ගණිකාවකගේ හෙළිදරව්ව
මේ කතාව අපට කියන්නේ කුමුදුය. වැඩිවියට පත්වීමටත් පෙර සිට සල්ලාලයන්ගේ සෙල්ලම් බඩුවක් වූ ඇය වසර තිහකටත් වැඩි කාලයක් ගණිකා වෘත්තියේ නියෑළෙන්නියකි.
කොළඹ සම්බාහන මධ්‍යස්ථානයකට හෝ ලොඡ් එකකට අලුතින් තරුණියක් ගෙන ආ විට පළමුව පොලිසියේ ඉහළම නිලධාරීන් දෙදෙනකුට ලබාදිය යුතුය. බොහෝ විට ඒ නව යොවුන් තරුණියන්ගේ කන්‍යාභාවය සිඳී යන්නේ ද ඔවුන් අතිනි. මෙයින් එක ලොක්කෙක් අද කොළඹ සිටින ඉහළම පොලිස් ලොක්කෙකි. අනෙකා විශ්‍රාම ගොස්ය. ට පහළ නිලධාරීන් ද සන්තර්පනය කරන තරුණිය නැවත ලොඡ් එකට හෝ සම්බාහන මධ්‍යස්ථානයට එන්නේ පරඬැල් වෙලාය. තරුණියන්ට වැඩි වයසක් නැත. වයස අවුරුදු පහළොව, දහහතුනේ පසු වන්නියන්ය.
හඳුන්වාදෙන එක් තරුණියක් වෙනුවෙන් තැරැව්කරුට ලැබෙන මුදල රුපියල් පනස්දහසේ සිට ඉහළට දිවෙන්නේය. තරුණියගේ රූප සම්පත්තිය, වයස් සීමාව මත තැරැව්කරුට ගෙවන මුදල ඉහළ යන්නේය. බොහෝ විට ලිංගික ශ්‍රමික වෘත්තියට වැටෙන ලඳුන්ගේ ආරම්භය සම්බාහන මධ්‍යස්ථානයයි. කොළඹ සම්බාහන මධ්‍යස්ථාන යනු පිටත ආයුර්වේදය. අතුරු අන්ත්‍රාවක් නොමැතිව ඒ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යැමට අනිවාර්යෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන්ට සල්ලි මිටිවලින් සහ කුළුඳුල් ලඳුන් දන් දිය යුතුය. දොළපිදේනි නොදෙන සම්බාහන මධ්‍යස්ථානවලට පොලිසියෙන් ගැලවීමක් නැත.
'මම ඇස් දෙකෙන් දැකලා, කනට ඇහිච්ච දෙවල් මහත්තයො මේ කතා කරන්නේ. පොලිසියේ ලොකු ලොක්කන්ට කොළඹ සේරම මසාඡ්කාරයො සිංහල අවුරුද්දට, නත්තලට ලොකු හැම්පර් යවනවා. එකේ මුළු අවුරුද්දටම හරියන්න බඩු තියෙනවා. මදි පාඩුවට සල්ලි මිටියකුත් දානවා. ලොඡ්වලිනුත් ඒ හැම්පර් එක ඒ විදිහටම යවනවා. හරි දිනේට හැම්පර් එක ගෙදරට ගියේ නැති නම් බඩියෙකුත් එවලා බලනවා. නියම විදිහට නිලධාරීන්ට සැලකුවහම මොන පොලිසියෙන් වටකළත් එක කෝල් එකෙන් වැඩේ ශේප් කරනවා. ඒ වගේ තමයි ත්රීවීල්කාරයන්ටත් හොඳට සලකනවා. කස්ටමර් කෙනෙක් ගෙනාවම රුපියල් පන්සීයක්, හයසීයක් දෙනවා. අවුරුද්දට, නත්තලට තෑගි. කරදරයක් වෙච්ච වෙලාවට සල්ලි...' ඒ කුමුදුගේ හඬය.
කොළඹ සම්බාහන මධ්‍යස්ථානවලට වැඩි පුරම ළමයි ගේන්නෙ කොහෙන්ද? ගලාගෙන යන කතාව අතරට අපි හරස් ප්‍රශ්නයක් යොමු කළෙමු.
'ඈත පළාත්වලින්... පහුගිය කාලේ වැඩිපුරම ළමයි ගෙනාවේ යාපනය, නැගෙනහිර පළාත්වලින්. මම දැනුවත්ව ඇඹිලිපිටියෙනුත් ගොඩක්ම ළමයින්ව ගෙනත් තියෙනවා. මම දන්න එක ළමයෙක් ඉන්නවා. එයාගේ ගම ඇඹිලිපිටියේ. ඒ ළමයා අවුරුදු දහහතරේදී පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලා. දෙමවුපියෝ ඒ සම්බන්ධයට කැමති වෙලා නෑ. කොහොමහරි ලව් එක කැඩිලා. සික් එකේ ඉන්න අතරේ ගමේ තව කොල්ලෙක් සිංගප්පූරු යවන්න කියලා කෙල්ලව සෙට් කරගෙන. කොහොමහරි ගෙදරටත් හොරෙන් කෙල්ල පාස්පෝට් හදන්න කියලා කොල්ලත් එක්ක කොළඹ ආවා. කොල්ලා කෙල්ලව ගෙනත් මම වැඩ කරපු ගල්කිස්සේ මසාඡ් සෙන්ටර් එකට භාර දුන්නා. එතකොට කෙල්ලට වයස අවුරුදු දහසයයි. කෙල්ල මසාඡ් ගැන තියා කොළඹ ගැනවත් මෙලෝ හසරක් දන්නේ නෑ. කෙල්ල ගෑණියෙක් වුණේ ඒ මසාඡ් සෙන්ටර් එකේ බොස්ගෙ අතින්.
කෙල්ල හුරුබුහුටියි. ලස්සනයි. හොඳ ඉල්ලුමක් ආවා. පළාත් සභා මන්ත්‍රීවරයෙක් මාසයක් විතර ගෙනිහිල්ලා තියාගෙන හිටියා. සල්ලි ලැබෙනකොටකෙල්ලහුරු වුණා.
මේ මෑතක දවසක තව පුංචි කෙල්ලෙක් හම්බ වුණා. කොළොන්නාවේ ඩොක්ටර් කෙනෙක්ගේ දුවක්. දවසක් කෙල්ල තාත්තා එක්ක බහින්බස් වෙලා මහා රෑ ගෙදරින් පැනලා හිස හැරුණේ අතේ ගිහිල්ලා. කොල්ලුපිටියේදී ත්රීවීල්කාරයකුට මාට්ටු වෙලා හෝටලේකට අරගෙන ගිහින් තියාගෙන ඉඳලා. කොහොමහරි තාත්තා කොළඹ පීරලා කෙල්ලව හොයාගෙන. ඒත් ගෙදරට එක්කරගෙන ගිහිල්ලා නෑ. මහරගම පැත්තේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කරලා. එතකොට කෙල්ලට වයස අවුරුදු පහළොවයි. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවුරුදු තුනක් ඉඳලා. එතැනදී තමයි කෙල්ල නන්නත්තාර වෙලා තියෙන්නේ. ගංජා බීලා, කුඩු උරලා. කරන්න තියෙන හැම ජරා වැඩේම කරලා. කොහොමහරි කෙල්ල එතැනින් පැනලා ආයෙමත් කොළඹට ආවා.
තව අපි දන්න කාන්තාවක් ඉන්නවා. එයාගේ ගම අනුරාධපුරේ. නම කාංචනා. එයාව අනාථ කරලා තියෙන්නේ එයාගේම සීයා. අවුරුදු දොළහේ ඉඳලා සීයා එයාට වරින් වර කරදර කරලා. එයාගේ අම්මත් ලිංගික ශ්‍රමික කාන්තාවක්. පස්සේ කෙල්ලට ඉවසගෙන ඉන්න බැරිම තැන ගෙදරින් පැනලා කොළඹට ආවා. කොහොමහරි වීථියේ ගෑණියෙකුට සෙට් වෙලා කෙල්ලව ලොඡ් එකකට සෙට් කළා. ඒ ලොඡ් එකට පොලිසියෙන් පැනලා කෙල්ලව අල්ලගෙන ගිහින් පුනරුත්ථාපනයට දලා තිබුණා. කෙල්ල එතැනිනුත් පැන්නා. පස්සේ කුඩු ගහලා පොලිසියට මාට්ටු වෙලා හිරේ ඉඳලා නිදහස්වෙලා ඇවිත් නැවත පරණ ජොබ් එකම කරනවා. දැන් නම් කෙල්ලට අවුරුදු විසි හයයි.
සල්ලිවලට ආශා වුණාට පස්සේ කෙල්ලන්ව ගලව ගන්න බොහෝම අමාරුයි. කන්න බොන්න නැතුව හිටපු ළමයින්ගේ අතට මොණර කොළ හම්බ වෙනකොට ඔටෝ ජොබ් එකට සෙට් වෙනවා. සමහර ළමයි ගෙවල් දොරවලුත් අමතක කරලා සම්බාහන මධ්‍යස්ථානය, ලොඡ් එක ගෙදර කර ගන්නවා. තව සමහර අය මාසෙකට වතාවක් ගෙදර ගිහින් අම්මා තාත්තාව බලලා එනවා... සම්බාහන මධ්‍යස්ථානවල පඩි කොහොමද...? කතාවට විරාමයක් නැත.
කරන වැඩ ගාණට. එක ගනුදෙනුකරුවකු එක්ක හිටියම රුපියල් පන්සීයක් ගෙවනවා. කස්ටමර් දෙන සන්තෝසමත් එක්ක එක්දහස් පන්සීයක්, ඊට වැඩි වෙන්නත් පුළුවන්. සමහර අය දවසකට හය, හත්දාහ හොයනවා. තව සමහර අයට රුපියල් පන්සීයත් නැති දවස් තියෙනවා. ලොඡ්වලත් එක වැඩකට පන්සීයක් ගෙවනවා. ඒ වුණාට කස්ටමර්ගෙන් රුපියල් තුන්දාහක්, තුන්දහස් පන්සීයක් අය කරනවා. ගනුදෙනු වැටෙන්නෙ රූපෙට. පිරිසිදුකමට. ලිංගික ශ්‍රමය විකුණන හැම තැනකටම පුදුමාකාර බිස්නස් එකක් තියෙන්නේ. සමහර දවස්වලට කර ගන්න බැරි තරමට බිස්නස්.
පොලිසියේ පී.සී කෙනෙක් විසිට් එකක් දාපු දවසට නම් අපේ කෙල්ලන්ට රුපියලක්වත් ලැබෙන්නේ නෑ. ළඟ තියෙන පිච්චියත් අත ගාගෙන යනවා. එහෙම කළත් මසාඡ්, ලොඡ් අයිතිකාරයෝ වචනයක්වත් කියන්නේ නෑ. මොකද වෙන පොලිසියකින් වටලන්න හැදුවොත් ඔත්තුව එනවා...'පෙළගැසෙන කතාවට අනුව ලිංගික ශ්‍රමය විකිණීම යහමින් මුදල් එන රැකියාවකි. එමෙන්ම එම වෘත්තියට ලැබෙන ආදායම ගැන කුමුදුට හොඳ අද්දැකීම් තිබෙන්නීය. රටේ නීතියට යටත්ව ප්‍රමිතියට ක්‍රියාත්මක වන සම්බාහන මධ්‍යස්ථාන අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුය. එමෙන්ම කොළඹ අවට ගණිකා මඩම් ලෙස ක්‍රියාත්මක ලොඡ් පහළොවකට ආසන්නය. එවැනි මඩම්වලට ගෑනු විකුණන පිම්පියෝ එමටය. නගරයේ ගමේ කියා වෙනසක් නැත.
දිවයින

lolic karayo kiyanne ithin ahanna deyak da