කෝටි දහතුනේ සුපිරි ලොතරැයි දිනුම ඇඹිලිපිටියට
මෙරට ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ත්‍යාග මුදල වන රුපියල් දහතුන්කෝටි දහතුන්ලක්ෂ හැටදහස් එකසිය තිස් හයයි සත හතළිහක (13,13,60,136.40) ක මුදල් ත්‍යාගය පෙරේදා (19) දිනුම් අදිනු ලැබූ ගොවිසෙත ලොතරැයියේ දිනුම් වාරයේදී ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ වාසනාවන්තයෙකු විසින් දිනාගෙන තිබෙනවා.
එය මෙරට ඉතිහාසයේ ජයග‍්‍රාහකයකු වෙත මෙතෙක් පිරිනමනු ලැබූ විශාලතම ත්‍යාග මුදල වීම විශේෂත්වයයි. ජයග‍්‍රාහී ලොතරැයිපත ඊයේ (20) පෙරවරුවේදී ජයග‍්‍රාහකයා විසින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත භාරදුන් බවත් ජයග‍්‍රාහයා වෙත මෙම සුපිරි ත්‍යාග මුදල, ඉදිරි දිනකදී උත්සවාකාරයෙන් පිරිනැමීමට කටයුතු කරන බවත් සඳහන්.
වසර 50 ඉක්මවූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ඉතිහාසයේදී මෙම සුවිශේෂී සුපිරි ත්‍යාග මුදල හිමි ජයග‍්‍රාහකයා බිහිකර ඇත්තේ එහි දිස්ත‍්‍රික් අලෙවි නියෝජිත අයිරාංගනී පුෂ්පවර්ණගේ මගින් ඇඹිලිපිටිය අලෙවි නියෝජිත එච්.ජී. ප‍්‍රියන්ත මහතා විසිනි. එම ලොතරැයිපත ජයග‍්‍රාහකයා වෙත අලෙවි කර ඇත්තේ පදලංගල ප‍්‍රදේශයේ ලොතරැයි අලෙවිකරු තිළිණ සම්පත් මහතා විසිනි.
රුපියල් 20 කට මිලදී ගත හැකි ගොවිසෙත ලොතරැයියේ සුපිරි ත්‍යාගය රුපියල් කෝටි 4න් ඇරඹෙන අතර දිනුම් වාර ගණනාවක් සුපිරි ත්‍යාගයේ ජයග‍්‍රාහකයා බිහිනොකිරීම නිසා සෑම දිනුම් වාරයකදීම වැඩිවෙමින් ආ මුදල මෙවර රුපියල් කෝටි 13 ඉක්මවා තිබිණි.
අදාළ දිනුම් ඇදීම සිදු කරන දින රාත‍්‍රී 7.45ට පමණ ලොතරැයි අලෙවිකරු තිළිණ සම්පත් මහතා සතුව තිබූ අවසන් ටිකට්පත් අතරතුර මෙම වාසනාවන්ත ටිකට්පත තිබී ඇත.
ඇඹිලිපිටිය ලොතරැයි අලෙවි නියෝජිත එච්.ජී. ප‍්‍රියන්ත මහතාගේ පුත් තිළිණ සම්පත් මහතා මෙම ජයග‍්‍රාහී ලොතරැයි පත අලෙවි කිරීම සම්බන්ධයෙන් සඳහන් කරන්නේ මෙවැන්නකි. " 19 වැනිදා හැන්දෑවේ තාත්තාට ටිකක් අසනීපයි කිව්ව නිසා මම ඉතුරු ටිකට්පත් අරගෙන වෑන් රථයෙන් පදලංගල පැත්තට ගියා. එදින රාත‍්‍රී 7.30 විතර වෙද්දී ටිකට්පත් සියල්ල අලෙවි වුණා. පදලංගල ප‍්‍රදේශයේ දී රතුපාට ති‍්‍රරෝද රියකින් පැමිණි තුන්දෙනෙක් වෑන් එක නතර කරලා ගොවිසෙත ටිකට් තියෙනවාද ඇහුවා. මම කිව්වා ඉවරයි කියලා. ඔයා ළඟ තියෙන ටිකට් එකක් හරි අපිට දෙන්න කියලා ඔවුන් කිව්වා.
මම සාමාන්‍යයෙන් දවසකට ටිකට් 15ක් 20ක් විතර ගන්නවා. මේ දවස්වල වැඩිපුරම ගන්නේ ගොවිසෙත. ති‍්‍රරෝද රථයෙන් ආපු තිදෙනාට මම මගේ ළඟ තිබුණු ටිකට් 10න් 3ක් දුන්නා. වේලාව 7.45ට විතර ඇති. පස්සේ ගමෙන් ආරංචි වුණා එ් ටිකට් තුනෙන් එකක තමා දිනුම තිබිලා තියෙන්නේ කියලා".
aparaade aruge luck eka

- See more at:
http://offair.nethfm.com/article/30690#sthash.B4VNDoM9.dpuf
ade aruta heart attack wage athi
rs 6 labeta aru ticket 3dunne nathinm godane