බොරැල්ල පැත්තෙ ඉන්නවා ඩෙනිම ඇඳලා ශර්ට් එක යට කරපු ඩයල් එකක් කඩ්ඩෙන් කතා කරලා සල්ලි ඉල්ලන. බස් වලයි හෝල්ට් වලයි ඉන්නෙ. හොඳට ඇඳල රැවුල වවලා ඉන්න එකෙක්, හැබැයි සල්ලි ඉල්ලන ටික ඇරෙන්න වෙන දෙයක් කඩ්ඩෙන් කතා කරන්න බැහැ.
තව ගෑනු කෙනෙක් හම්බෙලා තියනවා නුගේගොඩ පාලම හරියෙදි සහ කොල්ලුපිටිය හන්දියෙදි(එකම කෙනා) ඒත් කඩ්ඩෙන් කොටලා සල්ලි ඉල්ලනවා,
තව ලිබර්ටි එකේ ATM එක ලඟදි සෙට් වෙලා තියනවා අතපය හතර හොඳට තියන එකෙක් ලයිසන් එක දික් කරගෙනමයි එන්නෙ ඩ්‍රයිවින් ජොබ් එකක් කරේ මොකක්ද වෙලා ජොබ් එක නැති උනා කියලා සල්ලි ඉල්ලගෙන
තව කොල්ලො සෙට් එකක් හම්බ වෙලා තියනවා බස් එකට නැගලා, කොල්ලො ඉන්න තැන් වලින් වාඩි වෙලා, මචන් අපි මියුසිකල් එකක් කරනවා ඒකට ටිකට් විකුනනවා, කොල්ලොනේ ඒවයෙ ආතල් එක දන්නෙ ඒක නිසා කොල්ලොන්ගෙන් විතරයි මචන් ඉල්ලන්නෙ etc etc කියලා.
ගාල්ලෙ සමනල පාක් එකේ පොඩි කපල් වලට ස්ටිකර් විකුනලා යන එකෙක් ඉන්නවා, ස්ටිකර් එක ලඟින් තියලා ගිහින් ආපහු රවුමක් එනවා සල්ලි එකතු කරන් යන්න, ඌට නං මං හොඳට කියලා තියනවා මගෙන් ඉල්ලන්න ඇවිත්,
තව දවසක් එතනදිම කෙල්ල එක්ක ඉද්දි කොල්ලො සෙට් එකක් ඇවිත් බැට් එකක් අරන් බෝලයක් ගන්න සල්ලි ඉල්ලුවා, මට ඒ වෙලේ මොකක් හරි මගුලකට කෑල්ල එක්ක මල පැනලා තිබ්බෙ, ඒ මලටම උන්ගෙන් එතනම ගේම ඉල්ලුවා, උන් හිතුවෙ නෑ එහෙම අනෙක් පැත්තට ගේම ඉල්ලයි කියලා, මදිවට කෙල්ලත් උන්ට කියවන්න ගියා බොන්න සල්ලි එකතු කරනවා පාක් එකේ අනම් මනම්, අන්තිමට උන් කිවුවා උඹට බස් ස්ටෑන්ඩ් එකේ කේස් එකක් උනොත් ඉන්නෙ අපි තමයි, අනම් මනම්. බෝලයක් ගන්න සල්ලි නැති හිඟන්නොන්ගෙන් මට තියන උදවුව මොකද්ද කියලා ඇහුවම උන් ගියා නෙමෙයි වාශ්ප උනා වගේ දැක්කෙ.
මම කාර් එකේ පොඩි එකා එක්ක ඉද්දි එකෙක් බයික් එකක් තල්ලු කරන් ඇවිත් පෙට්‍රල් ගහන්න කීයක් හරි දෙන්න කියලා වැලපෙන්න ගත්තා, බෑග් එකකුත් කරේ දාගෙන පරන සුපර් කබ් එකක් වගේ බයික් එකකින්, පස්සෙ එහෙම්ම ටිකක් දුර තල්ලු කරන් ගිහින් මූ ලස්සනට බයික් එක ස්ටාට් කරන් ගියා යන්න
තව අප ගෙදරට එකෙක් ආව මොකද්ද දානයක් දෙන්න සල්ලි එකතු කරන්න කියලා, විනාඩි 15ක් විතර හෙන කතාවක් කිවුවා, කුකුල් පාම් එකක් කරා ඒක නිසා දැන් ඌට අපලයි, ඒකට කරන්න තියෙන්නෙ හිඟා කාල දානයක් දෙන එක etc etc, සේරම අහන් ඉඳලා මම කිවුවා මම මෙහෙ ගෙදර වැඩක් කරන්න ඇවිත් තියෙන්නෙ. ගෙදර කවුරුවත් නෑ කියලා, ගියා යන්න ඒ පාර
ඔය හිඟා කාල දාන දෙන එක, අනුරාධපුරේ යන එක, හිඟා කාල පිරිකර දෙන එක ඒව දරුනුවටම වෙනවා අහින්සක වයසක මිනිස්සු සල්ලි දෙනවා ඕවට.