කොළඹ බලය මාලිමාවෙන් හැලී ටෙලිපෝනයට යන ලකුණු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    colombo-mc-sjb

    කොළඹ මහ නගර සභාව සඳහා පැවති මැතිවරණයේදී ජාතික ජන බලවේගය වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුවද, නගරාධිපති ධූරය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය 50% ඡන්ද ප්‍රමාණය ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ උප නගරාධිපති ධූර සඳහා තවත් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇත.

    පළාත් පාලන ආයතන අතරින් වඩාත් වැදගත් සථානයක් හිමි කර ගන්නා කොළඹ මහ නගර සභාවේ මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 117ක් වන අතර, ඉන් මන්ත්‍රී ධූර 48ක් ජාතික ජන බලවේගය විසින් දිනා ගෙන තිබේ. කෙසේ වෙතත්, මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50% කට වැඩි ප්‍රමාණයක් එක් පක්ෂයකට ලබා ගැනීමට නොහැකි වීම නිසා නගරාධිපති ධූරය සඳහා තරඟයක් ඇති වී තිබේ.

    මන්ත්‍රී ධූර බෙදී ගොස් ඇති ආකාරය​

    කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 117 පහත පරිදි බෙදී ගොස් ඇත:
    • ජාතික ජන බලවේගය: මන්ත්‍රී ධූර 48
    • සමගි ජන බලවේගය: මන්ත්‍රී ධූර 29
    • එක්සත් ජාතික පක්ෂය: මන්ත්‍රී ධූර 13
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: මන්ත්‍රී ධූර 5
    • ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය: මන්ත්‍රී ධූර 4
    • ස්වාධීන කණ්ඩායම අංක 3: මන්ත්‍රී ධූර 3
    • සර්ව ජන බලය පක්ෂය: මන්ත්‍රී ධූර 2
    • ස්වාධීන කණ්ඩායම් අංක 4 සහ අංක 5: මන්ත්‍රී ධූර 2 බැගින්
    • ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ, ස්වාධීන කණ්ඩායම් 1 සහ 2: මන්ත්‍රී ධූර 1 බැගින්
    Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ හා හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, කොළඹ මහ නගර සභාවේ නියමිත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 110ක් වුවද, මෙවර ප්‍රතිඵල අනුව එය 117 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    නගරාධිපති තේරීමට තවත් ඡන්ද විමසීමක්​

    කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පැවැත්වීමෙන් නගරාධිපති සහ උප නගරාධිපති තේරීමට සිදුවනු ඇත.
    "පත්වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් කාටවත් නැහැ දැන්, ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පළමු සභා රැස්වීම කැඳවිය යුතුයි. පළමු සභා රැස්වීමේදී නගරාධිපති විය යුත්තේ කවුද කියලා යෝජනා අරගෙන ඡන්දය තියන්න ඕනේ කොමසාරිස්වරයා," යැයි ධර්මසිරි නානායක්කාර මහතා පැවසීය.

    ජාතික ජන බලවේගයට නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානම​

    කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇති විපක්ෂ කණ්ඩායම් එක්ව ඡන්දය ප්‍රකාශ කළහොත්, ජාතික ජන බලවේගයට නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානමක් පවතින බව හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා පෙන්වා දෙයි.
    "විපක්ෂයේ ඔක්කොම එකතු වුණොත්, හොඳ නගරාධිපතිවරයෙක් හෝ වරියක් නම් කළොත් එතනට අනිත් මන්ත්‍රීවරුත් ඡන්දය දෙන්න පුළුවන්," යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.
    නාම යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවහොත්, එක් අපේක්ෂකයෙකු 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තුරු ඡන්ද විමසීම දිගටම පැවැත්වෙන බවද ධර්මසිරි නානායක්කාර මහතා පැහැදිලි කළේය.

    සමගි ජන බලවේගය සහ එජාපය එක්වෙයි​

    කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට දැඩි තරඟයක් ඇති වී තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ, සිය පක්ෂය අනෙකුත් කණ්ඩායම් සමඟ එක්වී කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට උත්සාහ කරන බවයි.
    "අපි බලය ගන්න උත්සහ කරනවා විපක්ෂ කණ්ඩායම් එක්ක එකතු වෙලා. ඒගොල්ලන්ට තියෙන්නේ 48යි, 48න් බැහැ නගර සභාවේ බලය හදන්න ඒකට 60ක් ඕනේ," යැයි ඔහු පැවසීය.
    සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ සහය ද ලැබෙන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

    ජාවිපෙ ස්ථාවරය​

    "අනිවාර්යයෙන්ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවනවා. ඒක ඉතින් වෙන කාටවත් දෙන්නේ නැහැ," යැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය.
    කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සමඟ බලය පිහිටුවීමට සහය ලබා ගැනීමට සාකච්ඡා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
    "අපි තමයි වැඩියෙන්ම කොළඹ නගර සභාවේ කණ්ඩායම ගත්තේ. ඒ කණ්ඩායමට සමාන කරන්න වෙන කණ්ඩායමක් නෑනේ ඉතින්. යම් අඩුවක් තියෙනවා, මන්ත්‍රීවරුන් ලෙස යම් යම් අය සාකච්ඡා කරගෙන යනවා. දේශපාලන පක්ෂ ලෙස නෙමෙයි," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

    කොළඹ නගරසභා ඉතිහාසය සහ අපේක්ෂිකයින්​

    කොළඹ මහ නගර සභා ඉතිහාසය සොයා බැලීමේදී පෙනී යන්නේ වැඩිම කාල සීමාවක් එහි පාලනය හොඹවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බවයි.
    මෙවර ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූර අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් නම් කර ඇති අතර, කොළඹ පුරපති සටනට සමගි ජන බලවේගයෙන් ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා යෝජනා කර තිබේ.
    ඉදිරි දිනවල කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය දිනා ගැනීම සඳහා පක්ෂ අතර දැඩි තරඟයක් ඇති වනු ඇති අතර, මේ සඳහා පක්ෂ අතර සන්ධානගත කටයුතු ද සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
    gossiplanka image 1
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මාලිමාවේ කෙළවීම විද්යාත්මක ඇසින්.... 🤗 🤗 🤗

    1) නන්දලාල් ( නාකි මිනිස්සුන්ගේ FD පොළිය 1%ටම බස්සපන් බොක්ක..වාහන ගන්න දෙන්නම එපා මිනිස්සුන්ට... )

    2) මහින්ද සිරිවර්ධන (IMF ණය උගුලේ පටලවා ඇමරිකාවට ඔනේ විදිහට ලංකාවේ ඉඩම් කොල්ල කන MCC ගිවිසුම් අත්සන් කරවපන් බොක්ක...)

    3) මුදල් ඇමති අනුර ( අපේ ජිවිතවල එකම සිහිනය අපේ අයිඩින්ටි ඩිජිටල් කරන එක තමයි බොක්ක..Clean Sri Lanka යටතේ පාරවල් සුද්ද කර කර රුපියල කඩන් වැටෙනකන් ඩොලර් හොයන්නේ නැතිව අපි ඉමු බොක්ක )

    4) හරිනි - ( අපේ ලොකුම ප්‍රශ්ණය මගේ පුතා කොල්ලෝ ගහන්නේ නැති එකයි දුව කෙල්ලෝ පස්සේ යන්නේ නැති එකයි තමා..)

    5) පාතාලය - ( අපි හැමෝම මරලා දාපල්ලා බොක්කලා.. දැන් උන්නත් දාහයි මලත් දාහයි.. ජාතික ආරක්ෂාව බේරිලාලුනෙ..)

    6) IMF - ( අපිට ණය දීලා හිර කරලා කොහොම හරි MCC අත්සන් කරපල්ලා සුදු බොක්කලා..රුපියලත් කඩන් වැටෙනවලුනේ...)

    7) නරේන්ද්‍ර මෝදි - ( අපිට හොරෙන් අනුර එක්ක ගිවිසුම් ගහලා මේක 29වන ප්‍රාන්තේ කරන්න මාමේ... ඉන්දියාවේ බාල බෙහෙත් නැතිව අපිට කාංසාව වගේ.. )

    8) අශෝක රංවල ( හොර උපාධි පාවිච්චි කරන එක ලංකාවේ නීතියක් කරන්න මාමේ.. )

    9) ඇමති චතුරංග ( පොල් නැතිව සම්බෝල හදන හැටි අපිටත් කියලා දියන් අයියේ.. )
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93

    mewwa mola genapu container:)
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    DEAL DESAPALANAYA "."!

    lankawe duppath minissu manufacture kireeema prathipala dan unwa hadapu untama labila thiyenawa.
    e wagema unawa hadapu unta unwa karagahanna wela thiyenawa! 😁 😁

    hamula elawala bale gaththe wage newei. track panapu higanno puke arinna gaththama!
     
    • Haha
    Reactions: SLK_sri

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    මාලිමාවට බෑ බලය පිහිටුවන්න. පිහිටුවනව නම් අනිවා සජිත් හෝ එජාපෙ සහය ගන්න වෙනවා. එහෙම නැත්නම් හොර පොහොට්ටු ගුහාවට යන්න වෙනවා. තම්බි ටික මලාට දෙන්නෙ නෑ. ඒ නිසා මාලිමාවට කොලඹ නෑ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මාලිමාවට බෑ බලය පිහිටුවන්න. පිහිටුවනව නම් අනිවා සජිත් හෝ එජාපෙ සහය ගන්න වෙනවා. එහෙම නැත්නම් හොර පොහොට්ටු ගුහාවට යන්න වෙනවා. තම්බි ටික මලාට දෙන්නෙ නෑ. ඒ නිසා මාලිමාවට කොලඹ නෑ
    @vibhashana හැංගිලා ඉන්න තැනකින් එලියට වර.... 🤭🤭🤭
     
    • Haha
    Reactions: SLK_sri