මිකැනිකල් වැඩ වලට ගන්න ටූල්ස් නං ස්ටැන්ලි තියනවා ඩිමෝ එකේ, හැබැයි Made in USA නම් නෙමෙයි, මම USA වලින් ගෙන්න ගනිපු Dewalt/Milwaukee ටූල් බොක්ස් තියනවා ඒවත් Made in China තමයි, හැබැයි ඒව අර කෙලින්ම No Name chinese ඒවට වඩා පට්ට ප්රිමියම් කොලිටි එකක් තියනවා
ලංකාවෙ තියන Stanley ටූල්ස් උනත් හොඳටම හොඳයි, තව Toptul කියලා තායිවාන් බ්රෑන්ඩ් එකක් තියනවා ගාන චයිනීස් ඒවට වඩා වැඩියි හැබැයි කොලිටි එක ගොඩක්ම හොඳයි, මම ටූල්ස් දෙකතුනක් අරන් තියනවා ඒව මාරම සොලිඩ් අර USA වලින්ම ගෙන්න ගනිපු ටූල්ස් තරම්ම නැති උනත් සෑහෙන්නම හොඳ කොලිටි ටූල්ස්, මම හිතන් ඉන්නෙ ඉස්සරහට ගන්න තියන ගොඩක් ටූල්ස් මේ බ්රෑන්ඩ් එකෙන් ගන්න කියලා
තව AC Pauls එකේ ජපන් ටූල්ස් තියනවා හැබැයි පට්ටම ගනන්, කෑලි 10ක විතර බොක්ස් සොකට් සෙට් එකක් තිබ්බා 48000ක්
තව ඕන නං ebay එකෙන් බිඩ් කරලා used ටූල්ස් අරන් ලොකු බොක්ස් එකක දාල මෙහෙට ශිප් කරගන්න පුලුවන්, මම එහෙම ගෙනාපු ටූල්ස්නුත් තියනවා පට්ටම අඩුවට Made in USA ටූල්ස් ගන්න පුලුවන්, හැබැයි Used අවුරුදු 60-70ක් පරන ඒව, අනික ඒව සේරම Imperial mesurements වලට තියෙන්නෙ ඒක නිසා අපිට ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ නැහැ, ටූල් ලොට් එකටම බිඩ් කරලා ගන්න වෙන්නෙ.