කෝටිපති බාබර්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කෝටිපති බාබර්

    ◄ Rolls Royce "බාබර්" ►

    ඒ 1979. රමේෂ්ගේ පියා මිය ගියේ ඔහුට වයස අවුරුදු 9ක් ව තිබියදී. ඔහුගේ පියා කරගෙන ගිය බාබර් සාප්පුව දිනකට රු.10ට කුලියට දීමෙනුයි ඔහුගේ පවුල ඉන්පසු ජීවිකාව කරගෙන ගියේ. සාමාන්‍යය පෙළ දක්වා ඉගෙනගත් රමේෂ් ඉන්පසු පියාගේ අඩි පාරේ යමින් කොණ්ඩා කැපීම තම ජීවිකාව කර ගත්තා. තමා උපයන මුදල් පරිස්සමින් එකතු කරමින් ඔහු තම මාමා කෙනෙකු කරමින් සිටි ආකාරයේ නව ව්‍යාපාරයකට අත තැබීමට සිතුවා.
    538787_356779301051774_228131663916539_969268_1559455278_n.jpg


    ඒ 1994 දී. Maruti Omni රථයක් මිළට ගත් රමේෂ් එය කුලියට දීමට පටන් ගත්තා. 1996 වනවිට තමාගේම කියා සැලූන් එකක් ආරම්භ කල රමේෂ් එතැන් සිට තම ජීවිතය සාර්ථකත්වය කරා මෙහෙය වූවා. එදිනෙදා කොණ්ඩා කැපීමට පැමිණෙන විවිධ තරාතිරමේ අය ඇසුරු කරමින් ඔවුන් හට තම මෝටර් රථය කුලියට දීම සහ එතැනට පැමිණි පුද්ගලයින් හා එකතුව එකිනෙක වාහන මිළට ගෙන කුලියට දීම තම ව්‍යාපාරය කරගත්තා. ඔහු මේ වනවිට තම Rolls Royce රථය කුලියට දෙනු ලබන්නේ දිනකට රු. ලක්‍ෂ දෙකකට ආසන්න මුදලකටයි. කෝටිපති ව්‍යාපාරකයින් ඉන්දියාවට පැමිණි විට ඔවුනට රමේෂ් නැතුවම බෑ. හොන්ඩා වාහන කර්මාන්තයේ සභාපති තුමා පවා රමේෂ්ගේ වාහන කුලියට ගෙනයන බව ඇහුවොත් විශ්වාස කරන්නත් අමාරුයි නේද?

    මේ වනවිට Mercedes, BMW සහ Rolls Royce යන වාහන පෙළකට උරුමකම් කියන මොහු ලබන වසරේදී Limo රථයක් මිළට ගන්නටයි ලෑස්තිය. දැනට ඔහු සතුව ඇති වාහන ගණන 60ට අධිකයි.

    මොහොතකට සිතන්න, දිනකට රු.10ක් පමණක් ඉපැයූ ඔහු මේ තරම් දියුණුවකට ලඟා වේ යැයි කවුරුන් නම් සිතන්නට ඇත්ද? ප්‍රශ්නය විය යුත්තේ අප උපදින විට කොතරම් දිළිඳුද යන වග නොව, මියෙන විට අපි අපේ ජීවිතය කොතරම් දුරට ජයගෙන සිටීද යන වගම නොවේද?