කොළඹ පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය පහළට

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කොළඹ පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය පහළට

    කොළඹ පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය පහළට

    2657_1Amale.gif


    නවතම පරීක්ෂණයක් අනාවරණය කරයි

    ශුක්‍ර තරලය දූෂණය වෙමින් හා එහි ප්‍රමාණය අඩුවෙමින් කොළඹ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙසෙන පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය අඩුවෙමින් තිබෙන බව නවතම පරීක්ෂණයක් මගින් අනාවරණය කරගෙන තිබේ.

    මෙම දිස්ත්‍රික්කවල වාතය දූෂණයවීම ඇතුළු ශුක්‍ර තරලයට අහිතකර සාධක වර්ධනය වෙමින් තිබීම මෙයට හේතුව බව මෙම පරීක්ෂණය සිදුකර තිබෙන පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියෙකු වන තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිළධාරී කීට විද්‍යාඥ ආචාර්ය කීර්ති මොහොට්ටි මහතා සඳහන් කරයි.

    ඔහුට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අංශයේ මහාචාර්ය හර්ෂ සෙනෙවිරත්න මහතාද මෙම පරීක්ෂණයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කර තිබේ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘමි නාශක වැඩි වශයෙන් භාවිතා කරන නිසා ඒවායේ රසායනික ද්‍රව්‍ය වාතයට මිශ්‍රවීම මගින් පුරුෂයින්ගේ ප්‍රජනන ශක්තිය හීනකර ඇතැයි අනාවරණය වී තිබෙන බව මොහොට්ටි මහතා පවසයි.

    අධිකව ජනාකීර්ණ කොළඹ නගරයේ රථ වාහන වලින් හා කර්මාන්ත ශාලා වලින් පිට කරන දුමාරය හේතුවෙන් කොළඹ නගරයේ වාතය දූෂණයවීම පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය අඩුකිරීමට හේතුවී තිබෙන බව මෙම පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.