ගංජා සහ ඇගිල්ල
ඔන්න අද සිරාගෙ කාමරෙන් කියන්න යන්නෙ මෙතෙක් කල් කියපු නැති අමුතුම තාලෙ කථාවක්. මේ කථාවෙ පුක කියන ඉතා දරැණු කුණුහරැප වචනෙ යෙදෙන නිසා මෙතනින් එහාට කියැවීම හෝ නොකියවීම ඔබ සතුය.. පස්සෙ හෙම මට ගහන්න සිරාගෙ පස්සෙන් එළවන්න හදන්න එපා ඔන්න, මොකද මම වේලාසනම ඒ ගැන කියා ඇත.
සිරාගෙ ගෙදර වත්තෙ තියෙන පොල් ගස් හතර පහ අවුරැදු 30 කට වඩා පරණයි... ඒ නිසා මේවා උස යන්න පුලුවන් උපරිම උසට ලගා වෙලා තියෙන්නෙ... බිම ඉදන් බලපුවාම පොල් පේන්නෙ දෙල් සයිස් එකට, කාල සීමාව අනුව තමයි පොල් පැහිලා කියලා අනුමාන කරන්නෙ.. නැත්නම් පොල් පැහිලා කියලා පේන්නෙ නෑ. මේ කියන පොල් ගස් වල ගෙඩි කඩන්න සැදී පැහැදී ඉන්නෙ කබර අජිත් , ඒ උනාට අද ගේ ඉස්සරහට වෙලා පොල් කඩනවා කියලා කෑ ගහන්නෙ අලුත්ම කෙනෙක්... වයස 50 පැනලා.. කලින් දැකලා පුරැදු නැති නිසා සිරා ගෑටුවා මිදුලට...
සර් ගුඩ් මෝර්නින් මම පොල් සෝමෙ
ලොකු සර් (සිරාගේ පියා) මාව හොදට දන්නවා.. මම අල්ලපු ගමේ... සර්ලගෙ සීයලා ආච්චිලා හිටපු කාලෙත් මම තමයි පොල් කැඩුවෙ.. පොල් කඩමු නේද?
කථා බහෙන් වගේම අංග චලනයෙනුත් මේ මනුස්ස පරාණය සිරාගෙ හිත ගත්තා... දකින හැමෝටම සර් කියලා තමා කථා කරන්නෙ... අනේ මට දුක හිතුනා.. එච්චර ලොකු ඇග පතකුත් නෑ.. පොල්කඩන වලල්ලට තද වෙලා කකුල් දෙකේම හමගිහිල්ලා , සෑහෙන කාලෙක ඉදන් මේ රස්සාවම කරන බවට සාක්ෂි තමයි ඒ...ඇදන් හිටපු සරම වගේම කමිසයත් ගලවලා.. කලිසම් කොටයක් පිටින් පොල් ගස් තිබෙන ඉසව්වට සෝමෙ පැමිණියා..
අපේ වත්තෙ උසට උසේ තියෙන පොල් ගස් වලට නැගගන්න පුලුවන්ද කියලත් සිරාට මේ එක්කම හිතුනා... කෝම හරි පොල් කඩන්න ගහක් ලගට ආවට පස්සෙ සිරාගෙ පියතුමත් ඔන්න ආවා පොල් කඩනවා බලන්න..
ලොකු සර් ගුඩ් මෝර්නින් ආයෙමත් පොල් සෝමෙ සුභ පැතුවා...
සර් කුරැම්බයක් එහෙම බොමු නේද? මම කඩන්නද ?
හා හා කඩමුකො එහෙනම් සිරාගෙ පියා අනුමැතිය දුන්නා....
ගහට නගින වලල්ල නිසියාකාරව සකසගෙන අපි ලගට ආපු සෝමෙ උන්නැහේ
තාත්තට වගේම මටත් ආයුබෝවන් කිව්වා...
සර් එහෙනම් මට ඉහළට යන්න අවසර...
ගහට කීප සැරයක්ම වැදලා එහෙම පොල් සෝමෙ ගමන පිටත් වුනා...
අමාරැවෙන් අමාරැවෙන් ආරම්භය ගත්ත සෝමෙ ඉතිරි හරිය වැඩි මහන්සියකින් තොරව ගිහිල්ලා කරටියට සම්ප්‍රාප්ත වෙලා යක්ෂාරෑඩ වෙච්ච කපුවා වගේ පොල් වල්ලට පිහියකින් ඇනගෙන ඇනගෙන ගියා....සැර වැඩිකමට පොල් ගෙඩි ගහ වටේටම පත බෑවෙනවා. දහ් දොහ් ගාගෙන...
ඔන්න ඉතිං සිරා කුරැම්බෙ වැටෙනකන් බලාගෙන ඉන්නවා...
පොල් වැටෙන එක නතර වුනාට පස්සෙ සිරා උඩ බැලුවා... කුරැම්බා නැතුවම පොල් සෝමෙ පහතට රෑටනවා...
කෝ කඩනවා කියපු කුරැම්බා... සිරා විමසුවා..
මේ දවස්වල පොල් ගණන්නෙ සර්... කුරැම්බා ලොකු වුනාම පොල්... ඒක නිසා කුරැම්බා කියලා හිතලා අදට වතුර එකක් ගහන්න...
පොල් සෝමෙ ඇදලා පැදලා කියනකොට හිනා යන එක නවත්වාගැනීමත් අසීරැයි..
සාමාන්‍යයෙන් මේ වගේ උස ගස් වලට නැග්ගම ගාස්තුව සාමාන්‍ය ගාස්තුව වගේ එක හමාරක්...
ගමන් විඩාව නිමාගෙන සෝමෙ ආයෙත් හඩ අවදිකලා...
අනේ ඉතිං අපි තව ගහකත් කඩමුකෝ....
ඕනෙ නෑ සෝමෙ ආයෙ දවසක ඉතුරැ ටික... සිරාගෙ පියා තීරණය ප්‍රකාශයට පත් කලා...
සෝමෙ කියන්නෙ කථා රැසක එකතුවක් කියලා හිතුන නිසා සිරා, සෝමෙට කථා පෙට්ටිය අරින්න ආරාධනා කලා... ඒ අතර ඔන්න සිරාගෙ මෑණියන් දෑ සෝමෙට තේ එකකුත් ලබා දුන්නා...
මම ඉතිං අටේ කැලෑසියට තමා ඉගෙන ගත්තෙ... ඒ වුනාට යන්තම් ඉංගිරිසියෙන් අස්සන් කරන්න පුරැදු වෙලා 10 පන්තිය සමත් කියලා කාලයක් සිකුරිටි වැඩක් කලා... එතනින් පැන්ෂන් ගියාට පස්සෙ තමා ආයෙත් මේ වැඩේට බැස්සෙ... තාම මට හොදට හයිය හත්තිය තියෙනවා ගස් නගින්න...
ඒකයෑ සර් පෙරේදා මට මාර වැඩක් නෙ උනේ...
මොකක්ද උනේ හැබෑටම... සිරා කොලුවා හූමිට්ටක් තිබ්බා...
අර සමන්ගෙ පොට් එකෙන් (සිරා දන්න සමනෙක් නැත) ගෙදර එන ගමන් ෂොට් එකක් ගහලා, කාලක් සිලි බෑග් එකකට දාලා කමිස සාක්කුවෙ දාගෙන මම ගුරැ පාරෙන් ගෙදර එන්න ආවා... එක පාරටම ආවෙ නැතැයි පොලිස් බයිසිකලයක්...
ලොකු උන්නැහේ කමිසෙ සාක්කුව පොඩ්ඩක් බලමුද කියලා ඒ සර්ලා ඇහුවා... මමත් ඉතිං හා කිව්වා
ඉතිං කාල තිබ්බෙ එතන නේද ? සිරා කථාව කියන්න තව තවත් දිරිගන්නන අටියෙන් ඇහුවා..
ඒක නේන්නම්.. අත දාපු ගමන් කාල අහුවුනා.. මේ මොනවද කියලා ඇහුවා
ඉතිං මම කිව්වා... සර් මම පොල් කඩන එක කරන්නෙ... මට හැමදාම රෑට බොන්න ඕනෙ, මොකද මගෙ බඩවැල් පාත්වෙලා පුකෙන් ලේ යනවා කියලා.
බොරැනම් මේ බලන්න සර් කියලා මම සරම කඩලා පොලිසියෙ සර්ලට පෙන්නුවා... ඒ සෑර්ලත් ඒක පිළිගත්තා... මගෙන් ඊට පස්සෙ ඒගොල්ලො ඇහුවා දැන් බිව්වා ඇතිද කියලා...
අනේ ඉතිං මමත් කිව්වා මොන ඇතියක්ද සර් මට තාම මදි කියලා.. එහෙනම් එනවකො ඉස්සරහට කියලා පොලිස් රාළහාමි ගියා සමනගෙ පොට් එකට... මම යද්දි කීප දෙනෙක්වම අල්ලගෙන.. එකෙක් ලග බෝතල් එක හමාරක්ම තිබ්බා...
සමන් මේ මනුස්සයට තව වීදුරැවක් දෙනවා කියලා සර්ලා කියපු නිසා මම ඉතිං ඒකත් ගැහුවා... දැන් ඇතිද කියලා ඒගොල්ලො ඇහුවම දැන් නම් ඇති සර් කියලා මම කිව්වා...
හා හා එහෙනම් අයින් වෙලා ගෙදර යනවකො කියලා ඒ මහත්තුරැ මාව අතඇරියනෙ... මම ඉතිං ගෙදර ඇවිල්ලා රෑට කාලා එහෙම ගෙනාපු කාල ගැහුවෙ... මගේ වයස දැකලා දුක හිතෙන්න ඇති මගෙ හිතේ,
අනේ හරිම හොද සීදේවි පොලිස් රාළහාමිලා ටිකක්...ජීවිතේටම දැක්කමයි...
සෝමෙ ගංජා එහෙම උරන්නෙ නැද්ද... සිරා අතුරැ ප්‍රශ්නයක් ඇහුවා....
ඉදලා හිටලා අදිනවා සර්...
ගංජා ගහලා වෙච්ච දේවල් නැද්ද? මම ආයෙමත් ඇහුවා...
ආ හොද එකක් මතක් වුනා කියන්න... එහෙම කියපු සෝමෙ හොදට හරි බරි ගැහිලා වාඩි වුනා...
දවසක් මම ලොකු වත්තක පොල් කඩන්න කුරැණෑගල ගියා... වැඩ ඉවරවෙලා ඉතිං මහන්සිය යන්නත් එක්ක වත්තෙ මුරකාරයත් එක්ක ලග පාත තැනකට ගියා සූස්තියක් අදින්න... වැඩේ ඉතිං හරිගියා.. බඩු ලැබුනා..අපිත් ඉතිං අහල පහල පදුරකට මුවාවෙලා වැඩේ කරගෙන යනකොටම පොලීසියෙන් පැන්නනෙ...
ඉතිං ඉතිං මොකද උනේ...සෝමෙ යන යන තැන පොලිසියෙන් පනින්නෙ ගිය ආත්මෙ හිරෙන් පැනලා ආවද ? ඉවසුම් නැති තැන මම ඇහුවා.
පොඩි කොල්ලො දෙන්නෙකුයි.. තව හතර පස් දෙනෙකුයි අහු උනේ... ඔය ගොඩේ මමත් ඉන්නවා ඔන්න... මුරකාරයා පළාත දන්න නිසා ඌ නෑ, මටත් හොරෙන් මාරැ වෙලා....
අපි කට්ටිය පෝලිමකට තියලා පොලිස් රාළහාමිලා පෝලිමේ මුල ඉදන් අගට කටයි ඇගිලියි ඉඹ ඉඹා පෝලිමේ අග පැත්තට ගංජා සුරැට්ටු ඇදපු උන් හොයමින් එනවා...
ඇයි ඇගිලි ඉඹින්නෙ ? සිරාගෙන් ආයෙත් ප්‍රශ්නයක්...
ගංජා සුරැට්ටුව අල්ලලා දෙපාරක් තුන් පාරක් ඇද්දම ඇගිලි වලට ගංජා ඌෂ්ණෙ වදිනවා... ඒකයි ඇගිලි ඉඹින්නෙ....
අනේ ඒ රාළහාමිලා ඒ වෙනකන් එකෙක්ටවත් ගැහුවෙ නෑ... ඒත් මගෙ ඇගිලි ඉඹලා මට දුන්නනෙ පාරක් කැරකිලා වැටෙන්න....
ඒ මොකෝ ඒ.... සිරාගෙන් ප්‍රශ්නයක්...
ඇයි සර් මම රාළහාමිලට හොරෙන් සරම අස්සට අත දාලා ගැහුවනෙ ඇගිලි දෙකක් පුකට, ගංජා ගද යන්න.
ඉතිං ඒ විදියට රාළහාමි මට ගහලා මගෙ ඇගට කඩා පැන්නා... තව දෙක තුනක්ම ගහනවා හීනෙන් වගේ මට දැනුනා. ඒත් ඊට පස්සෙ කිව්ව මේ කථාව නම් මැරෙනකන් අමතක වෙන්නෙ නෑ සර් ඇත්තමයි.
යකෝ ගංජා ගැහුවට කමක් නෑ... ගංජා ගහලා පුකේ ඇගිලි ගහන්න එපා කියලා මට තවත් දෙක තුනක් ගහලා ජීප් එකට දාගත්තා සර්.... දවස් දෙකකට පස්සෙ ඒ සැරේ එළියට ආවෙ මුරකාරයා වත්තෙ මහත්තයට කියලා අමාරැවෙන් ඇප දීලා. එදා නම් උණ වගේ මට ගුටි කාලා
ඊට පස්සෙ සෝමෙ සරමට බැහැලා ගාස්තුවත් අරගෙන මාරැ උනා..

Source -
http://siragekamare.blogspot.com/2012/07/blog-post_25.html

Last edited: