කොළඹ වෙඩි තැබීමක් සහ පැහැරගැනීමක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ වාණිජ බැංකුවක් ඉදිරිපිට අද දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ. සුඛෝපභෝගී රථයකින් පැමිණි දෙදෙනෙකු වෙඩික්කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.


    පාර්සලයක් ලබා ගැනීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත සුඛෝපභෝගී රථයකින් පැමිණි මෙම දෙන්නා ඇත්තේ මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධ ගැටලුවකට වියහැකි බවට පොලිසිය සැකකරයි.
    මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනාගේ වාහනය නතරකර අද දහවල් 12.30ට පමණ පැහැරගැනීම සිදුකර ඇතැයි කියැවිණි.පැහැර ගැනීම සිදුකරන අවස්ථාවේ තරුණයකු ඔවුන්ගෙන් බේරීමට දඟලනවිට බිය කිරීමට වෙඩි දෙකක් බිමට තබා ඇති බව කියැවිණි.මෝටර රථයේ ගමන් කළ දෙදෙනාව පිරිස පැහැරගෙන ගොස් තිබුනි.
    පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් මෙම සිදුවීම පසුපස සිටින බවට ආරංචිද පැතිර පවතී.
    අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර CCTV දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන අරඹා තිබේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පාතාලය ඉවරකරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් ගේමු 😎
     
    • Haha
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,296
    113
    උඹ නිව්ස් ගන්නේ කොහෙන්ද බං?මේ ඔය නිව්ස් ඵකම නේද..:lol:



    නාකොටික් එකෙන් පුද්ගලයින් දෙදෙනෙකු රැගෙන යයි

    කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ පාර්සලයක් ගෙනයාම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් සුඛෝපභෝගී රථයකින් පැමිණ ඇති අතර එම අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව රැගෙන ගොස් ඇත.

    https://www.adaderana.lk/news.php?n...Rm76-hnJPU3VOtU0Qk110lF9Xx8Nlnh2Z6_bRFEH4ZqtA
     
    Last edited:
    • Wow
    Reactions: NRTG