ගප්පියා ගැන ඔබ මොනවද දන්නේ?
ගප්පියා කිව්වහම මාළුවෙකුත් මතක් වෙනවා. සමහර ගප්පි ඉන්නවා උන් වෙල් ගප්පි, තව ඉන්නවා සාරි ගප්පි කියලා ජාතියක්.
ඒත් මේ ගප්පියා කොල්ලෙක්. නිකන් කොල්ලෙක් නෙවේ දක්ෂතාවය නිසාම ෆේස්බුක් හරහා ලෝක ප‍්‍රසිද්ධ වූ අපේ කාලේ තරුණයෙක්. ඔහුගේ වීඩියෝවලට, කාටුන්වලට, අදහස්වලට අපේ උන් ආදරේ කරනවා. එහි ප‍්‍රතිවිරුද්ධ පැත්තකින් එසේමයි. සමහරු ඔහුට පලූ යන්න බණිනවා. ඒ ගප්පියා රට හිටියට ඔබ නිසාම අපි ඔහුව ෆේස්බුක් හරහාම සම්බන්ධ කරගත්තා.
ඇත්ත නම - තරිදු විජේසේකර
වයස - 30යි
ඉගෙනගත්තේ - කොළඹ නාලන්දා විද්‍යාලය
දැන් පදිංචිය - ඕස්ට‍්‍රීලියාව
ලංකාවේ හිටියේ - මහරගම
පවුලේ අය - අම්මා, තාත්තා, අයියා, නංගි
ඉතින් කොහොමද ගප්පියා ලයිෆ් එක?
ලයිෆ් එක ෆුල් මාවලස් වෙනදා වගේ
මිතුරු ලයික් ගාණ එන්න එන්න වැඩිවෙනවා නේද?
දැනට 83000 ක් විතර තියෙනවා.
මේ ළගදී ගප්පියාට ෆේස්බුක් මිතුරන් ලොකු විරෝධයක් පෑවා නේද?
ඔව්. එහෙම දෙයක් වුණා තමයි
සමහරු කුණුහරපෙන් පවා බැණලා තිබුණා. ඉතින් ඔබට එතකොට මොකද දැනුණේ?
සමහර කුණුහරප අහලා තිබ්බෙත් නෑ. ඉතින් හරි සන්තෝසයි අලූත් වචනයක් දෙකක් ඉගෙන ගත්ත එක ගැන.
මේ දවස්වල ඔබේ රසිකයෝ ඔබේ දෙන්නෙක් ගැන කතා කරනවා. එක්කෙනෙක් සුද්දි, අනෙක් කෙනා ජින්ජියා (පූසා) කියන්නකෝ එයාලාගේ විස්තර ටිකක්?
සුද්දි හම්බුනේ Club එකක. ජින්ජර් බෝයි දවසක්දා අපේ ගෙදරට කොහෙද ඉඳලා ආවා. බඩගිනි වෙලා කෑම ඉල්ලූවා. අපි කෑම දුන්නා. දැන් ඌත් ගෙදර ස්ථීර පදිංචිකරුවෙක් වෙලා. මම මේ දෙන්නටම හරිම ආදරෙයි.
ඇත්තද ඕස්ට‍්‍රිලියාවේදී සුද්දිව බැන්දා කියලා?
ඔව්. කසාද බැන්දා නේන්නම්. එයාගේ නම ලිලි. එයා කඬේක කෝපි හදනවා.
වීඩියෝ හදන්න තව කවුද උදව් කරන්නේ?
ලිලියි ජින්ජර් බෝයි හැරුනාම මහ පොළොවෙ ගුරුත්වය විතරයි.
ඇයි ඕස්ට‍්‍රලියාවට ගියේ?
ඕස්ට‍්‍රිලියාවෙ එරන්ද කියලා යාලූවෙක් මට හම්බුන නිසාත් එයා එන්න උදව් කරපු නිසාත්.
ඉතින් දැන් ජීවත් වෙන්නේ මොනවා කරලාද?
දැනට යඩක කම්මලක සහ ඉඳලා හිටලා පිගන් හෝදන රස්සාවක් කරනවා. ගොඩක්ම වැඩ කරන්නේ ලිලි
කරන වැඩත් එක්ක කොහොමද නිර්මාණය කරන්නේ?
හරි ලේසියි. කනවා නිදාගන්නවා හැරෙන්න කරන එකම දේ වීඩියෝ හැදිල්ල.
ඔබ මොකද හිතන්නේ ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තය ගැන?
වැඩිය ඒ ගැන දන්නැති නිසා කියන්න එච්චර දෙයක්නැහැ. දැකලා තියෙන ඒවායින් ගොඩක්ම දැකල තියෙන්නෙ ශදම ඔමඉැ එකෙන්. මම ගොඩක් ආස ඉස්සර හැදුණු කළු සුදු චිත‍්‍රපටවලට.
ඉතින් ලංකාවට ඇවිත් හොඳ ෆිල්ම් එකක් කරන්න හිතෙන්නේ නැද්ද?
හිතෙනවා සෑහෙන්න
ගප්පියත් දැන් ලෝක ප‍්‍රසිද්ධි තරුණයෙක්, ලංකාවට එහෙම ආපු වෙලාවක කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?
ගොඩක් කෙල්ලෝ කොල්ලෝ අඳුරගෙන කතා කරනවා. කොහෙ ගියත් කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා. ඒ ගැන ආඩම්බරයි.
සෙල්ෆි එහෙම ගහන්න කෙල්ලො අඩගහන්නේ නැද්ද?
ඇයි නැත්තෙ. ඕනතරම්.
ළගඳී ලංකාවට එනවා නේද?
තාම එන එක ගැන ෂුවර් නෑ.
දිගටම රටද ඉන්න හදන්නේ?
ඔව්.
අහන්න බැරිවුණා ‘ගප්පියා’ කියන නම දැම්මේ කව්ද?
ඉස්කෝලෙ කාළේ කොල්ලො දැම්මෙ. මට හයියෙන් දුවන්න පුළුවන් නිසා. (මන් හිතන්නේ)
මේ වගේ පේජ් එකක් පටන් ගත්තේ ඇයි? ඒ කවද්ද?
කරන වැඩ මිනිස්සුන්ට පෙන්නන්න. 2011 වසරේදී වගේ.
හැමෝම අන්තිමට අහනවා වගේ මෙහෙම අහන්නම්, අනාගත බලාපොරොත්තුව?
ලොකු ෆිල්ම් එකක් ගහන්න.
http://latapata.lankagossipgirlnewslk.com/2015/06/mamshd-ek-tn-fudkjo-okafka.html