කෝච්චිය හදපු එකා
කෝච්චිය හදපු එකාටත් කෙළ වෙන්න වගේ යන්නේ. මූවත් රිමාන්ඩ් කරයිද දන්නේ නැහැ අනවශ්‍ය වැඩ කරන්න ගියා කියලා.
සරසවි සිසුවෙක් දුම්රියේ කාර්මික දෝෂය හැදීම ගැන විමර්ශන වාර්තාවක්
(බිඟුන් මේනක ගමගේ )
කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් පැවැති අංක 4022 දරණ වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියේ කාර්මික දෝෂය විශ්ව විද්‍යාල සිසුවකු විසින් සකස් කරනු ලැබුවේ යැයි කියන සිදුවීම ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමර්ශන වාර්තාවක් සකස් කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සමාජ ජාල හා මාධ්‍ය මගින් මෙම පුවත පලවීමෙන් පසුව ආරම්භ කළ මෙම විමර්ශනය මගින් සොයාබැලෙන්නේ අදාල සිදුවීමේදී දුම්රිය දෙපාර්තමේන්තුව නිසියාකාරව ක්‍රියා කර තිබේදැයි යන්න බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීය.
අංක 4022 දරණ වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියේ එම අවස්ථාවේ රාජකාරිවල නියුතු තාක්ෂණශිල්පියාට එරෙහිව කැඳ වූ විනය පරීක්ෂණයක් ඇසුරෙන් මෙම වාර්තාව සකසා ඇති අතර දුම්රිය රියදුරු, රියදුරු සහයක, තාක්ෂණශිල්පී සහායක ද එහි වගඋත්තරකරුවෝ වෙති.
වායු කාන්දුවක් නිසා සිදුවන සම්පීඩිත වායුව අඩුවීමක් මගින් මෙම කාර්මික දෝෂය හටගෙන් ඇති බවත් තාක්ෂණ ශිල්පියා එය සකස් කිරීමට අවශ්‍ය ආයුද හා උපකරණ රැගෙන ඒමට තම සහයකයාව අදාල මැදිරිය වෙත යැවූ අවස්ථාවේ ජනිත් දිමන්ත නමැති සරසවි සිසුවා ඔහුට සහාය දක්වා ඇති බවත් එම ප්‍රකාශකයා කීය.
එහෙත් අදාළ කාර්මික දෝෂය හඳුනාගැනීමට තාක්ෂණ ශිල්පියා අසමත් වී ඇති බවටත් එය යථා තත්ත්වයට පත්කළේ සරසවි සිසුවා තනිව බවටත් පළ වූ මාධ්‍ය වාර්තා නිසා එවැනි විමර්ශනයක් කිරීමට සිදු වූ බවත් අදාළ ප්‍රකාශකයා කීය.