හයිලෙවල් පාරේ ගඩොල් ගන්න නම් යන්න තියෙන්නේ නාවින්නේ ආපිකෝ එක ඉස්සරහට. ඒ හරියේ ඈත පළාත් වලින් කොළඹට එන ගඩොල් ලොරි නවත්තල තියෙනවා. එතනට ගිහිං ඒ ලොරි වල අයත් එක්ක කතාකරලා බලන්න ගනන්. 9*6*4 පුච්චපු ගඩොල් කැටයක් රුපියල් 20-21 වගේ වෙයි ඔයාගේ ඉඩමට ගෙනත් බාන්නම.
ඔය කියලා තියෙන ගෙදරට, මැද බිත්තිත් බදින්නත් එක්ක ගඩොල් 11000 ක් විතර යයි කියලා හිතනවා. ප්ලෑන් එක බලන්නෙන් නැතුව, බිත්ති බදින විදිය බලන්නේ නැතුව ගාන නම් හරියට කියන්න අමාරුයි.
ගඩොල් ගනිද්දී හරියටම ගනන් කරලා බලලා විතරක් සල්ලි දෙන්න. මොකද නැත්තං ගඩොල් 2500 ක් විතර තියෙනවා කියන ලොරියක ගඩොල් 100 ක් 200 ක් අඩුව එන්නේ. ඒ නිසා ගඩොල් ගාන ගනන් කරලා බලලා සල්ලි දෙන්න. ගෙදරට ගෙනත් බෑවම විතරක් සල්ලි දෙන්න. මගදී දෙන්න එපා කියක් වත්.
ආයේ ගඩොල් තියෙන්නේ බියගම කලාපෙට යන්න හැරෙන සියඹලාපේ හන්දිය ලග (බෙල්ලකපපු හන්දිය කියලා කියන්නේ මෙතනට). මෙතන හන්දියේ කලර්ලයිට් වල ඉදලා කිරිබත්ගොඩ පැත්තට පොඩ්ඩක් යනකොට යනකොට වම් අත පැත්තේ ගඩොල් ලොරි නවත්තලා තියෙනවා. ඕනි නං මෙතනටත් ගිහිං බලන්න.