ගිය අවුරුද්දේ පළවෙනි කොරොන රැල්ල අඩුවෙලා දෙවෙනි රැල්ල එනකම් ලොකු අවුලක් නැති කාලයක් නෙ තිබ්බේ. ඒ කාලේ තමා මට ඕනෙ උනේ ත්රිකුණාමලේට ට්‍රිප් එකක් යන්න. මට ඉතින් ට්‍රිප් එකක් යන්න හිතුනම යන්නම ඕනේ. පවුල් ප්‍රශ්න වගකීම් නැති මට ඉතින් ට්‍රිප් එකක් යන්න බලන්න ඕනේ ඔෆිස් එකේ හදිස්සි වැඩ මොනවත් තියෙනවද කියලයි විතරයි. කොහොමත් මම ට්‍රිප් එකක් යන්න තෝරගන්නේ වැඩ අඩු කලබලයක් නැති කාලෙක. හිත කරදරෙන් ට්‍රිප් යන්න මම කොහොමත් කැමති නෑ. නිතර ට්‍රිප් යන්න හම්බෙන්නේ නැති හින්ද මට ඒ ඉඳල හිටල යන ට්‍රිප් එක හොඳට නිදහසේ ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක මම කොහොමත් ආත්මාර්ථකාමී කෙනෙක්. මගේ පාලනයෙන් එලියේ ඉන්න මිනිස්සුන්ගෙ හැසිරීම හින්ද මගේ මම කැමති දේවල් කරන්න තියෙන නිදහස සීමා වෙනවට, මම අකමැති දේවල් කරන්න වෙනවට, මගෙ හිතේ සතුට සාමය නැතිවෙනවට මම කැමති නෑ. මම හිතන්නෙ මගේ තනිකමට තියෙන අකමැත්තට වඩා නිදහසට තියෙන කැමැත්ත වැඩියි. ඔන්න ඔය හේතුව හින්දා මම ට්‍රිප් යන්නේ තනියම ගොඩක් වෙලාවට . අනිත් එක මට දුර පළාතක දවස් 4 ක වත් ට්‍රිප් එකක් යන්න ඕනේ. ඔය කොන්දේසී ඔක්කොමත් එක්ක මට කොහොමත් ගැළපෙන්නේ තනියම යන ට්‍රිප් තමා.
ඔන්න ඉතින් පැය 4ක් 5ක් Booking.com එක පීරලා හෝටල් 20 ක විතර පොටෝ ටික ඔක්කොමත් බලල, මිල ගණන් සංසන්දනය කරල උප්පුවේලි වල තියෙන ගණන් සාදාරණයි කියල හිතුන පොඩි බීච් හොටෙල් එකක් තෝරගත්ත නවතින්න. දවස් 4 ක රෑ 3ක ට්‍රිප් එකක්. සති අන්තෙකුත් එක්ක සිකුරාදයි සඳුදයි තමා ට්‍රිප් එකට දවස් දාගත්තේ. තනියම ට්‍රිප් යන එකෙන් වෙන්න පුළුවන් අතුරු ආන්තරාවන්ගැන පොඩි දේශනාවක් එහෙම දීලා මිස්ටර් සජිත් නිවාඩුව අනුමත කරල දුන්න. කෝච්චියෙ තමා යන්නෙ. කොටුව ස්ටේෂන් එකෙන් තම කෝච්චියට නගින්නේ. ත්‍රිකුණාමලේ - මඩකලපුව උදේට යන කෝච්චිය බුක් කරන්න ඕනෙ නෑ. බුක් කරන්නත් බෑ මම දන්න තරමින්. අප්පච්චිට කතා කරල කිව්ව ඒ සති අන්තේ ගෙදර එන්නෙ නෑ කියල. ඊට කලින් සති අන්තේ කියලයි තිබුණෙ ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙනව කියල.
ඔන්න දැන් ඉතින් බ්‍රහස්පතින්දා හවස. මිස්ටර් සජිත්ට කියල 4.30 වගේ ඔෆිස් එකෙන් පැනගත්ත. තලවතුගොඩ බෝඩිමට ඇවිල්ල ඇඳුම් ටික පැක් කරන්න ගත්ත. යන්නයි එන්නයි ඇඳුම් දෙකක් වෙනම ඕනෙ. තව එහෙ ගිහින් හොටෙල් එකෙදි අඳින්නයි ඇවිදිද්දි අඳින්නයි ඒවත් ඕනේ. මට ඉතින් ට්‍රැවල් බෑග් එකකට තියෙන්නෙ ලැප්ටොප් එක ගෙනියන්න අරන් තියෙන ලොකු බැක්පැක් එක තමයි. ඒක ඉතින් ඇඳුම් ටික ඔක්කොම දැම්මට පස්සේ වහන්නත් බැරි තරම්. ඒ වගේම බරයි ඉතින්. ඊට පස්සේ අනිත් ඕනෙකරන සබ්බ සකලමනාවමත් බෑග් එකට ඔබා ගත්ත කොහොම හරි. උතුවන්කන්ද පාර ළඟ ත්‍රීවිල් පාර්ක් එකේ ඉන්දික එක්ක උදේ ඔෆිස් යද්දිම මම කියල තිබ්බේ ඊළඟ දවසේ පාන්දර හයර් එක ගැන. ඉන්දිකටත් කෝල් එකක් දීල ඒගැන මතක් කරල, හොටෙල් එකට කතා කරල බැලුව බූකින් එක හරිද කියල. ඒකත් හරි. උදේට ඇඳන් යන ඇඳුම් ටිකත් මැදල නාලා කාල 3.00 ට ෆෝන් එකේ එලාම් එක තියල නිදාගත්තට නින්ද ගියේනම් නෑ ඉතින්.
උදේ ඉතින් ලකලැහැස්ති වෙලා පාන්දර 4.15 වෙද්දි, ඉන්දික කතා කලා බෝඩිම කිට්ටුවට ඇවිත්. ඉන්දික එක්ක පන්නිපිටිය හන්දියට ඇවිත් 4.40 වගේ වෙද්දි 138 හෝමාගම බස් එකකට නැගගත්ත. කොහොමත් ඔය වෙලාවට 138 බස් කොට කොටා යන්නෙ නෑ. පැය භාගෙන් පිටකොටුවෙ ස්ටේෂන් එකට යන්න තියෙන මගී ගුවන් පාලම ළඟට ආවා. බැක්පැක් එකත් බරට බරේ එල්ලගෙන පඩිපෙල නැගල ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ගිහිල්ල හැරිල බැහැල ටික්ට් කවුන්ටරේට ගිහින් ත්රිකුණාමලේට සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගත්ත. ඊට පස්සේ ස්ටේෂන් එකේ පොඩි ශොප් එකකින් බිත්තර රෝල්ස් දෙකක් අරගෙන බෑග් එකට දාගත්ත. වතුර බෝතලෙකුත් ගත්ත. වොෂ් රූම් එකටත් ගිහින් 4 වෙනි වේදිකාවෙ තිබ්බ පුටුවක වාඩි වෙලා දැන් ඉතින් කෝච්චිය එනකම් බලන් ඉන්නවා. එතකොට කොහොමත් 5.30 වගේ ඇති.
ටික වෙලාවකින් කෝච්චිය ආවා. මාත් ඉතින් කවුළුවක් ළඟ සීට් එකක ඉඳගෙන ශටර් එක ඇරගත්තා. මම වාඩිවුනේ ලේක් හවුස් එක පැත්තට මූණ දාගෙන දකුණු පැත්තේ සීට් එකක. ඔය කෝච්චිය මහව හංදිය ස්ටේෂන් එකට යනකම් එක පැත්තකට ගිහින් ඊට පස්සේ අනිත් පැත්තට යන්නේ. දැන් මම ඉඳගෙන ඉන්න විදිහට කෝච්චිය පිටිපස්සට යනව වගේ තමා දැනෙන්නෙ. මහව හංදිය ස්ටේෂන් එකෙන් පස්සේ පිටත් කොච්චියෙ එන්ජින් එක අනිත් පැත්තට අමුණල තමා යන්නේ. එතකොට මම ඉන්නේ ඉස්සරහට මුහුණ දාගෙන. මම කෝච්චිය ඉස්සරහට යද්දි තමා ගමනට කැමති. ගිහින් එද්දි නම් ඉතින් ඕනෙ පැත්තක්. මාස්ක් එක ගලවල රෝල්ස් දෙක ඉක්මනට කාල ආයෙත් මාස්ක් එක දාගත්තා. අද පත්තරේකුත් ගත්තා කෝච්චිය යන්න පටන් ගන්නකම් කියවන්න. වෙලාව හයට පහයි. හයට පහේ ඉඳන් හයයි පහ වෙනකන් වෙලාව මට දැනෙන්නේ පැය ගාණක් දිගයි වගේ. බැරිම තැන මම වොච් එකේ තත්පර කටුව දුවන දිහා බලන් හිටිය. මොබයිල් එකේ බැටරි පවර් සේව් කරගන්න ඕනෙ පැය අටකට වඩා දුර ගමනක් හින්ද. පොටෝ එකක් එහෙම ගන්න ඕනේ උනොත්. ඒ හින්ද ෆෝන් එක බොහොම මසුරු විඩිහට තමා පාවිච්චි කලේ. මම බැටරි පවර් සේව් කරගන්න මොබයිල් ඩේටා ඕෆ් කරල ෆෝන් එක අල්ට්රා මෝඩ් දාගෙන හිටියෙ.
විසිල් එක පිම්ඹට පස්සේ හෝන් එක ගහල කෝච්චිය පැද්දි පැද්දි පිටිපස්සට හිමින් හිමින් යන්න පටන් ගත්ත. ඊට පස්සේ ටික වෙලාවකින් කෝච්චිය යන වේගෙ වැඩිවුනා. රාගම හංදිය, ගම්පහ, වේයන්ගොඩ ස්ටේෂන් පහුකරගෙන පහුකරගෙන ඇවිත් මහව හංදිය ස්ටේෂන් එකෙන් පැය භාගයකට විතර නැවැත්තුව එන්ජිම ගලවල අනිත් පැත්තට අමුණන්න. මාත් බැහැල බැලුව වොෂ් රූම් යන්න ඕනෙකමකුත් තිබ්බ හින්දා. ඒත් ජෙන්ට්ස් වොෂ් රූම් එක රිපෙයාර් කරන ගමන් හින්දා හිත හදාගත්ත ගල් ඔය හංදියට යනකම් ඉවසගෙන ඉන්න. ට්‍රේන් වල ටොයිලට් මාරම අපිරිසිදුයි ගඳයි කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒවා නිකමටවත් හෝදන්නෙ නැද්ද මන්ද. ඉවසන්නම බැරි උවමනාවකට ඇරෙන්න මම යන්නෙ නෑ මළාට ඒවට.
කෝච්චිය දැන් ආයෙත් ගමන පටන් ගත්තා ඒ පාර හරි පැත්තට ඉස්සරහට. ත්‍රිකුණාමලයට මඩකලපුවට යන පාරෙ ඉතින් විශේෂයෙන් කියල බලන්න දේකට තියෙන්නෙ කලාවැව ස්ටේෂන් එකෙන් පස්සෙ හම්බවෙන කැලෑවල් තමා. හබරණ ගල් ඔය රක්ශිත මැද්දෙන් යද්දි තමා ඒ පාරේ ලස්සන පේන්නෙ. මම ජිරාෆ් වගේ බෙල්ල දික් කර කර බලනවා අලි එහෙම පේන්න ඉන්නවද කියල හරියට බදුලු කෝච්චියෙ යද්දි දිය ඇළි තියෙනවද කියල බලනව වගේ. ඒත් අලියෙක් තියා අලි බෙට්ටක්වත් මට පේන සීමාවේ නම් නෑ. අනිත් එක කෝච්චිය ඔය හරියෙදි යන්නේ බුලට් ට්‍රේන් එකක් වගේ වේගෙන්. ඒ යන වේගෙට අලියෙක් නෙමේ ඩයිනොසෝරයෙක් හැප්පුනත් චප්ප චොරොස් වෙනවා. කැලෙත් පේන්නෙ ටිකක් බොඳවෙලා වගේ.
ගල් ඔය හංදියෙදි කෝච්චිය නවත්තනව. අපේ පැත්තෙනම් නවත්තනවට හිටවනව කියලත් කියනව. එතනින් මඩකලපු යන අයට ඒ කෝච්චියෙම යන්න පුළුවන්. ත්‍රිකුණාමලේ යන අය වෙන කෝච්චියකට නගින්න ඕනේ. වොෂ් රූම් එකට ගිහිල්ල මම ත්රිකුණාමලේට යන කෝච්චියට නැගගත්ත. ඒකෙ සීට් එහෙම පරණයි ආපු කෝච්චියට වැඩිය. ගල් ඔය හංදියෙන් හැරිල ආයෙත් කෝච්චිය යන්නේ කැලයක් මැද්දෙන්. රේල් පාර දෙපැත්තෙම ලා කොල පාට පඳුරු. අග්බෝපුර, කන්තලේ, තඹලගමුව, චීනවරාය ස්ටේෂන් එහෙම පහු කරගෙන කෝච්චිය ගමනාන්තයට එනව. තව ස්ටේෂන් දෙක තුනක් තියෙනව මන් හිතන්නේ. ඔය ටික විතරයි මට මතක.
ස්ටේෂන් එකෙන් එලියට එන සෙනග දිහා දිහා ත්‍රීවීල් ඩ්‍රයිවර්ල 20ක් විතර ඇහැ ගහගෙන ඉන්නේ හරිම උනන්දුවෙන්. ඔක්කොම වගේ මුස්ලිම් කට්ටිය. ඒ අය ප්‍රධානම ආදායම් මාර්ගේ කෝච්චියෙන් බහින අයව ගමනාන්ත වලට ගිහින් දාන එක මං හිතන්නෙ. වැඩිපුර සංචාරකයෝ ආවොත් තම ඒ අයගේ අතමිට සරුවෙන්නේ. මේ දවස්වල නම් ඒ අයට අතමිට සරු නැතිව ඇති. ජීවත් වෙන්න වෙන විදි හොයාගෙන ඇති. නැත්නම් හොයනව ඇති.
මම හොටෙල් එක ළඟ ත්‍රීවීල් එකෙන් බහිද්දි කලු කොට කලිසමට සුදු කළු ඩිසයින් එකක් තියෙන කමිසයක් ඇඳපු උස කළු හාදයෙක් Allice in Wonderland පොතේ ඉන්න Cheshire Cat වගේ හිනාවක් දාගෙන ඇවිත් රූම් එකේ යතුර මට දුන්න. ඒ තමා ඒ හොටෙල් එකේ අයිතිකාරය ප්‍රෙභා. මට කලින්ම කියල තිබුණෙ මම එන දවසෙ දවල්ට නම් කෑම වෙජිටේරියන් තියෙන්නේ මට එලියෙන් කෑම එකක් ලෑස්ති කරන්නම් කියල.
මම කොච්චියෙදි වෙළෙන්ඳියෙක්ගෙන් රුපියල් සීයක උගුරැස්ස අරගෙන කෑව. මම ඒ වෙලාවේ ටිකක් බඩගිනි වෙලා හිට්යෙත්. මාරම රසයි. මම කාපු රසම උගුරැස්ස එච්චර කාලෙකට. මම තව රුපියල් සීයක උගුරැස්ස ගත්තා හොටෙල් එකට අරන් ගිහින් කන්න. හොඳට නාගෙන ප්‍රෙභා ගෙනත් දුන්න බත් එක කෑව. අතුරුපසට උගුරැස්ස කෑව. හොඳට ඉදුනු උගුරැස්ස ටිකක් තදට ප්‍රෙස් කරල කද්දි ලාවට කහට රහක් එක්ක එන පැණි රස අමුතුයි. ඒ වගේම නියමයි. ඊට පස්සේ ප්රෙභාගෙන් අයන් එකක් ඉල්ලගෙන බෑග් එකේ තිබ්බ ඇඳුම් ටික ඔක්කොම එකසැරේ මැදල ගහක් වගෙ ඩිසයින් කරල තිබ්බ රැක් එකේ එල්ලුව. දැන් ඔක්කොම කරදර වැඩ ඉවරයි. ස්ප්‍රින් මෙට්ටයක් දාපු කින්ග්-සයිස් බෙඩ් එකේ විනාඩි 10ක් 15ක් ඇලවෙලා හිටිය.
ඊට පස්සේ තුන හමාරට විතර මම ගියා උප්පුවේලි බීච් එකට කොට කලිසමට ටී ෂර්ට් එකක් ඇඳගෙන. මුහුද ඒ වෙලාවේ අළු පාටට හුරු පාටක් තිබුණේ. උප්පුවේලි ධීවර ගම්මානයක්. බීච් එකේ එකම සංචාරකයා මම. අනිත් ඔක්කොම ධීවරයො. මම යද්දි මාදැලක් ගොඩට අදිනවා 15ක් 20ක් විතර කට්ටිය එකතු වෙලා. පෙනුමින් නම් ඒ අය ඔක්කොම වගේ අව්වට පිච්චිච්චි මුහුදට දියවෙච්චි හිනා පොදක්වත් මූණේ නැති මිත්‍රශීලී නැති කළු කැත මිනිස්සු. ජීවත් වෙන්න දවස ගානෙ මේ මහ මුහුදත් එක්ක පොරකන කළු කැත දුප්පත් මිනිස්සු ගොඩ දෙනෙක්ට මනුස්සකමින් පිරුණු ලස්සන පෝසත් හදවත් ඇති කියල මට ඒ වෙලේ හිතුණේ නැතත් පස්සේ ඒක හොඳටම දැණුනා.
වෙරළ දිගටම බෝට්ටු පේලියක් තිබුණා. රතු පාට, කොල පාට නිල් පාට කහ පාට, තැඹිලි පාට වගේ වයිවාරණ පාට වලින් බෝට්ටුවල බඳ ආලේප කරල තිබුණ. තැන් තැන් වල දැල් කිහිපයක් පොදි පොදි වගේ දාල තිබුණ. ඈත දියඹේ බෝට්ටු රළ උඩ පැද්දි පැද්දි තිබුණ. නැව් දෙක තුනක් ඊටත් ගොඩක් එහායින් පෙනුණ. මම ස්ලිපර්ස් දෙක ගලවල අත් දෙකෙන් එල්ලගෙන රැල්ල පාග පාග වැලි වල එරි එරී දැල් උඩින් පැන පැන වමටත් දකුණටත් හිමින් හිමින් ඇවිද්දා. උප්පුවේලි වෙරළ නම් නිලාවැලි වෙරළ තරම් ලස්සන නෑ. මම ගියෙ අගෝස්තු අග. ඒ සීසන් එක නෙමේද දන්නෙ නෑ.