ගම්පහ තරුණයෙක් වතුරේ ගහගෙන යනවා..

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,199
    11,223
    113
    Forest
    පව් බන් පොඩි කොල්ලෙක්.විහින්මයි මැරුනේ.

    මේ කතාව ඇත්ත.මට හොඳටම පීනන්න පුලුවන්.හැබැයි මේ වගේ වෙලාවක මම නොබී හිටියත් වතුරට බැහැල නම් ගන්න යන්නෙ නෑ.අනිවාර්යයෙන් මටත් මැරෙන්න වෙනවා.අනික ඔය වගේ වෙලාවක ඇදල ගන්න ඕන කොන්ඩෙන්.මුගෙ කොන්ඩෙත් නෑ.කොන්ඩෙන් ඇරෙන්න කොහෙන් ඇල්ලුවත් ගිලෙන එකා ඒකෙ එල්ලෙනවා.මේ කියල තියෙන survival instincts නිසා ආයෙ අතාරින් නෑ.හැබැයි මූව ගොඩ ගන්න තිබුනා පොල්ලක් දාල ඌට අල්ලගන්න කියලා ඇදල ගත්ත නම්.එකෙක් පොල්ලක් දාන්න කියල කියනවත් එක්ක.ඒත් කවුරුත් ගනන් ගන්නෑ.එතන ඉන්න උනුත් අනුන්ට කියනව මිසක් තමන් මුකුත් කරන්නෙත් නෑ.අපරාදෙ ඉතින් තරුණ ජීවිතයක් නැති උනා.


    කවුරුහරි කියනවද වතුරෙ ගිලිල මැරෙන අය ඇයි මේ ඉරියව්වෙන්ම ඉන්නෙ කියලා?මොකක් හරි හේතුවක් තියෙනවද? මම දැකල තියෙන ගිලිල මැරුන හැමෝම වගේ ගොඩ ගන්නකොට ඉන්නෙ මේ ඉරියව්වෙන්
    ------ Post added on Mar 14, 2022 at 10:20 PM
    Man ara scene eken passe life guard kenekgen ahuwa mehema ekak una e ai kiyala. U kiyanawa eka normal scene ekaklu. Godak welawata unuth beraganna lagata yanna kalin tikak aatha idan uta mahansi wenna deelalu allanne. Samahara welawata sihi nathi wenna gahanna wenawalu. Samahara unge agili kadannath wela thiyanawalu allagaththama :lol: Hammo oni na. Ara floating tire eka daana eka lesiy.
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පව් බන් පොඩි කොල්ලෙක්.විහින්මයි මැරුනේ.

    මේ කතාව ඇත්ත.මට හොඳටම පීනන්න පුලුවන්.හැබැයි මේ වගේ වෙලාවක මම නොබී හිටියත් වතුරට බැහැල නම් ගන්න යන්නෙ නෑ.අනිවාර්යයෙන් මටත් මැරෙන්න වෙනවා.අනික ඔය වගේ වෙලාවක ඇදල ගන්න ඕන කොන්ඩෙන්.මුගෙ කොන්ඩෙත් නෑ.කොන්ඩෙන් ඇරෙන්න කොහෙන් ඇල්ලුවත් ගිලෙන එකා ඒකෙ එල්ලෙනවා.මේ කියල තියෙන survival instincts නිසා ආයෙ අතාරින් නෑ.හැබැයි මූව ගොඩ ගන්න තිබුනා පොල්ලක් දාල ඌට අල්ලගන්න කියලා ඇදල ගත්ත නම්.එකෙක් පොල්ලක් දාන්න කියල කියනවත් එක්ක.ඒත් කවුරුත් ගනන් ගන්නෑ.එතන ඉන්න උනුත් අනුන්ට කියනව මිසක් තමන් මුකුත් කරන්නෙත් නෑ.අපරාදෙ ඉතින් තරුණ ජීවිතයක් නැති උනා.


    කවුරුහරි කියනවද වතුරෙ ගිලිල මැරෙන අය ඇයි මේ ඉරියව්වෙන්ම ඉන්නෙ කියලා?මොකක් හරි හේතුවක් තියෙනවද? මම දැකල තියෙන ගිලිල මැරුන හැමෝම වගේ ගොඩ ගන්නකොට ඉන්නෙ මේ ඉරියව්වෙන්
    ------ Post added on Mar 14, 2022 at 10:20 PM
    මැරිලා ටික වෙලාවක් යනකොට බොඩි එක ගල් වෙනව. වතුරේ මැරුණම ගොඩක් වෙලාවට පාවෙන්නේ ඔහොම තමයි අත් දෙකයි කකුල් දෙකයි පොඩ්ඩක් නැමිලා ඔලුව යටට හිටින්න. ගොඩ ගන්නකොට ගල් වෙලා ඉවරයි. ඒ නිසයි ඔය ගොඩක් වෙලාවට ඇඳේ ඉන්නගමන් එහෙම නැති උනහම කට වැහිලා තද වෙන්න මූණ වටේ පටියකින් බඳින්නේ. මොකද ටිකක් වෙලා ගියොත් කටත් වහන්න අමාරුයි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Man ara scene eken passe life guard kenekgen ahuwa mehema ekak una e ai kiyala. U kiyanawa eka normal scene ekaklu. Godak welawata unuth beraganna lagata yanna kalin tikak aatha idan uta mahansi wenna deelalu allanne. Samahara welawata sihi nathi wenna gahanna wenawalu. Samahara unge agili kannath wela thiyanawalu allagaththama :lol: Hammo oni na. Ara floating tire eka daana eka lesiy.
    ඒක තමයි බන්. අපිටත් ඉතින් එක ජීවිතයයිනෙ තියෙන්නෙ
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    බේරගන්න යන එකා එක පාරක් අරුව අල්ල ගන්නවනේ. ඊට පස්සේ ආයේ මිස් වෙනවා
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පළවෙනි දෙය ඔය වෙලාවට සිහිය තියෙන්න ඕනි. අනිත් දෙය යම්කිසි අවබෝධයකුත් ඕනෙ ගිලෙන කෙනාට නෙවේ අනිත් උන්ට. නිකම්ම බේරගන්න කියල වතුරට පැන්නොත් ගොඩක් වෙලාවට දෙන්නටම ඕක තමයි වෙන්නේ. මේක ප්‍රායෝගික නෑ කියලා හිතන්න එපා ඒත් මුලින්ම ළඟ පාත ටිකක් දිග කෙක්කක් හෝ ලණුවක් තියෙනවද කියල බලන්න ඕනි. හැබැයි එහෙම එකක් නැත්තම් හොය හොය ඉන්නෙ නැතුව හතර පස් දෙනෙක් වතුරට බැහැලා දම්වැලක් වගේ අල්ල ගන්න ඕනි. ඊට පස්සේ ඉස්සරහම එක්කෙනා තමන්ගේ කමිසය ගලවලා අනිත් කොන අල්ලගන්න ගිලෙන කෙනා ළඟට දාන්න ඕනි. ඕවා කරන්න ඉතින් කියනවා වගේ ලේසි නෑ ඒ වෙලාවට ගානට මීටරේ ට වැඩ කරන්න හොඳ කල්පනාවක් වගේම ඉවසීමක් නම් ඕනි. මොකද ඔය දේවල් වෙන්න යන්නේ තත්පර ගානක් නිසා..☹️
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara

    බීමතින් සිටි සිසුවා කෙටවල අමුණට බිලි​



    image_964ccf8465.jpg


    (තිලකරත්න දිසානායක)

    ගම්පහ, කෙටවල අමුණෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

    මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කළගෙඩිහේන, මංගලතිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දරුවෙකි.

    කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක 11 වසරෙහි ඉගෙනුම ලබන ගම්පහ අවට ප්‍රදේශයන්හි පදිංචි සිසුන් දස දෙනකු අද (14) පෙරවරුවේ ගම්පහ, කෙටවල අරමුණ අසලට ගොස් ඇති බවත් ඉන් දෙදෙනකු ජලයට වැටීමෙන් පසුව අයකු බේරා ගැනීම හැකි වූවද අනෙක් සිසුවා ගැනීමට නොහැකිවීමෙන් අතුරුදහන්ව ඇති බවට අනාවරණයවී ඇති බවත් පොලීසිය පවසයි.

    මොවුන් පිරිස පාසල් යන බව පවසා නිවෙස්වලින් පැමිණ ඇති බව අනාවරණයවී ඇති අතර මෙම සිසුන් පිරිස ගම්පහ පොලීසියට රැගෙන ආ අවස්ථාවේ කිහිපය දෙනෙකු අධික ලෙස බීමතින් සිටීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බවත් පොලීසිය කියයි.

    අධික ලෙස බීමතින් සිටීම මත සිසුන් සිව් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබාදීම පිනිස ඇතුලත් කොට සිටි අතර ඔවුන් අද සවස 4 පමණ වන තුරුත් නිවෙස් කරා යැවීමට නොහැකිවූ බව ගම්පහ රෝහලෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.
    කොහොමද ගෙදරට මාට්ටු වුනාම මුන් බීලා ගිහිල්ලා මලේ කියල. අනික ජීවත් වෙලා ඉන්න උන්ට කොහොමද ගෙදරින් දාන කේස් එක.

    මේ පැත්තේ කොල්ලෙකුත් තව එවුන් දෙන්නෙක්ද කොහෙද එක්ක කටුකුරුන්ද මුහුදේ නාන්න ගිහිල්ලා තිබ්බා ක්ලාස් කට් කරලා. එකෙක් ගහගෙන ගිහිල්ලා. ගහගෙන ගිය එකාගේ තාත්ත මුන්ට බනිනවා ඉතින්. මුන්ගේ හිතේ ඉතින් තාමත් අර ගිල්ටි ෆීලින් එක ඇති.
     
    • Like
    Reactions: hchri and Dexter011

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    pinaganna beri una neda... 2000n passe unta pinanna amarui...bila bila goda tama pinanne

    p.s. මගේ පන්තියේ 9 වසරෙදි ඉදපු කොල්ලෙකුත් මැරුණා ඇල්ලකන්දේ වැවේ නාන්න ගිහින් අඩියක් ගහලද මන්දා එක නම් මතක නෑ...වජිර කොල්ලගෙ නම.චන්ඩිය... 9 ඉද්දි 11 උන්ට ගැහුවේ..පන්තියෙ මිස්ලා පවා ඇඩුවා.සපුගේ මිස් ඇඩුවා මතකයි... අපිත් ඇඩුවා ඉතින් ඒ කාලේ පොඩි ළමයි අපි..
     
    • Like
    Reactions: NRTG and hchri

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    වැඩ දාලා බොතලේ කඩලා බිව්වට තමන්ගෙ එකෙක් මැරෙන්න යනකොට එකාට එකා බේරගනින් කියලා කෑගහනවා විතරයි. මරු යාළුවො.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තමන්ගේ තාත්තාගේ කර මතින් අවසන් ගමන් යන තවත් කාලකණ්නියෙක්..


    gi6Eu7t.jpg


    ඉස්කෝලේ යන්න කියලා ගෙදරින් ඇවිත් අම්මා තාත්තට බොරු කරලා බීලා ජොලි කරලා අන්තිමට ඇලට බැහැලා ආතල් එකක් දෙන්න හැදුවේ..බලපන් මූ වෙරි මර ගාතේ ගිහින් ඇලට පනින හැටි.හරියට මල ගිය ඥාතියෙක් ඇලේ ඉදන් ඒ ලෝකෙට යන්න කතා කලාම යනවා වගේ යන්නේ මූ.


    iKxM5KU.jpg


    අරූ දෙන්න ගියා ආතල් එක කුඩු වෙද්දී,සීන් එක හොඳට බලාගන්න කියලා හිතාගෙන, වැටෙන්නම ගහලා හිටිය උගේ කල්‍යාණ මිත්‍රයෙක් මෙහෙම කෑ ගහනවා


    "මාව නැගිට්ටවහන් #ත්තෝ "




    hCRrjvq.jpg


    කාලකණ්නියා දෙන්න ගිය ආතල් එක කුඩු වන දැන ගන්න අතිජාත මිත්‍රයෝ දෙන්නෙක් ඌ බේරන්න ඇලට පනිනවා.අන්තිමට උන් දෙන්නට වෙන්නේ තමන්ගේ ජිවිත බේරගන්න ගොඩට පීනන්න .


    ඒ අස්සේ ගොඩ ඉන්න එකෙක් මෙහෙම කෑ ගහනවා.

    "මනීෂ පලයන්කෝ බන්"


    දෙන්න ගිය ආතල් එකත් අරන් මරුවා ලගට යන කාලකණ්නියා බේරගන්න යන්න කියලා ඒ ගොඩ ඉන්න අතිජාත මිත්‍රයෙක් කෑගහන්නේ.

    ඒකට උත්තර දෙන්නේ ,මොලේ කළඳක් හරි තියෙන තවත් මිත්‍රයෙක්..ඌ මෙහෙම කියනවා.

    "උඹ යන්න එපා බන් "



    ඌ නොහිටින්න අද මෙතන මරණ දෙකක් වෙන්නත් ඉඩ තිබ්බා.

    වතුරට බහින්නේ නැතුව අනිත් උන්ට බැහැපන් කියන උන්ගෙන් පරිස්සම් වෙයල්ලා.උන්ගේ ඕඩර්ස් පිලිපදින්න ගිහින් ,ගිලෙන එකත් එක්ක පතුලට යන්න වෙන්නේ උඹලටත්.මොකද ගිලෙන එකා බලන්නේ කොහොම හරි ජිවිතේ බේරගන්න.උඹටවත් තනියෙම ඔට්ටු වෙන්න බැරි ජල කඳක් එක්ක තව එකෙක්ගේ ජිවිතයත් ගොඩ දාන්නම් නම් උඹ මොනවගේ කෙනෙක් වෙන්න ඕනෙද?හුගක් වෙලාවට වෙන්නේ අනිකා ජිවිතේ බේරගන්න කරන දැගලිල්ල,මරු විකාරයෙන් කරන දැගලිල්ල එක්ක උඹටත් මරු තුරුලට යන්න වෙන එක.

    අන්තිමට කියන්න තියෙන්නේ අම්මා තාත්තා උඹලා ගැන තියෙලා තියෙන විශ්වාසය කඩන්න එපා.




     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    video කරන කොල්ල එල කොල්ලෙක්. උ phone එක හොලන්නේ නැතුව ඔක්කොම ටික videoකරනවා අරූන් ඔක්කොම මැරුණත් කමක් නැ කියල..
    ඔව් යකෝ, ස්ටේබලයිසර් එකක් වගේ ඌ 🤣