ඕක හෙන අවුල් නේ බන්.
දැන් පොර ප්‍රර්ථනා කරන්නේ " ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා".... වෙන විදියකට කිව්වොත් ලෝකේ ඉන්න සියලු ගෑනු කාම මිත්‍යාචාරය කියන අකුසලය කරගෙන මට සෙට් වේවා...!!
ඉතින් උගේ ප්‍රාර්ථනාව හරි ගිහින් ඒකෙ බලෙන් , ඊලග ආත්මේ දී ගෑනු ටික ඌට ඇලිලා අකුසල් වෙන්ව.
ඒ කියන්නේ කාට හරි පුලුවන් බුදුන්ට දානයක් / පුජාවක් දීල ප්‍රාර්ථනාවක් කරන්න ලෝකේ ඉන්න අනික් සියලු දෙනාටම අකුසල් රැස් වෙන විදියට ... ඒවා හරි යනවත් එක්ක.
කාම මිත්‍යාචාරයට ධාතු පුජාවෙන් උදව් ලැබුනා වගේ ප්‍රාණගාතයකට ප්‍රර්ථනා කරොත් ඒවත් කරල දෙනවද ?
ග්‍රීන්තන්ඩර් දකින විදිහට ඔතන සිදුවෙලා තියෙන්නෙ ඛේමට බොහොම ලොකු ආකර්ෂණ සම්පත්තියක් ඇතිව උපතක් ලැබීම. රටේම සිටුවරයෙකුගෙ බෑණෙක්, සල්ලිකාරයෙක්, ලස්සන කොල්ලෙක්. රටේ රජතුමාත් දන්න හඳුනන පිලිගන්න කෙනෙක්. ඒවාත් සමග ඔහුට ස්ත්‍රී ලෝලීත්වයත් පුරුද්දක්, කැමැත්තක්, ආශාවක් විදිහට ඉදිරියට ඇවිත් තියනව. ඔහුගෙ සාංසාරීක ප්‍රාර්තනාවම එක.
ඉහත පැහැදිලි කිරීම මතක තියාගෙන දෙවනි කාරණය ආවම, ඔව් සමහර අයගේ කුසල විපාක නිසා තවත් අයට අකුසල කර්ම කරගන්න අවස්ථාව උදාවෙනවා. ඒවගේම සමහර කුසල කර්ම වල විපාකය ලබනකොට ඒවා නිසාම මහත්වූ අකුසල කර්ම රශියක් කරගන්නත් අවස්ථාව හිමිවෙනව. කාමයට දැඩි ලෙස කැමති අයට ඒක හොඳ ලෙහෙසි පහසු අවස්ථාවක් වෙන්න පුලුවන් අකුසල කර්ම කරන්න. ඒකම තමා මේ සංසාරයේ භයානකත්වය. සරණක් නැතිබව.
අන්තිම ප්‍රශ්නය ඉහත ග්‍රීන්තන්ඩර්ගෙ පිලිතුරෙ පලවෙනි ඡේදෙ තියන පැහැදිලි කිරීමට අනුව හිතලා බලන්න. එතකොට පැහැදිලි වෙයි. එහෙම නැතිව ඛේමගෙ පින නිසා ඕනෙම කෙනෙකුට "මැජික්" එකකින් වගේ ඛේම එක්ක බුදියන්න හිතෙනවා කියලා ගැනීම යුක්තිසහගත නැහැ කියලයි හිතන්නෙ.
.. ඒවා හරි යනවත් එක්ක.
හැබැයි ඊට පස්සෙ ඒ අකුසලේ ගෙවන්න වෙනව ආයෙ