මොනතරන් ආර්ථික ප්‍රශ්න මොන තරං සමාජ ප්‍රශ්න තිබුනත් මම නං හිතන්නේ නෑ එ එකක්වත් ගණිකා වෘතියේ නියැලීම සාධාරණීකරණය කරන්න සුදුසු හේතු කියල.
මට කරන්න දෙයක් නැති උනා ඒ හින්ද මගේ අසරණ කමට මම මේ දේ කාලා කියල ගණිකා වෘතියේ නියැලීම සාධාරණීකරණය කිරිමට මම නං තරයේ විරුද්ධයි.
100% එකගයිඔයිට වඩා අමාරුකම් තියන මිනිස්සු ඕන තරම් මහන්සියෙන් ගොඩ යනවා සහ ගිහිල්ල තියනවා. මමනං දකින්නේ මිනිස්සු මේකට පෙලබෙන්නේ අසරණකමට නෙවේ ඉක්මනින් හම්බ කිරීමේ ආසාවට
![]()



පට්ට කතාව මචන්. මම ඕනෙ දැකල තියෙනව ලස්සන තරුණ ගැහැනු පට්ටම දරුනු ප්‍රශ්ණ වලට මූන දීලා ඉන්නව. නමුත් උන් කවදාවත ඔය රස්සාවට ගිහින් නෑ. මැරීගෙන මහන්සි වෙලා තමන්ගෙ නම්බුව පිටින් ගොඩ ආපු හැටි දැක්කම මුන් නම් 'යකඩ ගෑනු' කියල හිතිල තියෙනව. අන්න නියම අම්මල.

යකෝ අල්පෙනිත්තේ ඉදං රොකට් වක වෙනකන්ම හැමදෙයක්ම ව්‍යාපාරයක් නේ.
එහෙව් එකේ කරන්න දෙයක් නැති කමට ඇග විකිණුවා කියන එක පට්ට බොරුවක් බන්.
ගොටුකොල මිටි ටිකක් බැදගෙන දවස ගෙවන අම්මලා කොච්චර ඉන්නවද බන් මේ රටේ.
ඉක්මනින් සල්ලි හොයන්න තියෙන උවමනාවට කරන දේවල් තමයි ඕව.
අන්තිමට ඉතින් වැරැද්ද වහගන්න දුක විකුණලා කතා කරනවා.
බොරු බයිලා බන් ඔය සේරම.![]()
අසරණකමට එහෙම කරන අය ඇති.
එත් ඕවගේ ඉන්නේ සල්ලි නැති කමට වඩා ජිවිතේ වැරැද්ද ගත්ත කට්ටිය
මෝඩ තීරණ නිසා.

අපෝ නෑ බන්.. කූබි ගුලකට දැන්ම නම් සැපයි කියල හිතෙයි උබ ගියොත්..උන්ට මොන වින්දනේද? එක්කො නියපොතු සුද්ද කරයි, නැත්නම් ඈනුම් අරියි, ඔහේ බලාගෙන ඉන්නව..මේකයි බන්
සාමන්යෙන් ගණිකාවන්ට තම වෘත්තීයයෙන් ආස්වාදයක් නැත්තම් එකට යොමු වෙන්නේ නැහැ. ළමයි තාත්තා අම්ම කව්රු ජිවත් කරන්න හෝ එම දේට යොමු වුනාට එකන් වුන් වින්දනයක් ලබනවා.
තාම ලංකාව සාර්ge කාලේ රුසියාවේ තත්වෙට වැටිලා නැහැ එනිසා බත් පිගානට ඇග විකුනනවා කියන එක බොරු.
එදෙයින් ආශ්වාදයක් තිබෙන නිසා තමයි එකේම රැදිලා ඉන්නේ මුදල් කියන එකත් බලපානවා.
ලොල් යකෝ., පොඩ්ඩක් හරි වැරදුනොත් දෙන විදියට ගහගනින් ප** බැරි නම් පල කියල තමා අහගන්න වෙන්නෙ. 
ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්ම )
"මේ.......... ඔයා හිරුණි නේද?"
"ඔව් ඇයි ? " හත්ඉලව්වේ වෙඩි තිබ්බා වගේනේ. ඔහොමද හැබෑට කස්ටමර්ලට කථා කරන්නේ.
"මට පොඩ්ඩක් ඔයත් එක්ක කථා කරන්න ඕනේ !"
"අප්පද බොල , බලහල්ලකෝ දැං හැදෙන උන්ගේ තරම .මුලින්ම වයස කියල ඉම්මුකෝ, පස්සේ බැරිය කථා කරන්න "
ඔන්න ඔහේ ඇත්තම කියල දාමු ! " 19යි "
"අවුරුදු 19ට තියෙන අසහනයක තරම නේද කොල්ලෝ!!! අනේ ඉතින් උඹල වගේ එවුන් තමයි ගෑනුන්ගේ පිරිසිදුකම හොය හොය බදින පිරිමි.......... නේද ? උඹව බදින වැස්සිට දෙයියන්ගෙම පිහිට තමයි ඉතින්.
හ්ම් හ්ම් ...... මට මොකටද ඒ වගක් පැයකට 2000යි , වෙන කොහේවත් බෑ මං කියන තැනට එන්න ඕනේ . අනික පෙති ගහල එන්න බෑ මොකද මේවා හැදිලා තියෙන්නේ යකඩෙන් නෙවෙයිනේ "
චරිත සහතික ඕන නෑ !!!! විලි ලැජ්ජයි . අපරාදේ ආවේ කියල හිතෙනවා .ජීවිතේට මෙහෙම චාටර් වෙලා නැද්ද කොහෙද ! පාරේ යන උන් හිනා වෙවී යනව.පොලොව පලාගෙන යන්න තියෙනවා නම් . ශික් විතරක් .
කෙල්ල නම් උපරිමයි . ඉටියෙන් වාත්තු කළා වගේ , ඒත් කට , නොදකින් විතරක් මෝදර කුණු කානුව වගේ .
හෙන කික් එකේ ආවට මොකද දැන් නම් ජින්තු බැහැලා. හුලං පුරවපු බැලුමකට දෙහි කට්ටකින් ඇන්න වගේ .
"නෑ නෑ අක්කේ ...... මේ එහෙම දේකට නෙවෙයි ........."
"එහෙනං කොහෙම දේකටද ?"
පොඩ්ඩකට කට වහගෙන ඉදහංකෝ කියනකන් .
" 'ලංකාවේ ගණිකා වෘතිය නීතිගත කළ යුතුද ?' කියලා මම ඒ ලෙවල් වලට ප්‍රොජෙක්ට් එකක් කරනවා . ඉතින් මම ඒකට අක්ක වගේ කෙනෙක් එක්ක කරන සාකච්චාවක් දාන්න කියලයි ඉන්නේ ...... ඒකට උදව්වක් ගන්න තමයි ආවේ ! ..... "
"මට ඕවට වෙලාවක් නෑ ! " ඉවරයි ..........
"අනික මොකටද මාවම ඔය ඕන තරම් තව අය ඉන්නේ !!! "
"******** පත්තරේට අක්ක දීල තිබ්බ කථාව නිසයි ආවේ !!!! අනිත් අයනම් කොහොමත් වෙලා යනව කියල මාරු වෙනවනේ ! "
කෙල්ල ටිකක් සැලෙන්ඩර් වගේ .
"දැන් ඉතින් මෙනවද දැන ගන්න ඕනේ ??? හැබැයි විනාඩි 15ක් විතරයි යංකෝ බස් හොල්ට් එකට මෙතන කට්ටිය වැඩියි වගේ "
"මුල ඉදල සේරම ! "
වැඩේ හරි ගියාට මොකද නිකන් චාටර් ගතියකුත් දැනෙනව. පාර එහා පැත්තේ ට්‍රීවිල් පාර්ක් එකේ සේරම අපේ දිහාද කොහෙද බලන් ඉන්නේ . අද පොඩි එකෙක්ට ආතල් එක සෙට්වෙන්න යනව කියල හිතන්න ඇති. අයියෝ චාටර්.
"ක්ලාස් ඇරිල යන ගමන්ද ?" ගෑස් බැහැල.
"ඔව් "
"මොකද බය වෙලා වගේ "
"නෑ !!!! " ඔය කිව්වට බයවෙලා තමයි හිටියේ .කරුමෙට වත් තාත්තගේ යාළුවෙක් වත් දැක්කොත් හවසට ගෙදර යන්නේ කොහොමද !!!
" මටත් තිබ්බ මල්ලි ඔය වගේ කාලයක්........................................... ඒත් අර මොකද්දෝ කරුමෙකට තමයි මෙහෙම උනේ !........ හ්ම් " දිග හුස්මක්
"කෙල්ලෙක් ඉන්නවද ??? "
"ඔව් " ඔව් කිව්වට මට එහෙම කව්රුත් හිටියෙ නෑ
"බදින්නම ද ? "
"හ්ම් ... "
"කවදාවත් ඒකිට ද්‍රෝහි වෙන්න එපා මල්ලි ....... උන් පව් .!!! එහෙම උනොත් මට කරන්න ඉතුරුවුන දේ උන්නටත් කරන්න වෙන්න පුළුවන් "
" ? "
"මට තවම 23යි , වෙන කෙල්ලෝ මොනතරම් සන්තෝසෙන් විනෝදෙන් ගෙවන කාලයක්ද ! මට වෙලා තියෙන්නේ කවදාවත් නොදැකපු එවුං එක්ක නිදා ගන්න .......... තරහ වෙන්න එපා මල්ලි මට මේ පිරිමි කියන ජාතිය පේන්න බෑ...... "
" ඒත් හැමෝම එක වගේ නෙවෙයි නේද? " ජාතිය වෙනුවෙන්
" ඔව් මම ඒක දන්නවා ....... ඒත් මට එහෙම හිතන්න කරම් හිත හදාගන්න බෑ ,
මං පොඩිකාලෙම මගේ තාත්ත වෙන ගෑනියෙක් එක්ක පැනල ගියා .... එත කොට මගේ වයස අවුරුදු 6ක් විතර ඇති , තේරෙන වයසනේ ....මං පිරිමින්ට වෛර කරන්න පටන් ගත්තේ එදා .....මං වැරදිද ?? "
උත්තර නෑ!
" මං වැරදි වෙන්න හෙතුවක් නෑ නේද....... ****** තමයි මම පදින්චි වෙලා හිටියේ .......... ඉස්කෝලේ ගියේ නුගේගොඩ ******** විද්‍යාලයට .අනේ මල්ලි ඉස්කෝලෙ නම නම් ලියන්න එපාහොදේ !,
ඒකාලේ කවදාවත් මගේ අතේ රුපියල් 15කට වඩා තිබ්බේ නෑ .රුපියල් සත කියන්නේ ඒ දවස් වල ඉදලම අපිත් එක්ක තරහ දෙයක් ! තාත්තා දාලා යනකොට මොනවත් ඉතුරු කරල ගියේ නෑ !..... අම්මගේ රත්තරන් බඩු ටිකත් අරගෙන තමයි ගියේ ! .එදා ඉදං අම්ම කලේ නුගේගොඩ පොලේ බඩු විකුනපු එක. දුප්පත් කම කියන්නේ මං උපතින්ම ගෙනාපු දෙයක් .
ශිෂ්‍යත්වෙ නම් පාස් වෙන්න බැරි වුනා, ඒත් ඕලෙවල් විභාගේ හොදටම පාස් වුනා, ඒ 8ක් තිබුනා..... ඒක වෙන්න ඇති මගෙ ජීවිතේ සතුටුම දවස " තවමත් මතකයි ඒ වෙලාවේ කෙල්ලගේ ඇස් දිලිසුන හැටි.
" ඒ ලෙවල් වලට කොමස් කරන්න පටන් ගත්ත කාලෙම තමයි මට මහේෂ් ව හම්බ වුනේ. එයා හරිම හොද කෙනෙක් කියල තමයි මම හිතුවේ , ඒ ආදරෙන් එහාට දෙයක් මට තිබුනේ නෑ . පැය ගනන් කථා කරකර හිටිය .ඒ ඇස් දෙකෙන් ගැලවෙන්න මට බැරි වෙයි කියලයි හිතුවෙ. මහේෂ්ගේ අම්ම නෑ ! පුන්චි කාලෙම නැති වෙලාලු , තාත්තත් හවසට එන්නේ හොදටම බීගෙන.ඒනිසාම අපි දෙන්නගේ සමාජ පසුබිමත් හොදට ගැලපුනා . ඒවෙනකොට අපේ අම්මත් මේ සම්භන්දෙ ගැන දැනගෙන හිට්යා , එයාගෙනුත් අකමැත්තක් තිබ්බේ නෑ ,අම්මත් මහේෂ්ට සැලකුවේ එයාගෙම දරුවෙකුට වගේ .
ඒ ලෙවල් ඉවර උනගමන් අපි බැන්ද !! ඒකට විරුද්ද වෙන් කවුරුවත් හිටියේ නෑ. මහේෂ්ලගේ තාත්ත නිසා අපි දෙන්න නැවතුනේ අපේ ගෙදරමයි .මාසයක් විතර යනකොට මහේෂ්ට රස්සාවක් ලැබුන , මමත් මහන්සි බලන්නැතුව පොලේ ගිහින් බඩු විකුනුවා .මහන්සි නෑ නෙවෙයි ආදරේ නිසා මහන්සිය තේරෙන්නෑ . මේ නිසා අම්මට ගෙදර නවතින්න පුළුවන් වුනා.
මාස හතර පහක් යනකොට මට දරුවෙක් ලැබෙන ලකුණු ආවා. මමයි මහේෂ්ශුයි අම්මයි විතරක් නෙවෙයි අපිට නෑයෙකූට කියල ඉතිරිවෙලා ඉන්න ආච්චි අම්මත් සන්තෝස වුනා.
ටිකෙන් ටික දින ලං වුනා. මේ වෙනකොට මහේෂ්ගෙ මොකද්දෝ වෙනසක් දැනුනත් මම ඒක ඒ තරං ගනන් ගත්තේ නෑ.
හැන්දෑවරුවක මට අමාරුවෙලා කළුබෝවිල හොස්පිටල් එකට ගෙනිච්ච .එදා රෑ තමයි මට මේ ලෝකෙ ඉතුරුවෙලා ඉන්න එකම වස්තුව ලැබුනේ. ................ඔව් පුන්චි කොලුපැටියෙක් . පිරිමියෙකුට කියල මේ ලෝකේ මං ආදරේ ඌට විතරයි " හැම අම්මමෙක්ම එක වගේ නේද !
ඊලග දවසේ උදේ මහේෂ්ශුයි අම්මයි ඇවිල්ල මාවයි පොඩි පැටියවයි බලල ගියා .අද හවසට මගේ ට්කට් කපනව කියල මං ඒවෙලාවේ ඒ දෙන්නට කියලයි තිබ්බේ . 3.30 ට විතර ටිකට් කැපුව , පැයක් හිටිය , දෙකක් හිටිය ....... කවුරුත් ආවෙනෑ . පොඩි එකාට අදින්න තිවුන රෙදි කෑලි දෙකතුන මේවෙනකොටත් තෙමාගෙනයි හිටියේ .තවත් බලන් ඉන්න බැරිනිසා තනියම හරි ගෙදර යන්න හිතාගෙන එළියට බැස්ස.වෙනඅය වාහන නැතත් හයර් එකට හරි අරගෙන ඇවිත් පොඩි උන්ව දූවිල්ලලක් වත් වදින්නැතුව ගෙවල් වල එක්ක යද්දි මගේ පොඩි පැටිය බස් එකේ ගෙදර ආවා. බස් එකේදි මට ඇඩුන ......!
ගෙදර එනකොට කිසිම හැල හොල්මනක් නෑ .... ආච්චි විතරක් එලියෙ පඩියට වෙලා ඉදගෙන ඉන්නව.මාව දැක්ක විතරයි උන්දැ වාත අමාරුව අමතක කරල දුවගෙන ආවා ..........
"අනේ කෙල්ලේ ..........ගේ හරියේ සතයක් නෑ නැත්තං මං එනව උඹව එක්ක එන්න "
" කෝ ආච්චි අම්මේ අපේ අම්ම , මහේෂ් "
" උන් ආයේ එන්නෑ කෙල්ලේ ........... " ආච්චි අම්ම අඩනව
"අනේ මෙනවද උනේ කියන්නකෝ "
"උඹලගෙ අම්ම මහේෂ් එක්ක පැනල ගිහින් .............. මේන් කඩදහියක් තියෙනවා . ඒකෙන් තමයි මම දැන ගත්තේ අද උඹේ ටිකට් කපනවාය කියල"
" මට ලෝකෙම කැරකෙනව වගේ දැනුන මල්ලි ....... මගේම අම්ම මට මෙහෙම කරයි කියල හිතන්න පුළුවන්ද ඒවිතරක්ද අරතරං ආදරේ පෙන්නපු මගේ කොල්ල ..... මහේෂ් මෙහෙම කලේ මොන හිතකින්ද ! , පොඩි එකාවත් තුරුලුකරගෙන එදා මං කදුළු බේසන් ගානක් පිරෙන්න අඩන්න ඇති. මහේශ් වැඩ කරපු තැනින් ඇහුවට වැඩක් උනේ නෑ . මිනිහ එතනින් අස්වෙලා ගිහින් .
තාත්ත දාල ගියා වගේමයි . දෙන්න ගිහින් තියෙන්නේ ගෙදරම හූරගෙන .සතයක්වත් නෑ . මගේ අතේ රුපියල් 500ක් තිබුන . ඒත් ඒකෙන් මොනව කරන්නද ...............
පහුවදා පොඩි එකාව ආච්චිට දාලා මං ගියා පොලට ...... වැඩක් නෑ , මට එතන ඉන්න උන් මගේ අම්ම ගැන කියන කථා අහන් ඉන්න බෑ.මොනව උනත් ඒ මගේ අම්ම .... දහ දුක් විදල මාව උස්මහත් කලේ එයා .
ඊට පස්සෙ සතියක් විතර යනකන් එහෙන් මෙහෙන් සල්ලි පොලියට ගත්ත ....... දවසක් රෑ එලි වෙනකං කල්පනා කරල මං බොහෝම අමාරුවෙන් තීරනය කලා මට තියෙන එකම වස්තුව විකුනන්න. කාලෙකට කලින් ගත්ත කොට සායකුත් ඇදගෙන පහුවෙනිද මං පාරට බැස්ස ......... එදා මගේ 21 වෙනි උපන් දිනය. කෙල්ලොවිතරක් නෙවෙයි කොල්ලොත් 21 වෙනි උපන්දිනේ මහ ඉහලින් ගද්දි මං......... ඇග විකුනන්න පාරට බැස්ස මල්ලි......."
මට එතනදීත් කියන්න දෙයක් නෑ !!!!!!!!
" ඒත් මං මේක කරන්නේ තව ටික කාලයක් විතරයි ........ පොඩි එකාට හොද නෑනේ , දැනටමත් ඌ අහනව .....ඇයි අම්මි රෑට ගෙදර නැත්තේ කියල ....... ඉතුරු කරපු සල්ලි වලින් මොනව හරි වෙන දෙයක් කරන්නයි ඉන්නේ. "
" මොකද ගල් වෙලා වගේ ? "
" නෑ නිකන් ......... මේක නීති ගතකළානම් හොදයි කියලත් හිතෙනව "
" නෑ ......... එහෙම කලොත් මෙහෙ ඉන්න අයියලා ගම්වල ඉන්න අහිංසක කෙල්ලොන්ව ශෝරූම් වල දාල විකුනයි බලෙන්ම ........ කිසිම ගෑණියෙක් කැමත්තෙන් මේ රස්සසාව කරන්නෑ............."
දිලිසෙන කිරිපාට කාර් එකක් ...........වීදුරුවක් යන්ම් ඇරිල වැහුන .
" එයා සතියකට පාරක් එන කස්ටමර් කෙනෙක් ............. මං යනව "
රත්තරන් පාට හෑන්ඩ් බෑග් එක කරට දාගෙන කොන්‍ඩේන් පොඩි කෑල්ලක් ඉස්සරහට අරන් හිරුනි කාර් එක පැත්තට ඇදුන .අඩි තුන හතරක් ඉස්සරහට ගිහින් ආයෙත් හැරුන.
" ඔව් ඒ බැදපු මිනිහෙක් තමයි " කාර් එක ගැන මගේ කුතුහලය ඉවර උනා.
ප.ලි - කරුනු මදිවීම හා අනුමැතිය නොලැබීම නිසා ඒ ලෙවල් වලට ප්‍රොජෙක්ට් එක 'ලංකාවේ ගණිකා වෘතිය නීතිගත කළ යුතුද ?' එකේ ඉදන් ' ශ්‍රි ලංකා පොලිසිය මහජන මීත්‍රශීලිද යන්න දක්වා වෙනස් විය .
ප.ප.ලි - සියලුම දෙනා එක සමාන නොවන බව සලකන්න . හිරුනි හා මහේශ් යනු කල්පිත නම් දෙකකි . කථාව 100% සත්‍යවේ . වගකියමි.
උපුටා ගැනීම http://wilakuwa.blogspot.com/
අපෝ නෑ බන්.. කූබි ගුලකට දැන්ම නම් සැපයි කියල හිතෙයි උබ ගියොත්..උන්ට මොන වින්දනේද? එක්කො නියපොතු සුද්ද කරයි, නැත්නම් ඈනුම් අරියි, ඔහේ බලාගෙන ඉන්නව..ලොල් යකෝ., පොඩ්ඩක් හරි වැරදුනොත් දෙන විදියට ගහගනින් ප** බැරි නම් පල කියල තමා අහගන්න වෙන්නෙ.
![]()