කොළ එපා නම් රතු හොඳලු

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොළ එපා නම් රතු හොඳලු

    ලංකාවේ මේ වනවිට මතුවී වී ඇති දේශපාලන ව්‍යාකුලත්වය පිළිබධව කොලබ සරසවියේ සිංහල පිඨයේ කථිකාචාර්ය මහාචාර්ය සරත් විජේසුරිය මහතා එසැණ සමග මෙසේ පැවසිය.
    ලංකාවේ ජනතාව රාජපක්ෂ පාලනය පරාජය කරලා ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවක් බලයට ගෙනාවේ හොරකමින් දුෂණයෙන් තොර රටේ දියුණුව උදෙසා. අද මොකද වෙලා තියෙන්නේ? හොරුන්ට දූෂිතයින්ට කුඩුකාරයින්ට දඩුවම් දෙනවා වෙනුවට ඔව්න් නැවත පාර්ලිමේන්තුවට ගන්නත් ජනාධිපති උත්සහ කරනවා.ජනාධිපතිතුමාගේ ශබ්ධ කෝෂයේ තියෙන එක වචනයක් තමයි ‘ මම ඉතා පැහැදිලිව කියනවා’ යන්න.
    නමුත් පරාජිත මහින්ද රාජපක්ෂට නැවත නාම යෝජනා දීම පිළිබධව ඔහු පැහැදිලිව කිසිම දෙයක් කියන්නේ නැහැ. රටේ දේශපාලන වියකුලත්වයක් ඇති කරලා. එතුමා කියපු දෙයක් තමයි තමන් පරාජය උනා නම් මේ වනවිට පොලොව යට අඩි හයක් වැළලිලා කියලා. එතුමා පරාජය කරන්න එදා කැපවුණු මිනිස්සුන්ට අද එතුමා ග්‍රහණයට ගන්න පුළුවන් උනා නම් එතුමා ජනාධිපති පුටුවට ඔසවලා තබන්න කැපවුණු අපි මොකද කරන්නේ? පරාර්ථකාමි කතා කියා විධායක ජනාධිපති පුටුවේ ඉදගන්න මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හිතාගන්න අමාරුයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ රටේ බලයට එන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්. එක පක්ෂයක් මේ වනවිට හොරුන් කුඩුකාරයින් නිසා පණ අදිනවා. අනෙක් පක්ෂය බලයට ගෙන්න සුදුසුයි කියනවා නෙමෙයි. නමුත් අවස්ථාවේ හැටියට කරන්න දෙයක් නැහැ. අපේ රටේ ඡන්ද දායකයින්ට තියෙන එක ලෙඩක් තමයි කැපුවත් නිල්,කැපුවත් කොළ, කැපුවත් රතු කියන එක. කොළපාටට ඡන්දය දෙන්න අකමැති කොටසක් ඉන්නවා. ඒ අයට මම කියන්නේ රතු පාටට ඡන්ද දෙන්න. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් කරන්න.‘

    :):)
    source : Lankadeepa
     
    • Like
    Reactions: error 404

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හැමෝම එක වගේ නෑනේ බන්...රස වෙනස් :baffled:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජවිපෙ විසින් කරනු ලබන පාලනයක් නෙවෙයි, ජවිපෙ විසින් පාලනය කරනු ලබන ආණ්ඩුවක් තමා මං හිතන්නේ හොද ම විකල්පය.....
     
    • Like
    Reactions: kasunacrox

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ජවිපෙ විසින් කරනු ලබන පාලනයක් නෙවෙයි, ජවිපෙ විසින් පාලනය කරනු ලබන ආණ්ඩුවක් තමා මං හිතන්නේ හොද ම විකල්පය.....

    SLFP + JVP government where JVP has considerable amount seats to control the SLFPs misbehaviors