ඛාන් ඇකඩමි (Khan Academy) ගැන ඔබ දැනගත යුතු කරුණු 7ක්‌

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සාමාන්‍යයෙන් ඉගෙන ගන්නවා කිව්ව ගමන් අපේ ඔලුවට එන්නේ පංතියක නැත්තං දේශන ශාලාවක ඉඳගෙන ඉගෙන ගන්න එක, එතකොට විබාගෙකට වාඩි වෙන එක වගේ දේවල්නේ. ඔතනින් පොඩ්ඩක් පිට පැන්න ඩයල් එකක් සමහර විට කියන්න පුලුවන් ජීවිතේ නම් පාසැලෙන් ඉගෙන ගන්නවා කියන්නේ අත්දැකීම් ලබාගන්න එකය කියලා. ඔය කොයික කොහොම වුනත් ඉගෙන ගන්න වයස් බේදයක් නෑ. ඉගෙන ගන්න නියමිත කාලයකුත් නෑ. ඒ විතරක් නෙවෙයි, ඉගෙන ගන්නවා නං දැං කාලේ ඒකට කොහේවත් යන්න ඕනෙත් නෑ. ඔව්, මේ කියන්න යන්නේ දෙයක් ඉගෙන ගන්න වුවමනාව තියෙන මිනිහෙක්ට ඒකට අන්තර්ජාලයේ තියෙන හොඳම තැනක් වෙන කාන් ඇකඩමිය ගැන තමයි.

    1. මොකද්ද මේ අමුතු ඇකඩමිය?

    කාන් ඇකඩමි (https://khanacademy.org) කියන්නේ සියයට සියයක්ම නොමිලේ අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන අරමුණින් මීට දශකයකට කලින් වගේ නිර්මාණය වුණු අධ්‍යාපන ආයතනයක්. මේක පටන් ගත්තේ අධ්‍යාපනවේදියෙක් වුණු සල්මාන් ඛාන්. නෑ අපේ රඟපාන සල්මාන් නෙවෙයි.

    කොහොම වුනත් මූලිකවම කාන් ඇකඩමිය ආරම්භ කෙරෙන්නේ ඉගෙන ගන්න ආසාවක් තියෙන ඕනම වයස් සීමාවක මනුස්සයෙක්ට යමක් නොමිලේ, කොහෙවත් නොයා අන්තර්ජාලය ඔස්සේ ඉගෙන ගන්න ඉඩ ලබාදෙන්න ඕන කියන අරමුණත් එක්ක තමයි. දැන් වෙනකොට කාන් ඇකඩමිය ඒ අරමුණ සපුරාගෙන අවසානයි. සම්පූර්ණයෙන්ම මේ ඔස්සේ නොමිලේ අධ්‍යාපනය ලබාදෙනවා තමයි. ඒත් ඕන නං කෙනෙක්ට ආධාරයක් එහෙමත් කරන්න පුලුවන්.

    2. ඉතින් මොනවද ඕකේ උගන්නන්නේ?

    කාන් ඇකඩමියේ මූලික වශයෙන් උගන්වන්නේ ගණිතය තමයි. මූලික වශයෙන් කියලා කිව්වේ එකක් ගණිතය විවිධ ශ්‍රේණි වලට ගැලපෙන හැටියට බාලාංශේ ඉඳන් එක වසර, දෙක වසර විදියට උසස් අධ්‍යාපනය දක්වා මට්ටම් දහයකින් උගන්වන නිසා. ඒ වගේම මූලික ගණිතය පාඨමාලාවකුත්. ඉන් පස්සේ වීජ ගණිතය, ජ්‍යාමිතිය, සංඛ්‍යානය සහ සම්භාවිතාවය, කලනය, අංක ගණිතය, ත්‍රිකෝණමිතිය, විවිධ සමීකරණ විසඳීම වගේ ගණිතයේ එන විවිධ කොටස් වෙන වෙනම පාඨමාලා විදියට මූලික දැනුමේ ඉඳන් උසස් මට්ටම් දක්වා ඉගෙන ගන්නත් ඉඩ තියෙනවා :yes:

    මීට අමතරව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කාබනික රසායනය, ජීව විද්‍යාව, සෞඛ්‍ය සහ ඖෂධවේදය, විදුලි කාර්මික ඉංජිනේරුකරණය, අජටාකාශ සහ තාරකා විද්‍යාව ඉගෙන ගැනීමට පාඨමාලාවනුත් කාන් ඇකඩමියේ තියෙනවා. පරිගණක විද්‍යාව ගත්තත් පරිගණක ක්‍රමලේඛණය, කේතනයන්, සජීවීකරණයන් වගේ පාඨලාමා තියෙනවා.

    කලාව සහ මානව විද්‍යාවන් විෂය ගත්තොත් කලා ඉතිහාසය, ව්‍යාකරණ, සංගීතය, එක්සත් ජනපද ඉතිහාසය සහ ලෝක ඉතිහාසය ඉගෙන ගන්න පාඨමාලාවන් මෙතන තියෙනවා. මීට අමතරව ආර්ථික විද්‍යාව යටතේ පාඨමාලා කීපයකුත් ලැයිස්තුගත කරලා තියෙනවා. සැට්, එම්කැට් වගේ විභාගයන්ට සූදනම් වෙන්න පුහුණුවීම් පාඨමාලාත් කාන් ඇකඩමියේ තියෙනවා.

    3. කොහොමද ඉගෙන ගන්නේ?

    කාන් ඇකඩමියේ හැමදෙයක්ම උගන්වන්නේ සටහන් වලින්, වීඩියෝ වලින්, ප්‍රගුණ කරන්න තියෙන ක්‍රියාකාරකම් වලින් තමයි. සාමාන්‍යයෙන් ඔබට කැමති විෂයක් ‍තෝරගෙන ඒක ක්‍රමානුකූලව හදාරන්න පුලුවන්. එහෙම නැතිනම් තමන්ට කැමති විෂයන් කීපයක් එක පාර හදාරන්නත් පුලුවන්. දැන් කාන් ඇකඩමි වෙබ් අඩවියේ තමන්ට ගිණුමක් එහෙම හදාගෙන, තමන් කැමති විෂයක් යටතේ තියෙන පාඨමාලාවක් ‍තෝරගත්තට පස්සේ එනවා ඒ පාඨමාලාව උප කොටස් වලට බෙදලා පෙන්වන කවුළුවක්. දැන් ඒ එක් එක් කොටස් පිළිවෙලකට මුල ඉඳන් හදාරන්න පුලුවන්. ඒ එක් එක් කොටස් ඇතුලේත් තව උප කොටස් විදියට තමයි විෂය මාලාව බෙදලා වෙන් කරලා තියෙන්නේ. ඒ හින්දා වැඩේ ඕනම කෙනෙක්ට පැහැදිලියි. තමන් ඉගෙන ගන්නේ මොනවද කියලා වැඩේ පටන් ගන්නකොටම පැහැදිලි අවබෝධයක් ලැබෙනවා.

    එතකොට ඉගෙන ගන්න එක දිගට පැය දෙකක් මෙතන ඉන්න ඕන වගේ දේවල් නැහැ. දවසේ ඔබට පහසු වෙලාවක් වෙන් කරගෙන පහසු කාලයක් ඉගෙන ගන්න පුලුවන්. විශේෂයෙන්ම කාන් ඇකඩමියේ පාඨමාලා සඳහා තියෙන වීඩියෝ ක්ලිප් වුනත් විනාඩි ගණන් වල පොඩි කොටස් නිසා පැය ගණන් වීඩියෝ බල බල ඉන්න දෙයකුත් නෑ.

    වැදගත්ම දේ තමයි ඔබ ඉගෙන ගන්න දැනුම උරගා බලන්න ටෙස්ට් එහෙමත් තියෙනවා. මේ පරීක්ෂණ වලටත් ක්‍රමානුකූලව මුහුණ දීම හරහා ඔබට යම් විෂයක් ගැන ප්‍රවීණ දැනුමක් ලබාගන්න පුලුවන්.

    4. සහතිකයක් එහෙම දෙනවද?

    රස්සාවක් ගන්න සහතිකයක් පෙන්නන්න ඉගෙන ගන්න අයට නං කාන් ඇකඩමිය හරි යන එකක් නෑ :(. මොකද කාන් ඇකඩමියේ පාඨමාලාවක් සම්පූර්ණ කලා කියලා සැටිපිකේට් දෙන්නෙ නැති නිසා. හැබැයි කාන් ඇකඩමියේ ඔබ විවිධ ජයග්‍රහණයන් සම්පූර්ණ කරනකොට එක එක බැජ් දෙනවා.ඒ බැජ් ඔබේ ප්‍රොෆයිල් එකේත් පෙන්නුම් කරනවා :). එතකොට ඒ ඒ බැජ් වලින් දැනගන්න පුලුවන් මේ හාදයා කොයි තරම් දුරක් අන්තර්ජාල අධ්‍යාපනය ඔස්සේ ගිහින් තියෙනවද කියලා. ඒ කියන්නේ ඔබ ඉගෙන ගන්න එක් එක් විෂයයන් කුසලතා විදියට ඔබේ ප්‍රොෆයිල් එකට එකතු වෙනවා.

    5. ඉතින් මොකටද එහෙමනං කාන් ඇකඩමියේ කාලේ නාස්ති කරන්නේ?

    ඔය සමහරු ඉන්නවා ඉගෙන ගන්නේ සෙටිපිකේට් අරගෙන රස්සාවක් හොයාගන්න නෙවෙයි :rofl:. ගොඩක් වෙලාවට එක විෂයක ප්‍රවීණත්වයක් ලබාගෙන ඒ ඔස්සේ රස්සා කරන අය ඉන්නවා තව තව දේවල් ඉගෙන ගන්න දැනුම් පිපාසයෙන් පෙළෙන. එහෙම කෙනෙක්ට ඕන නං පොත පත කියවලා, එහෙම නැතිනම් අන්තර්ජාලය ඔස්සේ සෙවුම් කරලා දේවල් ඉගෙන ගන්නත් පුලුවන්. හැබැයි කාන් ඇකඩමියෙන් කරන්නේ යමක් එහෙම වදවෙන්නේ නැතුව පිළිවෙලකට ඉගෙන ගන්න පුලුවන් විදියට එක තැනක අන්තර්ගතයන් එකතු කරලා ක්‍රමානුකූල පාඨමාලාවක් හදලා දෙන එක. ඉතින් ඒ පාඨමාලාවක් හදාරන එකෙන් ඔබේ දැනුම තව පුළුල් වෙනවා. සැටිපිකේට් නැති වුනත් ඔබේ රස්සාවකට ඒ වගේ දෙයක් වැදගත් නැහැයි කියන්න බැහැනේ. උදාහරණයක් විදියට ගත්තොත් පුවත්පත් කලාවේදියෙක්ට ලෝක ඉතිහාසය ගැන කාන් ඇකඩමියෙන් ඉගෙන ගන්නවා කියන්නේ තමන් ලියන දේවල් සඳහා හොඳ රුකුලක්. ව්‍යාපාරයක ඉන්න කෙනෙක්ට වුනත් ක්ෂුද්‍ර ආර්ථිකය වගේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න එකේ වාසියක් මිසක් පාඩුවක් නෑ.

    6. එහෙනම් කාන් ඇකඩමියේ කෝස් එකක් කලහම මම දැන උගත් පොරක් වෙයිද?

    පිස්සුද ඕයි :lol:? ඉගෙන ගන්න එක ඒ තරමට ලේසියි කියල හිතුවද? කාන් ඇකඩමියෙන් අධ්‍යාපනය ලබාගන්න පුලුවන්, ඒක ඇත්ත. හැබැයි ප්‍රායෝගික භාවිතාව ගැන දැනගන්න නං ඉතින් ඒ ඉගෙන ගත්තු දේවල් ක්‍රියාවේ යොදවන්න ඕන. ප්‍රැක්ටිස් කරන්න ඕන. තව දුරට ඒ සම්බන්ධව කියවන්න කරන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් කාන් ඇකඩමියේ ගණිතය සම්බන්ධයෙන් තියෙන පාඨමාලාවක් ඔහේ කරගෙන ගිහින්, ඒකේ තියෙන ටෙස්ට් එකත් පාස් වෙන්න පුලුවන්. හැබැයි ඒකේ සංකල්පය තේරුම් ගන්න නම් පුතාලා දුවලා ඒක ප්‍රායෝගික තලයට ගේන්න ඕන. ගණිතය වගේ දේක ක්‍රියාපටිපාටි ඉගෙන ගන්න එක අනිවා වැදගත්. හැබැයි එතනින් එහාට ගණිත සංකල්පයන් තේරුම් ගන්න කාන් ඇකඩමියෙන් බෑ. කාන් ඇකඩමියෙන් කරන්නේ අන්තර්ජාල පාඨලාමාවකින් දෙන්න පුලුවන් දේ සුපිරියටම දෙන එක විතරයි. ඒකේ මාස්ටර් කෙනෙක් වෙන්න තමන්ට පුලුවන්ද කියන එක තමන් මහන්සියෙන් කරන්න ඕන දෙයක්.

    7. ෂුවර් නේද මට වැරදි දේවල් උගන්නන එකක් නෑ කියලා?

    මෙහෙමයි ඉතින්. කෙනෙක්ට කලිසමක් ගැන උගන්නන්න පුලුවන්. කලිසම අඳින්නේ කකුල් දෙක මුලින් දාලද, එහෙම නැත්තං ඔලුවෙන්ද කියන එක තමන් තීරණය කරන්න ඕන. කොහොමත් කාන් ඇකඩමියේ පාඨමාලා පිළියෙල කරන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන් වල පිළිගත්තු ප්‍රවීණත්වයක් තියෙන අය. කාන් ඇකඩමිය ගැන විවේචන නැත්තේ නෑ. මූලිකවම කාන් ඇකඩමිය පටන් ගත්තු සල්මන් කාන් ගොය්යාට අධ්‍යාපනවේදය ගැන පසුබිමක් නෑ කියලා සෑහෙන්න දෝෂාරෝපණ එල්ල වෙනවා. හැබැයි අනෙක් අතට ගොඩක් අය කියනවා “අපේ ඉස්කෝලේ සර් ගණන් කියල දුන්නට වඩා සිරාවට ඛාන් අය්යා ගණන් කියල දෙනකොට තේරෙනවා” කියලත් :)

    දැන් තේරෙනවනේ කාන් ඇකඩමිය ඇතුලේ තමන්ගේ කැපවීමෙන් කරගන්න පුලුවන් දේවල් තමයි වැඩි කියලා. තව දෙයක්. කාන් ඇකඩමියේ රෙජිස්ටර් වෙලා ඉගෙනීම් කටයුතු කරන්න පරිගණකයක් ඉස්සරහාපිට ඉන්න අවශ්‍යම නෑ. අවශ්‍ය නම් කාන් ඇකඩමි ස්මාට්ෆෝන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන යනින් එනින් ගමනකදී ස්මාට්ෆෝන් එක හරහා තමන්ගේ පාඨමාලාව හදාරන්නත් පුලුවන්.

    කාන් ඇකඩමිය සිරා වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපනයක්, ඕනම කෙනෙක්ට, පහසුවෙන් ලබාගන්න පුලුවන් විදියට විවෘත කරලා තියෙන නිසා. පුද්ගලිකව අපි කියන්නේ ඉස්සරහට යන්න හිතන ඕනම කොල්ලෙක්ට කෙල්ලෙක්ට කාන් ඇකඩමියේ එකවුන්ට් එකක් තියෙන එක පාඩුවක් නෙවෙයි.

    Aniwa.lk හි පළවූ ලිපියකින් උපුටා ගැනීමකි.
    කර්තෘ අඥාතයි :)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට පෞද්ගලිකව මේ ලිපිය ගොඩක් සමීපයි... මොකද මේක බලලා මං 2015දී බටන් ෆෝන් එකකින් තමයි khan එකේ acc එකක් හදාගත්තේ.. ඊටපස්සේ 2017 lap එකක් අරන් gmail එක open කරද්දීම ඕකෙන් mail එකක් ඇවිත් තිබුණ build your own website කියල html css course එකක් ගැන.. ඒක තමයි මගේ අද වෙනතෙක් ජීවිත ගමන සම්පුර්ණයෙන් වෙනස් කරේ..:)❤️

    aniwa ekata mokada ban une? :confused:
    දන්නෑ බන්.. කාලයක් වෙන එවුන් වගයක් කරන් ගියා.. උන්ගේ writing style ඒක මට සෙට් වුණේ නෑ.. ඊටපස්සේ වැහිලා ගියා.. අන්තිම කාලේ එක එකාට hint pass කරලත් තිබුණ posts වල අපේ site එකට සමහරු ගේම අදිනවා වගේ දේවල් කියල..:baffled:
    ------ Post added on Sep 2, 2022 at 10:08 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කෙනෙක්ට කලිසමක් ගැන උගන්නන්න පුලුවන්. කලිසම අඳින්නේ කකුල් දෙක මුලින් දාලද, එහෙම නැත්තං ඔලුවෙන්ද කියන එක තමන් තීරණය කරන්න ඕන.
    ඔලුවෙන් කෝමද බං කලිසම අඳින්නෙ ? 🤔 සරමක් නං පූළුවන් 🙃

    ප.ලි - බලපං ඉතිං මෙච්චර දේවල් තියන පෝස්ට් එකෙන් මම හොයපු එක 🤦
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    තේරුනේ නෑ නේ :baffled:
    මෑත ගැන කියනකොට මතක් වෙන්නේ නයාගේ ඔය හිනා වයි, කුරේ ගේ ගාන අවුල් ගියහම බෝඩ් එකට හරි බනින එකයි. :lol: :lol: තවත් හිටියා පොරක් පේපර් එක පැයයි කියලා දීලා, දවසම උනත් ඉදලා පුළුවන් ලියල පෙන්නපල්ල කියලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    හම්බ නිසා අපි වගේ නියම සින්හලුන්ට පිහිටන්නෙ නැති වෙයිද මන්ද ඕකෙ යන ඒව.

    මොක උනත් මරු සයිට් එක මම ස්ටැට් ගොඩ දාගත්තෙම ඕකෙන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    සැල් ඛාන් කියන්නෙ දෙයියෙක්! මගෙ අක්කගෙ පුතා ඌගෙ වයසට අවුරුදු කීපයක් උඩ ඒව ඉගෙනගන්නෙ ඒ උත්තමය නිසා. කොල්ලට හැමවෙලේම ගණන් උගන්නන්න මට වෙලාවක් නැති නිසා ඔය වීඩියොස් බලන්න දෙනව. මම ස්කෝලෙ යද්දි අන්ඩර්ග්‍රැජුවට් දේවල් ටිකක් අතපත ගාන්නත් ඔය චැනල් එක උදව් උනා. මටත් මගෙ යාලුවෙක් කිව්වෙ මෙහෙම එකක් තියෙනව කියල.

    හරි නම් ඔය සයිට් එකට පැකේජ් එකක් දෙන්න වටිනව අපේ නෙට්වර්ක් වලින්. ස්කෝලෙ පාඩම් සෙට් වෙන්නෙ නැති පොඩි උන්ට ඉගෙන ගන්න.