






පණපිටිං අපායෙ ගිය අපේ රිච් ලයිෆ් කොලුවාගෙ පම්පෝරිය
වචන බවට පරිවර්ථනය කිරීමට දැරූ උත්සාහය අගය කරමු..........
මේ වගේ පට්ට ආතල් ටිප් එහෙම ආයි ගියොත් ඇවිල්ලා කොටල යන්න අමතක කරන්න එපා ..........
රෙප් කඩේ වසා ඇත
(පොඩි කාලේ මගේ ගාව තිබුණා ආමි ලෙගෝ සෙට් එකක්.. මම ඉස්සර අර හින්දි මෙලඩි එකට ගහපු හමුදාවේ සින්දු ටිකත් දාගෙන එකෙන් සෙල්ලම් කරපු හැටි තාම මතක් වෙනවා..ඉස්සර ගමේ යන්න විදිහක් නෑ කොටි ගහන නිසා..
(අම්පාර ) මගේ ගාව සෙල්ලම් බස් එකක් තිබුණා.. මම ඉතින් බස් එක වටේටම ලෙගෝ එකේ ඉන්න ප්ලාස්ටික් හමුදාවෙ සෙට් එක තියලා බස් එකට කොටි ගහනවා කිය කිය මාර ආතල් එකක් පොඩිම කාලේ ගත්තේ..
)
ඔව්.. ඒක පිටි පස්සෙත් කතාවක් තියෙනවා මචන්..
මම ආතල් ගත්තේ බස් එකේ ඇත්ත සීන් එක නිසයි..ආතල් කිව්වට පොඩි කාලේ ඉතින් දන්නවනේ.. හැමදේම සෙල්ලමක් කර ගන්නනේ බලන්නේ..
අපේ අම්මයි තාත්තයි මාවත් එක්කගෙන ඔය බස් එකේ තමයි යන්න ඉඳලා තියෙන්නේ.. ඒත් එක තැන සීට් තිබිලා නෑ.. මම ගොඩාක් පොඩි නිසාත් ගොඩාක් දුර යන්නත් තියෙන නිසා අම්ම කියලා ඉලඟ බස් එකේ යමු කියලා..බස් එකට නැගලා ඉඳ ගන්නත් හදලා ආයෙ බස් එකෙන් බැහැලා ඇවිත්
![]()
මහ රෑ අම්පාරට කිට්ටු වෙද්දී ඇඹුලන්ස් එහෙම යන්න ගත්තලු.. අපේ අම්මලා ගිය බස් එකේ කට්ටියත් කිසිම සද්දයක් නැතුව ඔහේ හිටියලු බය වෙලා.. බස් එකේ ඩ්‍රයිවර් මූණ දෙක කරගෙන කිව්වලු කලින් බස් එකට කොටි ගහලා වගේ කියලා.. කොහොමහරි කලින් බස් එක පාරේ අයිනේ නවත්තලා තිබුණලු පැත්තකට විසි වෙලා වගේ.. හමුදාවෙන් ඒ වෙනකොටත් ලෙඩ්ඩු ගෙනියලාලු.. අම්මලා අනිත් බස් එකේ එද්දී කලින් ගිය බස් එකට කොටි ගහලා..![]()
නිකමට හරි එදා කලින් බස් එකේ ඉඩ තිබුණනම් මේ කමෙන්ට් එකත් නැති වෙන්න තිබුණා..