කෲස් මිසයිල ප්‍රහාර සැළසුම් කරයි
අමෙරිකාව සිරියාවට එරෙහිව කෲස් මිසයිල ප්‍රහාර සැළසුම් කරයි : මොනවද මේ කෲස් මිසයිල?
ටොමාහෝක් කෲස් මිසයිලය| එක්සත් ජනපද නාවික හමුදාව සිරියානු ජනාධිපති අසාඩ්ගේ රජය රසායණික අවි භාවිතාකල බවට ලැබෙන සාක්ශි වැඩිවීමත් සමගම ඔබාමා රජය සිරියාවට පහරදෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටී. අමෙරිකානු ආරක්ශක ලේකම් චක් හේගල් පවසන ආකාරයට, ජනාධිපතිවරයා අණදෙන ඕනෑම මොහොතක සිරියාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකිරීමට සියලු අමෙරිකානු හමුදා සූදානමින් සිටී. මේවන විට කෲස් මිසයිල ප්‍රහාර එල්ලකල හැකි USS Gravely, USS Ramage, USS Barry and USS Mahan යන ඩිස්ට්‍රෝයර් වර්ගයේ අමෙරිකානු යුධ නැව් සිරියාව අසල ස්ථානගත කොට ඇත. එමෙන්ම ගල්ෆ් මුහුදේ දැවැන්ත අමෙරිකානු ගුවන්යානා ගෙනයන නෞකා වන USS Nimitz හා USS Harry S Truman ස්ථානගත කොට ඇති අතර මේවායින් ගුවන්ගතවන යානාවලට පැය කිහිපයකින් සිරියාවට ප්‍රහාර එල්ලකල හැකිය.(සිතියම බලන්න)
සිරියාවට ප්‍රහාර එල්ලකිරීමට සූදානම් අමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා : මෙම ප්‍රහාරවල වැඩි බරක් යුධනැව් වලින් ගුවන්ගත කරන කෲස් මිසයිලවලින් ගනු ඇතැයි යුධ විශ්ලේෂකයින් පවසනවා.
මොනවද මේ කෲස් මිසයිල?
කෲස් මිසයිලයක් යනු, ඉතා ඈත පිහිටි ඉලක්කයකට පහරදිය හැකි (1500+ Km), අධික වේගයෙන් ගමන්ගන්නා, දියත් කල පසු මිනිස් පාලනයකින් තොරව ස්වයංක්‍රීයව පියාසර කරන මිසයිලයකි. මෙය සතුරු රේඩාර් වලින් සැඟව යාම සඳහා ඉතා පහතින්, පොලොවට සමාන්තරව පියාසර කරයි. කිලෝග්‍රෑම් 500ක් (ටොන් භාගයක්) පමණ බරැති ඉතා ප්‍රභල පිපුරුම් හිසක් (war-head) රැගෙන පියාසරකරන මෙම මිසයිල නිරවද්‍යතාවයෙන් ඉහලය. කෲස් මිසයිලය සිය ගමන්මග සොයාගන්නේ ජී.පී.එස් තාක්ශණය හා පියාසර කරන ප්‍රදේශයේ භූවිශමතා හඳුනාගෙන ඒවා, කලින් ලබාදෙන ලද සිතියමක් හා සංසංදනය කිරීම (terrain contour matching - TERCOM) යන මූලික ක්‍රම දෙක මගිනි.
ඉතා ඈතින් තිබෙන ඉලක්කවලට ගමන්කල යුතු නිසා කෲස් මිසයිල සාමාන්‍ය මිසයිල මෙන් රොකට් එන්ජින් භාවිතා නොකරන අතර රොකට් එන්ජින් භාවිතා කරන්නේ මිසයිලය දියත් කරන මොහොතේ එය අධික වේගයකින් ගුවන්ගත කිරීම සඳහා පමණකි. ඉන් අනතුරුව පියාසර කිරීම සඳහා බලය ජෙට් එන්ජිමකින් ලබාදෙයි
කෲස් මිසයිල ඉතිහාසය
මුල්වරට කෲස් මිසයිලයක් නිර්මාණය කොට එය සාර්ථකව ප්‍රහාර සඳහා භාවිතා කරන්නේ හිට්ලර්ගේ නට්සි ජර්මනියයි. දෙවන ලෝක යුධ සමයේ අවසාන භාගයේ නිර්මාණය වූ V-1 (Vergeltung-1 : ජර්මන් තේරුම - පලවිපාකය - යන්නයි). එවකට ජර්මනිය යටත්කොට ගෙන සිටි ප්‍රංශයේ උතුරු වෙරළ ප්‍රදේශයේ සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ලවුනු අතර V-1 කෲස් මිසයිල 9,521 මෙම කාළය තුලදී නට්සීන් විසින් බ්‍රිතාන්‍යය වෙත එල්ල කරන ලදී.
ප්‍රහාරයක් සඳහා V-1 මිසයිලයක් ලෝන්චරය වෙත රැගෙන යන නට්සි සෙබළුන් |
ලන්ඩනයට වැටුනු, එහෙත් පුපුරා නොගිය නට්සි V-1 මිසයිලයක් බ්‍රිතාන්‍යයේ London Imperial War Museum කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති අයුරු.
අමෙරිකාව සිරියාවට එරෙහිව කෲස් මිසයිල ප්‍රහාර සැළසුම් කරයි : මොනවද මේ කෲස් මිසයිල?
ටොමාහෝක් කෲස් මිසයිලය| එක්සත් ජනපද නාවික හමුදාව සිරියානු ජනාධිපති අසාඩ්ගේ රජය රසායණික අවි භාවිතාකල බවට ලැබෙන සාක්ශි වැඩිවීමත් සමගම ඔබාමා රජය සිරියාවට පහරදෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටී. අමෙරිකානු ආරක්ශක ලේකම් චක් හේගල් පවසන ආකාරයට, ජනාධිපතිවරයා අණදෙන ඕනෑම මොහොතක සිරියාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකිරීමට සියලු අමෙරිකානු හමුදා සූදානමින් සිටී. මේවන විට කෲස් මිසයිල ප්‍රහාර එල්ලකල හැකි USS Gravely, USS Ramage, USS Barry and USS Mahan යන ඩිස්ට්‍රෝයර් වර්ගයේ අමෙරිකානු යුධ නැව් සිරියාව අසල ස්ථානගත කොට ඇත. එමෙන්ම ගල්ෆ් මුහුදේ දැවැන්ත අමෙරිකානු ගුවන්යානා ගෙනයන නෞකා වන USS Nimitz හා USS Harry S Truman ස්ථානගත කොට ඇති අතර මේවායින් ගුවන්ගතවන යානාවලට පැය කිහිපයකින් සිරියාවට ප්‍රහාර එල්ලකල හැකිය.(සිතියම බලන්න)
සිරියාවට ප්‍රහාර එල්ලකිරීමට සූදානම් අමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා : මෙම ප්‍රහාරවල වැඩි බරක් යුධනැව් වලින් ගුවන්ගත කරන කෲස් මිසයිලවලින් ගනු ඇතැයි යුධ විශ්ලේෂකයින් පවසනවා.මොනවද මේ කෲස් මිසයිල?
කෲස් මිසයිලයක් යනු, ඉතා ඈත පිහිටි ඉලක්කයකට පහරදිය හැකි (1500+ Km), අධික වේගයෙන් ගමන්ගන්නා, දියත් කල පසු මිනිස් පාලනයකින් තොරව ස්වයංක්‍රීයව පියාසර කරන මිසයිලයකි. මෙය සතුරු රේඩාර් වලින් සැඟව යාම සඳහා ඉතා පහතින්, පොලොවට සමාන්තරව පියාසර කරයි. කිලෝග්‍රෑම් 500ක් (ටොන් භාගයක්) පමණ බරැති ඉතා ප්‍රභල පිපුරුම් හිසක් (war-head) රැගෙන පියාසරකරන මෙම මිසයිල නිරවද්‍යතාවයෙන් ඉහලය. කෲස් මිසයිලය සිය ගමන්මග සොයාගන්නේ ජී.පී.එස් තාක්ශණය හා පියාසර කරන ප්‍රදේශයේ භූවිශමතා හඳුනාගෙන ඒවා, කලින් ලබාදෙන ලද සිතියමක් හා සංසංදනය කිරීම (terrain contour matching - TERCOM) යන මූලික ක්‍රම දෙක මගිනි.
ඉතා ඈතින් තිබෙන ඉලක්කවලට ගමන්කල යුතු නිසා කෲස් මිසයිල සාමාන්‍ය මිසයිල මෙන් රොකට් එන්ජින් භාවිතා නොකරන අතර රොකට් එන්ජින් භාවිතා කරන්නේ මිසයිලය දියත් කරන මොහොතේ එය අධික වේගයකින් ගුවන්ගත කිරීම සඳහා පමණකි. ඉන් අනතුරුව පියාසර කිරීම සඳහා බලය ජෙට් එන්ජිමකින් ලබාදෙයි
කෲස් මිසයිල ඉතිහාසයමුල්වරට කෲස් මිසයිලයක් නිර්මාණය කොට එය සාර්ථකව ප්‍රහාර සඳහා භාවිතා කරන්නේ හිට්ලර්ගේ නට්සි ජර්මනියයි. දෙවන ලෝක යුධ සමයේ අවසාන භාගයේ නිර්මාණය වූ V-1 (Vergeltung-1 : ජර්මන් තේරුම - පලවිපාකය - යන්නයි). එවකට ජර්මනිය යටත්කොට ගෙන සිටි ප්‍රංශයේ උතුරු වෙරළ ප්‍රදේශයේ සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ලවුනු අතර V-1 කෲස් මිසයිල 9,521 මෙම කාළය තුලදී නට්සීන් විසින් බ්‍රිතාන්‍යය වෙත එල්ල කරන ලදී.

Last edited: