ඛේමගේ අනාචාරය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    බුදුදහමට අනුව දිලාන් පටලවාගෙන.

    මෙතන කුසලය වෙන්නෙ බුදුවරයෙකුට දීමේ "චේතනාව". ඒ "දෙන චේතනාව" මුල්කරගෙන සිදුකරන ක්‍රියාවලිය. ඒකෙ කුසල විපාකය අවස්ථාව ලද කල්හී ලැබෙන්න සකස්වෙනවා. ඛේම මේ දානය දීලා එයින් ප්‍රාර්ථනා කරන්නෙ කාම සම්පතක්. ඔය දෙක වෙන්ව තමා බුදුදහම ඕක දකින්නෙ. සමහරවිට "දිලාන්ගෙ දහම" කියලා එකක දිලාන් ගොඩනගන ආකාරයේ කුසාලාකුසලයක් ගොඩනගන්න පුලුවන් වෙයි. ථෙරවාදය එන්ඩෝර්ස් කරන මතය නෙමෙයි ඕක. පැහැදිලියි ඇතියි කියල හිතනව.
    මචන් ඔයා කියන විදියට , මම බුදුවරයෙකුට යමක් පුජා කරනවා, ඒ "දෙන චේතනාව" මුල්කරගෙන සිදුකරන ක්‍රියාවලිය. ඒකෙ කුසල විපාකය ලෙස මම ප්‍රර්ථනා කරනවා , අපේ අල්ලපුගෙදර මිනිහා මැරෙන්න කියලා, ඊට පස්සේ ඒ මනුස්සයා මැරෙනවා. ඒ කියන්නේ ඕනෑම කුසලයක් කරලා ඒකෙ කුසල විපාකය ලෙස මම අකුසලයක් ප්‍රර්ථනා කරාම ඒක සිද්ධ වෙනවා කියලද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    මේ තියෙන්නෙ දිලාන්ම පිලිතුර දීල. දෙන්න සකස්වෙන හිතෙ තියෙන්නෙ අත්හැරීම. ප්‍රාර්ථනාව සිදුකරන හිතේ තියෙන්නෙ ආශාව.
    දෙන්න සකස් වෙන්නේ අත්හැරීම නෙවෙයි !!
    දෙන්න සකස් වෙන්නේ ප්‍රර්ථනා කරල ඉල්ලන්න පුලුවන් කම. එහෙම ඉල්ලන් බැරි නම් ඌ ඔය කොඩි දෙන්නේ නෑ සෑයකට !
    දෙන්න සකස් වෙන්නෙම තෘෂ්ණාව . ඒකයි කොඩියක් දීල කම් සැප ඉල්ලන්නේ..

    දැන් කාට හරි හම්බෙනව අදික පැණිරහා කෑමක්.
    මූ ඕක ගිහින් දෙනවා කාටහරි හොදටම සීනි තියන කෙනෙක්ට.

    දීල මූ හිතනවා මේක කාල මූ සීනි වැඩිවෙලා මැරියන් කියල..

    කෑම දෙන්නෙම මැරෙන්න කියලා හිතාගෙන තමයි.

    ඔයාගේ බුද්දාගමේ විදියට ඌ කෑම දෙන එකේ "දීමේ" කුසලය ලැබෙනවා .
    ඔතන තියෙන්නේ ද්වේශ සහගත සිතක් මිසක් දීමක් නෙවෙයි..

    මේ කතාවේ තියෙන්නේ ලොබ සිතක් මිසක් දීමක් / අත්හැරීමක් නෙවෙයි . උගේ දීමේ අරමුණම තව ලබාගැනීම/තෘෂ්ණාව
     
    • Like
    Reactions: hi.dushan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,068
    113
    කලෙකින් දැකපු පට්ට ලොජික් එක.ඔන්න කල්‍යාණ මිත්‍රයෙක් නිරාගමිකයෙක් විදියට ඇවිල්ල ධර්මය අවබෝධ කරගන්න පොටක් පාදලා.
    පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ.
     
    • Like
    Reactions: lankalk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දෙන්න සකස් වෙන්නේ අත්හැරීම නෙවෙයි !!
    දෙන්න සකස් වෙන්නේ ප්‍රර්ථනා කරල ඉල්ලන්න පුලුවන් කම.
    දෙන්න සකස් වෙන්නෙම තෘෂ්ණාව . ඒකයි කොඩියක් දීල කම් සැප ඉල්ලන්නේ..

    දැන් කාට හරි හම්බෙනව අදික පැණිරහා කෑමක්.
    මූ ඕක ගිහින් දෙනවා කාටහරි හොදටම සීනි තියන කෙනෙක්ට.

    දීල මූ හිතනවා මේක කාල මූ සීනි වැඩිවෙලා මැරියන් කියල..

    කෑම දෙන්නෙම මැරෙන්න කියලා හිතාගෙන තමයි.

    ඔයාගේ බුද්දාගමේ විදියට ඌ කෑම දෙන එකේ "දීමේ" කුසලය ලැබෙනවා .
    ඔතන තියෙන්නේ ද්වේශ සහගත සිතක් මිසක් දීමක් නෙවෙයි..

    මේ කතාවේ තියෙන්නේ ලොබ සිතක් මිසක් දීමක් / අත්හැරීමක් නෙවෙයි . උගේ දීමේ අරමුණම තව ලබාගැනීම/තෘෂ්ණාව

    කාශ්‍යප බුදුන්ට රත්තරනින් සැදූ කොඩි දෙකක් පුජා කලේ උන්වහන්සේට ඇති ගෞරවය පුද සත්කාරයක් විදිහට මිසක් "කෙලවෙලා පලයං කාශ්‍යප බුදුන්ට" කියලා නෙමෙයිනෙ.

    එතකොට ඔය ප්‍රශ්නයත් විසඳෙනවා නේද.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,068
    113
    කුසලයට හේතු වෙන්නේ යහපත් චේතනාවනේ.

    දැන් මූ රත්තරන් කොඩි දෙකක් සෑයකට පුජ කරල මොකද්ද ඉල්ලන්නේ ???
    "ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා" කියලා...

    දැන් මූට තියෙන්නේ අදික රාගය / තෘෂ්ණාව නෙවෙයි ද ??
    මූ අදික කාම රාගයෙන් ලෝභ සිතක් නෙවෙයි ද ඇති කරගෙන් ඉන්නේ කම්සැප උපාදාන කරගෙන. ??

    හරි නම් මේක අකුසලයක් .. මූ කොඩි දෙකක් දීල ලොබ සිතක් ඇතිකරගෙන මිසක් කුසලයක් කරගෙන නෙවෙයි.
    හැබැයි මේ කතාවේ විදියට මූ මාර පින් කමක් කරලා ඒක පලත් දීල ඌ හිතපු විදියටම.

    බුද්දාගමේ ම වෙන කතාවක වගේ නම්, මේ වගේ කාමයට/ගෑනු ගැන අදික ලෙස තණ්හාවෙන් ලොබ සිතක් ඇති කරගත්තා එකෙක් ගැන කතාවක් නම් ,ඊ ලග ආත්මේ ඌ ගෑනුන්ගේ ඇදුම් වල ඉන්න සතෙක් වගේ වෙලා ඉපදුනා කියලා කියයි.
    රත්තරන් වලට ආසාවේ හිටපු එකෙක් රත්තරන් ගබඩාවේ මියෙක් වෙලා ඉපදුනා කියයි.

    හැබැයි මේකේ උගේ තිබ්බ තණ්හාව / රාගය ඔක්කොම අමතක වෙලා ඌ සෑයකට කොඩි පුජා කරලා ඉල්ලපු නිසා ඌට උගේ ප්‍රාර්ථනාව කොච්චර අකුසල සිතෙන් කරත් හරි ගිහින්.

    ඉතින් ඕක ගැලපෙන්නේ නෑ .
    වෙලා තියෙන එක තමා ඉතින් බුදු හාමුදුරුවෝ කියන්න ඇත්තේ.
    නොගෙළපිල්ල තියෙන්නේ අපි කර්මය ගැන දන්න විධියට සිද්දිය තේරුම් ගන්න විදියෙනේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචන් ඔයා කියන විදියට , මම බුදුවරයෙකුට යමක් පුජා කරනවා, ඒ "දෙන චේතනාව" මුල්කරගෙන සිදුකරන ක්‍රියාවලිය. ඒකෙ කුසල විපාකය ලෙස මම ප්‍රර්ථනා කරනවා , අපේ අල්ලපුගෙදර මිනිහා මැරෙන්න කියලා, ඊට පස්සේ ඒ මනුස්සයා මැරෙනවා. ඒ කියන්නේ ඕනෑම කුසලයක් කරලා ඒකෙ කුසල විපාකය ලෙස මම අකුසලයක් ප්‍රර්ථනා කරාම ඒක සිද්ධ වෙනවා කියලද ?

    නැහැ දුශාන් ග්‍රීන්තන්ඩර් එහෙම මතයක් එන්ඩෝර්ස් කරන්නෙ නැහැ. දෙන ක්‍රියාවලි කිරීමයි, දීලා ප්‍රාර්ථානාවක් කිරීමයි, ඒ අනුව යෙදිය හැකි මොහොතෙ යෙදිය හැකි විදිහට කර්මයක් සකස්වීමයි කියන සිද්දි තුන වෙන වෙනම ගන්න ඕනෙයි කියලයි කියන්නෙ.

    Edited - minor changes.
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    සෝවාන් ආර්ය උත්තමයෙක් හෝ එතනින් එහා මාර්ගපල ලබපු උතුමන්ට දෙන ධනේ ආනිසංස මෙච්චරයි කියල කියන්න බෑ කියල නේද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ?

    ඛේම ඒ බන අහලා සෝවාන් වෙලා තියෙනවා, පෙරුම් පුරාගෙන ආව එක්කෙනෙක් වෙන්න ඕනිනේ.. ඒවගේ කෙනෙක්ට මේවගේ සැප ලැබෙන එකේනම් ලොකු පුදුමයක් නෑ, හැබැයි එක ඉවරවෙන්න කලින් නිවන් අවබෝදකරගත්ත එකෙන් මැච් එක ඉවර කරගෙන..
    ඕවගේම සිටුපුත්රයෙක් දේපල ඔක්කොම විනාස කරගෙන බීල,සුදු කෙල්ල සල්ලි නාස්ති කරගත්ත කතාවක් තියෙන්නේ, හැබැයි තරුණ කලේ මහන උනානම් රහත් වෙන්න පින තිබ්බ කතාවක්...

    මේ කතාවෙන් ගන්නේ, බුදුහාමුදුරුවන්ට රත්තරං කොඩි පුජා කරලා ලබන ආත්ම වල හොදට බඩු ගහන්න ලැබේව කියලනම් ඉතිං සොරි කියලා තම හිතාගන්න වෙන්නේ...අඩුම ගැනේ ඛේම වගේ සෝවාන් වෙන්න බලන්න, ඊට පස්සේ ඕන මගුලක්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    කාශ්‍යප බුදුන්ට රත්තරනින් සැදූ කොඩි දෙකක් පුජා කලේ උන්වහන්සේට ඇති ගෞරවය පුද සත්කාරයක් විදිහට මිසක් "කෙලවෙලා පලයං කාශ්‍යප බුදුන්ට" කියලා නෙමෙයිනෙ.

    එතකොට ඔය ප්‍රශ්නයත් විසඳෙනවා නේද.
    කවුද කිව්වේ කාශ්‍යප බුදුන්ට කෙළවෙන්න කොඩි පුජා කරා කියලා ?? :rofl:

    අනික කෙළවෙන්න කශ්‍යප බුදුන් ඉන්න විදියක් නෑ නේ ඔය පුජාව කරද්දී.. "කශ්‍යප බුදුරජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් කර සාදා තිබූ සෑයකට පූජා කරලා ...."

    දැන් චන්දෙ ලංවෙලා දේශපාලුවෝ පන්සල් වලට ගිහින් ලොකු ලොකු පුජා තියන්නේ හදිසියේම ඇතිවෙච්ච ගෞරාවය නිසාද ??
    නෑ නේ. චන්දෙන් දිනන්න ලැබේවා කයිල හිතාගෙන දෙන්න පුලුවන් වටින්ම දෙයක් දෙනවා චන්දෙ කියන දේ ඊට වඩා තමන්ට වටිනා නිසා..

    බැරි වෙලාවත් ඔහොම දෙන දෙකින් පුජාවකින් මුකුත් ලැබෙන්නේ නෑ කියලා දන්නවනම් ඕකට වටින් දේවල් දෙන්න යන්නේ නෑ .

    මෙතනත් එහෙමයි.රත්රන් කොඩි දුන්නට වැඩක් නෑ . චේතනාව සකස් වෙලා තියෙන්නේ අදික රාගයෙන් තන්හාවෙන් අනාගත අදික කම්සැප විදීමේ අරමුණින්. ඒක තමයි දීමේ අරමුණ. ඔය රත්තරන් කොඩි වලට වඩා ඛේම ට එතකොට අනාගතේ ප්‍රාර්ථන කරන කම්සැප වටිනවා . ඒ තරම් තෘෂ්ණාවක් තියෙන්නේ ගෑනුන්ට.

    මේ කතාවෙන් ගන්නේ, බුදුහාමුදුරුවන්ට රත්තරං කොඩි පුජා කරලා ලබන ආත්ම වල හොදට බඩු ගහන්න ලැබේව කියලනම් ඉතිං සොරි කියලා තම හිතාගන්න වෙන්නේ..
    ඉතින් ඛේම එහෙම තමයි ඉල්ලුවේ..... ඉතින් ඇයි එහෙම හිතන අනිත් යට සොරි වෙන්නේ ?
    :rofl: .. උබටත් එහෙම ඉල්ලන එකේ අවුලක් හිතේ තියෙන නිසා තමයි ඕක කිව්වේ.
     
    • Like
    Reactions: hi.dushan

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ.

    ඕන එකෙක්ගේ ගෑනියෙක් ඌ එක්ක සෙට් වෙන්න කැමති වෙන ගානට ගෑනු ටික වෙනස් වෙලා උගේ ප්‍රාර්ථනාව නිසා.

    ඕන එකෙක්ගේ ගෑනියෙක් ඌ එක්ක සෙට් වෙන්න කැමති වෙන ගානට ඌ වෙනස් වෙලා උගේ ප්‍රාර්ථනාව නිසා.
    - දැන් බලන්නකෝ, ඌ වෙනස්වුනේ මොනවයින්ද ? කොහොමද ? කියල හිතන්න.
    (ඔය සිද්දියම මටත් හැම මොහොතකම අත් දකින්න ලැබෙනවා.මම ගැහැණු පස්සේ යන කෙනෙක් නෙමේ. එත් අක්කල /නංගිලා /නැන්දලා /ආච්චිලා ට වෙනකං ගැනු මට හරි ආදරෙයි. මම බොහොම ගවුරවයෙන් සලකන මගේම වැඩිමල් සහෝදරියත් එයාට බදින්න හෙව්වේ මං වගේ පිරිමියෙක්ලු. ) මේ විස්තරය ඇති හොඳටම වටහා ගන්න
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කවුද කිව්වේ කාශ්‍යප බුදුන්ට කෙළවෙන්න කොඩි පුජා කරා කියලා ?? :rofl:

    අනික කෙළවෙන්න කශ්‍යප බුදුන් ඉන්න විදියක් නෑ නේ ඔය පුජාව කරද්දී.. "කශ්‍යප බුදුරජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් කර සාදා තිබූ සෑයකට පූජා කරලා ...."

    දැන් චන්දෙ ලංවෙලා දේශපාලුවෝ පන්සල් වලට ගිහින් ලොකු ලොකු පුජා තියන්නේ හදිසියේම ඇතිවෙච්ච ගෞරාවය නිසාද ??
    නෑ නේ. චන්දෙන් දිනන්න ලැබේවා කයිල හිතාගෙන දෙන්න පුලුවන් වටින්ම දෙයක් දෙනවා චන්දෙ කියන දේ ඊට වඩා තමන්ට වටිනා නිසා..

    බැරි වෙලාවත් ඔහොම දෙන දෙකින් පුජාවකින් මුකුත් ලැබෙන්නේ නෑ කියලා දන්නවනම් ඕකට වටින් දේවල් දෙන්න යන්නේ නෑ .

    මෙතනත් එහෙමයි.රත්රන් කොඩි දුන්නට වැඩක් නෑ . චේතනාව සකස් වෙලා තියෙන්නේ අදික රාගයෙන් තන්හාවෙන් අනාගත අදික කම්සැප විදීමේ අරමුණින්. ඒක තමයි දීමේ අරමුණ. ඔය රත්තරන් කොඩි වලට වඩා ඛේම ට එතකොට අනාගතේ ප්‍රාර්ථන කරන කම්සැප වටිනවා . ඒ තරම් තෘෂ්ණාවක් තියෙන්නේ ගෑනුන්ට.

    කවුරුත් කීවෙ නැහැ. ග්‍රීන්තන්ඩර් එක මතුකලා ඛේමගෙ දීමෙහි දක්ෂතාවය ඉස්මතු කරන්න.

    මෙතනදි ඛේම ඉතාමත් දක්ශ විදිහට දීම කියන ක්‍රියාව සිදුකරලා තියන බව ඉන්ෆර් කරන්න පුලුවන්. මුලු හදවතින්ම දෙන දෙය අත්හැරලා, බුද්ධ ගෞරවය, බුද්ධෝපස්ථානය පෙරදැරි කරගෙනය දීලා ඇති බව අපිට විපාකය බලලා ඉන්ෆර් (බුදුදහමේ පැහැදිලි කිරීමට අනුව යමින්) කරන්න පුලුවන්. දීලා එයින් මෙය ලැබේවායි කියන ප්‍රාර්ථනයෙදි ඔහු ධර්මානුකූලව බලනකල අදක්ෂ වීමකුත් වෙලා තියනවා කියල දැනගන්න පුලුවන්.

    දිලාන්ට චන්දෙ ලංවුනාම පංසල් යන ඒ ඒ දේශපාලඥයන්ගෙ හිත කියවීමෙ හැකියාවක් ලැබුනට ග්‍රීන්තන්ඩර්ට එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා ඒ අය,

    සද්භාවයෙන් දෙනවා
    චන්ද ගන්න දෙනවා
    දෙකම මුල් කරන් දෙනවා
    වෙනත් අරමුණක් මුල් කරන් දෙනවා

    ආදී අනුමාන රාශියක් ඉදිරිපත්ව කරන්න පුලුවන්. එහෙම ඉදිරිපත් කරලා තමන්ට වඩාත්ම විය හැකියි කියන අනුමානය ඉදිරියට අරන් තමන්ගෙ "මතය" විදිහට ඉදිරිපත් කරන්න පුලුවන්. දැන් දිලාන් ඔය එහෙම මතයක් ඉදිරිපත් කරන්නෙ. ග්‍රීන්තන්ඩර් කරන්නෙ ථේරවාද ඒකසජීසිස් එකට අනුව මතය ඉදිරිපත් කරන එක.

    Edited - new paragraph below.

    ග්‍රීන්තන්ඩර් දන්නෙ නැහැ දිලාන් ඛේමගෙ සහ දේශපාලඥයන්ගෙ හිත් ටක්කෙටම කියන්නෙ කොහොමද කියලා. ග්‍රීන්තන්ඩර් නම් බුදුදහමේ පැහැදිලිකිරීම් ගැන විශ්වාසය (ශ්‍රද්ධාව) මුල් කරගෙන තමා කියන්නෙ. සමහරවිට දිලාන් දිලාන්ගෙ අත්දැකීම්, ඉන්ටලෙක්ට් එක විශ්වාස කරමින් මේ ප්‍රකාශ කරනවා විය හැකියි?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    දිලාන්ට චන්දෙ ලංවුනාම පංසල් යන ඒ ඒ දේශපාලඥයන්ගෙ හිත කියවීමෙ හැකියාවක් ලැබුනට ග්‍රීන්තන්ඩර්ට එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා ඒ අය,
    ඒ උනාට ඔය කොඩි දීපු ඛේම ගේ හිත හොදට කියවල නේ ඔයා .. :rofl:

    ඛේම එක දීල තියෙන්නේ තෘෂ්ණාවෙන් රාගයෙන් නෙවෙයි ගෞරාවයෙන් කියලා ඔය කියන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: hi.dushan

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒ උනාට ඔය කොඩි දීපු ඛේම ගේ හිත හොදට කියවල නේ ඔයා .. :rofl:

    ඛේම එක දීල තියෙන්නේ තෘෂ්ණාවෙන් රාගයෙන් නෙවෙයි ගෞරාවයෙන් කියලා ඔය කියන්නේ කොහොමද ?

    පෙර පිළිතුරේ අගට එඩිට් එකක් දාලා තිබුණ ඒ සම්බන්ධයෙන්. එඩිට් එකක් නිසා මිස් වෙන්න ඇති.

    ග්‍රීන්තන්ඩර් දන්නෙ නැහැ දිලාන් ඛේමගෙ සහ දේශපාලඥයන්ගෙ හිත් ටක්කෙටම කියන්නෙ කොහොමද කියලා. ග්‍රීන්තන්ඩර් නම් බුදුදහමේ පැහැදිලිකිරීම් ගැන විශ්වාසය (ශ්‍රද්ධාව) මුල් කරගෙන තමා කියන්නෙ. සමහරවිට දිලාන් දිලාන්ගෙ අත්දැකීම්, ඉන්ටලෙක්ට් එක විශ්වාස කරමින් මේ ප්‍රකාශ කරනවා විය හැකියි?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    පෙර පිළිතුරේ අගට එඩිට් එකක් දාලා තිබුණ ඒ සම්බන්ධයෙන්. එඩිට් එකක් නිසා මිස් වෙන්න ඇති.
    මම කිව්වේ ඔය කතාවේම අවුලක් තියනව කියලා.
    එහෙම නැතුව ඕක මුලින් විශ්වාස කරගෙන ඒක වෙන්න පුලුවන් විදි සාධාරණී කරණය කරන එක නවෙයි මම කරන්නේ.

    බුදුන් වෙනුවෙන් යමක් දීල, අධික තන්හාවෙන් ලෝබ සිතෙන් කරපු ප්‍රාර්ථනයකුත් සපල වෙලා කියලා තමයි ඔය කතාවේ කියවෙන්නේ.

    ඛේම ඔය කොඩි දෙක දීල, ඔයා කියන විදියේ ගෞරාවයෙන් දීල , පස්සේ ප්‍රර්ථනා කරොත් අදික ද්වේශයෙන් කාටහරි අයහපතක් , ඒ ප්‍රර්තනවත් හරියන්න ඕනේ ඔය කියන විදියට..

    මම කියන්නේ ඔය කරා කයන ප්‍රර්ත්නවා ඇතුලේ තියෙන්නෙම අකුසලයක් බුද්ධාගමේ විදියට. ඔතන තියෙන්නේ අකුසල් සිතක් . ලෝබ සිතක්. තණ්හාවක්..
     
    • Like
    Reactions: hi.dushan

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම කිව්වේ ඔය කතාවේම අවුලක් තියනව කියලා.
    එහෙම නැතුව ඕක මුලින් විශ්වාස කරගෙන ඒක වෙන්න පුලුවන් විදි සාධාරණී කරණය කරන එක නවෙයි මම කරන්නේ.

    බුදුන් වෙනුවෙන් යමක් දීල, අධික තන්හාවෙන් ලෝබ සිතෙන් කරපු ප්‍රාර්ථනයකුත් සපල වෙලා කියලා තමයි ඔය කතාවේ කියවෙන්නේ.

    ඛේම ඔය කොඩි දෙක දීල, ඔයා කියන විදියේ ගෞරාවයෙන් දීල , පස්සේ ප්‍රර්ථනා කරොත් අදික ද්වේශයෙන් කාටහරි අයහපතක් , ඒ ප්‍රර්තනවත් හරියන්න ඕනේ ඔය කියන විදියට..

    මම කියන්නේ ඔය කරා කයන ප්‍රර්ත්නවා ඇතුලේ තියෙන්නෙම අකුසලයක් බුද්ධාගමේ විදියට. ඔතන තියෙන්නේ අකුසල් සිතක් . ලෝබ සිතක්. තණ්හාවක්..

    ඔව් ඉතින් දිලාන් ඕක ආයෙ ආයෙත් කිව්වනෙ. ග්‍රීන්තන්ඩරුත් ආයෙ ආයෙ ඉදිරිපත් කලා ථේරවාද බුදුදහමට අනුව අටුවාව ඉදිරිපත් කරලා තියන මතය. ඒක සහ ථෙරවාද කර්මය කියන එක පිලිබඳව ග්‍රීන්තන්ඩර් තේරුම් අරන් තියන විදිහට දිලාන්ගෙ මතය ධර්මානුකූල නැහැ කියන එක පැහැදිලි කරන්න උත්සහ කලා. දෙක අවසථා දෙකක් සිද්ධි දෙකක් කියන එක පැහැදිලි කලා. දිලාන් කියන එක ථෙරවාද බුදුදහම ඉදිරිපත්කරන කර්මවාදයට එකඟ නැහැ කියන එක පෙන්වන්න උත්සහ කලා.

    ඕක දිලාන්ගෙ කර්මවාදයක්. දිලාන්ගෙ ධර්මයක්. එහෙම එකක් හදාගන්න එක ගැන ග්‍රීන්තන්ඩර්ට ගැටළුවක් නැහැ. දිලාන් දිලාන්ගෙ විශ්වාස මත පදනම්ව එකක් කියනවා. ග්‍රීන්තන්ඩර් ග්‍රීන්තන්ඩර්ගෙ විශ්වාස මත පදනම්ව තවත් එකක් කියනවා. එකඟ වුනොත් "සත්‍යක්" ගොඩනැගෙනවා. නැතිනම් "සත්‍ය දෙකක්" ගොඩනැගෙනවා.
     
    මම කියන්නේ ඔය ඔයා හදාගත්ත මතයක් කියන එක..

    ඔයා කියන්නේ ඛේම මාර ගෞරවයෙන් දෙයක් දීල පස්සේ ඒකෙන් අර ගෑනු ලබාගන්න ප්‍රාර්තනාවත් පස්සේ මතක් වෙලා කරනව වගේ කතාවක්..ඒ සිද්දිය කෑල් දෙකකට කඩල, ඇත්කරගත්ත ලෝබ සිත කියන කෑල්ල අමතකම කරල දාල ඒ ලෝබ සිතෙන් කරපු ප්‍රාර්ථනාන අර මුල ගෞරවයේ කුසලයෙන් නිසා හරි ගියා කියල ඔය කියන්නේ… :rofl:

    අර පැනි රස කෑමක් දිය වැඩියාව තියන මනුස්සයෙක්ට දිල , ඒක කන අතර මේක කාල මූ මැරියන් කිල ප්‍රාර්තනා කරාම දීමේ ආනිසංසයෙන් දිවේෂ සහගත ප්‍රාර්ථනාව සපල වෙනව වගේ කතාවක් ඔය…

    ග්‍රින්තන්ඩර් කියන්නේ ඛේමගේ දීමේ ආනිසංසයෙන් , ඛේමගේ රාගික ලෝබ මූල සිතුවිල්ල සපල උනා කියන දේ!
    ඔය දෙක සිද්දි දෙකක් නම් දීමේ ආනිසංසය විදියට වෙන මොනවහරි ලැබෙන්න තිබ්බනේ.. තන්හාවෙන් පස්සේ ඉල්ලපුදේ දිමේ කුසලයට සම්බන්ද වෙන්න විදියක් නැ දෙකක් නම්..

    ඔය කියන විදියට බුද්දාගමේ අපි කුසල සිතින් කරන කර්ම වල විපාක විදියට , අපි අකුසල සිතින් කරන ප්‍රාර්ථනාවන් සපල විම වෙනවා කියන එක.. :rofl:

    මම කියන්නේ ඛේම යහපත් සිතෙන් දෙයක් දුන්න නම් ඒකට වෙනම විපාක ලැබෙන්න ඕන.
    අකුසල් සිතකින් දෙයක් කරානම් ඒකටත් විපාක වෙනම ලැබෙන්න ඕන..

    හැබැයි මෙතන කුසල් සිතින් කරපු දේ පල විදියට අකුසල් සිතින් ඉල්ලපු දේ ලැබිල තියෙන්නේ ඔයා කියන තේරවාදී ධර්මයට අනුව..
    සිද්දි දෙකක් කියල පස්සේ කර්ම පල ලින්ක් කරල ..
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,291
    2,139
    113
    මුගේ ප්‍රාර්ථනාව පල දෙන්නේ මූ ලස්සන වෙලා , සල්ලි තිබිල මොනා තිබ්බත් නෙවෙයි..

    මේක කොහොමද දන්නෙ? ගැනු උගේ ලගට අදෙන්නෙ උගේ තියෙන කිසියම්ම ඇද ගැනීම හැකියාවක් නෙවේ නිසා කියල?

    ගෑනු මුගේ පස්සෙන් ආවොත් විතරයි මුගේ ප්‍රාර්ථනාව පල දුන්නා වෙන්නේ... ඒක හරියන එකයි වෙලා තියෙන්නේ . නැතුව ඌ ලස්සන වෙලා රිතික් වගේ එකෙක් වෙලා , සල්ලිත් තිබිල බැරි වෙලාවත් ගෑනු මූ එක්ක ආවේ නැත්නම් ඕක පල දුන්න වෙන්නේ නෑ .

    මේක වෙන්න පුලුවන් නෙ...කර්මයක් පල දෙන්නෙ ඕන වෙලාවක බැ නෙ...ආත්මයක මුට ගැනු අද ගැනීම හැකියාව තියෙන්න ඇති...කාම මත්යචරයට කර්මයට දායක වෙන ගැනු ඉන්න නති අති...තව කලේක...එහෙම ගැනු ඉන්න ඇති, මුට හැකියව තියෙන්න නැතුව ඇති...ඔය දෙකම එකට සෙට් උන ආත්මයක/කාලයක...ඔය කල කර්මය විපාක දෙන්න ඇති...ඔතන උබට තියෙන අවුල මොකක්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,068
    113
    කවුරුත් කීවෙ නැහැ. ග්‍රීන්තන්ඩර් එක මතුකලා ඛේමගෙ දීමෙහි දක්ෂතාවය ඉස්මතු කරන්න.

    මෙතනදි ඛේම ඉතාමත් දක්ශ විදිහට දීම කියන ක්‍රියාව සිදුකරලා තියන බව ඉන්ෆර් කරන්න පුලුවන්. මුලු හදවතින්ම දෙන දෙය අත්හැරලා, බුද්ධ ගෞරවය, බුද්ධෝපස්ථානය පෙරදැරි කරගෙනය දීලා ඇති බව අපිට විපාකය බලලා ඉන්ෆර් (බුදුදහමේ පැහැදිලි කිරීමට අනුව යමින්) කරන්න පුලුවන්. දීලා එයින් මෙය ලැබේවායි කියන ප්‍රාර්ථනයෙදි ඔහු ධර්මානුකූලව බලනකල අදක්ෂ වීමකුත් වෙලා තියනවා කියල දැනගන්න පුලුවන්.

    දිලාන්ට චන්දෙ ලංවුනාම පංසල් යන ඒ ඒ දේශපාලඥයන්ගෙ හිත කියවීමෙ හැකියාවක් ලැබුනට ග්‍රීන්තන්ඩර්ට එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා ඒ අය,

    සද්භාවයෙන් දෙනවා
    චන්ද ගන්න දෙනවා
    දෙකම මුල් කරන් දෙනවා
    වෙනත් අරමුණක් මුල් කරන් දෙනවා

    ආදී අනුමාන රාශියක් ඉදිරිපත්ව කරන්න පුලුවන්. එහෙම ඉදිරිපත් කරලා තමන්ට වඩාත්ම විය හැකියි කියන අනුමානය ඉදිරියට අරන් තමන්ගෙ "මතය" විදිහට ඉදිරිපත් කරන්න පුලුවන්. දැන් දිලාන් ඔය එහෙම මතයක් ඉදිරිපත් කරන්නෙ. ග්‍රීන්තන්ඩර් කරන්නෙ ථේරවාද ඒකසජීසිස් එකට අනුව මතය ඉදිරිපත් කරන එක.

    Edited - new paragraph below.

    ග්‍රීන්තන්ඩර් දන්නෙ නැහැ දිලාන් ඛේමගෙ සහ දේශපාලඥයන්ගෙ හිත් ටක්කෙටම කියන්නෙ කොහොමද කියලා. ග්‍රීන්තන්ඩර් නම් බුදුදහමේ පැහැදිලිකිරීම් ගැන විශ්වාසය (ශ්‍රද්ධාව) මුල් කරගෙන තමා කියන්නෙ. සමහරවිට දිලාන් දිලාන්ගෙ අත්දැකීම්, ඉන්ටලෙක්ට් එක විශ්වාස කරමින් මේ ප්‍රකාශ කරනවා විය හැකියි?
    මේ කතාව තහවුරු කරන්න තියෙන සූත්‍ර මොනවද
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම කියන්නේ ඔය ඔයා හදාගත්ත මතයක් කියන එක..

    ඔයා කියන්නේ ඛේම මාර ගෞරවයෙන් දෙයක් දීල පස්සේ ඒකෙන් අර ගෑනු ලබාගන්න ප්‍රාර්තනාවත් පස්සේ මතක් වෙලා කරනව වගේ කතාවක්..ඒ සිද්දිය කෑල් දෙකකට කඩල, ඇත්කරගත්ත ලෝබ සිත කියන කෑල්ල අමතකම කරල දාල ඒ ලෝබ සිතෙන් කරපු ප්‍රාර්ථනාන අර මුල ගෞරවයේ කුසලයෙන් නිසා හරි ගියා කියල ඔය කියන්නේ… :rofl:

    අර පැනි රස කෑමක් දිය වැඩියාව තියන මනුස්සයෙක්ට දිල , ඒක කන අතර මේක කාල මූ මැරියන් කිල ප්‍රාර්තනා කරාම දීමේ ආනිසංසයෙන් දිවේෂ සහගත ප්‍රාර්ථනාව සපල වෙනව වගේ කතාවක් ඔය…

    ඔව් ඉතින් තියන තරමක් තියෙන්නෙ මත, කතන්දර, නැරෙටිව්ස්, ඉන්ටර්ප්‍රිටේශන්ස්. ඇත්ත කියලා "දෙයක්" නැහැ දිලාන්. ග්‍රීන්තන්ඩර් මතයක් දරනවා, දිලානුත් මතයක් දරනවා.

    නැහැ ඒක දිලාන් නැවතත් හදාගන්න දිලාන්ගෙ කතාවක්. ග්‍රීන්තන්ඩර් එච්.දුශාන්ට කිව්වනෙ ග්‍රීන්තන්ඩර් එහෙම මතයක් එන්ඩෝර්ස් කරන්නෙ නැහැ කියලා. අනුරාධ රමේශ්ට කිව්වා ග්‍රීන්තන්ඩර් කර්ම විශය පූර්ණ වශයෙන් රැශනලයිස් කරන්න යන්නෙ නැහැ. මේ දෙකම කලින් කිව්වනෙ. ඒකට ඥානවිභාගීය මීන්ස් ග්‍රීන්තන්ඩර් සතුව නැහැ. ග්‍රීන්තන්ඩර් පරිපූර්ණව රැශනල් නැහැ. ඒ නිසා විශ්වාසය පෙරදැරි කරගෙන පිලිගන්නවා කියන එක පිලිබඳව ග්‍රීන්තන්ඩර් දැනුවත්. දිලාන් බොහො දුරට මෙතනදි රැශනල් වෙන්න හදනවනෙ? නමුත් දිලාන්ටත් සමහර කරුණු වලට මීන්ස් නැහැ (උදා - දේශපාලනඥයන් සහ ඛේමගෙ හිත දැනගැනීම, කර්මයේ එක්සෑක්ට් වර්කිංග්). ඒ නිසා ඒ ඒ කරුණු තමන්ගෙ ඉන්ටලෙක්ට් එක, තමන්ගෙ අත්දැකීම්, තමන්ට හිතෙන හැටි අනුව යමින් විශ්වාස කරනවා. දිලාන් දැනුවත්ද දිලානුත් විශ්වාසය පෙරදැරි කරගෙන හිතනවා කියලා ? ඉතින් එතනින් එහාට අපි කොහොම කතා කරන්නද දිලාන්. ඉගැන්වීම් දෙකක මත ඉදිරිපත් කරනවා ඇරෙන්න.

    තේරෙනෙනෙ නැත්තතෙ මේ කාරණා ටික ආයෙ ආයෙ කියලා ඇයි දිලාන් කියන දේ තේරුම් නොගන්නෙ කියන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් තියන තරමක් තියෙන්නෙ මත, කතන්දර, නැරෙටිව්ස්, ඉන්ටර්ප්‍රිටේශන්ස්. ඇත්ත කියලා "දෙයක්" නැහැ දිලාන්. ග්‍රීන්තන්ඩර් මතයක් දරනවා, දිලානුත් මතයක් දරනවා.

    නැහැ ඒක දිලාන් නැවතත් හදාගන්න දිලාන්ගෙ කතාවක්. ග්‍රීන්තන්ඩර් එච්.දුශාන්ට කිව්වනෙ ග්‍රීන්තන්ඩර් එහෙම මතයක් එන්ඩෝර්ස් කරන්නෙ නැහැ කියලා. අනුරාධ රමේශ්ට කිව්වා ග්‍රීන්තන්ඩර් කර්ම විශය පූර්ණ වශයෙන් රැශනලයිස් කරන්න යන්නෙ නැහැ. මේ දෙකම කලින් කිව්වනෙ. ඒකට ඥානවිභාගීය මීන්ස් ග්‍රීන්තන්ඩර් සතුව නැහැ. ග්‍රීන්තන්ඩර් පරිපූර්ණව රැශනල් නැහැ. ඒ නිසා විශ්වාසය පෙරදැරි කරගෙන පිලිගන්නවා කියන එක පිලිබඳව ග්‍රීන්තන්ඩර් දැනුවත්. දිලාන් බොහො දුරට මෙතනදි රැශනල් වෙන්න හදනවනෙ? නමුත් දිලාන්ටත් සමහර කරුණු වලට මීන්ස් නැහැ (උදා - දේශපාලනඥයන් සහ ඛේමගෙ හිත දැනගැනීම, කර්මයේ එක්සෑක්ට් වර්කිංග්). ඒ නිසා ඒ ඒ කරුණු තමන්ගෙ ඉන්ටලෙක්ට් එක, තමන්ගෙ අත්දැකීම්, තමන්ට හිතෙන හැටි අනුව යමින් විශ්වාස කරනවා. දිලාන් දැනුවත්ද දිලානුත් විශ්වාසය පෙරදැරි කරගෙන හිතනවා කියලා ? ඉතින් එතනින් එහාට අපි කොහොම කතා කරන්නද දිලාන්. ඉගැන්වීම් දෙකක මත ඉදිරිපත් කරනවා ඇරෙන්න.

    තේරෙනෙනෙ නැත්තතෙ මේ කාරණා ටික ආයෙ ආයෙ කියලා ඇයි දිලාන් කියන දේ තේරුම් නොගන්නෙ කියන එක.
    ග්‍රින්තන්ඩර් කියන්නේ ඛේමගේ දීමේ ආනිසංසයෙන් , ඛේමගේ රාගික ලෝබ මූල සිතුවිල්ල සපල උනා කියන දේ!
    ඔය දෙක සිද්දි දෙකක් නම් දීමේ ආනිසංසය විදියට වෙන මොනවහරි ලැබෙන්න තිබ්බනේ.. තන්හාවෙන් පස්සේ ඉල්ලපුදේ දිමේ කුසලයට සම්බන්ද වෙන්න විදියක් නැ දෙකක් නම්..

    ඔය කියන විදියට බුද්දාගමේ අපි කුසල සිතින් කරන කර්ම වල විපාක විදියට , අපි අකුසල සිතින් කරන ප්‍රාර්ථනාවන් සපල විම වෙනවා කියන එක.. :rofl:

    මම කියන්නේ ඛේම යහපත් සිතෙන් දෙයක් දුන්න නම් ඒකට වෙනම විපාක ලැබෙන්න ඕන.
    අකුසල් සිතකින් දෙයක් කරානම් ඒකටත් විපාක වෙනම ලැබෙන්න ඕන..

    හැබැයි මෙතන කුසල් සිතින් කරපු දේ පල විදියට අකුසල් සිතින් ඉල්ලපු දේ ලැබිල තියෙන්නේ ඔයා කියන තේරවාදී ධර්මයට අනුව..
    සිද්දි දෙකක් කියල පස්සේ කර්ම පල ලින්ක් කරල ..
     
    • Like
    Reactions: hi.dushan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,068
    113
    ඔය දෙක සිද්දි දෙකක් නම් දීමේ ආනිසංසය විදියට වෙන මොනවහරි ලැබෙන්න තිබ්බනේ.. තන්හාවෙන් පස්සේ ඉල්ලපුදේ දිමේ කුසලයට සම්බන්ද වෙන්න විදියක් නැ දෙකක් නම්..
    නොලැබුනා කියල සදහන් වෙන්නේ කොහෙද?
    හැම කර්මයම අනිවාරියෙන්ම පල දෙනවා කියල නෑ නේ.