම ඇහෙන්න
    එ නිස උබල ගියොත් කිඅයන්දේ අහපල්ල.

    උඩ හෙන සීන් ඉතින්, කැරකෙන රේඩාර් තියනව.
    එක එක විදියෙ ඩිස්ක් හයි කරපු කනු ගොඩාක් තියන්ව, එවට ලන් වෙන්නෙ බෑ. උඩ airforce/ army2 ම ඉන්නව. ඒ ගොල්ලො අවසර දෙන තැන් වලට විතර යන්න පුලුවන්.

    මේතන radar complex එකට අමතරව පන්සලක්, කැන්ටින්, ලොකු පාක් 1ක් තියනව, ඒ ටික තම පේන්නෙ. අවසර දෙන්නෙ නැති පැත්තෙ මොන්ව තියනවද දන්නෙ නෑ.
    ඉතින් ගිහිල්ල radar කනු ටික බලාලා, ඈත නුවර එලිය කදු බලල, රොටියක් කාල, තේ බීල එන්න පුල්වන්.

    free වෙලාවක යන්න.

    යන අයට ටිප්ස්

    1. permission grant mail එකෙ hard copy එකක් අරන් යන්න ඕන.
    2. වටෙ කැමර උස්සන් දගලන්න එපා, බනිනව. එකෙක්ට බැන්න හැමෝම ඉස්සරහ නෝන්ඩි වෙන්න වෙන්නෙ.
    3. දගලන්න එපා, සින්දු කියන්න, ජෙ බී එල් දාගෙන නටන්න දෙන්නෙ නෑ
    4. බල්ලො ඉන්නව, උන්ටත් රොටී අරන් දෙන්න
    5. වාහනෙ බ්‍රේක් ගැණ සලකිලිමත් වෙන්න ඕන.

    මේවගෙ ලොකුවට පොටො නෑ මචන්ල, ගහන්න බෑ
    උන් එපා කියන්නෙ හේතුවක් ඇතුවනෙ.

    Gallery https://photos.app.goo.gl/hxAgJDwYWcVJky588


    වෙනත් කතා

    මන් ඔය හිටි ගමන් අරමුනක් නැතුව පාරට බහිනව.
    ඒ වගෙ, දවසක බැස්ස පාරට ඇදුම් කෑලි 2ක් දාගෙන. කල් පිටිය දිහා යන්නත් හදල, රැ වෙන නිස, පුත්තලමෙන් අනුරාදපුරට හැරෙව්ව.
    ඔන්න පුත්තලම පහුවෙල ටිකක් එනකොට බයික් එක හිට්ට. බැලින්න ප්ලුග් අවුල් ගිහිල්ල.
    හේතුව කාබ් එක flood වෙන එකද නැත්නන් වෙන seen එකක්ද කියල දන්නෙ නෑ. කරන්ට් අවුලක්ද දන්නෙත් නෑ
    ආව එන්න ප්ල්ග් එක මාරු කරගෙන.

    අනුරාදපුරට යද්දි රෑ 8 වගෙ උනා ඉතින්. රෑ වෙලා නිස්කලන්කව ඉන්න කියල හිතාගෙන රුවන්වෙලි සෑය පැත්තට ගියා. අම්මට හුඩු යකො
    මොන් නිස්කලන්කද,





    එහෙම්ම සෑය වටෙ කැරකිලා, ඉන්න තැනක් හෙව්ව න්.
    2700ට හම්බුන කලැත්තෑව කියන හරියෙ කාමරයක් ත් එක්ක. ගිය ඒකට ඉතින්.

    පහුවෙනිද යාපනෙ හරි මන්නාරම හරි යන්න හිතන් හිටියත්, ප්ලග් කේස් එක නිසා confidence මදි වගෙ ආව ගෙදර එහෙම්ම
    ඇවිත් මිකැණික් හම්බෙල බැලුව. ඌ නන් කියන්නෙ ටියුන් එක අවුල් වෙල කියල. එකත් හදාගෙන ඉට පහුවෙනිද
    තිස්ස පැත්තට යන්න පාරට බැස්ස.

    Gallery https://photos.app.goo.gl/Kng46in4jjwwjMaJ6


    හම්මට රත්නපුර-කහවත්ත පාර කැඩිල කියන්නෙ , නොදකින්.
    කහවත්ත ඉදන් ගොඩකවෙල හරියට එද්දි එක වෙනසක් මීටර් උනා
    වෙනද තියන "වැව් මාලුත් එක්ක බත් "කඩ ටික නෑ යකො.
    කන්න හරි හමන් තැන්ක් හොයාගෙන ආව උඩවලවෙ හන්දියට වෙනකන්. යන්තන් කඩ 2ක් තිබ්බ. සේරම වහල.
    මේක බුපෙ, ඉතින් බත් බෙදාගෙන වැව් මාලු හොයනකොට බඩු නැ, මුදලාලිය ටෝක් කරාම

    " මේ හරියෙ අපි විතරයි මේ ටික කඩ කරන්නෙ මහත්ත්‍යා, කරන්න බෑ. දැන් ඊයෙ කෑම 20ක් විතර විසි කරා. කට්ටිය එන්නෙ නෑ, වෙනද දෙසැම්බර් අන්තිම සතිය
    කියන්නෙ අනිවා කෑම 300ක් දවසට ගහනව, දැන් නෑ, ඒ නිසා ඉතින් අපි මාලු බැදල තියන්නෙ නෑ. මහත්ත්‍ය පොඩ්ඩක් ඉන්න මන් ඉකමනට බැදල ගේන්නන් "

    මන් ඉතින් අරූ මාලු බදින කන් බලන් හිටිය.
    කාල තිස්සට එද්දි 4 වගෙ උනා.





    හවස වැව පැත්තට ගිහිල්ල, වඩේ2ක් කාල ආව ඉන්න තැනට. මෙතන මරු, වැට මූන දාල කනු උඩ හදල තියෙන්නෙ
    හැබැයි එච්චර බිසී පාටක් නෑ වෙනද තිස්ස වගෙ. තිස්ස / දෙබර වැව කියන්නෙ කතරගම යන එවුන්ගෙන් පිරිච්ච තැණක්.
    හොටෙල් එකෙ බුවා කතාවට අල්ල ගත්ත

    " අපි මේව 10000ට දුන්න කාමර මහත්ත්යා, දැන් මෙ බිල් ටික ගෙවාගන්න විදියක නෑ, බැන්කුවෙන් නය අරන් හැදුවෙ, වාරිකෙ 20000ක්, ඊයෙ බැන්කුවෙන් කතා කරලා
    අඩු ගානෙ 10ක් දාන්න කිව්ව. මේ වෙද්දි සුද්දො එන්න ඕන, ඒත් ආවෙ නෑ මෙහෙට. සුද්දො පිරිච්ච නැවක් නන් ආවලු, ඒ ආවට අපිට සෙතක් නෑ, මෙහෙ ඉන්නෙ නෑනෙ. මන් මෙ බැලුවෙ
    රටවත් යන්න කියලා, මට හොදට බැකො ඔපරෙට් කරන්න පුලුවන්"

    ආර්තිකෙ හැකිලෙනව කියල නන්දලාල් කීවෙ මේවට වෙන්ටැ.

    මන් පහුවෙනිද සදර්න් ලයින් එකෙ ආව ගෙදර, හම්බන්තොට හරියට එනකොට වම් පැත්තෙ පේනව වරාය.
    මට හිතුන නන්දලාල්ට පිස්සු, මේ තියෙන්නෙ යකො දැවැන්ත සන්වර්දනයක්.


    Gallery https://photos.app.goo.gl/4c9jqb2VFB7cPBmv6



    අම රයිඩර්



    අම රයිඩර් නෙමෙයි බං
    "ඇම්ම රයිඩර්" ලොල්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    View attachment 193974
    අත පය ලෙලි ගහගන් නැතුව බයික් එකේ ගේ ලඟ ටවුමටවත් ගිහින් එන්න බැරි මම..😩😩😩
    මේ අද..
    TFS bro❤️❤️😀

    හෆොයි :(

    ඕක නන් හොද වෙයි, බයික් එකට මොකද