ගංගා නම් ගගේ අභිරහස..

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ගංගා නම් ගගේ අභිරහස..



    …ඉංදියාවේ සහ මුළු ලෝකයේම ප්‍රසිද්ධ ගංගාවක් ලෙස "ගංගා" ප්‍රසිද්ධ වන අතර එය විශාලත්වයෙන් දෙවෙනි වන්නේ ඇමේසන් නදියට පමණි. ලොව අපිරිස්දුතම ගංගා 5 අතරට අයත්වන මෙය බටහිර හිමාල කන්දේ ග්ලැසියර අතරින් පටන්ගනී. කිලෝමීටර 2,525ක් දුර පසුකරමින්, ඉංදියාව සහ බංගලාදේශය සහළින් සහ මත්ස්‍ය සම්පතින් ස්වයංපෝෂිත කරමින් ඉන්දියන් සාගරයට ගලාබසිනා මෙහි ගංගා ඩොල්ෆින් වර්ග (river dolphins), මත්ස්‍ය වර්ග 140කට මෙන්ම වඳ වෙමින් යන කිඹුලන්, උභය ජීවී වර්ග 90කට වැඩි සතුන් සංඛ්‍යාවක්ද, මිලියන 400කට වැඩි මිනිසුන් සංඛ්‍යාවක්ද පෝෂණය කරයි.
    …අතීතයේ ඉංදියාව පාලනය කල "අක්බර්" නම් පාලකයා පවසා ඇත්තේ මෙහි ජලය "අමරනීයත්වයේ ජලය" ලෙස බව පැරනි පොත-පත සාක්ශි දරයි. තවමත් ඉන්දියානුවන් විශ්වාස කරනුයේ මෙහි ජලයේ ලෙඩ රෝග සුවකිරීමේ ප්‍රබල බලයක් ඇත කියායි.

    ganga1.gif


    …ගංගා නම් ගගේ ගලාබැස්ම දැක්වෙන සිතියමක්.


    1228387398040.jpg


    …ගංගා නම් ගගේ ආරම්භය.. හිමාලයේ ග්ලැසියර යටින්..


    gangotri-the-origin-point-of-ganga.jpg


    "ගංගා" ආරම්භය ලෙස සැලකෙන ගංගෝත්‍රි

    …මෙම ගංගාව ඉන්දියාවේ හින්දු බැතිමතුන්ගේ පූජනීයත්වයෙන් ප්‍රථම ස්ථානය ගන්නා අතර එය මිලියන ගනනක් මිනිසුන්ගේ ජීවිතයද වේ. ඔවුන්ගේ එදිනෙදා කටයුතු සියල්ලම පාහේ මෙම ගංගාව පාදක කරගෙන සිදුවන අතර එහිදී මෙම ගංගාව අපවිත්‍ර වේ. ගගට මලපහ කිරීම, මළ කුණු ගගට දැමීම එයින් ප්‍රධාන තැනක් ගනී.

    ganges-pollution.jpg


    ගංගා නදියේ දූශිත බව..

    මේ අතර මිනිසුන් මෙම අපවිත්‍ර ජලය බීමට ගත්තත් මේ වනතෙක් කිසිඳු පුද්ගලයෙකුට කොළරාව, පාචනය වැනි බරපතල රෝග වැලඳී නැති අතර පුදුමයට කරුණක් වන අතර නොයෙක් රටවල් වලින් පැමිණි නොයෙක් පුද්ගලයන් නොයෙක් පර්යේශණ මෙම ජලය පිලිබඳ කර ඇති නමුත් ඔවුන්ට හරිහැටි පිලිතුරක් ලබාගැනීමට නොහැකි වීමද පුදුමයට කාරණයකි.
    …ඉන්දියාව යටත්විජිතයක් ලෙස පැවති සමයේදී බ්‍රිතාන්‍යයන් මෙම ගංගා ජලය භාජනවලින් බ්‍රිතාන්‍යයට නැව්ගත කල අතර ඔවුන් පවසා තිබෙන්නේ, ඉංදියාවේ සිට බ්‍රිතාන්‍යයට නැවෙන් යාමට මාස 3කට ආසන්න කාලයක් ගතවුනත් මෙම ජලයේ නැවුම් බව සුරැකිව තිබෙන බවයි. වෙනත් කිසිඳු ගංගාවක හෝ උල්පතක ජලය මෙසේ නොවන බවද ඔවුන් පවසා තිබෙනව.
    …මෙම ජලය මෙසේ වීමට හේතුව කුමක් විය හැකිද? ජලය කොපමන දූශිත වූවත්, පානය කිරීමෙන් කිසිඳු රෝගාබාධයක් නොවැලඳීමත්, කොපමන කාලයක් ගියත් ජලයේ නැවුම් බව සුරැකිව තිබීමටත් හේතුව කුමක් විය හැකිද?

    …පිළිතුර ඇත්තේ එම ජලයේ ඇති බැක්ටීරියා විශේෂයකත්, එම ජලයේ අධිකව ඇති ඔක්සිජන් ප්‍රමාණයකත්. එම බැක්ටීරියා විශේෂයේ කාර්‍යය වන්නේ ජලයට එකතුවන අපද්‍රව්‍යය බැක්ටීරියාවන් විනාශ කිරීමයි. මෙලෙස අනෙකුත් බැක්ටීරියාවක් ජලයට එකතු වූ කල්හි එය ක්ෂනයෙන් විනාශ කර දැමීමට තරම් මෙම බැක්ටීරියා විශේෂය ශක්තිමත්. එමගින් එහි ජලයේ සියලු විශබීජ විනාශ කිරීමක් සිදුවන අතර ජලය කොපමණ අපවිත්‍ර වුවත් පානය කිරීමෙන් පසු ලෙඩ රෝග නොවැලඳෙන්නේ ඒ හේතුව නිසයි. එහි අඩංගු/දිය වී ඇති අධික ඔක්සිජන් ප්‍රමාණය නිසා ජලයේ ඇති නැවුම් බව සුරැකෙන බවද යමෙකුගේ මතයයි. මෙහි ස්වයං පිරිසිදුවීමේ බලය සහ ඔක්සිජන් ප්‍රමාණය ලෝකයේ ඇති අනෙකුත් ගංගා වලට වඩා 25ගුණයකින් වැඩි බව මෙහි පර්යේෂණ කල බොහෝ දෙනා පවසා ඇත.

    ……වරක් ස්වාධීන වැඩසටහන් නිශ්පාදකයෙකු වූ ජූලියන් ක්‍රැන්ඩල් හොලික් (Julian Crandall Hollick) විසින් නිපදවූ වැඩසටහනකින් ගංගා නදියේ ජලයේ අභිරහස හෙලිදරව් කරනු ලැබූවත් එහි සත්‍යය අසත්‍යතාවය පිලිබඳ කිසිවෙකුත් කරුණු ඉදිරිපත් කර නැත.
    …ඔහුගේ කන්ඩායම පවසන පරිදි මෙම ජලයට ඉහත කී ගුනාංග ලැබී තිබෙන්නේ හිමාලය කන්දෙන් පටන්ගෙන මෙපමන දුර ගෙවා එන ගංගාවේ සාමන්‍යයෙන් සීතල ජලය අතරමගදී ශාක, විකිරනශීලී ගල් මතුපිටින් ගලා ඒමේදී එකතුවන නොයෙක් කාබනික ද්‍රව‍යය නිසා යන්න ඔවුන්ගේ පිලිගැනීමයි.

    india-river-ganges-2009-4-9-4-50-44.jpg


    අපවිත්‍ර ගංගා ජලයේ ස්නානය කරන ගැහැනියක්..

    …ඒ කෙසේ වුවත්,කවුරුන් කෙසේ කොපමන දේ මෙම "ගංගා" පිලිබඳ පවසුවත් "ගංගා" සමදා "රෝග සුව කරන ගංගා" වෙනු ඇත.





    වැරදි ඇතොත් සමා. :):yes::yes:
    මෙය මාගේ කලින් නූල් මෙන් කිසිවෙකුගෙන් සොරාගත් දෙයක් නොවන බව කරුනාවෙන් සලකන්න. :):):)
    මා හට සලකන පුද්ගලයන්ට මාද සලකන බව පවසනු කැමැත්තෙමි. ;););)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නොදන්න කරුණු ගොඩක් කියල දෙන පෝස්ට් එකක් ඇත්තෙන්ම වටිනවා
    මේ වගේ ලිපි එලකිරි එකේ දිගටම වැටෙනව නම්
     
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නොදන්න කරුණු ගොඩක් කියල දෙන පෝස්ට් එකක් ඇත්තෙන්ම වටිනවා
    මේ වගේ ලිපි එලකිරි එකේ දිගටම වැටෙනව නම්

    තව දානව මචං.. ඉවසල ඉඳින්කො... ;););)


    නියම පෝස්ට් එක ඩයල් එක ;)

    thanks lokka :)

    patta ++rep

    rep++ ubatath ;);)

    ela
    thanks
    rep++

    rep ubatath ;);)