ක‍්‍රීඩා කරන්නේ ලංකාව වෙනුවෙන්.. අපිට සල්&#351

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ක‍්‍රීඩා කරන්නේ ලංකාව වෙනුවෙන්.. අපිට සල්&#351

ක‍්‍රීඩා කරන්නේ ලංකාව වෙනුවෙන්.. අපිට සල්ලි ලොකු නෑ – මාලිංග

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට ලැබීමෙන් සතුටු වන බවත් තම කණ්ඩායමට මුදල් ලොකු නැති බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද පැවැත්වෙන ලෝක කුසලාන අවසන් තරඟය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවේදීන් හා අදහස් දක්වමිනි.

‘ශ්‍රී ලංකාව නියෝජනය කරන්න කැමති නිසයි අපි ක්‍රීඩා කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අනන්‍යතාවයක් තියෙනවා. අපිට කොපමණ මුදලක් ලැබෙනවාද කියලා හිතන්නේ නෑ. ඒ අනුව අදත් හෙටත් හැමදාමත් අපි ක්‍රීඩා කරනවා. ඒකේ වෙනසක් නෑ’

යයිද කී ශ‍්‍රී ලංකා නායකයා සංගක්කාර හා මහේල 20-20 තරඟවලින් සමුගැනීම ගැන මෙසේද අදහස් පල කලේය.

‘ලංකාවට විතරක් නෙමෙයි ලෝකයටම ඔවුන් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්. මම ඔවුන් දෙදෙනා යටතේම ක්‍රීඩා කළා. දැන් ඔවුන් මම යටතේ ක්‍රීඩා කරනවා. ඔවුන් හැමවේලාවෙම තරුණ ක්‍රීඩකයන්ට උදව් කරනවා. ඔවුන් දෙදෙනා වෙනුවෙන් උපරිමය කරන්න අපිට අවශ්‍යයි. ඔවුන් හැමවේලාවෙම මට හොඳ අවවාද දුන්නා’


ජයවේවා!!!
 
  • Like
Reactions: PMUB

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    happy8se.gif