කෞතුකාගාරයට පනින රාජකීය හොරා ... ?

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කෞතුකාගාරයට පනින රාජකීය හොරා ... ?

නැවතත් කටුගෙදරට හොරු පැන ඇත. :rofl::rofl: එහෙත් මෙවර හොරුන් රැගෙන ගියේ මොනවාද? රැගෙන නොගියේ මොනවාද? කවුරුත් හරිහැටි නොදනිති. එමෙන්ම බලධාරීහු පවා ඒ ගැන නිවැරදි තොරතුරු නොසපයති. විටෙක තවත් කන්ගැට්ටෙක් අල්ලා ගන්නකල් කල්මරනවාද විය හැකිය. එහෙත් එක් දෙයක් තහවුරුය. එනම් නොවැම්බර් මස 16 වැනිදා කෞතුකාගාරයට සොරු පැමිණ ඇති බවය. ඒ බවට කළ පැමිණිල්ලක් කුරුඳුවත්ත පොලිසියේ ඇති අතර කළ පරීක්ෂණවලදී ඇඟිලි සලකුණුද සොයාගෙන ඇත. මෙවර දොරවල් කඩාගෙන ඒමට තරම් හොරු නිර්භය වී ඇත. මාධ්‍ය හරහා කොණක කතාබහ වූයේ නොවැම්බර් 16 වැනිදා හොරු පැන්න පුවත මුත් මේ හොරුම නොවැම්බර් මස 19 :lol::lol: වැනිදාත් නැවත පැමිණීම ඓතිහාසිකය. එහිද කුරුඳුවත්ත පොලිසියේ සටහන්ය. එසේ නම් මේ හොරු මෙතරම් හොරෙන් සොයනුයේ කුමක්ද? ජාතික කෞතුකාගාරයේ සිංහාසන මැදිරියේ දොරවල් කඩා එයට ඇතුළු වී මෙවර සොරාගෙන ගියේ කුමක්ද? දින දෙකක්ම හොරෙන් පැමිණ සොරා ගන්නට කිසිවක් මෙහි නොපැවතුණිද? නැතහොත් මේ කෞතුකාගාරය නැරඹීමට කැමති හොරෙක් එය රහසේ නරඹනවායැ’යි ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය අපට නොකියන්නේ ඇයි?

කවුරු වුව මේ හොරා කෞතුක වස්තූන්ටම ආසා කරන හොරෙකි. කෞතුකාගාරය ගැන මනාව දන්නා හොරෙකි. හොර ගුලකි. මේ කන්ගැට්ටාගේ පරම්පරාවේම හොරුන්ය. ඒ ගැන විවාදයක් නොපවතී. කඩුව ගත්ත හොරා ඉතිරිවාත් සොයනවා විය යුතුය. සිංහාසනය ඇති මැදිරියේ බිසවගේ හැට්ටය සොයනවා නොවිය යුතුය. පෙර සේම මෙවරද අලූත්වැඩියාව හේතුවෙන් CCTV කැමරා පද්ධතිය අක‍්‍රීයය. මෙවර අලූත්වැඩියා හේතුවෙන් මෙම ශාලාවේ තිබූ CCTV ස්වයංක‍්‍රීය කැමරා පද්ධතිය ගලවා දමා ඇත. මේ සියල්ල දන්නා රාජකීය හොරා කවුද?

කැමරා පද්ධතිය සවි කිරීමේ වගකීම ජාතික කෞතුකාගාරය විසින් මුල් අවස්ථාවේදීම පවරන ලද්දේ ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය නම් රාජ්‍ය ආයතනයටය. එයට හේතුව කෞතුකාගාරය තුළ රහස්‍යතාව ආරක්ෂා කොට තැන්පත් කොට ඇති ලිපි ලේඛන සහ භාණ්ඩවල සුරක්ෂිතතාව ආරක්ෂා කරගැනීමය. එසේ නම් පෞද්ගලික ආයතනයකට පවරා නොදී රැකගත් ඉහත අනන්‍යතාව අද කොහිද? මේ හොරුන්ගෙත් හොරු කම්බ හොරුය. මන්ද 2012දී සොරකම වනවිට CCTV කැමරා ක‍්‍රියාවිරහිත කර තැබුවේද? මේ රාජ්‍ය ආයතනයම වන බැවිනි. කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම කැමරා පද්ධතිය නැවත ස්ථාපිත කරගැනීමට නියමිත සුදුසුකම් ඇති පෞද්ගලික ආයතන කොතෙකුත් ඇතත් තවමත් එය පවරනුයේ වෘත්තීය පුහුණු අධිකාරියටය. ඒ වැඩි විශ්වාසයට රාජ්‍ය ආයතනයක්ය යන පදනමේ සිටය. එහෙත් මෙහි ඇති හාස්‍ය නම් 2012දී කඩු සොරකම වන විට වෘත්තීය පුහුණු අධිකාරිය එකී විශ්වාසය කඩ කිරීමය. එය සුළුපටු නැත්තේ ඒ පිළිබඳ කළ පුළුල් පරීක්ෂණය අවසානයේ තහවුරු වූයේ වෘත්තීය පුහුණු අධිකාරිය පවා කැමරා සේවය ලබාගෙන තිබුණේ පෞද්ගලික ආයතනයකින් බව තහවුරුවීමත් සමගය. එසේ නම් කටුගෙයි ආරක්ෂාව ගැන කවර කතාද? 2012 මහා පරිමාණ හොරකම නිකම්ම නිකම් කන්ගැට්ටෙක්ට පවරා ඔහු ජාතික වීර හොරෙක් බවට පත් කොට සියල්ලෙන්ම අතපිහදා ගත් කෞතුකාගාර ප‍්‍රධානි නන්දා වික‍්‍රමසිංහ අද සිටිනුයේ කොහිද? එදා සාර්ථක හොරකමට නිර්භයව මුහුණදීම හේතුවෙන් අද ඇය උසස්වීම් ලබා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය බවට පත්ව ඇත. මෙතරම් කෙළෙහිගුණ දැක්වීම් ඇයි? ජනපති නොබෝදා කීවේ අප කෙළෙහිගුණ මතක තබාගත යුතු බවය. සැබැවිය. අද කෞතුකාගාරයේ ප‍්‍රධාන තැන උසුලනුයේ තනුජා කස්තුරිආරච්චි මහත්මියය. ඇයද නන්දා වික‍්‍රමසිංහ මහත්මියගේ ආශිර්වාදයෙන් ලද පත්වීමකි. අද ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා නටබුන් වී ඇති බවත් සියල්ල ක‍්‍රියාවට නගනුයේ ලේකම්වරිය බවත් දන්නෝ දනිති. ඇය සතු රාජකීය ඥාතීකම මේ සඳහා ඇය ඕනෑවටත් වඩා උපයෝගී කරගන්න බව කෞතුකාගාර ආරංචි මාර්ග පවසන දෑය. ඇය ප‍්‍රයෝජනයට ගන්නවාද? ඇයව ප‍්‍රයෝජනයට ගන්නවාද යන්න වෙනම සිතිය යුතුය.

මේ දිනවල මිලියන 90ක පමණ දැවැන්ත ව්‍යාපෘතියක් අලූත්වැඩියාවක් කෞතුකාගාරයේ සිදුවේ. එහි ශ‍්‍රම සැපයුම ජාතික විරුවන් වන හමුදාවෙනි. භාණ්ඩ ලබාදෙනුයේ ලේකම්වරියගේ අනුදැනුම මතය. වසර සියයකට වැඩි පැරණි දෑවලට අත ගැසීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය අවැසි වුවත් කෞතුකාගාරයේ අලූත්වැඩියාවන්ට ඒ කිසිත් අදාළ නොවේ. එසේ නම් ඒ ඇයි? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසාද? කෞතුකාගාරයට 2012 දී පැන්නෙත් අද පනිනුයේත් එකම සොරු කැළය. මොවුන් සොයනුයේ එකම බඩු තොගයකි. එයට කන් ගැට්ටන් හසුවන්නේද බිලි පූජා වශයෙනි. නියම හොරු එළියේය. ඔවුහු දහවලේ කළ නොහැකි දේ රාත‍්‍රියෙහි කරති. මේ හොරු අපිට හොරු වුවද වගකිවයුත්තන්ට හොරුන්දැ’යි අපි නොදනිමු. කෙසේ වුවත් අවසාන වශයෙන් කිවයුත්තේ කෞතුකාගාරයට පනින හොරා නම් රාජකීය හොරකු බවය.

-රාවය-
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

11.gif
11.gif
11.gif
 
Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කෙසේ වුවත් අවසාන වශයෙන් කිවයුත්තේ කෞතුකාගාරයට පනින හොරා නම් රාජකීය හොරකු බවය.

    :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිත හොද අයියට දෙන්න මනාපේ
    අපිට කලොත් අපිත් කරනවා
    ඔබේ ඉල්ලීම් වලට අපේ අවධානය
    https://beta.hive.im/join/ec2e

    මේ hive කාරයෝ දැකලා දකලම් ඇතිවෙලා බන්. මහින්දයා එලකිරියෙන් හයිව් වසංගතය නතර කරොත් මම චන්දෙත් දෙනවා මහින්දයට බැහැල වැඩත් කරනවා.

    මොන හොරකම් කලත් හයිව් නවත්තලා තියෙන්නේ හරිය™ කාලගුණ සලකනවා අනිවාර්යෙන්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    bump