ගර්භණීවීම වසරක් පමා කරන්න - වෛද්‍ය හර්ෂ අතපත්තු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,458
    47,517
    113
    දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හදුවේදී විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා පැවසීය.

    ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් වෛරසය තවමත් වෛද්‍ය විද්‍යාව තුළ අධ්‍යයනය කරමින් පවතින බවය.

    "කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තටම. දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා. ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්. අපි මේ රෝගය ගැන මුලින්ම කියපු කතාව තමයි කොවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ.. අම්මගෙන් කොවිඩ්වලට ප්‍රශ්නයකුත් නෑ කියලා. නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා. ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට. දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න. ඔබ කැමතිනම්. අවුරුද්දක් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක්. එතකොට අපි එන ප්‍රශ්න ගැන දන්නවා. ඒ වගේම එන්නත් ගැනත් අපි දන්නවා."

     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ගොඩක් ඒවා ප්ලෑන් කරලා කරන ඒවා නෙවෙයිනෙ කොහොමත්, ටැබ්ලට් ගන්නෑ මහත්වෙනවා කියලා, කැලැන්ඩරේ බල බල ඇතුළෙ යැව්වම හිටිනවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,068
    113
    DampBothAmmonite-size_restricted.gif
    giphy.gif
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ වගේ කාලෙක ප්ලෑන් කරල ළමයි හදන උන් නම් මිනිස්සු වෙන්න බෑ.

    මේක කිව්ව එක හොදයි, ඇත්තටම මීට ගොඩක් කලින් සමාජගත කරන්න තිබ්බ ඉල්ලීමක් මේක
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ වගේ කාලෙක ප්ලෑන් කරල ළමයි හදන උන් නම් මිනිස්සු වෙන්න බෑ.

    මේක කිව්ව එක හොදයි, ඇත්තටම මීට ගොඩක් කලින් සමාජගත කරන්න තිබ්බ ඉල්ලීමක් මේක
    හරිම කතාව නම් ලන්කාවේ ළමයි හදන්න එපා කියන එක. අඩුම ගානේ මේ කලබල ඉවර වෙනකම් වත් ඉන්න එක නම් කලයුතුමයි.. බෑරිම තෑන තමා ඔය කියනවා ඈත්තේ