ගම ගෙදරක ජීවත් උන මීයෙක් දවසක් දැක්කා ගමරාල අමුතු පන්නයේ පෙට්ටියක් විවෘත කරනවා. මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා, ඒත් පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම මී කතුරක්.මී කතුරේ කතාව ගෙදර අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ කුකුළා ලගට.
ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹට කියල කුකුලා කීව.
ඊට පස්සේ මීයා ගියේ එලුවා ලගට. මම නම් මී කතුරු අස්සේ රිංගන්නේ නෑ කියල එලුව කීව.
ඊට පස්සේ මීයා ගියේ හරකා ලගට. මට නම් මීකතුරෙන් අවුලක් නෑ කියල හරක කියුව.
යාලුවෝ කියපු කතා වලින් කං කඩා වැටුනු මීයා තමන් ගේ ගුලට ආව.
දින දින ගතවෙත්ම දවසක් නිවස පුරා ශබ්දයක් පැතිර ගියා, මී කතුරට සතෙක් අහු වෙලා. මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න ගෙහිමියාගේ බිරිද දුවගෙන ආවා. කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා හිටියේ මොකාද කියලා, මී කතුරට අහුවෙලා හිටියේ විෂ කුරු සර්පයෙක් , කතුරට හිරවෙලා කෝපාවිශ්ටව හිටිය සර්පයා දෂ්ඨ කලා. ගෙහිමියාගේ බිරිද රෝහලට රැගෙන ගියා.
ලෙඩවෙලා හිටිය ඇයට සුප් එකක් හදන්ඩ ඕනෙ වුනා , ගෙදර හිටිය කුකුල ඒ වෙනුවෙන් කැප වුනා.ගෙහිමියාගේ බිරිද බලන්න ආව නෑදෑ හිත මිතුරන් ගෙන් ගෙදර පිරුනා, මෙයාලට කන්න දෙන්න එලුවා මැරුවා. අසාධ්යවුනු ගෙහිමියාගේ බිරිද ටික දවසකින් මිය ගියා. මල ගෙදර විය හියදම් වලට සල්ලි නැතිව හි හරකා වික්කා මස් කඩේට. සිද්ද වෙච්ච සියල්ල දිහා මීයා බලන් හිටියා.
කිසියම් අයෙකු තවකෙකුගේ තර්ජනයට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා සිටිය හැක.
එහෙත් අවසානයේ එය ප්රජාවටම එරෙහි තර්ජනයක් විය හැක.