ඊයෙ කොළඹට වැහැපු වැස්සේ අසිරිය ගොඩක් අයට පේන්න නැතුව ඇති. මොකද වැස්ස පටන් ගන්නකොට හවස 7:15ට විතර ඇති. ඒ වෙලාවට ගොඩක් අය තම තමන්ගේ දවසේ රාජකාරී නිම කරලා ගෙවල් වලට ගිහින් හරී ගෙවල් කිට්ටුවට ගිහින් හරි ඇති. මම ඊයේ රෑ 8 ඉඳලා රෑ 11 වෙනකන් ධාරානිපාත වැස්සේ සිරිය විඳ ගත්තා. මේ දවස් වල හිතේ අවුලෙන් හිටියත් හිතුවා එලකිරියට ඇවිත් යමක් ලියලා ගියොත් හොඳයි කියලා.
මේ දවස් ටිකේ මිසිස් පෙරේරා අසනීප තත්වෙන් ඉන්නේ කියලා සමහර අය දන්නවා ඇති. අද වෙනකොට තත්වය තරමක් හොඳ අතට හැරිලා. ත්රෙඩ් එකට කලින් පොඩි දෙයක් කියන්න ඕනා.මේ වෙලාවෙ මාත් එක්ක හිටිය මගේ යාලුවො හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනා. විශේෂයෙන්ම මගේ සහෝදරයෝ දෙන්නා ජේ.කේ. මල්ලිත් ඉන්දික(kingdewi) අයියාත් මට කරපු උදවු වලට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම චාමික,කසූ,මාලිංග,මයිකල්,බෝල්ට්,මිස්ටි,සචී,Djram,JAASBandara,NIC,මිගාර වත් මතක් කරන්න ඕනා.
ඊයෙ මම ගියා මිසිස් පෙරේරා බලන්න මගේ යාලුවෙක් එක්ක. හරියටම එයාලාගෙ ගෙදරින් අපි එන්න ලෑස්තිවෙනකොට තමයි වැස්ස පටන් ගත්තේ. අඩුවෙයිද බලන්න හිටියා 8 වෙනකන්. පැයක් හිටියත් අඩු වෙන පාටක් නෑ. වැස්සේම එන්නට මමත් මගේ යාළුවාත් තීරනය කලා. ඒ වෙනකොට අකුණු ගහමින් වහිනවා. කොහොම හරි මිසිස් පෙරේරාගෙ ගෙදරින් බයික් එක එලියට ගන්නකොට පාර පේන්නේ නැති තරමට වහිනවා. හිමින් හිමින් 120 බස් පාරේ කොහුවල පැත්තේ ඉඳලා පාමංකඩ හරියට අපි ආවා. පාමංකඩ හන්දිය හරියට එනකොට පාරේ වතුර පිරිලා තියෙනවා දැක්කා. අපි දෙන්නාටම පුදුමයි. බයික් එකේ රෝදෙන් බාගයක් වතුර. මෙච්චා වතුර කොහෙන්ද කියන එක පුදුමයක්. ඒ වෙනකොට වැස්සේ සැර කොච්චරද කියන එක අපි දෙන්නා විතර නෙමෙයි ලංකාවේ කවුරුත් දන්නේ නෑ. පාමංකඩ හන්දිය ගාව ඉඳලා රෙදි මෝල ගාවට හිමින් හිමින් අපි දෙන්නා ආවා. රෙදිමෝල ගාව හයිලෙවල් පාරෙත් වතුර පිරිලා. බයික් එක නවතීද කියලත් බයයි. ආපු මෝඩකම කියලා අපි දෙන්නාටම හිතුනා. ඒත් ඒවෙලේ වෙන කොහොම ගෙදර යන්නද? පාරේ බස් එකක්වත් නෑ. බලන බලන අත වතුර පිරිලා. හිමින් හිමින් අපි දෙන්නා බයික් එක රේස් කරගෙන ලුම්බිණිය ගාව හන්දියෙන් බේස්ලයින් එකට දාන හරස්පාරට දැම්මා. බේස්ලයින් පාරට කවදාවත් වතුර දානවා අපි අහලා නෑ. ඒත් වැඩි දුර යන්න හම්බ උනේ නෑ. අපේ දණහිසටත් වඩා වතුර. පැයක වැස්සට කොළඹ මෙහෙම යට උනාද කියන එක ගැන මටම පුදුමයි.
අපි දෙන්නා ආයෙත් බයික් එක හරෝ ගත්තා. හරවගෙන ආයෙත් හයිලෙවල් එකට ආවා. ඒ වෙනකොටත් මහා හයියෙන් වහිනවා. බයික් එක ගෙනියන්න බැරි තරමට වෙවුලනවා. හයිලෙවල් එක දිගේ තුම්මුල්ලට වෙනකන් වැඩි කරදරයක් නැතිව ආවා. ඒත් තුම්මුල්ල හන්දිය දැක්කාම ගෙදර යන්න හම්බ වෙන එකක් නෑ කියලා මට හිතුනා. ඉණවටක් තුම්මුල්ලේ වතුර. පාර මැද්දේ කාර් වෑන් වගේම ලොරිත් හිටලා. සමහරු වතුර අඩු වෙයිද බලන්න ගං වතුරමැද්දේ වාහන ඇතුලට වෙලා ඉන්නවා. අපි දෙන්නා මූනට මූන බලාගත්තා. ඒ අස්සේ බයික් එකක ජෝඩුවක් පොඩි දරුවෙක් එක්ක වතුර මැද්දේ හිටලා. කිසි තැනකට යන්න බෑ. "මොකද කරන්නේ?" මම මගේ යාලුවාගෙන් ඇහුවා. "1st එකේ දාලා ඕන දෙයක් වෙන්න කියලා අදිමු බං" මගේ යාලුවා කීවා. මගේ යාළුවාට බයික් එක දීලා මම පයින් ආවා වතුර මැද්දෙන්. මම දන්නේ නෑ ඒ වතුරෙ කොහොම බයික් එක ගියාද කියලා. කොහොම හරි නවතින්නේ නැතිව බයික් එක එහා පැත්තට ගියා. මම කලින් කීව ජෝඩුවගේ බයික් එක මැද්දේ හිර වෙලා. ගෑණු කෙනා දරුවා වඩාගෙන. පිරිමි කෙනාට බයික් එක හොල්ලගන්න බෑ. එයා අතේ බයික් එකයි, තව ගමන් මල්ලකුයි. මගේ යාළුවාටත් කතා කරගෙන කොහොම හරි ඒ බයික් එකත් තල්ලු කරගෙන වතුරෙන් එගොඩ කලා. එයාලා කොට්ටාවෙ ඉඳලා වත්තලට යන ගමන්. කොහොම හරි විනාඩි 10ක් විතර දඟලලා ඒ බයික් එකත් ස්ටාට් කරලා දුන්නා. ඒ වෙනකොට 9 පහුවෙලා. අපි දෙන්නා ආයෙත් අපේ බයික් එකට ගොඩ උනා. තුම්මුල්ල, බෞද්ධාලෝක මාවත, තර්ස්ටන් පාර, ටවුන්හෝල් ඔක්කොම යටවෙලා. කොහොම හරි රේස් කර කර බයික් එක නවත්තගන්නේ නැතිව ටවුන් හෝල් වලින් මරදාන පාරට දාගත්තා. (140 බස් පාර) ඒ පාරේ වැඩි දුරක් යන්න හම්බ උනේ නෑ. සෑහෙන උසට වතුර. වතුර මැද්දෙන් කොහොම හරි යන්න අපි තීරණය කලා. නමුත් මීටර කිහිපයකට වඩා යන්න උනේ නෑ. බයික් එක හිට්ටා. දැං මොකෝ කරන්නේ. කොහොම හරි නැවත ටවින් හෝල් පැත්තට බයික් එක තල්ලු කරගෙන ආවා. ස්ටාට් කලා කිහිප වතාවක්. ස්ටාට් උනේ නෑ. පස්සේ මම නිකමට රිසවු දාලා බයික් එක ස්ටාට් කලා. දෙයියෝ බැලුවා වගේ ස්ටාට් උනා. එතකොත් වහිනවා. ටවුන් හෝල් වලින් බොරැල්ල පැත්තට වෝඩ් ප්ලේස් එකෙන් වාහන යනවා. අපිත් ඒ පස්සෙන් ගියා. බොරැල්ල හන්දියට එනකන් වතුර නෑ පාරේ. බොරැල්ල හන්දියේ ලොකු බ්ලොක් එකක්. සෑහෙන වෙලාවක් ඒකටහිර වෙලා හිටියා. කොහොම හරි හිමින් හිමින් පේව්මන්ස් උඩෙන් බේස්ලයින් එකට දාගත්තා. නෝනාවාට්ටුව ගාව ආයෙත් වතුර. දෙමටගොඩට කිට්ටු වෙනකොට ලොකු බ්ලොක් එකක්. බේස්ලයින් දුම්රිය ස්ථානය ගාව ආයෙත් වතුර. දෙමටගොඩ ගුවන් පාලම ගාව දණක් උසට වතුර, ආයෙත් ග්රෑන්ඩ්පාස්, ස්ටේඩියම්, කොටහේන, තොටලඟ මේ හැම තැනම වතුර. කොහොම හරි මගේ යාළුවා කොටහේනෙන් බස්සලා මමත බාගෙට මැරිච්ච ගානට ගෙදර ආවා. රෑ 11යි වෙලාව. ඒ එනකන්ම මට හිතාගන්න බෑ ඒ තරම් වතුරක් කොහොමද ආවේ කියලා. දෙයියන්ගේ පිහිටෙන් බයික් එක නැවතුනේ නෑ. බයික් එකෙන් බැස්සේ බයික් එකට වැඳලා.
අද උදේ නැගිටිනකොටත් රෑ වැස්ස ඉවර නෑ. උදේ නිවුස් වලින් පස්සේ තමයි දන්නේ රෑ වැස්ස වසර 18කට පස්සේ කොළඹට වැහැපු ලොකුම වැස්ස කියලා. මි.මී 400 ක දැවැන්ත වැස්සක්. සෑහෙන පිරිසක් ගං වතුරෙන් අවතැන් වෙලා. ගොඩක් තැන් වල ගස් අඩන් වැටිලා. උදේ වෙනකොට යම් තරමකට හරි යන්න පුළුවන් පාරකට තිබ්බේ බේස්ලයින් එකත් ගාලු පාරත් විතරයි.
මේ වගේ අවස්ථාවකට කොළඹ නගරයට මුහුන දෙන්න හැකියාවක් තිබ්බේ බෑ. කොළඹ නඟරයේ වතුර බැසයාමේ ක්රමවේදය මීට වඩා හොඳ වෙන්න ඕනෑ කියලා මට හිතෙනවා. කැළණි ගං මෝය කට පසුගිය කාලයේ ලොකු කරා. ඒත් මේ වගේ වැස්සකට වතුර බැසයාමට එය ප්රමානවත් උනේ නෑ. කවමදාකවත් වතුරෙන යටවෙනවා අපි නොදැකපු ස්ථාන පවා ඊයෙ වතුරෙන් යට වෙලා තියෙනවා දකින්න පුළුවන් උනා. අද උදේ රැකියාවට යන ගමන් තමයි වැස්සෙන් වෙච්ච හානිය හොඳටම දැක ගත්තේ. ගොඩාක් අයට ගං වතුර නිසා උන් හිටි තැන් නැති වෙලා. සෑහෙන දෙනෙක් තාවකාලින කූඩාරම් වල. සමහරු රේල් පාරේ පවා ඉන්නවා දකින්නට ලැබුනා. සමහර පවුල් ත්රී රෝද රථ තමන්ගේ නිවහන කරගෙන. මම දැක්කා එක අම්මා කෙනෙක්. ත්රී රෝද රථයක් ඇතුලේ තම දරුවාට කිරි දෙනවා. අනෙක් දරුවා ඇගේ උකුලේ නිදි. තාත්තා උදේට කන්න භූමිතෙල් ලිපකින් රොටි පුච්චනවා. ගොඩාක් සංවේදී දර්ශනයක්. මේ කොළඹ ගංවතුර ප්රශ්ණයට බලදාරීන්ගේ නිසි අවධානයයොමු විය යුතුයි කියලා මට හිතෙනවා. මේ දවස් වල ඉතා සීඝ්ර දියුණුවක් ලබන අපේ රට මේ කොළඹ වතුර බැස යාමේ යාන්ත්රනයට නිවැරදි ක්රම වේදයක් තිබුනා නම් තවත් ලස්සන වෙයි. ගොඩාක් මිනිස්සුන්ගේ ජීවිත කරදරයක් නැතිව ගෙනයාමට එය මහඟු උපකාරයක් වෙයි.
අවසානයේ තව පොඩි දෙයක් කියන්න ඕනෑ. සේදවත්ත කියන්නේ කැළණි ගඟේ ගංවතුර තර්ජනයට නිතරම ලක් වෙන ප්රදේශයක්. ඊයේ වැස්සේන් මම පදිංචි සේදවත්ත ප්රදේශයත් හොඳට බැට කෑවා. ගොඩාක් පවුල් යන එන මං නැතිව කූඩාරම් ගහගෙන ජීවත් වෙනවා. අපේ ගෙදර තියෙන හරිය ගොඩාක් උසින් පිහිටලා තියෙන නිසා ගංවතුර තර්ජනයක් අපිට නෑ.
උදේ රජය නිවේදනය කලා අද දවසේ පැවැත් වීමට නියමිතව තිබූ රජයේ පාසල් වල වාර විභාග කල් දමන ලෙස. ඒ වගේම පාසල් පවත්වාගෙන යාමට අපහසු නම් නිවාඩු දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබුනා. මාගේ මව ගුරුවරියක්. ඇය උගන්වන්නේ මාගේ නිවස යාබද කනිටු විදුහලේ. මම උදේ වැඩට යාමට සූදානම් වෙමින් සිටියා. ඒ වෙලෙත් තරමක් තදින් වහිනවා. අනිවාර්යෙන්ම නිම කලයුතු වැඩ කිහිපයක් තිබූ නිසා මම කාර්යාලයට යෑමට සූදානම් වෙමින් සිටියේ. අපේ ගේට්ටුව ගාවින් සුදු ඇඳගත් කුඩා ළමුන් පාසලට යමුන් සිටියා. මම පුදුම උනා මේ මහා වැස්සේ ඇයි මේ ළමුන් පාසලට තෙමීගෙන යන්නේ කියලා. " අම්මේ අර බලන්න අර ළමයි ඉස්කෝලෙ යනවා" "ඇයි ඒ නිවාඩුදෙන්න කියලත් ඔය ළමයි ඉස්කෝලෙ යන්නේ?" මම මගේ මවගෙන් විමසා සිටියා. "පවු පුතේ ඒ ළමයි. ගොඩක් අය ඉස්කෝලෙට යන්නේ ගෙදර ඉන්න බැරි නිසා. ගෙවල් වලට වතුර දාලා. ගෙදර ඉන්න බැරි නිසයි ඔය ඉස්කෝලෙ යන්නේ. ගෙවල් වල කන්න කෑමත් නෑනේ. ඉස්කෝලෙන් අපි උදේ කෑම දෙනවා පොඩි අයට. ඒකයි ඔය ඉස්කෝලෙ යන්නේ"
ඇය පවසා සිටියා. අම්මාගේ ඒ වචන මට හිතන්නට දෙයක් ඉතුරු කලා. ගොඩක් ළමයි වැස්ස දවසට ගෙදරට වෙලා ගුලි වෙලා නිදිය ගන්නට කැමතියි. උණුසුම් උදෑසන ආහාර වේලක් රස විදින්නට කැමතියි. නමුත් වැස්සට ගෙදර ඉන්න බැරි කමට ඉස්කෝලෙ යන දරුවොත් අපේ සමාජයේ ඉන්නවා කියන එක අමතක කළයුතු නෑ.
ගංවතුරෙන් අනාථ වෙච්ච අයට පුළුවන් පමනින් උදවු කරන්න.
අවසානයේ කියන්නට ඇත්තේ එච්චරයි.