LINK
ඔබ ලගත් ගම්මිරිස් තියෙනවද..
එසේ නම් මේ කියන්න යන්නේ ඔබ ලග තියෙන ගම්මිරිස් වලට නියම වටිනාකමක් අරන් ඒවා විකුණා ගන්නා පිලිවලක් ගැන.ඔබ දන්නවා ඇති වර්තමානයේ ලංකාවේ ගම්මිරිස් වලට ඉහලම මිලක් ලැබෙන වග.ඔබත් ගම්මිරිස් වගාවක හිමිකරුවෙක් හෝ ඒවා වෙල්දාමේ යෙදෙන්නෙක් නම් මේ තමයි එහි හොදම කාලය.
අපි ඔබට කියන්නම් ගම්මිරිස් වැලෙන් ඵ්ලදාව නෙලා ගැන්මේ ඉදලා වෙලද පලට යවන තෙක් එහි නියම ප්‍රමිතිය තබා ගන්නා පිලිවෙල මුලින්ම.අපේ රටේ ගම්මිරිස් ප්‍රභේද කිහිපයක්ම රටේ එක් එක් පලාත් වල වැවෙනවා.මේවා දේශීය ප්‍රභේද,විදේශීය ප්‍රභේද වගේම දේශීය දෙමුහුන් ප්‍රභේද වශයෙන් වර්ග කරන්න පුලුවන්.ඉතිං ඔබ දන්නවානේ ලොකේ හොදම ගම්මිරිස් තියෙන්නේ අපේ රටේ බව.ඒකියන්නේ ගුනාත්මක බවෙන් ඉහලම ගම්මිරිස්,හැබැයි ලෝකේ අනෙකුත් රටවල් වල අපිට වඩා විශාල වශයෙන් ගම්මිරිස් නිශ්පාදනය වෙනවා.ඒත් අපේ රටේ තරම් ගුනාත්මක බවක් ඒවායේ නැහැ.ඒ නිසාම ගම්මිරිස් වෙලදාමේදී අපේ ගම්මිරිස් වලට හොද ඉල්ලුමක් වගේම මිලක් තියෙන්වා.අපිට ආවේනික ප්‍රභේද වශයෙන් ගාලු කොලුවා 49,(G.k 49)තොටගමුවේ7(TG7),උඩිස්පත්තුව 21(UD21),මල්බෙරිතැන්න12(MB12) සහ කොලේන්නේ ප්‍රදේශයට ආවේනික ප්‍රභේදයත් තවත් ඒ ඒ ප්‍රදේශීයව ආවේනික වූ ප්‍රභේද කිහිපයකුත් දේශීය ප්‍රභේද වශයෙන් සලකනවා.ඒ වගේමයි විදේශීය ප්‍රභේද වශයෙන් ඉන්දියාවේ පැනියූර් ප්‍රභේදයත් මැලේශියාවේ කුචිං ප්‍රභේදයත් හදුන්වා දෙන්න පුලුවන්,මීට අමතරව ලෝකේ දෙමුහුන් නැත්නම් හයිබ්‍රීඩ් ප්‍රභේද 5ක් තියෙනවා.එයින් 3ක්ම අපේ ලංකාවේ හොයාගත්තුව.මේවා එලිදකින්නේ 2015 වර්ශයේදී පමණ.එවා ඩිංගිරාල ,භූටෑවේරාල්,කොහු කුබූරේ රටේ රාල වශයෙනුයි එලි දැක්වෙන්නේ.මේවායින් වඩා සාර්තක වෙන්නේ ඉන්දියාවෙන් ගෙනා පැනියූර් සහ අපේ ජීකේ 49 දෙමුහුන් කර සැකසූ ඩිංගිරාල ප්‍රභේදය.එහි ගුනාත්මක බව අපේ ජීකේ 49 තරම්ම ඉහලයි.ඉතිං වෙලදාමේදී මූලිකත්වයක් මේ ප්‍රභේද අනුව වෙනස් වෙනවා.අපේ දේශීය ප්‍රභේද වලට හොද මිලක් ලැබෙනවා පැනියූර් වැනි විදේශීය ප්‍රභේද වලට වඩා.ඔබ හොද මිලක් ගන්න ගම්මිරිස් වලින් බලාපොරොත්තු වෙනවා නම් ගම්මිරිස් ඵලදාව නෙලා ගන්න ඕනේ ගම්මිරිස් හොදින්ම මේරූ පසුවයි.බොහෝ අය නොදන්නා එසේම වැඩිපුර කතාවෙන ජී එල් එක තියෙන්නේ මනින්නේ ලැබෙන්නේ මෙන්න මේ මේරූ ගම්මිරිස් මත තමයි වැඩිපුරම.
මොකද්ද මේ ජී එල් එක කියන්නේ.ඕක ගෙනාවේ ජී එල පීරිස් මහත්තය නම් නෙමෙයි.තේරෙන සිංහලෙන්ම කියනවනම් ලීටරයක ප්‍රමාණයක ගම්මිරිස් වල තියෙන බර.ඉතිං ඒක මනින්නේ කොහොමද ,හරිම සරලයි ලීටරයක භාජනයකට වියලි ගම්මිරිස් ඇට පුරවලා භාජනයේ බර ඇරලා ගම්මිරිස් වල බර කිරා ගන්නවා.මෙතනදී එම බර ග්‍රෑම් 550 තමයි ගුනාත්මක බව තීරනය කරන ලක්ශය වන්නේ.බර ග්‍රෑම් 550 ට වැඩිනම් එය හොද ගුනාත්මක බවක් ඇති ගම්මිරිස් ලෙසත් ඊට අඩුනම් එවා ගුනාත්මක භාවයෙන් අඩුවන බවත් හැගවෙන්වා.අපේ දේශීය ගම්මිරිස් තියෙනවා මෙම බර ග්‍රෑම් 630 ඉක්මවා යන.දේශීය ගම්මිරිස් සේම බොහෝ ප්‍රදේශයන්ගේ විශාලව වගා කොට ඇති පැනියූර් ප්‍රභේදයේ බොහෝ අවස්තාවන්හී මෙම ජීඑල් එක සාර්තක උවත් එහි මිල අපේ දේශීය ප්‍ර්භේදයන් ට වඩා මදක් අඩු වන්නේ එහි ගුනාත්මක බව මනින තවත් ඒකකයක් වන පයිපරීන් අන්තර් ගතය අඩුවන බැවින්.අපේ දේශීය ගම්මිරිස් වල වැඩි පයිපරින් ප්‍රමානයක් තියෙනව යන්න ලෝකේ ගම්මිරිස් වෙලදාමේදී ප්‍රසිද්ද දෙයක්.එසේම ගම්මිරිස් ඵලදාව නෙලා ගැන්මෙන් පස්සේ ඊට උනුවතුර සත්කාරයත් කර වේලෙන්නට හරිනවානම් එතනදීත් ගම්මිරිස් වල ගුනාත්මක භාවය රැකගෙන හොද මිලක් ගන්න පුලුවන්.උණුවතුර සත්කාරය කියන්නේ ගම්මිරිස් ඇට වෙන්කොට නටන උනු වතුරේ ඒවා විනාඩි දෙකක් පමණ තම්බා ගැනීමයි සරලවම.
ඉතිං මේ සේරම කරලා ඔබ සූදානම් කොට ගත්තු ගම්මිරිස් සාදාරන වෙලෙන්දෙක්ට විකුනාගන්න එකනේ ඔබේ ඊලග ප්‍රශ්නේ වෙන්නේ.අන්න ඒක භාර දෙන්න අපිට,ඔබට කරන්න තියෙන්නේ අපේ 0718939941 දුරකතන අංකයට කතා කරලා ඔබේ ගම්මිරිස් වල ප්‍රමාණය,ජීල් එක ඔබේ ගම්මිරිස් තියෙන තැන අපිට කියන එක.අපි එන්නම් ඔබේ ලගටම වෙලදපලේ මිලට වඩා කීයක්ම හරි අපි ඔබට වැඩියන් ගෙවනවා සත්තයි.අපි සිලෝන් ඈග්‍රෝ ස්පයිස්.