ගණිකා භීතිකාව

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි ඉල්ලමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ කාන්තාවන් කිහිප දෙනෙකු අරබයා ආචාර්ය සමුද්‍රා ජයලත් කළසාධනීය අදහස් දැක්වීමක් නිසා ඇයට සහ එයට පක්ෂව අදහස් දැක්වූ ගැහැනු පිරිමි බොහෝ දෙනෙකුට පුද්ගලිකව මඩ ගසමින් ගිය ත්‍රෙඩ් එකක් දැකීමෙන් මෙය ලියන්නට සිත් විය.
    ගණිකා වෘත්තිය ගැන මිනිසුන් තුළ බොහෝ මිත්‍යා මත පවතින බවද පෙනී යයි.
    වෙනත් ඕනෑම රැකියාවක් මෙන් ගණිකා වාත්තියද රැකියාවකි. ඕනෑම කෙනෙකු ජීවත් වීම සඳහා ඉපැයීමට රැකියාව කරන්නාක් මෙන් ගණිකාව කරන්නේද ජීවත් වීම සඳහා මුදල් ඉපැයීමේ රැකියාවකි. ඈත ඉතිහාසයේ පටන්ම ගැහැනු, පිරිමි, සහ නපුංසක යනුවෙන් වර්ග තුනකට අයත් පිරිස් ගණිකා වෘත්තියේ නිරතව ඇති බව පැරණි ලෝක සාහිත්‍යය සහ බැබිලෝනියාව, ඉන්දියාව ඊජිප්තුව වැනි ශිෂ්ටාචාරවල ඉතිහාසය විමසන විට පෙනී යයි.
    එසේම ලිංගික සබතාද ගැහැනු- පිරිමි, පිරිමි-පිරිමි, ගැහැනු-ගැහැනු, මිනිසුන් සහ සතුන් මෙන්ම සමූහ ලිංගික වශයෙන් විවිධව පැවති බව ඉන්දියාවේ කජුරාවෝ හින්දු දෙවොලේ ඇති ඓතිහාසික මූර්ති දහස් ගණනක් මෙන්ම පැරණි බැබිලෝනියානු, ග්‍රීක, ඊජිප්තු සහ රෝම ශිෂ්ටාචාර ලේඛන, චිත්‍ර සහ මූර්ති විමසන විටද පෙනී යයි. එය අදටත් එසේම බව නූතන ජනමාධ්‍ය ඇසුරු කරන විට පෙනී යයි.
    ක්‍රීස්තියානි ව්‍යාප්තිවාදයට පෙර ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම ගණිකා වෘත්තිය සැලකුනේ පූජණීය හෝ උසස් වෘත්තියක් ලෙසය. බුද්ධකාලීන භාරතයේ ගණිකාව ඉතා උසස් තත්වයක් හෙබවූ අතර බෞද්ධ සාහිත්‍ය දක්වන අන්දමට බුදුන්වහන්සේ අම්බපාලිය වැනි ඉන්දියාවේ ප්‍රසිද්ධ ගණිකාවන්ගේ ගණිකා නිවාස වෙත දානය සඳහා වැඩම කර ධර්මය දෙසූ බවද බෞද්ධ සාහිත්‍යය දක්වයි.
    ලංකාවේ ඉතිහාසය විමසන විට පෙනී යන්නේ ක්‍රිස්තියානි ව්‍යාප්තවාදයට පෙර ලංකාවේ පැවති ගණිකා වෘත්තියට ඉහළ පිලිගැනීමක් පැවති බවය. තොටගමුවේ ශ්‍රී රාහුල වැනි බෞද්ධ හික්ෂූන් රචනා කළ සැළලිහිනිය වැනි ලංකාවේ සන්දේශ කාව්‍ය කෘති විමසන විට ඒවායේ ලංකාවේ විසූ ගණිකාවන් නැති නම් පුරඟනන් සහ රති කෙළි ගැන අපූරු වර්ණනා ඇති තරම් දැකිය හැකිය. ලංකාවේ උඩරට සිංහල නීතිය විමසන විට පෙනී යන්නේ බහු විවාහයට මෙන්ම විවාහයෙන් පිට දරුවන්ට දේපල පැවරීම පිලිබඳ නීතිද එහි අඩංගු වන බවය.
    ගණිකා වෘත්තිය පහත් අශික්ෂිත රැකියාවක් ලෙස හංවඩු ගසන්නේ ලෝකය පුරා යටත් විජිත පිහිටුවමින් ක්‍රිස්තියානිය ව්‍යාප්ත කරමින් ගිය යුරෝපා ක්‍රිස්තියානි පූජකයෝය. ඉන්පසු එංගලන්තයද මේ වන විට අතහැර දමා ඇති ක්‍රිස්තියානි වික්ටෝරියානු සුචරිතවාදය තම සංස්කෘතිය ලෙස පිලිගත් යටත්විජිත සමාජවල විසූ මෝඩ ජනයා ගණිකා වෘත්තිය පිලිකුල් කිරීම ඇරඹුහ.
    ලෝකයේ දියුණු නොදියුණු සෑම සමාජයකම ගණිකා වෘත්තිය අදත් පවතී, හෙටත් පවතිනු ඇත. ගණිකා වෘත්තිය පවතින්නේ එය පිරිමින්ගේ වරදක් නිසා නොව එය අතීතයේ පටන්ම සමාජ අවශ්‍යතාවයක්ව පැවති නිසාය. මේ කරුණ නිවැරදිව අවබෝධ කරගත් දියුණු නොදියුණු සමාජ ගණනාවක්ම ගණිකා වෘත්තියද වෙනත් රැකියාවන් මෙන්ම නියාමනය කොට ඊට අවශ්‍ය නීතිමය රාමුව සහ ආරක්ෂාව සලසා දී තිබේ. ඒ මගින් රැකියාවේ නියුතු ගණිකාවන්ගේ මෙන්ම ඔවුන්ගේ සේවය පතා එන ගැහැනු පිරිමින්ගේද අයිතිවාසිකම් මෙන්ම සෞඛ්‍යාරක්ෂාවද තහවුරු වේ.
    ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මෑතක කළ සමීක්ෂණයකට අනුව දල වශයෙන් 40.000 ඉක්මවන ගැහැනු ගණිකාවන් ප්‍රමාණයක් (බහුතරය සිංහල බෞද්ධ) මේ වන විට ලංකාවේ ගණිකා වෘත්තියේ යෙදී සිටින අතර පිරිමි සහ නපුංසක ගණිකා වෘත්තිකයන් ප්‍රමාණය ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන නැත. එසේ වුවද ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය බොහෝ කලක පටන්ම සිය පර්යන්ත රෝහල් මගින් මෙම ගණිකාවන්ට අවශ්‍ය සායන පැවැත්වීම මෙන්ම ලිංගික රෝගවලින් වැලකී සිටීමට ඔවුන්ව පුහුණු කිරීම මේ දක්වාම කරගෙන යයි. මීට අමතරව ගණිකාවන් සදහා නොමිලේ උපත්පාලන කොපු සැපයීමටද ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරයි.
    ලංකාව තුළ ගණිකා වෘත්තියේ යෙදෙනේනන්ද වර්ග කිහිපයකි. මෙහි නූගත්ම සහ දුගීම කොටස වීදි ගණිකාවන්ය. එහෙත් ලංකාවේ වීදි ගණිකාවන් ප්‍රමාණය එතරම් ඉහළ අගයක නැත. මීට අමතරව ඉහළම සමාජ ශාලා සහ පුද්ගලයන් සඳහා ලිංගික සේවා සපයන, එමෙන්ම එක් ලිංගික සේවා වාරයක් සහා රු 10.000 සිට 50.000 දක්වා අය කරන නිලියන් වැනි සුපිරි ගණිකා කොට්ඨාසයක්ද ලංකාවේ වෙසේ. අමතරව රජයේ සහ පුද්ගලික අංශයේ රැකියාවල නියුතු ගුරුවරියන්, හෙදියන්, ලිපිකාරිනියන්, හමුදා සෙබලියන්, වැනි විවිධ රැකියාවල නියුතු කාන්තාවෝ ප්‍රමාණයක්ද අර්ධකාලීන වෘත්තියක් ලෙස ගණිකා වෘතිය කරගෙන යන බව සමීක්ෂණ වාර්තා දක්වයි. ලංකාවේ වැඩිම අගයක් ගන්නේ මේ අර්ධකාලීන ගණිකාවන්ය. වීදි ගණිකාවන්ගේ සහ සුපිරි ගණිකාවන්ගේ ප්‍රමාණය මීට පහළ අගයක් ගනී.
    ගණිකාවන් ඇසුරු කරන්නන් පිළිබඳ සමීක්ෂණ දක්වන්නේ ලංකාවේ ගණිකාවන් ඇසුරු කරන බහුතරය හමුදා නිලධාරීන් බවය. මෙහි ප්‍රතිපලයක් ලෙස අනුරාධපුරය මේ වන විට ලංකාවේ වැඩිම ගණිකාවන් ප්‍රමාණයක් සහ ගණිකා නිවාස ප්‍රමාණයක් පවතින නගරය බවට පත්ව ඇත. ශ්‍රී මහා බෝධිය හෝ රුවන්වැලි සෑය අවටින් ඔබට දවසේ කැමති ඕනෑම වේලාවක ගණිකාවක් සපයා ගත හැක. කළ යුතු එකම දෙය වන්නේ අසලක ගණිකාවක් ගණිකාවක් පෙනෙන්නට නැති නම් ත්‍රීවීලර් රියදුරෙකුට කතා කිරීම පමණි.
    අමතරව, අවිවාහකයන්, විවාහය අසාර්ථක වූවන්, විවාහ විය නොහැකි අය, විවාහ නොවන්නන්, තනිකඩයන්, විවාහයෙන් ඈතක සිටින්නන්, බිරිඳ පංසලේ පදිංචි වූ මහල්ලන් සහ විනෝදය සඳහා ගණිකා ඇසුර පතන ලිංගික අවශ්‍යතා සහිත ලංකාවේ බොහෝ ගැහැනු පිරිමි ගණිකා සේවය ලබා ගැනීමෙන් මෙම කර්මාන්තය පවත්වාගෙන යාමට දායක වේ.
    නූතනය වන විට ගණිකා වෘතිය අන්තර්ජාලයට එක්ව ඇත. කැමති ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් පරීක්ෂා කර, කතාබහ කර, තෝරා, ගැහැනු, පිරිමි, නපුංසක ගණිකාවන් ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම රටකින් ඕනෑම මට්ටමකින් ඇනවුම් කිරීමට හැකිය.
    ගණිකා වෘත්තිය යනු සමාජ රෝග සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් හේතුවෙන් මේ වන විට ලංකාව තුළ නීතිය මගින් නියාමනය කළ යුතු වෘත්තියක් බවට පත්ව ඇත.
    සංස්කෘතිය යනු තමන්ගේ ලිංගේන්ද්‍රිය බවත්, ආහාර, වාතය සහ ජලය වැනි මූලික මිනිස් අවශ්‍යතාවයක් වන සංසර්ගයෙන් වැලකීම යනු දිව්‍ය ලෝකයේ යාම හෝ ස්වර්ගයේ යාම හෝ නිවන් දැකීම හෝ ශුද්ධවන්ත වීම හෝ නැති නම් හොඳ වීම බව සිතා සිටින නූගත්, මජර, කුපාඩි, ලිංමැඩි, තුප්පහි මානසිකත්වයක් සහිත බොහෝ කුහක ලාංකික ගැහුනු පිරිමින්ට මෙවැනි සමාජමය කාරණා අවබෝධ කරගැනීමේ හැකියාවක් නැත.
    අනෙක් අතට සංස්කෘතිය යනු තමන්ගේ රෙද්ද අස්ස යැයි සිතාගෙන සිටින මෙවැනි බොහෝ අය මනෝ විද්‍යාත්මකව ගත් කළ දරුණු ගනයේ ලිංගික අපයෝජකයෝ මෙන්ම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නෝද වෙති. ලංකාව යනු රටේ සංස්කෘතික ඇමතිවරයෙකුද ගණිකා නිවාසයක සිට පොලීසියට මාට්ටු වූ රටකි. ලංකාවේ මෙවැනි බොහෝ අය සංස්කෘතිය යනුවෙන් වටහා ගන්නේ තමන්ගේ රෙද්ද අස්ස බව දැකීම ඇඟ හිරි වැටෙන කාරණයකි.
    ලංකාව යනු සංස්කෘතිය විපරීත වූ රටකි. අමුඩ ගසාගෙන සිටි පිරිමින් සහ චීත්ත කෑල්ලක් දවටාගෙන සිටි ගැහැනුන්ගෙන් පිරී තිබූ නිදහස් ලංකා සමාජයට වික්ටෝරියානු සංස්කෘතිය නැමති සංකල්පය හඳුන්වා දී මූලින්ම සංසර්ගය මැජික් එකක් සහ පාපයක් කළේ එංගලන්ත ක්‍රිස්තියානි යටත් විජිත පාලකයෝය. අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන වැනි පසුකාලීන පුත්තලම් බූරුවෝ මේ වික්ටෝරියානු සංස්කෘතිකාංග සිංහල බෞද්ධකරනය කර එයින් සිංහල බෞද්ධ සංස්කෘතිය නැමති විකාරයක් හැදීමට පුරෝගාමී වීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැමති අවජාතක සංස්කෘතිය බිහි කළේය. එය එතෙක් ලංකාවේ පැවති නිදහස් සාමකාමී බුදුදහම මෙන්ම එයින් පෝෂණය ලද නිදහස් සිංහල සංස්කෘතියද අවසන් කර දැමීය.
    1970 දශකය වන විට ලංකාවේ මෙන්ම ලෝකයේද නූගත්, දුප්පත්, කුල පීඩනයෙන් පෙළුණු බොහෝ කොටස් නිතැතින්ම ආකර්ෂණය වූයේ වාමාංශික පක්ෂ වෙතය. එකල වාමාංශික පක්ෂ මේ ලුම්පන් ජනයාට අධ්‍යාපනය, විනය සහ ජීවිතයක් ලබා දී ඔවුන් විප්ලවීය සටන්කරුවන් කළද අද වන විට මේ කොටස් ග්‍රහණය කර ගැනීමට ලෝකයේ මෙන්ම ලංකාවේද වම අසමත්ය.
    ප්‍රතිපලයක් ලෙස අද වන විට මොවුන් බොදු බල සේනා, (ISIS) තව්හඩ් ජමාඩ් වැනි ආගමික සහ සංස්කෘතික අන්තවාදයන් වෙතින් තම අනන්‍යතාවය සොයන්නන් බවට පත්ව ඇත. ලංකාවේ රැකියා විරහිතයන්, කම්කරුවන්, නූගතුන්, මානසික රෝගීන්, අරාබිකරයේ අවාසිදායක විදේශ රැකියාවල නියුතු කම්කරුවන් සහ කුල පීඩනයෙන් පෙලෙන බොහෝ ගැහැනු පිරිමි අද වන විට සිය අනන්‍යතාවය සොයා යන්නේ අනගාරික ධර්මපාලගේ ප්‍රොෙතස්තන්ත්‍ර බුද්ධාගම සහ ක්‍රිස්තියානි වික්ටෝරියානු සිංහල බෞද්ධ සංස්කෘතිය හරහාය.
    නූතනම සංඛ්‍යා ලේඛන ගත්තද මේ මීහරක් සහ මී දෙනුන් පිරිස ලංකා ජනගහනයෙන් ලක්ෂ 48 කි.
    සරළව ජීවිතයට කෙලවාගෙන ඇරියස් පිට කරගන්නට බැරුව ලත වෙන ලංකාවේ ඕනම මෝඩ පකිස් බූරුවෙකුට බූරු දෙනකට ඇරියස් පිට කර ගැනීමට මගක් ඇත. ඒ අනගාරික ධර්මපාල සහ පියදාස සිරිසේන විසින් තිර රචනා කර අධ්‍යක්ෂණය කළ, තවමත් රඟ දැක්වෙන සිංහල බෞද්ධ සංස්කෘතිය නැමති පැරණි ක්‍රිස්තියානි වික්ටෝරියානු නාඩගමය. මේ සටහනට අදාල ත්‍රෙඩ් එක කියවන්නෙකුට ඒ බව මනාව වටහාගත හැක.
    මේ තත්වය වෙනස්ව ලංකාව දියුණු රටක් වීමට තවත් කල් ගත වනු ඇත. එහෙත් වෙනස් වීම නම් ස්ථිරය.
    FB
     
    • Like
    Reactions: xxc and tharakato

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමුද්‍රා ජයලත් ලොල් සමුද්‍ර උගතෙක් බව ඇත්ත. එත සමුද්‍රා හිතගෙන ඉන්නේ හැමදේම දන්නවා කියලානේ.. සමුද්රාට රට හදන්න නම් ලංකාවට එන්න කියපන් බන්. ලංකාවට අඩියක් වත් තියන්නේ නැතුව පිටරට ඉදන් ටෝක් දෙන්නේ නැතුව. ගණිකා වෘතිතීය නීතිගත කල කියල රටේ අහසනය වත්, රටේ තියන අනෙකුත් ප්‍රශ්න වලට විසදුමක් නෙමයි මචං ඔය සමුද්‍රලගේ ටෝක්ස් උස්සල්ල දන්නා කලින් උබ කල්පනා කරලා බලපන්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගණිකා වෘත්තිය නීතිගත කරපු ගමන් රට දියුණු වෙනවා කියලා කලින් දැනගෙන හිටියේ නෑනේ..අයියෝ..කොහොම හරි මේ නීතිය සම්මත කරගන්න ඕනේ..මේ උගතා අපිට මේක කියලා දෙන්න මෙච්චර කල් ගිහේ ඇයි දන්නෑ නේහ්හ්?ඒ වගේම අනගාරික ධර්මපාලතුමා එහෙම පුත්තලම් බූරුවෝ කියලා පේන්න මේ උගතා ඉගෙනගත්තු පාසල මොකද්ද දන්නේ නෑ..මේ මහත්තැන්ගේ අම්මා තාත්තා එහෙම බොහොම ශීලාචාර ජීවිත ගත කරපු අය වෙන්න ඇති නේහ්හ්..එතකොට මෙතුමා කියන විදිහට ගණිකාවෝ නොවන සහ එම ඇසුර පතන්නේ නැති කට්ටිය ඔක්කොම මී හරක් සහ මී දෙනුන්...මෙතුමා සහ මෙතුමගේ පවුලේ අය මිනිස්සු???:(:(
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සමුද්‍රා ජයලත් ලොල් සමුද්‍ර උගතෙක් බව ඇත්ත. එත සමුද්‍රා හිතගෙන ඉන්නේ හැමදේම දන්නවා කියලානේ.. සමුද්රාට රට හදන්න නම් ලංකාවට එන්න කියපන් බන්. ලංකාවට අඩියක් වත් තියන්නේ නැතුව පිටරට ඉදන් ටෝක් දෙන්නේ නැතුව. ගණිකා වෘතිතීය නීතිගත කල කියල රටේ අහසනය වත්, රටේ තියන අනෙකුත් ප්‍රශ්න වලට විසදුමක් නෙමයි මචං ඔය සමුද්‍රලගේ ටෝක්ස් උස්සල්ල දන්නා කලින් උබ කල්පනා කරලා බලපන්
    රටේ ප්‍රශ්ණ විසදන්න ඌටවත් මටවත් ඔනි නැහැ
    විසදුම් දෙන්න ඔනිත් නැහැ හැබැයි සහරක් බයිට් කරන්න ඔනි

    උබ සුබාග හේරත් ද

    පිස්සුද යකො
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගණිකා වෘත්තිය නීතිගත කරපු ගමන් රට දියුණු වෙනවා කියලා කලින් දැනගෙන හිටියේ නෑනේ..අයියෝ..කොහොම හරි මේ නීතිය සම්මත කරගන්න ඕනේ..මේ උගතා අපිට මේක කියලා දෙන්න මෙච්චර කල් ගිහේ ඇයි දන්නෑ නේහ්හ්?ඒ වගේම අනගාරික ධර්මපාලතුමා එහෙම පුත්තලම් බූරුවෝ කියලා පේන්න මේ උගතා ඉගෙනගත්තු පාසල මොකද්ද දන්නේ නෑ..මේ මහත්තැන්ගේ අම්මා තාත්තා එහෙම බොහොම ශීලාචාර ජීවිත ගත කරපු අය වෙන්න ඇති නේහ්හ්..එතකොට මෙතුමා කියන විදිහට ගණිකාවෝ නොවන සහ එම ඇසුර පතන්නේ නැති කට්ටිය ඔක්කොම පකිස් බූරුවෝ..මෙතුමා සහ මෙතුමගේ පවුලේ අය මිනිස්සු???:(:(

    මී දෙනක් ඩිටෙක්ටඩ්
    මී දෙනට ඔනි නම් පීඑම් එකක් දාන්න පෞද්ගලික දේවල් දැන ගන්න කිසිවක් නොසගවා කියන්නම්
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :lol::lol::lol::lol::lol::lol:

    ane paw. kalin me wage ekak liyanna mole pahala une natte meka liyapu ekaata taniyen hitanna bari nisa wenna one.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :rofl::rofl::P

    ගණිකාවක් වෙනවට වඩා මී දෙනක් වෙන එක දාහෙන් සම්පතයි සහෝ..:yes::love:

    මී දෙනට ඔනි නම් පීඑම් එකක් දාන්න පෞද්ගලික දේවල් දැන ගන්න කිසිවක් නොසගවා කියන්නම්:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මී දෙනට ඔනි නම් පීඑම් එකක් දාන්න පෞද්ගලික දේවල් දැන ගන්න කිසිවක් නොසගවා කියන්නම්:love:

    :lol::lol:එච්චර නිර්භීත කෙනෙක්ද ඔයා?:shocked:ලේසියෙන් දෙන දේත් ගන්න අමාරු දේත් අතාරින්න කියලයි මම ඉගෙනගෙන තියෙන්නේ..:P
     
    • Like
    Reactions: smad

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේකෙන් බඩේ පාර වදින්නෙ පිම්පියොන්ට උන්ට කමිශන් එක නැති වෙනව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    මේවා අනුමත කර උන්ට කියන්න තියෙන්නේ, ගණිකා වෘතිය නීතිගත කරලා උබලෑ අම්මලා අක්කලා නංගිලා ගෑනුත් ගෙනල්ලා දාපල්ලා කියලයි. වේසකම් කරන්න ඕන ගෑනිට වේසකමේ යන්න නීති ඕන නෑ. නීති දාලා වේසකමේ යන ගෑනුන්ව නවත්වන්නත් බෑ. අපෙ රටේ ඉන්න වැදගත් ගෑනු ටිකගේ ඔලුව නරක් කරලා මේ වගේ පහත් ඇඟ විකුනන් කන රස්සා වලට පුරුදු කරන්න අත දෙන එකත් පවක්

    Ps : අපේ රටේ එදා වේල හොයා ගන්න අමාරු කාන්තාවො ලනු අබරලා, ගල් කඩලා, කුනු ඇදලා දඩිය මහන්සියෙන් නම්බුපිට ජීවත් වෙන එක ඇදේ හාන්සි වෙලා හොයන තැනට පත් කරන්න හදන්නෙ එ උබලෙ අම්ම අක්කා නන්ගි කෙල්ල නොවෙන නිසාද?
     
    Last edited:
    • Like
    Reactions: smad

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අනේ මන්දා බන්..
    ඕක නීතිගත කරා, නොකරා කියලා වැඩි වෙනසක් නැහැ මන් හිතන්නේ.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මේවා අනුමත කර උන්ට කියන්න තියෙන්නේ, ගණිකා වෘතිය නීතිගත කරලා උබලෑ අම්මලා අක්කලා නංගිලා ගෑනුත් ගෙනල්ලා දාපල්ලා කියලයි. වේසකම් කරන්න ඕන ගෑනිට වේසකමේ යන්න නීති ඕන නෑ. නීති දාලා වේසකමේ යන ගෑනුන්ව නවත්වන්නත් බෑ. අපෙ රටේ ඉන්න වැදගත් ගෑනු ටිකගේ ඔලුව නරක් කරලා මේ වගේ පහත් ඇඟ විකුනන් කන රස්සා වලට පුරුදු කරන්න අත දෙන එකත් පවක්
    ඔව් එකත් රැල්ලට ගියොත්.. හැමෝම කරන්න ගනී.. :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එක් කාන්තාවක්, පිරිමියෙක් සමග පමණක් ලිංගිකව එක්වීම කියන්නේ දියුණු සමාජ සම්මතයක් කියල මම හිතන් හිටියේ :lol:..දැන් මේ ලිපියට අනුව ඒක එහෙම නැහැ...හැමෝම බඩු ගහන්න ඕනේ..මේක ලියපු එකා පිම්පියෙක් ද කොහෙද :lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අනිත් කාරණය තමයි ගණිකාව සාදාරනය කරනවට වඩා ක්‍රිස්තියානි ආගමට බැනපු එක තමයි කරලා තියෙන්නේ...ඉතින් පැහැදිලියි ලිපියේ අරමුණ ගණිකාවෝ වෙනුවෙන් කතා කරන එකද, ආගම් අතර බේද ඇති කරන එකද කියල...

    ගණිකාව කියන්නේ උතුම් රැකියාවක් වෙන්නේ කොහොමද බන්..උබ ඔය කියන මහා විවුර්ත සංස්කෘති තියෙන ඇමෙරිකාව වගේ රටවල් වල ගණිකාව උසස් කියල සලකනවද? ඇහුවමයි මෙහෙම කතාවක්..ගණිකාවක් වෙලා ඉන්න උන්ගෙන් උන්ගෙන් අහන්න බන් ඕනේ උන්ගේ රැකියාවේ තියෙන උතුම් කම...එහෙම ඇහුවනම් කියයි උන්ගේ හිත් වල තියෙන දේ...:yes:
     

    Similar threads