කෝවිඩ් 19 ලෝං (Loan) සහනය බොරුවක්ද ?

කෝවිඩ් 19 ලෝං (Loan) සහනය බොරුවක්ද ?

මචන්ලා කෝවිඩ් 19 හින්දා private banks වලින් අපිට ඕනනම් loan එක ගෙවන එක කල් දාගන්න පුළුවන් බැංකුවට කතා කරලා . හැබැයි ඒක තේරුමක් තියෙනවද ? උදාහරණයකට මම ලක්ෂ 20ක ලෝන් එකක් අරන් තියෙනවා අවරුදු 5කට කියලා හිතපන් . මාසෙකට 30,000 ගෙවනවා (මේ ඔක්කොම උදාහරණ හොදේ . ඇත්ත විස්තර නෙමෙයි ). තව අවරුදු 4ක් ගෙවන්න තියෙනවා . මම මාස 6කට ගෙවන එක නැවත්තුවොත් මොකද වෙන්නේ . මාස 6ක් ඇතුලත මම බැංකුවට 180,000/= ගෙවන්න ඕනේ . මේ මුදල මම බැංකුවට 7 වෙනි මාසේ ඉදන් ගෙවලා තව ලෝං එක මාස 6කින් දික් ගැස්සෙනවද ?

තව සරලව කිව්වොත් කලින් උදාහරණයම
ලක්ෂ 20ක් ගත්ත එකෙක් බැංකුවට ලක්ෂ 30ක් ගෙවනවා පොලියත් එක්ක අවරුදු 5කදී . හැබැයි මේ කෝවිඩ් 19 සිද්දිය නිසා අපිට 3,180,000/= ගෙවන්න වෙනවද ?
ඒ කියන්නේ මගේ උදාහරණයේ විදියට වැඩිපුර 180,000/= අපි බැංකුවට ගෙවනවා . එහෙම බැලුවොත් පට්ට පාඩුයි නේ . කොහමහරි ගෙවන එක නේ හොද ? බැංකුවත් එක්ක මම කතා කලාම හරියටම තේරුනේ නැහැ උන් කියපු එක . එත් බන් මේක ඇත්ත නම් අපිට දෙන්නේ සහනයක් නෙමෙයි නේ

දන්න අය මේක පැහැදිලි කරපන්
රජයේ බැංකු , Private බැංකු කියලා මේක වෙනස් වෙනවද
බැංකුවෙන් බැංකුවට මේ පොලිසි එක වෙනස් වෙනවද ?
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විල්සන් මාමා;25345460 said:

    බැංකුවෙන් බැංකුවට policy
    එක වෙනස් වෙනව මචන්..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mama hitanne thawa masa 6k dik gassenawa :)

    eken habai bankuwata padui tikak witara. eth itin parana loan danne 15% nisa loku awulak nathi wei
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ලෝන් එකෙ වාරික ගෙවන්න බැරි අයව CRIB එකට දාලා Guarantors ලට ලියුම් ගහල Court වලට ගිහින් Non performing Loan එකකට ගන්නRecovery Action ගන්නවා මාස 6 ක් Loan instalment එක නොගෙවා හිටියොත්
    ඒක නොකර මාස 6ක් යනකම් නොගෙවා ඉන්න Chance එකක් තමයි මේකෙන් දෙන්නෙ.
    ඒත් මෙහෙම Instalment Payment delay වෙන එකෙන්Bank වලට වෙන Loss එක Bear කරන්න Bank ලෑස්ති නෑ.
    එයාල ඒ කාලෙට අදාලව Interest (extra) අය කරනවා

    Loan එකේ Instalment normal ගෙවාගෙන යන්න පුලුවන්නම් ඔයාට සහනයක් ඕනි නැනෙ
    Payment delay කරන්න Chanceඑකක් දීල තියෙන්නෙ Loan instalment ගෙවාගෙන යන්න බැරි අයටයි.
    ඒ සහනය ගන්න අයට අමතර පිරිවැයක් දරන්න වෙනවා
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විල්සන් මාමා;25345512 said:
    මහ බැංකුවෙන් නෙමෙයිද බන් පොලිසි දන්නෙ

    නැහැ බන්.. central bank එකෙන් guideline එක දෙනව විතරයි.. ඒකේ rules ටික බැංකුවෙන් හදන්නෙ..

    ලෝන් එකෙ වාරික ගෙවන්න බැරි අයව CRIB එකට දාලා Guarantors ලට ලියුම් ගහල Court වලට ගිහින් Non performing Loan එකකට ගන්නRecovery Action ගන්නවා මාස 6 ක් Loan instalment එක නොගෙවා හිටියොත්
    ඒක නොකර මාස 6ක් යනකම් නොගෙවා ඉන්න Chance එකක් තමයි මේකෙන් දෙන්නෙ.
    ඒත් මෙහෙම Instalment Payment delay වෙන එකෙන්Bank වලට වෙන Loss එක Bear කරන්න Bank ලෑස්ති නෑ.
    එයාල ඒ කාලෙට අදාලව Interest (extra) අය කරනවා

    Loan එකේ Instalment normal ගෙවාගෙන යන්න පුලුවන්නම් ඔයාට සහනයක් ඕනි නැනෙ
    Payment delay කරන්න Chanceඑකක් දීල තියෙන්නෙ Loan instalment ගෙවාගෙන යන්න බැරි අයටයි.
    ඒ සහනය ගන්න අයට අමතර පිරිවැයක් දරන්න වෙනවා
    ඔව් මචන් ගෙවන්න පුලුවන්නම් ගෙවන එක තමයි හොදම
     
    ප්‍රවෘත්ති වලට කියන දේයි ඇත්තටම වෙන දේයි වෙනස්. හරියට හොයල බලල තීරණ ගනින්

    Masa 6k dik wenawa ekata poliya gewanna wenawa.

    ගෙවන්න පුලුවන්නම් ගෙවපන්
    මාත් සුද්ද සිංහලෙන් බැංකුවේ එකෙක්ගෙන් දැන් ඇහුවා
    මාස 6ක් ගෙව්වේ නැත්තම් අපිට ඒ නොගේවපු කාලෙට පොලියක් එනවා . උබ එතකොට වැඩි පුර මුදලක් ගෙවලා
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මොකක්ද මේ MORATORIUM කියන්නෙ.??
    =================================
    වචනයක් විධියට නම් යම් ක්‍රියාවක් තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව.

    උදාහරණ යක් බලමු ද ??
    =====================
    ඔබ ලබා ගන්නව රුපියල් ලක්ෂ 20 ක ණයක්.13% ක වාර්ෂික පොළියකට අවුරුදු 10 කින් සමාන වාරික වලින් ගෙවන්න. ඔබේ වාරිකය වෙන්නෙ රු.29 862.15 ක් වාරික 120 ක් සමානව ගෙවන්න. ඔබ පළවෙනි වාරිකය ගෙවනව. ඒ ගෙවන මුදලින් 8195.48 ක් ලබාගත් මුල් මුදලින් අඩු වෙනව. ඉතිරි 21,666.67 පොලිය විධියට අයවෙනව.

    CAP 8195.48 + INT 21,666.67=29862.15

    ඔන්න ඊළග මාසෙ ඔබේ ණය මුදල ලක්ෂ 20 නෙවේ මොකද ඒකෙන් 8195.48 ක් අඩු වුණා දැන් පොළී හැදෙන්නෙ 1,991,804 ට.එහෙම වාරික ගෙවන් යනව.ඔබ වාරික 12 ක් ම ගෙවනව 13 වාරිකය ගෙවන්න තියෙන්නෙ ඔබට අපහසුතාවක් ඇති වෙනව .
    ඔබේ 13 වාරිකය හැදිල තියෙන්නෙ මෙහෙමයි.

    CA:9326.80+IN:20535.35 = 29 862.15

    ඔන්න ඔබ MORATORIUM එකක් ඉල්ලනව ඒ කියන්නෙ ණය ගෙවීම පමා කරන සහනයක්.

    එතකොට මොකද වෙන්නෙ.??
    ========================
    ඔබ ඉල්ලනව මාස 3 ක සහනයක්. මේකෙදි වෙන්නෙ ඔබ යතා තත්වයට පත් වෙනකන් ගෙවීම පමා කිරීමක් විතරයි.

    සහනය ඔබට ලැබෙනව.ඒ මාසතුනට අදාල පොළිය 20535.35 * 3 ක් ඒ කියන්නෙ 61 606.05 ක් ඔබේ ණය ගිණුමට එකතු වෙනව.

    මේ පොළිය ඔබ ඉදිරියේ දි ගෙවන්න වෙනව.ඒක තමා ණය පමා සහනයක් කියන්නෙ.නැතිව ණය කපා හැරීමක් නෙවේ.

    දැන් අපි හිතමු ඉහත උදාහරණ ය අනුව මේ ණය සහනය ලබාගත් කෙනාට බැංකුව කියනව සහනය ඉවර වුණාම අර එකතු වුණ පොළිය සමාන වාරික 6 න් ගෙවන්න කියල.(උපකල්පනය කි .එක් එක් ආයතනව ල කාලය වෙනස් විය හැක.)
    එතකොට
    61606.05 / 6 = 10 267.67 යි.

    ඔබේ සාමාන්‍ය වාරිකය 29 862.15 යි.
    සහන කාලය ඉවර වෙලා ගෙවන්න වෙන පළවෙනි මාසෙ ඔබේ වාරිකය
    29862.15 + 10 267.67 = 40 129.82 ක ගානෙ මාස 6 ක් ගෙවන්න වෙනව. ඊට අමතරව නොගෙවා හිටිය මාස 3 කාලයට අදාල අයවිය යුතු ප්‍රාග්ධන මුදල ණය ගෙවීම් කාලයට එකතු වෙනව වාරික 120 ණය මුදල වාරික 123 ක් වෙනව.

    ඉතින් මොකක්ද ඕකෙ තියන සහනෙ..??
    ================================
    මේ ණය පමා සහනය වැදගත් වෙන්නෙ ව්‍යාපාරික හා නිෂ්පාදන අංශ වලට. මේ වෙලාවෙ ඒ සියලු දේ බිද වැටිල. ඒත් ඒ අය තව ටික කාලෙකින් ආයෙ ව්‍යාපාර පටන් ගන්නව.ඒ අය ලබන්නෙ ස්ථාවර ආදායමක් නෙවේ .
    විචල්‍ය ලාභයක් . ඔවුන්ට පුළුවන් එය කළමණාකරණය කර ගන්න.

    එතකොට මාසික පඩි ගන්න අය..??
    =============================
    ඔබේ පඩිය මේ මාස තුනෙන් පස්සෙ වැඩි වෙනවද ??? ඔබේ වියදම් මේ මාස තුනෙන් පස්සෙ අඩුවෙනවද ?? ඒ දෙකම නොවෙනවනම් ඔබ කොහොමද මේ නොගෙවන පොළිය ත් එක්ක වෙනදට වැඩි වාරිකයක් ඉස්සරහට ගෙවන්නෙ.??

    පඩි ගන්න අයට සහනෙ වැඩක් නැද්ද.??
    =================================
    සහනෙ වැදගත් වෙන පඩි ගන්න පිරිසක් ඉන්නව.
    උදාහරණ 1

    ගුරුවරයෙක් පඩිය ගන්නව.ඔහු අමතර පංති ආදායමක් ලබනව.එම අමතර ආදායමින් ලීසිං වාරික ගෙවන්න මෝටර් රථයක් අරන් තියනව.
    ඔහුට දැන් අමතර ආදායම නෑ.එවිට ඔහු පඩි ගන්නව කියල මේක නොදී ඉදල බෑ.මොකද ඔහු වාරික ගෙවන්නෙ අමතර ආදායමින් බව අපි දන්නව.අමතර ආදායම ලැබෙන තෙක් ඔහුට මේ පමා සහනය වැදගත් වෙනව.

    උදාහරණ 2

    පුද්ගලික ආයතන වල කඩා වැටීම නිසා සේවක වැටුප 30% න් අඩු කරනව.එතකොට ඒ සේවකයින් පඩි ගත්තට ඒකෙන් ණය වාරික ගෙව්වොත් ජීවත් වෙන්න බෑ.ඒ අය පඩි ලබනව කියල මේක නොදී ඉදල හරියනවද ??
    නෑ..මාස 6 න් විතර මේ තත්ව නිවැරදි වුණාම ඔවුන්ට නැවත වැටුප් සාමාන්‍ය පරිදි ලැබෙයි.
    එවිට ඔවුන්ට පුලුවන් නැවත ණය ගෙවන්න.

    මතක තියාගන්න මේ වෙලාවෙ සියළු මූල්‍ය ආයතනවලට මහබැංකුව නිර්දේශ කරල තියෙන්නෙ ණය පමා සහනයක් බව.

    වෙනද වගේම පඩි ලැබෙන අය මේ සහනෙ අරන් අනාගතේ දවසක තමන්ට ලැබෙන සාමාන්‍ය පඩියෙන්ම මේ කාලෙට අදාල පොලී මුදලත් එක්ක ආයෙම ගෙවන්න වෙනවමයි.

    එදාට ඔබට ඔබේ වියදම් කළමණාකරණය කරගන්න පුළුවන්නම් ඇති තරම් පමා සහන භුක්ති විදින්න.

    දැන් මූල්‍ය ආයතනවලට බැණ බැණ යන්න එපා.ඒ අය ට දීල තියන උපදෙස් නෙ එයාල ක්‍රියාත්මක කරන්නෙ.ණය දීල තියෙන්නෙ එයාල ගෙදරින් ගෙනාව සල්ලි නෙවේනෙ.

    දැනුවත්ව බුද්ධිමත්ව තීරණ ගමු. රැල්ලට යාම ලොකු විනාශයක මුලක්.

    (((ඉහත දක්වා ඇත්තේ උපකල්පිත උදාහරණ යකි.මේ මොහොතේ එක් එක් ආයතන වල විවිධ කාල සීමා යටතේ විවිධ ආකාරයෙන් සහන කාලය තුල එක් රැස් වන පොළිය නැවත අය කර ගැනීමේ ක්‍රම හදුන්වා දී තිබිය හැක.

    කරුණාකර එම අභ්‍යන්තර චක්‍රලේඛ උපදෙස් මේ හා ගලපන්නට ගොස් ව්‍යාකූලතා ඇතිකර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.)))
     
    බැංකුවේ මැනේජර් කාරයටවත් බැරි වුනා මෙච්චර හොදට කියලා දෙන්න
    පට්ට බන්
    රෙප්
    ඔව් හැමදාම එකම පඩිය ගන්න අයට මේක වැඩක්ම නැහැ
    හැබැයි මම නම් හිතන්නේ බන් මේක හරියට මිස්නිසුන්ට ගියේ නැහැ . තේරිලා තියෙනවා මදි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විල්සන් මාමා;25346726 said:
    බැංකුවේ මැනේජර් කාරයටවත් බැරි වුනා මෙච්චර හොදට කියලා දෙන්න
    පට්ට බන්
    රෙප්
    ඔව් හැමදාම එකම පඩිය ගන්න අයට මේක වැඩක්ම නැහැ
    හැබැයි මම නම් හිතන්නේ බන් මේක හරියට මිස්නිසුන්ට ගියේ නැහැ . තේරිලා තියෙනවා මදි

    සමහරක් managers ල ඉන්නව කිසිම දෙයක් නොදන්න අය..

    ණය සහන එකනම් bank එකෙන් bank එකට වෙනස් වෙනව බන්.. පොලියක් add ව්ව්න්නෙ නැතුව හදන්නත් පුලුවන් බන්..
    Private sector එකනම් මේ සහන ටික දෙන්නෙ එච්චර කැමැත්තකින් නම් නෙවෙයි.. උන් කොහොමහරි interest එක අය කරනව..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    විල්සන් මාමා;25346726 said:
    බැංකුවේ මැනේජර් කාරයටවත් බැරි වුනා මෙච්චර හොදට කියලා දෙන්න
    පට්ට බන්
    රෙප්
    ඔව් හැමදාම එකම පඩිය ගන්න අයට මේක වැඩක්ම නැහැ
    හැබැයි මම නම් හිතන්නේ බන් මේක හරියට මිස්නිසුන්ට ගියේ නැහැ . තේරිලා තියෙනවා මදි

    තේරෙන්න ගියේ නෑ නෙවෙයි බන් හිතලම කිව්වේ නෑ හරියට. වැඩිපුර සහන දුන්න කියල හිතෙන තරමට ළඟ එන චන්දෙ ආණ්ඩුවට වාසියි. ඉතින් news වල දාන්නේ සහනය ලොකු කරලා. ම්නිස්සු බොරුවට ගිහින් Bank Staff එක්ක වලි දාගන්නවා.