ගන්න හොද Scooter එකක් කියන්න

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    බලාගෙන හිටියා කාලයක් ගනන් වැඩි වැඩී කියල,,, තව හිටියත් තව ගනන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැති නිසා used scooter එකක් ගන්න බැලුව,, වාහන, bike ගැන මොනවත් දන්නෙ නැ,,, පොඩ්ඩක් එහෙන් මෙහෙන් දන්නව ඇරෙන්න,,, dio, ntorq , ඔහොම එක එක ඒව තියනව නේ,, මට සාමන්‍යයෙන් වැඩි වදයක් දෙන්නෙ නැති, ඇගට අමාරුවක් නැතුව පදින්න පුලුවන් scooter එකක් දැනගන්න පුලුවන්ද ???
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    Dio
    පාවිච්චියට ලේසියි
    ස්පෙයාර් පාර්ට්ස් ඔනෙ තරම් ලංකාවෙ වටෙම,
    2න් හැන්ඩ් වැලුයු එකත් හොදයි...
    ලග ලග පදින්න නම් මරු.
    පොඩි නිසා ට්‍රැෆික් එකටත් ශෙප්
    තෙල් 35ක් වගෙ කරන්නේ මම හිතන්නෙ...

    ---------
    TVS Ntorq
    ඩියො වලට වඩා ලුක් එක
    රයිඩින්ග් ෆිල් එක වැඩියි
    පිකප් එක වැඩියි,
    පාර්ට්ස් එහෙම සාපෙක්ෂව ගනන්,

    ---------
    Scooty pep
    පොඩි බයික් එක
    තෙල් කරනවා සැහෙන්න හොදට
    පාර්ට්ස් තියෙනවා ලාබෙට ඔනෙ තරම්.
    ----

    ඉන්දියන් ස්කුටර් සෙට් එකම එක වගෙ බන් පස්සෙ බැලුවම
    එලියෙන් එල්ලපු ප්ලස්ටික් වල හැඩ තමයි වෙනස් :D
     
    • Like
    Reactions: Ishara_Sampath_1