[FONT="]බෞද්ධ අපිට අරමුණු හුඟක් තියෙන්න විදියක් නෑ. බෞද්ධ අපේ එකම අරමුණ වගේම මූලික අරමුණ තමයි අර්හත්ඵලය සාක්ෂාත් කර ගැනීම. අරමුණ මේක වුනාට මේ අරමුණ ඇත්ත කර ගන්න එක නිකම් කජු තනවා වගේ ලේසි වැඩක් නෙමේ. අපි ක්‍රමානුකූලව කරන්න ඕනා දෙයක්. ක්‍රමානුකූලව වගේම මේ අරමුණ දක්වා හොඳ සිහියෙන් යන්නත් ඕනා. නැත්නම් මහ විනාශයක් වෙනවා. බුදුහාමුදුරුවොම වරෙක දක්වනවා තමන් වහන්සේගේ ධර්මය විෂකුරු සර්පයෙක් වගේ කියලා. අපි දන්නවානේ සර්පයෙක්ව නියම විදියට අල්ල ගත්තෙ නැත්නම් මොකද වෙන්නේ? ඌ අපිට දෂ්ට කරනවා. ඒකෙන් අපි විනාශයට පත් වෙනවා. ධර්මය නිසි පරිදි ඉගෙන ගෙන නියම ආකාරයට පිලිපැද්දොත්අන්න එතකොට ඒ ධර්මයෙන් ඒ ධර්මය පිළිපදින්නා ආරක්ෂා වෙනවා. එයින්ම ඒ තැනැත්තාගේ ආශ්‍රයට පත් වෙන තැනැත්තොත් සැනසීමට පත් වෙනවා. නැත්නම් ඉතින් ඒ වැරදියට පිළිපදින තැනැත්තා වගේම ඒ තැනැත්තාව විශ්වාස කරන අයත් විනාශයට පත් වෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ අකුසලයක මහත කියන්නේ අද වෙනකොට වැඩි පුරම ඉන්නේ මේ දෙවන කට්ටිය තමයි. තමනුත් විනාශ වෙලා අනිත් අවයත් විනාශ කරන්න උත්සහ කරනවා. ඒ අතරෙ ඉන්න මුල් කණ්ඩායම ශ්‍රේෂ්ටයි. ඒ අයට තමයි බුදුහාමුදුරුවො කිව්වේ මඩේ පිපුන නෙළුම් මලක් වගේ කියලා.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔයින් මෙයින් කොහොමහරි ඒවායින් අපිට වැඩක් නෑ. තම තමන් පුළු පුළුවන් විදියට නියම ධර්මය උගෙන ගෙන අර්හත්ඵලය සාක්ෂාත් කර ගන්න උත්සහ කරන එකයි වැදගත්. ඉතින් නිවන් දකින්න අපිට උදව් වෙන ධර්ම කාණ්ඩයන් කීපයයක් එක් කරගෙන තවත් පෝස්ට් එකක් කරන්න මන් හිතුවා. මෙතනදි කිසියම් කෙනෙක්ට මේ දේවල් ගැන ටිකක් විමසලා බලලා ඒවායේ ඇත්ත නැත්ත සලකලා බලලා පිලිගන්නවානම් පිලිගෙන බෞද්ධයන්ගේ අරමුණ වෙච්ච අර්හත්ඵලය සාක්ෂාත් කරගන්න ලැබෙනවානම් ඒ තමයි මගේ එකම ප්‍රාර්ථනය. ඒ වගේම තව දෙයක්, මෙතනදි ඔයාලගේ දැනීමේ හැටියට මගේ අතින් වැරදි දෙයක් කියවෙනවානම් කරුණාකරලා ඒ දේවල් නිවැරදි කරන්න කියලාත් (මොකද කියනවානම් මට වඩා ධර්මය ගැන දන්න අය මෙතන හුඟක් ඉන්න නිසා) කාරුණිකව ඉල්ලා සිටිනවා. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉතින් මන් හිතුවා පෝස්ට් එක පටන් ගන්න මුලින්ම සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයෙන්. මෙතනදි රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා තමන් පෙර ආත්මභාවයකදී මේ භෞතික ලෝකයේ අවසානය දකින්න උත්සහ කරලා අතරමගදි මියගිය බව බුදුහාමුදුරුවන්ට කියා හිටිනවා. ඉතින් බුදුහාමුදුරුවො මෙතනදි දේශනා කර වදාරනවා, [/FONT]“[FONT="]ඇවැත්නි, මම ලොව කෙලවරට නොපැමිණ දුක් කෙළවර කිරීමක් නොම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහිම ලෝකයත්, ලෝකසමුදයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිණී ප්‍රතිපදාවත් පණවමි. පාගමනින් කිසිකලෙක ලොව කෙළවර නොපැමිණිය හැක්කේය. ලොව කෙළවරට නොපැමිණ දුකින් මිදීමෙකුත් නැත. එහෙයින් ලොව දන්නා මහ නුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ මගබඹසර ඇති පව් සංසිඳවූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මෙලොව ද පරලොවද නොපතයි[/FONT] ”[FONT="] විදියට.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බුදුහාමුදුරුවො තමන්ගෙන් ප්‍රශ්න අහපු හුඟක් අයගෙ ප්‍රශ්න ඒවායට ලැබෙන පිළිතුර නිර්වාණයට සම්බන්ධ නොවන ඒවා වෙනවිටදි ඊට පිළිතුරු ලබා දීමෙන් වැලකී සිටියා. ඒ වගේම තමයි සමහර අයට ඒ වගේ වෙලාවටත් පිළිතුරු ලබා දුන්‍නා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, ඒ අවස්ථාවේ නොවුනත් පසු අවස්ථාවකදී ඒ තැනැත්තාට මගඵල අවබෝධ කර ගන්න අවස්ථාව සැලසෙන නිසා. ඉතින් මේ රෝහිතස්ස සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන විදියට අපේ මේ ඇඟේම තමයි ලෝකය හට ගන්නෙත්. ඒ වගේම තමයි ලෝකය නැති කරන්න පුළුවන් වෙන්නෙත් මේ ඇඟටම අවධානය යොමු කිරීමෙන් තමයි, මොකද කියනවානම් දුක නැති කිරීමේ ක්‍රමවේදය හැංගිලා තියෙන්නෙත් අපි තුලම නිසා. මේ දේවල් දැකගන්න, අවබෝධ කරගන්න බැරි වුන නිසා අපි නොසෑහෙන්න දුක් විඳිනවා. ඒ දුක් වලට අනිත් අයවත් ඇදලා ගන්නවා. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉතින් අපි වෙන්න ඕනා අපි දුකට පත් වෙලා අනිත් අයව දුකට ඇදලා ගන්න පිරිසක් බවට නොවේ. අපි අපිත් ලෝකය අවබෝධ කරගෙන අනිත් අයටත් ලෝකය අවබෝධ කරගන්න උපකාර වෙන්න ඕනා. අපි දන්නවානේ සෑම දුකකම උපත තමයි අපේ උපත කියන එක. මෙතනදි බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම [/FONT]“[FONT="]තථාගතයන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කරගන් හා මැනවින් දැනගත් ලොව පවත්නා ලෝක ධර්මය කුමක්ද? මහණෙනි, රූප,වේදනා,සංඥා,සංඛාර හා විඤ්ඤාණ ලොව ලෝකධර්මයි. [/FONT][FONT="]එසේ දැන ගැනීමෙන් පසු ඔහු එය පැහැදිලි කරයි, උගන්වයි, පිහිටුවයි, පනවයි, බෙදා දෙයි, උඩුකුරු කෙරෙයි. තථාගතයන් විසින් එසේ කරද්දීත් කෙනෙක් එය නොදැන හෝ නොදැක සිටී නම් එවන් අන්ධ නොපෙනෙන අඥාණ පුරුෂයකුත් සමග මන් කුමක් කරන්නම්ද?[/FONT] ”([FONT="]පුප්ඵ සූත්‍රය, සංයුක්ත නිකාය) විදියට කෙටියෙන් වගේම සරලව දක්වන්න පුළුවන්.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ දේවල් පංචස්කන්ධය විදියට හැඳින්වෙනවා. මේවායේ හට ගැනීම සත්වයාගේ හටගැනීම වෙනවා වගේම දුකේ උපතත් තමයි මේ. යම් විටක කෙනෙක්ට ලෝකය දැනගන්නවා කියන්නේ එහෙමනම් සරලව ගත්තම පංචස්කන්ධය දැන ගැනීමයි. ඒ ලෝකයේ ප්‍රතිඵලය දුක. ඉතින් දුක ? [/FONT]“[FONT="]ජාතිය දුක් වන්නේය. ජරාව දුකකි. ව්‍යාධීන්ගේ පහල වීම දුකකි. ජීවිත නසන මරණයද දුක් වන්නේය. අප්‍රියයන් සමග විසීම දුක් වන්නේය. ප්‍රියයන්ගන් වෙන් වීම දුකකි. කැමති දෙයක් නොලැබීමද දුකකි. කෙටියෙන් කියන්නේ නම් පඤ්ච උපාදානස්කන්ධයෝ දුක් වන්නේය. මෙය දුක්ඛ ආර්ය සත්‍යය නම් වන්නේය.[/FONT]”[FONT="] (ධම්මචක්කපවත්තන සූත්‍රය, සංයුක්ත නිකාය).
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හිතලා බලන්න ලෝකයේ මෙයිට වඩා දෙයක් තියෙනවාද කියලා ? [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉතින් අපි ටිකෙන් ටික හිමින් සැරේ අර්හත්ඵල සොයා යන ගමනේ ඉස්සරහට යමු. [/FONT]