මම මේ ත්රෙඩ් එකට ආයෙ නෑවිත් ඉන්නම් කියල හිතුවෙ...ඒත් කතාව ඇදිල යනකොට නෑවිත් ඉන්න හිතුනෙ නෑ..මේ ත්රෙඩ් එක බලපු උනුයි කලින් ත්රෙඩ් එකේ මම ගනිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කියන එකයි දැකලා සමහරක් අය මගේ බෞද්දත්වය ගැනත් ප්රශ්න කරල තිබුනා..මමත් මේ හිටියට මදුරුවෙක්වත් මරන්නෙ නැති එකෙක්..ඔය මේ දවස් වල එලකිරියෙ හැම කෙනාම කියන් මහරහතුන් වැඩි මග ඔස්සේ කියන ලිපි පෙලේ පලවෙනි ලිපියෙ ඉදලම(දිවයින පත්තරේ යන්න පටන් ගත්තු දවසේ ඉදලම.)කියපු එකෙක්...මම දන්නවා දරු ගැබක් නැසීම පාපකර්මයක් කියන එකත්,කාමයේ වරදවා හැසිරීම පාපකර්මයක් කියන එකත්...කාමයේ වරදවා හැසිරීම කියන එක ලින්ගික සබදතාවකට ලඝු කරල හුග දෙනෙක් කතා කලත් ඒක ඊට වඩා ගැබුරට ගිය එකක් කියලත් මම දන්නවා...(මම මේ කියන්නෙ මගෙ පුරාජේරුවක් නෙවෙයි.අනිත් උන් මගේ ආගම ගැන ප්රශ්න කල නිසාත් මගේ ආගම පිලිබද දැනීම ප්රශ්න කල නිසාත්.)
මම ගනිකා වෘත්තිය නීතිගත කරන්න කියපු තැනවත් මෙතනවත් මම මාව අදාල කරගෙන නෑ.ඒ කිව්වෙ මමත් ඔව්ව කරනවා කියලා කොතනකවත් කියලා නෑ.මම මගේ සීමාවන් දන්නවා..මම මේ කාරනයත් නීතිගත කරන්න කිව්වෙ මට සල්ලි හම්බ කරගන්නවත් මගේ රුදාවට අහින්සක ගෑනියෙක්ව බඩ උනොත් ඒකෙන් ගැලවෙන්නවත් නෙවෙයි...මේ ලන්කාවෙ.(මහා ලොකු සින්හල බෞද්ද ලන්කාවේ.)ඉන්නවා නමට විතරක් ආගමක් තියෙන උන් කරන වැරදි වලට අහින්සක ගෑනු විදවන්න ඕනෙ කියන එක කියන්න තරම් මම කුහක නෑ...අපි කොච්චර මෙතන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලත් තමන්ට අතවර කරපු එකාට ජාතකව උපදින්න ඉන්න එකෙක් බඩේ තියාගෙන දස මාසයක් ඉන්න එක ගෑනියෙකුට ලේසි නෑ..අපි නම් කියයි දසමාසයක් මොකක්ද කියලා...ඒත් අපි හිතන්නේ නෑ උන්ට ඒ දස මාසය ඇතුලත් කොයි තරම් පීඩනයක් ඇතිවෙයිද කියලා..
අනික ඒ උපදින ලමයටත් මේ සමාජයේ ජීවත් වෙන එකත් ඊසි ගේමක් නෙවෙයි..අපේ අයියලා කොච්චර වාද බයිලා ගැහුවත් මේ රටේ තාමත් අප්පෙක් නැති දරුවෙක් දිහා බලන්නෙ වපරෙට...මම ඕකට උදාහරනයක් දෙන්නම්..අපි අපේ ආගම ගැන මෙතන මහා ලොකුවට කතා කලානේ..බුදුහාමුදුරුවොම දේශනා කරල තියෙනවා කුල බේදය කිසිම තේරුමක් නැති දෙයක් කියලා.ඒත් සති අන්ත පත්තරේක මන්ගල යෝජනා තීරය ඇරගෙන බැලුවාම කීදාහක් සමකුල සහකරුවන්ම පතනවාද?ඒ කියන්නෙ අවුරුදු දෙදාස් ගනනක් අපි මේ ආගම රැකගෙන ආවත් අපේ රටේ හුගක් උන් ඒක හරියට පිලිපදින්නෙ නෑ.
මේ කතාවත් ඒ වගේ ආගම නියම ආකාරයෙන් පිලිපදින උන් ස්ත්රී දූශන නොකර යහපත් කල් කිරියාවෙන් ඉදී..එහෙම ඉන්නෙ නැති උන්ව අපිට අමතක කරන්න බෑනෙ.උන්ට විරුද්දව මොකක් හරි ක්රියාමාර්ගයක් ගන්න ඕනෙ..
හරියට අපේ රට විනාශ කරන්න එන සතුරන්ව අපි විනාශ කරල දානවා වගේ...අපි බෞද්ද්යො අපි මිනී මරන්නෙ නෑ කියල අපි නිකන් ඉන්නෙ නෑනෙ..රටේ ජනතාව පීඩාවෙන් මුදවගන්න රජයට යම් ක්රියාමාර්ග ගන්න වෙනවා..ඒක ආගම එක්ක පටලව ගන්න එක වැරැද්දක්...
බුදුහාමුදුරුවො ජීවමානව වැඩ වසන සමයෙත් හොරු හිටියා,මිනී මරුවො හිටියා,මස් මරන උන් හිටියා,ගනිකාවො හිටියා.ඒත් බුදුහාමුදුරුවො බිම්බිසාර රජතුමාට උපදෙස් දුන්නෙ නෑ එව්ව පව් වැඩ එව්ව තහනම් කරන්න කියල...උන් වහන්සේ දැනගත්තා ධර්ම මාර්ගයේ යන පිරිසක් ඉන්නවා ඒ අය ඒ මාර්ගයේ යයි කියලා..අවබෝධ කර ගන්න පින් නැති උන් වෙනුවෙන් කරන්න දෙයක් නෑ..ඒ අයට බලහත් කාරයෙන් ආගම පටවන්න බෑ..
ඉතින් රටක් පාලනය කරද්දි ඔය දෙගොල්ලො ගැනම රජය අවධානය යොමුකරන්න ඕනෙ...ඒ නිසා රටේ නීති හැදෙනකොට ආගමට අනුකූල නොවෙන නීති උනත් පනවන්න වෙනවා..එහෙම කියල ආගම අදහන උන් පිරිහෙනව කියනව නම් ඒකා බොරුවක්...ඔය සේරම දේවල් තිබ්බ ඉන්දියාවෙ ආගමික ශාස්තෘවරුම කී දෙනෙක් බිහි උනාද?