ගලගොඩඅත්තේ හිමිට ඇප

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ගලගොඩඅත්තේ හිමිට ඇප

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී මරණ තර්ජනය කර බැන වැදීමේ සිද්ධියට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි හෝමාගම මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අද (22) නියෝග කළේය.

    ඥානසාර හිමියන්ට විදෙස්ගමන්ද තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට දැනුම් දෙන්නැයිද නියෝග කළේය.ඥානසාර හිමියන් අධිකරණයට රැගෙනවිත් සිටියේ නැත.

    ඥානසාරහිමියන්ට ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ෆැක්ස් පණිවිඩයක් මගින් මීට සුළු වේලාවකට පෙර දැනුමි දුන්නාය
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ටහිකෙනවනෙ. මම මේ අළුත් සඟ රජු කෙනෙක් පත්කරගත්තා විතරයි ඥාණසාර කියන චීවරධාරියට ඇපත්දීලා. අපි නම් අහුවෙන්නේ නෑ ඕවට. දැන් ඉතින් එලියට ඇවිල්ලා ජාතිවාදය වපුරලා අපේ මුස්ලිම් සහෝදරවරුන්ගෙ හිත් පාරන්න ගනියි. ඒවට නම් අපි ඉඩ දෙන්නෙ නෑ.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ටහිකෙනවනෙ. මම මේ අළුත් සඟ රජු කෙනෙක් පත්කරගත්තා විතරයි ඥාණසාර කියන චීවරධාරියට ඇපත්දීලා. අපි නම් අහුවෙන්නේ නෑ ඕවට. දැන් ඉතින් එලියට ඇවිල්ලා ජාතිවාදය වපුරලා අපේ මුස්ලිම් සහෝදරවරුන්ගෙ හිත් පාරන්න ගනියි. ඒවට නම් අපි ඉඩ දෙන්නෙ නෑ.

    දැන් කියන්ට එපා නිතිය නමනවා කියලා:angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් කියන්ට එපා නිතිය නමනවා කියලා:angry::angry::angry:

    මොනා හරි කරලා ඥාණසාරයව ආයිත් ඇතුලට යවන්න ඕනේ.

    අද දවසේ හිටං මාගේ ජීවිතය තිබෙන තුරා සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අවසරයි වෙඬරුවේ උපාලි නාහිමියන් සඟ රජු ලෙස සලකා පිළිගන්නා බවට මාමෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.

    ඥාණසාරයව දාන්න ඕනේ හිරේ.
    ප්‍රයිස් බී ටු අල්ලහ්

    එකඟයි නම් ගැම්මට ශෙයා කරමු :love::love: