ගමකද හොඳ නැත්තං නගරෙද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ගමක ඉන්න එකද හොද නැත්තං නගරෙක ඉන්න එකද? ගමකට වඩා නගරෙක ඉන්න එකේ වාසි අවාසි මොනවද? ගමයි නගරෙයි එකට එකතුවෙන හරියක ඉන්න එකද ඔය දෙකටම වඩා හොඳ? උඹලගෙ අත්දැකීම් කියාගෙන යං බලන්න.
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    නගරෙට ටිකක් දුරින් ගමක ඉන්න එක

    ඔව් මේක තමයි. එතකොට අවශ්‍යතාවයන් වලට නගරයට යන්න පුළුවන්. වාසය ගමේ..... :love2:
    කිරිබත්කුඹුර වගේ?
     
    • Love
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    introvert නම් ගමක, හැබැයි තමන්ගෙ දේවල්වලට කාටවත් අතපාන්නෙ නැතිවෙන්න හොඳට සල්ලි තියෙන්න ඕනි. හදිස්සියකට යන්න තරම් හොඳ ඉස්පිරිතාල තියෙන නගරයක් කිට්ටුව තියෙන්න ඕනි 🤷‍♂️
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Town ekaka tikake durin wenna

    ethakota lesi

    nathnam monawahari deyak gannath yanna ona bung 20,30 KM
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරූ නගරයයි..

    ඒ නිසා ගමක තමයි.
     
    • Love
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ප්‍රශ්නේ තියෙන්නේ social anxiety තියෙන කෙනෙකුට ගැලපෙන නිස්කලංක පරිසරය තියෙන්නේ ගමේ. අනුන්ගෙ දේවල් හොයන්නෙ නැති තමන්ගෙ පාඩුවෙ ඉන්න ගැලපෙන මිනිස්සු ඉන්නේ ටවුන් එකේ.
     
    • Like
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ගමක ඉන්න එකද හොද නැත්තං නගරෙක ඉන්න එකද? ගමකට වඩා නගරෙක ඉන්න එකේ වාසි අවාසි මොනවද? ගමයි නගරෙයි එකට එකතුවෙන හරියක ඉන්න එකද ඔය දෙකටම වඩා හොඳ? උඹලගෙ අත්දැකීම් කියාගෙන යං බලන්න.

    දැන් නම් ,

    ඉන්න තැන ..
    ඉන්න අය..
    ඉන්න විදිහ..

    වගේ ඒවා අදාල ම නැතුව ,

    "භාජනේ හැඩේ අරන් ඉන්න වතුර වගෙ..."

    ඉන්න පුලුවන් තරමට පරිනත වෙලා ඉන්නෙ..... ;-) 🙃 :-D :-D :-D
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගමක තමා මම නම් කැමති. ගම්වල මිනිස්සුන්ට ලොකු ලොකු අවශ්‍යතාවල් නෑ. ලොකු බලාපොරොත්තු නෑ. ඕන තරම් ඉඩම් තියෙනවා.වෙන රස්සාවක් නැත්තම් මොනවහරි වගා කරගෙන ඉන්නවා. උන් ගාව සල්ලිත් තියෙනවා. හැම ගෙදරකම බයික් එකක් ත්‍රීවීලර් එකක් තියෙනවා.බොහෝ විට දෙකම තියෙනවා.කෑමෙන් බීමෙන් නම් කොහොමත් අහේනි නෑ.හැබැයි මහන්සි වෙන්න පුලුවන් වෙන්න ඕන.ඒත් ගම්වල උන්ට නම් ඒ මහන්සිය එච්චර ගානක් නෑ.