කොළඹ Bed and Breakfast ස්පොට්ස් 5ක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කොළඹ Bed and Breakfast ස්පොට්ස් 5ක්

    අඩු ගාණකට රෑ නැවතිලා උදේටත් කෑම කාලා එන්න කොළඹ සහ අවට තියෙන Bed and Breakfast ස්පොට්ස් 5ක්





    [FONT=&quot]

    මොනවද ඇත්තටම බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ස්ෆස්ට් හවුස් කියන්නේ? ඇයි හොටෙල් වල එහෙම බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් ඔප්ෂන් එක නැද්ද? උත්තරේ තියෙනවා. හැබැයි මේ B&B කියන්නේ බජට් එකට නවතින්න පුලුවන්, බොහොම ලාබදායී ඒත් හොඳ තැන්. සමහර වෙලාවට ඒක ගෙදරක් වෙන්න පුලුවන්. සමහර වෙලාවට රෙස්ට් ඉන් එකක් වෙන්න පුලුවන්. කොහොමහරි කෙටියෙන් කිව්වොත් මේ වගේ තැනක සුපිරි හෝටල් පහසුකම් නැහැ. හැබැයි ආරක්ෂාකාරීව, නිදහසේ ‍රැයක් ගත කරලා උදේ ආහාරයත් අරගෙන එන්න පුලුවන්. දැන් අපි කියමු මොකක් හරි වැඩකට කොළඹ ආවා කියලා. අන්න එතකොට රෑ නවතින්න මේ වගේ තැනක් මරු.[/FONT]
    1. Villa 63


    Source – booking.com
    [FONT=&quot] විලා 63 කියන්නේ බොරලැස්ගමුවේ නිසංසල පරිසරයක පිහිටලා තියෙන බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් හවුස් එකක්. ලස්සන ගෙවත්තකට විවෘත වෙන මෙතන වායුසමීකරණය කරපු කාමර තියෙන්නේ. වයි-ෆයි සම්බන්ධතාවයත් නොමිලේ. දිනපතා කාමර පිරිසිදු කිරීම සහ රූම් සර්විස් පවා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන හොටේල් එකක ලැබෙන විදියේ පහසුකම් මෙතනත් තියෙනවාය කියන එක.[/FONT]
    [FONT=&quot] මිල ගණන් – රුපියල් 4,000 ට අඩු[/FONT]
    [FONT=&quot] තැන –
    [/FONT]




    2. Yoho Frangipani


    Source – booking.com
    [FONT=&quot] දෙහිවල නගරයේ මුහුද පැත්තේ පිහිටලා තියෙන මේ නවාතැනේ ඉඳලා මුහුදු වෙරළට විනාඩි දෙකයි. මෙතනට දෙහිවල නගරයේ කලබලකාරී ගතිය දැනෙන්නේ නැති තරම්. නොමිලේ වයි-ෆයි සම්බන්ධතාවය, පාර්කින්ග් වගේම වායුසමීකරණය කරපු කාමර තියෙන මේ නවාතැන ඇත්තටම ගෙදර වගේ තැනක්. හෝටලේක තියෙන විදියේ පහසුකම් එහෙමත් තියෙන මෙතන ලස්සන ගාර්ඩ්න් එකකුත් තියෙනවා. ඕන නම් බාබක්‍යු පාටියක් වගේ දාන්නත් පහසුකම් තියෙනවා.[/FONT]
    [FONT=&quot] මිල ගණන් – රුපියල් 5,000 ට අඩු[/FONT]
    [FONT=&quot] [/FONT]


    [FONT=&quot] [/FONT]
    3. CityRest Fort


    Source – booking.com
    [FONT=&quot] කො‍ටුවේ ඩච් හොස්පිටල් එක පැත්තේ, හරියටම කිව්වොත් රෝහල් මාවතේ තියෙන්නේ කොළඹ අර කලබලකාරීත්වය දැනෙන්නෙවත් නැති බොහොම නිස්කලංක, ඒත් රිච් පරිසරයක්. ඒකට හේතුව අර පරණ තාලේ වටපිටාවේ තියෙන නවීන පන්නයේ රෙස්‍ටුරන්ට්ස්, කොෆී ලෝන්ජ්ස් තමයි. ඉතින් මේ අතර මැද පිහිටලා තියෙන සිටි-රෙස්ට් එක ඇත්තටම B&B හොස්ටල් එකක්. ඇඳන් හතරක් තියෙන ඩෝමිටරි රූම් එකක ඉන්න පුලුවන් බොහොම අඩු මුදලකට. ගාණෙන් අඩු වුනාට මේවා වායුසමීකරණය කරපු ඩෝම් රූම්. නොමිලේ වයි-ෆයි පහසුකම් වල ඉඳන් හොඳ හොස්ටල් එකක තියෙන පහසුකම් හැමදෙයක්ම මෙතන තියෙනවා.[/FONT]
    [FONT=&quot] මිල ගණන් – රුපියල් 3,000 ට අඩු[/FONT]
    [FONT=&quot] තැන –
    [/FONT]




    4. City Beds – The Regent


    Source – booking.com
    [FONT=&quot] රීජන්ට් එක කොළඹ යන එන ඕන කෙනෙක් දැකලා තියෙන තැනක්නේ. රීජන්ට් එකේ සිටි බෙඩ් කියන්නේ ගෙදර වගේ හැඟීමක් දෙන බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් ස්පොට් එකක්. වායුසමීකරණය කරපු ඩිලක්ස් ඩබල් රූම් එකක් ගන්න පුලුවන් රුපියල් අටදාහකට අඩුවෙන්. ජනාකීර්ණ පරිසරයක පිහිටලා තියෙන සිටි බෙඩ් එකේ ඉඳලා කො‍ටුව මාකට් එකට මීටර් පන්සීයක් ඇති ඕන නම්. ප්‍රයිවට් බාත් රූම් තියෙන පිරිසිදුකම හොඳටම තියෙන මෙතන රූම් එකේ ඉඳන් බැලුවහම පේන්නේ ඈතට පැතිරිලා තියෙන කොළඹ නගරය.[/FONT]
    [FONT=&quot] මිල ගණන් – රුපියල් 8,000 ට අඩු[/FONT]
    [FONT=&quot] තැන –
    [/FONT]


    5. Drift BnB Colombo


    Source – booking.com
    [FONT=&quot] කලබලකාරී කොල්ලුපිටියේ හදවත මැදම පිහිටලා තියෙන මේ ස්පොට් එක බොහොම මොඩර්න් පෙනුමක් ගත්තට, හිතට දැනෙන හරි නිස්කලංක ගතියක් තියෙනවා. සමහර වෙලාවට ‍ටුවරිස්ට්ලා මෙතනට ගොඩක් කැමති හේතුවක් වෙන්න ඇති ඒක. මෙතන දෙන්නෙක්ට ඉන්න පුලුවන් ඩබල් බෙඩ් රූම් එක රුපියල් හත්දාහකට අඩුවෙන් ගන්න පුලුවන්. වායුසමීකරණය කරපු මේ රූම් එකට එපිටින් පේන්නේ උස ගොඩනැගිලි වලින් පිරුණු කලබල කොල්ලුපිටිය නගරය. මෙතන ‍ෆ්‍රී වයි-ෆයි වල ඉඳන් හොටෙල් එකකින් ලබාගන්න පුලුවන් හැම පහසුකමක්ම පාහේ ලබාදෙනවා.[/FONT]
    [FONT=&quot] මිල ගණන් – රුපියල් 7,000 ට අඩු
    [/FONT]
    [FONT=&quot] Cover Image Source – booking.co[/FONT]