ගමට නමක් හැදුනු හැටි

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගමට නමක් හැදුනු හැටි

    ඉස්සර ගමේ ගොඩේ ගෙවල්වලට හරි අපූරු නම් තිබුණා. දෙහි තියෙන ගෙදර දෙහි ගෙදර; රේන්ද මහන ගෙදර රේන්ද ගෙදර; හේනේ මාමගේ ගෙදර හේනේ ගෙදර; උඩහ ගෙදර, පහළ ගෙදර, කන්දෙ ගෙදර, වෙලේ ගෙදර, මල් ගෙදර, ඉඳිආප්ප ගෙදර ; ඔය වගේ නා නා ප්‍රකාර නම්. මේ හැම නමට මුල් වුණේ, ඒ ඒ ගෙදර තියෙන මොකක් හරි විශේෂත්වයක්.

    ගමකට නමක් පටබැඳෙන්නේ එහි භූගෝලීය පිහිටීම හෝ එවකට ජන කොට්ඨාශ වල විසූ විවිධ චරිත අතර ඇතිවූ සිදුවීම් මුල් කර ගෙනය. මෙවැනි ජනප්‍රවාද වල ඉතිහාසමය වටිනාකමක් ඇති අතර තවත් සමහරක් පරම්පරාවෙන් පරම්පරාවට ජන වහරේ පැවත එන කතන්දර වෙයි. ගම් වැසියකු තවත් කෙනෙකුට කතාවක් පවසන්නේ ඊට යහමින් ලුණු ඇඹුල් එක් කොට, අතිශයෝක්තියක් උපදවන ආකාරයටය. මෙවැනි ආශ්චර්යාද්භූත, මිථ්‍යා කතා තවමත් අප සමාජයේ ප්‍රසිද්ධව පවතී. පෙර යුගවල ඇතිවූ සංස්කෘතික විපර්යාසයන් හා ජන ජීවිතය පිලිබඳ මනා අවබෝධයක් මෙම රසවත් ජනාශ්‍රුති වලින් අපට ලබා ගත හැකි වේ.

    භාෂා වියතුන්ගේ හා ඉතිහාසඥයින්ගේ පොතපත පිරික්සීමෙන්ද ගම් නියම් ගම් වල පරිණත වැඩිහිටියන්ගේ හා හිතවතුන්ගේ අත්දැකීම්, දැනුම් සම්භාරය බෙදා හදා ගැනීමෙන් අප ගම් වලට නම් පටබැඳුනේ කොහොමද යන්න අපි විමසුවෙමු. පහත දැක්වෙන්නේ ඉන් සොයාගත් කරුණු කිහිපයකි.

    කොළඹ
    yimg_85jidH-640x426.jpg


    රාජාවලියේ කොළඹ හැඳුන්වා ඇත්තේ “කලන්තොට” හා “කැලණි ගම්තොට” යනුවෙනි. 1505, පෘතුගීසින්ගේ ලංකාගමනයෙන් පසු කොළඹ යන වර්තමාන නාමය ප්‍රචලිත විය.. “කොළ අඹ” මෙහි මුල් නම වූ අතර ගල් බොක්ක තුඩුව කොම්සරේයට් වීදිය අසල තිබූ අඹ නැති කොල පමණක් තිබුණු අඹ ගසක් මුල් කොට ගෙන මේ නම හැදෙන්නට ඇතැයි විශ්වාසයක් තිබේ. පෘතුගීසින්ට අනුව කොලඹ යනු කොලොම්බස්ට ගෞරව පිණිස තබා ගත් නමක්ද විය හැකියි. ඉබන් බතුතා හා වාං තා යුවාන් යන මුහුදු සෙනෙවියා “කොලාංපූ” හා “කලංපූ” ලෙස මෙම ස්ථානය හඳුන්වා තිබෙනවා. විදේශිකයින් විසින් ඇතිකල විශේෂ උච්චාරණයක් නිසා කොළඹ යන නාමය වඩාත් ස්ථාපනය වූ අතර පෘතුගීසි සමයේ බොහෝ ලියකියවිලි වල Kolahamba, Kolomba, Colahambo වැනි අනියම් රූප ද අපට දැක ගත හැකියි.

    කොල්ලුපිටිය
    yimg_ab8dtV-640x400.jpg


    අපි දැන් කොල්ලුපිටිය කියලා හඳුන්වන ප්‍රදේශය, ඉස්සර හැඳින්වුණේ බරන්දෙණිය කියලා. දැන් තියෙන කෑ කෝ ගාගත්ත, ජනාකීර්ණ ගතිය වෙනුවට ඒ දවස්වල තිබුණේ පොල්වතු, කුරුඳු ගස් එහෙම සරුවට හැදුණු නිස්කලංක පරිසරයක්.
    ඕලන්ද පාලන කාලයේදී අඹන්වෙල අප්පුහාමි නමින් හැඳින්වෙන උඩරැටියෙක්, මේ ප්‍රදේශයේ ලොකු පොල් වත්තක් වගා කරන්න පටන්ගත්ත. ලන්දේසින්ට කත් ඇද්ද මේ මනුස්සයා, ඒ හයියත් අරගෙන බරන්දෙණියේ මුල් පදිංචිකාරයන්ගේ වතු පිටිත් කොල්ලකමින් තමයි මේ පොල් වගාව කරගෙන ගියේ. අසාධාරණයට පත්වුණු ඒ ජනතාව, ඔවුන්ගේ “පිටිය කොල්ල කෑ” බව කියමින් ඊට විරෝධය පළ කළා. ඉතින් “කොල්ල කෑ පිටිය”, කොල්ලුපිටිය වුණු බව තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.

    ගාල්ල
    yimg_SuZata-640x400.jpg


    ගාල්ල නගරය අද ලංකාවේ තියෙන ප්‍රධානම සංචාරක පුරවරයන් අතුරින් එකක්. අතීතයේදී පවා වෙළඳ, සංචාරක අංශවලින් ගාල්ලට තිබුණු ජනප්‍රියතාවය, ඉබන් බතූතා, වස්කෝ ද ගාමා වගේ දේශාටකයන්ගේ වාර්තාවලිනුත් පෙන්නුම් කරනවා. ඉස්සර කාලේ වෙලදාම් වැඩවලට වැඩිපුරම පාවිච්චි වුණේ ගොන් කරත්තනේ. ඒ වගේ කරත්ත ගාල් කරලා තියපු ප්‍රදේශය “ගාල” වූ බවටත්, පසු කාලීනව “ගාල්ල” බවටත් පෙරළුණු බවට මතයක් ජනප්‍රවාදයේ තියෙනවා.

    මාතර
    yimg_u4bLPb-640x272.jpg


    මාතර නගරයට නම හැදුණු විදි කිහිපයක්ම ගැන ඉතිහාසය සාක්කි දරනවා. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ සෙල්ලිපිවල සඳහන් වෙන විදියට, මහාතීර්ථය නම් වෙළඳ මධ්‍යස්ථානයක් දෙවි නුවර කිට්ටුව තිබිලා තියෙනවා.

    නිල්වලා ගඟ ගලා බසින්නේ මාතර නගරය මැදින්. එයින් එතෙර වෙන්න තිබුණු විශාල තොට යන්න අර්ථවත් කරන්න දාපු නම “මහ තොට” විදියටත්, මාතර යන්න එකෙන් නිර්මාණය වුණු නමක් බවත් ඇතැම් අය විශ්වාස කරනවා.

    පෘතුග්‍රීසි ජාතික කිව්රෝස් පූජකයාණන් කියලා තියෙන විදියට නම්, අද අපි කියන මේ මාතර විශාල බලකොටුවක්. ඒ නිසා “මාලා තොට” විදියට මේක හඳුන්වපු බවත්, පසුව ඒක “මාතර” වුණු බවත් ජනප්‍රවාදයේ කියනවා.

    වත්තල
    yimg_KmNZRo-640x427.jpg


    මේ නම හැදුණු විදි දෙකක් ගැන, අපේ ජනප්‍රවාදයේ කියැවෙනවා. එකක් තමයි “වත්හල” යන වචනයෙන් වත්තල කියන නම හැදුණු බව. ඉස්සර තිබුණු ඇඳුම් කර්මාන්තශාලාවක් නිසා, මේ නම ඊට පටබැඳුණා ලු. “වත්” යන්නෙන් වස්ත්‍ර ද, “හල” යන්නෙන් ශාලාව ද අර්ථවත් වෙනවා.

    කේ. ජයතිලක මහත්මයා කියන විදියට නම්, තිසර සංදේශයේ “වස්තු ශාලාව” විදියට සඳහන් කරලා තියෙන්නේ වත්තල ගැන ලු. වස්තු ශාලාව, “වත්හල” වූ බවත්, පස්සේ කාලේදී ඒක වත්තල වුණු බවත් තමයි ඔහුගේ මතය.

    කොග්ගල
    yimg_nyQ4fM-640x425.jpg


    කොග්ගල කියද්දී අපට මතක් වෙන්නේ උපාලිවයි, ජින්නාවයි. ඒ මාර්ටින් වික්‍රමසිංහයන් “මඩොල් දූව” පොතෙන් අපට එකතු කරපු මතකයන් නිසායි. කොග්ගලට නම හැදුණු විදියත් ඒ වගේම හරි අපූරු කතාවක්.

    කොග්ගල කියන්නේ කලපුවක් වග ඔයාලා දන්නවා ඇති. කඩොල් ගහණ පරිසරයක් වගේම, කොක්කුත් මේ හරියේ හොඳ හැටියට ඉන්නවා. ඉතින් මේ කොග්ගල ජලාශය මැද්දේ තියෙන ගල් පර්වතවල තමයි මේ කොක්කු ලැගලා ඉන්නෙත්. “කොකුන් ලැග ගත් ගල” යන තේරුම දෙන්න එය “කොක්ගල” වූ බවත්, ඊටපස්සේ ඒක කොග්ගල වුණු බවටත්, බොහෝ දෙනාගේ මතයක් තියෙනවා.

    යක්දෙස්සාගල
    yimg_DxgQx1-640x257.jpg


    ඇතෙක්ගේ හැඩේ ගත්ත ඇතාගල, කුරුණෑගල තියෙන බොහොම ප්‍රසිද්ධ පර්වතයක්. මීට තරමක් එහායින් තියෙන යක්දෙස්සාගල, ලංකාවේ ඈත ඉතිහාසයේ කොටසක් හංගාගෙන ඉන්න තැනක්.

    ලංකාවේ පළමුවෙනි රජතුමා විදියට හැඳින්වෙන්නේ “විජය” රජතුමායි. ඔහු මුලින්ම විවාහ කරගත්තේ කුවේණි නම් යක්ෂ ගෝත්‍රයට අයත් කාන්තාවක්. නමුත් තමන්ගේ රාජ්‍ය බලය තහවුරු කරගත්තට පස්සේ, ඉන්දියාවෙන් එන වෙනත් කුමරියක්ව කසාද බැඳගන්න විජය රජතුමා, කුවේණිවත් ඔවුන්ගේ දරුවන් දෙන්නාවත් මාලිගාවෙන් පළවා හරිනවා.

    තමන්ට වුණු අසාධාරණය ගැන විජය රජතුමාට දෙස් දෙවොල් තියන්න, කුවේණිය පාවිච්චි කලේ අපි අද “යක්දෙස්සාගල” නමින් හඳුන්වන පර්වතයයි. “යක්ෂ ගෝත්‍රික කතක් දෙස් දෙවොල් තැබූ ගල”, මේ විදියට “යක්දෙස්සාගල” වුණු බවට මතයක් තියෙනවා.

    ඔලුවාවත්ත (මහනුවර, පහත හේවාහැට)
    yimg_hFVsqk-640x449.jpg


    මහනුවර, පහත හේවාහැට පැත්තේ පිහිටලා තියෙන ඔලුවාවත්ත ගමේ නම පිටිපස්සේ තියෙන කතාව මෙන්න මේ වගේ එකක්.

    දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධ බල ඇණියේ ඉඳපු යෝධයෙක් තමයි ගෝඨයිම්බර. රිටිගල ජයසේන හා ගෝඨයිම්බර යෝධයා අතර ඇතිවුණු ගැටුමකදී, තමන්ගේ අසමසම ශක්තියම පාවිච්චි කරපු ගෝඨයිම්බර යෝධයා, රිටිගල ජයසේනගේ ඔළු ගෙඩියට හොඳවැයින් පයින් පාරක් දුන්නා. කඳෙන් වෙන් වුණු ජයසේනගේ හිස පතිත වුණේ මීට ගවු දෙකක් විතර එහායින් තියෙන ගල් තලාවක් උඩට. “ඔළුව ආ වත්ත” කියන පද පෙළේ තේරුම ඇතිව මේ ප්‍රදේශය “ඔලුවාවත්ත” වුණු බව තමයි බොහොමයක් දෙනා පවසන්නේ.

    නිට්ටඹුව
    city_nittambuwa1_nittambuwadotnet-e1460690265981.jpg


    මීට කලින් නිත්තෑවන් හෙවත් නිට්ටෑවන් ගැන අසා තිබෙනවා වන්නට පුලුවන්. ශරීරය පුරා ලෝම පිරුණු, දිගු නිය ඇති, ශරීරයෙන් ඉතා මිටිවූ, ගල් ගුහා, උමං තුළ කණ්ඩායක් ලෙස ජීවත් වූ වඳ වූ ජන කොට්ඨාශයක් ලෙස නිත්තෑවන් හැඳින්විය හැක. පුරා විද්‍යාත්මක කැණීම් වලින් නිත්තෑවන් පිළිබඳ විධිමත් සාධක හමු නොවූවත් මෙම පුරාවෘත වලින් අපට ඔවුන් පිළිබඳ තොරතුරු රැසක් දැන ගත හැක. ගම්පහට නුදුරු නිට්ටඹුව මෙන්ම මහනුවර නිත්තවල යන ගම් හා බැඳුනු ජනප්‍රවාද මෙම නිත්තෑවන් ඇසුරු කොට ගෙන ගොඩ නැගුනු ඒවා විය හැකියි.

    කිරුළපන
    city_kirulapone1_panoramiodotnet-e1460690475730.jpg


    කෝට්ටේ රජ සමයේ මෙම ස්ථානයට කිරුළ (මෙහිදී කිරුළ යනු රජ වාසල වෙනුවට යෙදු නමක් ලෙස අපට අනුගමනය කල හැකියි ) පෙනී ඇති බැවින් ‘කිරුළ පෙනේ’ ලෙස නමක් පටබැඳි ඇත. එය පසු කාලයේදි කිරුළපන ලෙස ස්ථාපනය වුණි.

    කුරුණෑගල
    city_kurunegala1_wayambatourismdotlk-e1460691164598.jpg


    පාළි භාෂාවෙන් හස්තිශෛලපුර ලෙස හැඳින්වෙන ඇතුගල්පුරය හෙවත් කුරුණෑගල වඩාත්ම ප්‍රසිද්ධ නගරය මධ්‍යයේ ඇති විශාල ගල් පර්වතය නිසාය. “කුරුණෑ” යනු ඇතා ය. කඳු ගැටයක ගලක් ඇතකු මෙන් පෙනුණු නිසා කුරුණෑ ගල නම ව්‍යවහාරයට එක්විය. නමුත් සමහර වියතුන්ට අනුව ඇතාගල යනු කුරු මිනිසුන් ට නෑකම් ඇති පර්වතයක් විය හැකියි. මෙහි කුරු යනුවෙන් මිටි වාසීන් ද එහෙමත් නැත්නම් ඉන්දියාව සිටි පැමිණි කෞරව ගෝත්‍රයද යන්න අපට හරිහැටි කිව නොහැක.

    බෝතලේ
    Screenshot-2016-04-07-09.29.51.png


    ශ්‍රී ලංකාවේ පලමු අග්‍රාමාත්‍යවරයා වන ඩී.ඇස් සේනානායක මහතා උපත ලැබුවේ ගම්පහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝතලේ ගම්මානයේදීය. සේනානායක වලව්ව සහ මිනිරන් පතල් පැවති ස්ථානයක් හැටියට බෝතලේ ගම ප්‍රසිද්ධයි. බෝතලේ නම හැදුනු හැටි සම්බන්ධයෙන් ක්‍රිස්තුවර්ෂ තුන්වැනි සියවස තෙක් දිගු වන වටිනා පුරාවෘතයක් තිබෙනවා. රාජ්‍යත්වය අහිමි වීමෙන් වන වැදුණු සිරි සඟබෝ රජතුමාගේ මෘත ශරීරය සොයා ගෙන ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය කුමරු තම පිරිවර සමඟ අත්තනගල්ල බලා පිටත් වුණා. මේ යන ගමනේදි වැහැරේපොළ නම් ස්ථානයක නවාතැන් ගත් ගෝඨාභය කුමරුන්ට තමා ගෙන ආ බෝ පැළය මුල් ඇදී ඇති බව දැක ගන්නට ලැබුනා. එතැන් පටන් වැහැරේපොළ “බෝතලය” (බෝධිය පැළවූ තලයා නමින් ප්‍රසිද්ධ වුනා. තවත් ජනප්‍රවාදයකට අනුව කුල දහ අටකට අයත් පිරිවර ඉන්පසුව තම වාසභූමිය බවට පත් කර ගත් වැහැරේපොළ, බොහෝ දෙනා පැමිණි තලය යන අදහස අනුව බෝතලය වූ බවට ද කතාවක් පවතියි.)

    කුණ්ඩසාලේ
    Screenshot-2016-04-07-09.22.37.png


    සෙංකඩගල නුවරින් සැතපුම් හතරක් පෙරදිග මහවැලි ගඟේ වම් ඉවුරේ තමයි කුණ්ඩසාලේ පිහිටා තිබෙන්නේ. කුණ්ඩසාලේ නම හැදුණු හැටි ඩී. පී වික්‍රමසිංහ මහතාගේ මගදිගට ජන කතා පොතේ එක් කතාවක පැහැදිලි කර තිබේ.
    දඹදිව ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි දක්ෂ බ්‍රාහ්මන පණ්ඩිතයෙක් දවසක් ග්‍රහචාර ගණිමින් සිටිද්දී ශනි ගුරු ග්‍රහ යුද්ධයක පෙරනිමිත්තක් පෙනුණා. ඒ යුද්ධෙදි ශනි දේවතාවගේ කුණ්ඩලාභරණයක් ගැලවී මහවැලි ගඟේ එක් තැනකට වැටෙන බවත් ඔහුට දිස් වුණා. බමුණාගේ ගණිත ඥානයට අනුව මේ කුණ්ඩලාභරනය වැටෙන්නේ ගුරුදෙනිය නම් ගමේ කියල වැටහුණා.

    මේ කුණ්ඩලාභරණය සොයා ගැනීමේ අටියෙන් ගුරුදෙණිය පන්සලේ නවා තැන් ගත් බමුනා දිවා රෑ නොබලමින් පර්යේෂන වල නිරත වුණා. මේ ගැන විහාරාධිපති භික්ෂූන් වහන්සේ බමුණාගෙන් විමසීමක් කරන කොට බ්‍රාහ්මණයත් සම්පූර්න විස්තරේ හාමුදුරුවන්ට කිව්ව. ඒත් පන්සලේ හාමුදුරුවෝ නක්ශත්‍රාචාර්යෙක් කියල ඔහු දැනන් හිටියේ නැහැ. මේ පුවත අහපු හාමුදුරුවොත් නැකැත් ගැනීමෙහි යෙදුනා. කුණ්ඩලාභරණය නියමිත වේලාවට ගුරුදෙණියේ කඳු මුදුනට වැටී විසිවී ගොස් ගඟින් එතර එක් තැනක නතර වන බව හාමුදුරුවන්ට පෙනී ගියා.
    නියමිත වේලවාට ග්‍රහ යුද්ධය සිදුවනා කියන අතර කුණ්ඩාලාභරණය වැටෙන් තැන කූඩාරම් ගහගෙන හිටපු බමුණා එය විසි වූ තැන සොයා ගෙන යන විට තමාට කලියෙන් එහි කූඩාරමක් ගහගෙන සිටපු කෙනෙක් එය ඇහිඳ ගෙන ඇති බව තෙරුම් ගියා. මින් මනස්තාපයට පත් වූ බ්‍රාහ්මණයා මහවැලි ගඟට පැන සිය දිවි නසා ගත්තා.
    හාමුදුරුවෝ තමා ලඟ තිබූ කුණ්ඩලාභරණය පළමුවන විමලධර්ම රජතුමාට භාර දුන්නා. ඉන් ප්‍රීතියට පත් රජතුමා දළඳා වහන්සේ වැඩ හිඳුවීමට ඒ රත්තරනින් පලා පෙත්තක් හැදුවා. කුණ්ඩලාභරණය තිබුණ සාලා ප්‍රදේශය පසු කලෙක කුණ්ඩසාලේ නමින් ප්‍රසිද්ධ වුණා කියලත් පැවසෙනවා.

    ඔන්න ඔහොම තමාලු ගම් වලට නම් හැදුනේ..:P:P
    හොදයි නම් සලකගෙන යන්ට:cool:

    source- https://www.yamu.lk/blog/tales-behind-town-names-in-sri-lanka
    https://roar.media/sinhala/srilanka-life/village-names
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    84.gif

    එළ... එළ....!!
    රෙප් දුන්නා
    තැනුකූ මචං
    rep back
    :love::love::love:
    මරුසිරා;22745751 said:
    පට්ට මචන් රේප් +14 :love::love:
    තැනුකූ මචං
    rep back
    :love::love::love:
    You must spread some Reputation around before giving it to Gccamila again.
    එළ මචං
    rep back


     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පයාගල

    මුලින් පයියාගල කිව්ව :baffled: ඊට පස්සෙ සිංහලු පයිය කුණුහරුපයක් කරගත්ත :lol: ඉතිං නම කියන්න ලැජ්ජ නිසා අකුරක් හලල පයාගල කියන්න ගත්ත :rolleyes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :) :) :)
    TFS! මචං
    REP 10+
    තැන්කූ
    :love::love:
    තැන්කූ
    :love::love:
    පයාගල

    මුලින් පයියාගල කිව්ව :baffled: ඊට පස්සෙ සිංහලු පයිය කුණුහරුපයක් කරගත්ත :lol: ඉතිං නම කියන්න ලැජ්ජ නිසා අකුරක් හලල පයාගල කියන්න ගත්ත :rolleyes:
    සිරා
    :lol::lol::lol: