කෝච්චිය හදපු ශිෂ්‍යයාට නඩු
කන්කසන්තුරේ – ගල්කිස්ස නගරාන්තර දුම්රියේ කාර්මික දෝෂයක් නිරාකරණයට පිටස්තර පුද්ගලයෙකු මැදිහත්වු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුවිය යුතු බව දුම්රිය තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසනවා. එසේ නොවන්නේ නම් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය සදහන් කළා.
එහි සභාපති එච් ආර් පී උදයසිරි මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ කාර්මික දෝෂයට ලක් වු දුම්රිය නැවත යථා තත්වයට පත්කර ඇත්තේ එම දුම්රියේ කාර්මික නිලධාරියා විසින් බවයි. කෙසේවෙතත ඔහුට සහය වීමට පිටස්තර පුද්ගලයෙකු පැමිණ ඇති බවත් ඔහු මාධ්‍යයට සිදුකර ඇති ප්‍රකාශ තුලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් උදයසිරි මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව අදාල පුද්ගලයා විසින් නිවැරදි තොරතුරු මාධ්‍යයට හෙලිකල යුතු බවත් එසේ නොවන්නේ නම් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දුම්රිය තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය සදහන් කළා.
මේ ඒ පිළිබද වැඩිදුරත් කරුණු පැහැදිලි කරන සංගමයේ සභාපති එච් ආර් පී උදයසිරි මහතා.
https://www.newsradio.lk/sinhala/%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A/%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A/