ගංගොඩවිල සෝම හිමියන් අපවත්කිරීම ජාතික නා

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
ගංගොඩවිල සෝම හිමියන් අපවත්කිරීම ජාතික නා

Top Lanka News
lastphoto.jpg
රටට දැයට සසුනට සේවය කරන ජාතික නායකයින්ට නිර්භීතකම උවමනාම කාරණයකි. එහෙත් නිර්භීතකම පමණක්ම නොසෑහේ. ඔවුන්ට ඊට සමාන තීක්ෂණ ඥානයකුත් උවමනා කෙරේ. ජාතික නායකයින්ට තික්ෂණ ඥානය නැතිවුනොත් එහි අවසානය ඔවුන් පසු පස ගමන් කරන ජාතික බලවේගය අසරණවිමයි. විජාතික බලවේග ජාතික නායකයින් විනාශ කිරීම සදහා යොදන ප‍්‍රධාන උපක‍්‍රමයක් වන්නේ කපටි හිතවතුන් එවැනි නායකයින්ට ලංකිරිමයි. සෝම හිමියන් අපවත් කිරිම උන්වහන්සේට ලංවු කපටි හිතවතුන්ගේ හපන්කමකි.
ගංගොඩවිල සෝමහිමියන්ගෙන් ශ‍්‍රී ලංකාවට සිදුවු සේවය පිළිබද කෙටි සටහන් ලියන්ඩ නොහැක. එමනිසා උන්වහන්සේගේ ජීවිතය නිසා ශ‍්‍රී ලංකාවට ලැබුණු වැදගත්ම දායාද දෙකක් මෙහි සදහන් කරමි. එකක් මහින්ද රාජපක්ෂ නැමැති දේශපාලනඥයා රටේ ජනාධිපති තනතුරට ගෙනඒම උදෙසා රටේ ජන විඥානය සකස්කිරිමයි. මෙය සිදුවුයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන සංවිධානයේ දක්ෂකම නිසා යයි යම් යම් පුද්ගලයන්ට කයිවාරු අදින්ඩ හැකි නමුත් ඒක අමූලික බොරුවකි. චන්ද‍්‍රිකා කුමාරණතුංග ජනපතිනියගේ පාලනය ශ‍්‍රීලනිපක්ෂය රටේ ජනතාවට තිත්්තකර තිබුණි. එම තත්වය වෙනස්කර රටට එඩිතර ජාතික නායකයෙක් උවමනාය යන සිතුවිල්ල ජනතාව තුළ ඇතිකළේ සෝම හිමියන්ගේ දේශනවල බල මහිමයෙනි.
ඊළග කාරණය ජාතික හෙළ උරුමය බදු දේශපාලන සංවිධානයක් ඇතිවීමට උවමනා සමාජ පසුබිම සකස්වීමයි. ගංගොඩවිල හිමියන්ගේ දේශනා මගින් අවදිවී සිටි සිංහල බෞද්ධ ජනතාවට උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව බුදුසසුනට පිහිටවිය හැකි දේශපාලන පක්ෂයක් උවමනා විය. එම උවමනාව සපිරුනේ ජාතික හෙළ උරුමය මගිනි. අදටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිංහල ජනතාවගේ විශ්වාසය තහවුරු කරදෙන ප‍්‍රධාන බලවේගය ජාතික හෙළ උරුමයයි.
සෝම හිමියන්ට ප‍්‍රධාන අරමුණු දෙකක් තිබුණි. එකක් ජාතිය අවදි කිරිමයි. දෙවැන්න සසුන ගොඩනැංවීමයි. පක්ෂ දේශපාලනයට හසුවී පිරිහී පැවති සිංහල සමාජය ගොඩගැනීමට සියලූ වීර්්‍යය දැරූ ගංගොඩවිල සෝම හිමියන්ට සිය ජාතික සේවය ඉදිරියට ගෙනයාම සදහා ධන හිඟයක් පැවතුනි. ඒ බව වටහාගත් විජාතික බලවේගය ධනහිඟයට විසදුම සමග උන්වහන්සේට කීර්තිය ලබාදෙන උපාධියක් ලැබෙන මගක් දැන්වුහ. ඒ කපටි හිතවතුන් උන්වහන්සේට ලං කරවීමෙනි
සෝම හිමියෝ රුසියාවට වැඩියේ ධනය හා කීර්තිය අත්පත්කරගෙන ආපසු වැඩිමේ අපේක්ෂාවෙනි. මෙහිදී අප නොබියව කිවයුතු ඇත්ත ජාතික නායකයෙක් වු නමුදු සෝම හිමියෝ උන්වහන්සේට දැඩි ලෙස ආධාරය කළ සිංහල බෞද්ධ ජනතාවට වඩා ලංවු කපටි හිතවතුන් කෙරේ විශ්වාසය තැබු බවයි.
සෝම හිමියන් අපවත් කිරීම ක‍්‍රිස්තියානි මුලධර්මවාදින් පිරිසකගේ ක‍්‍රියාවක් යැයි බොහෝ බෞද්ධයෝ විශ්වාස කරති. අප දකින්නේ එය විජාතික බලවේගයේ ක‍්‍රියාවක් විදිහටයි. ජාතික බලවේගය දුර්වලකර විනාශ කිරිමට උත්සාහ කරන විජාතික බලවේගය නොයෙකුත් ක‍්‍රම වලට ක‍්‍රියාත්මක වේ. ඔවුන් ජාතිය වෙනුවෙන් වෙහෙසෙන භික්ෂුණ් වහන්සේලා සර්ව ආගමික කරති. එහෙම බැරිනම් අපවත් කරති. දේශපාලන නායකයින් කලාකරුවන් ලේඛකයින් මාධ්‍ය ශිල්පීන් ඈ හැම තමන්ට පක්ෂ කරගැනීමට නොයෙකුත් උපක‍්‍රම යොදති. බොහෝ දෙනෙක් ඔවුන්ට හසුවේ. සෝම හිමියෝ විජාතික බලවේගයට හසුවුයේ නැති නමුත් ඔවුන් එවු පිල්ලියට හසුවුහ.
උපාය දන්නෝ අපායේ නොවැටෙතැයි සිංහල පිරුලක් තිබේ. විජාතික බලවේගය විසින් එවන පිල්ලි ලංකර නොගැනිම ජාතික නායකයින් නොකළ යුතු ක‍්‍රියාවක් යයි සෝම හිමියේ අපවත්වීම මගින් අප ජාතික නායකයින්ට උගන්වති.