ගම්මන්පිල වද උනාන බඩ උනාද?

CodeMan

Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    වඳ සැත්කම් ගැන කියලා උන් කරේ සාෆිගේ ඵකවුන්ට් ඵකට පාස්කු ප්‍රහාරයට ටික දවසකට කලින් වැටුන කෝටි ගාණක සල්ලි ගැන කේස් ඵක වහල දැම්ම ඵක කියල මටනම් හිතෙන්නේ..සමහරවිට අපි බැන්නට ගම්මන්පිලත් ඵයාලගෙම ඉත්තෙක් වෙන්න පුළුවන්..


    July 2019

    කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සියාබිඩීන්ව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
    ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඔහුට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

    අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී ගොනුකර තිබේ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ෂාෆි වෛද්‍යවරයා ද නඩු විභාගය සඳහා අස පවස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරුණ.

    ඒ අනුව සැකයට තුඩුදෙන පැමිණිලි 147ක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය යටතේ දරුණු තුවාල සිදුකිරීමේ වරද යටතට ගැනෙන බවද, ඔහු සඳහන් කළේය. එමෙන්ම වන්ද්‍යකරණය සිදුකර ඇත්තේද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා සිදුකිරීමට නියමිතව තිබූ එස් එච් ජී පරික්ෂණ සිදුකිරීම තාවකාලිකව අත්හිටුවමින් අධිකරණය ලබාදුන් නියෝගය හේතුවෙන් විමර්ශන කටයුතු ඇනහිට තිබෙන බවද නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා පැවසිය.

    කාසල් සහ ද සොයිසා රෝහල්වල ඉකුත් වසර 05ක කාලය තුළ එස් එච් ජී පරික්ෂණවලට ලක්වූ මව්වරුන්ට සංකූලතා ඇති වී තිබේද යන්න වාර්තාවක් ලබාදෙන ලෙසට එම රෝහල් අධ්‍යක්ෂවරුන්ට නියෝග කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී එය තනිව සිදුනොකළ බවත්, ඒ හේතුවෙන් ඔහු පමණක් සිරගත කර සිටීම අසාධාරණයක් බවයි.

    එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ද ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති හෙයින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ වෛද්‍ය ෂාෆි මුදල් උපයාගත් ආකාරය පිළිබඳව කිසිදු වාර්තාවක් සී අයි ඩී ය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
    පාස්කු කේස් එක ඇදෙන හැම වෙලාවේම මූ මොකද කලබල වෙලා ප්‍රෙස් conference තියන්නේ ?